• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

“මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුණු හැටි දැන උන්නේ – අලුතින් ඉදිවෙන අලුත් තැනක් ගැන බස් නැවතුම තව නෑ දන්නේ….” Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
“මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුණු හැටි දැන උන්නේ – අලුතින් ඉදිවෙන අලුත් තැනක් ගැන බස් නැවතුම තව නෑ දන්නේ….” Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එකෝමත් එක මන්දහාස මන්දාරමක් අස්සේ අපි දුවගෙන ඇවිල්ලා නතර වෙච්ච බස් නැවතුම, ‘ඇය සමුගෙන බව, මා තනිවුණු බව, බස් නැවතුම තව නෑ දන්නේ…’ කියලා අතීත ගීතයකින් අපේ හිත් පාරවලා මතක් කරනවා. බස් නැවතුම් සිය දහස් ගණනක් ලංකාව පුරාම තියෙනවා. මේ හැම බස් නැවතුමකම අඩුම තරමේ එක යුවලකට හරි මේ මතකය ඇති. බස් නැවතුමක් කියලා කියන්නේ මිනිස්සු ලක්ෂ ගණනක් එන යන, මුණ ගැහෙන, වෙන්ව යන තැනක්. ඒ නිසා බස් නැවතුමක් පොදුයි. බස් නැවතුමකට තනි සින්නක්කර අයිතිකාරයෙක් නැහැ. බස් නැවතුමකට මිනිස්සු ලක්ෂයකට විතර අයිතිය තියෙනවා.Sri Lanka Latest News

මිනිස්සු බස් නැවතුමකට එන්නේ බස් එකක් හොයාගෙන ඒ බස් එකේ ගොඩවෙලා යන්න විතරක්ම නෙවෙයි. බස් නැවතුමක් කියලා කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතවල අංශු මාත්‍රික බොහෝ දේ සැඟවුණු, මතකයන් ඉතිරි වුණු, පාරවන හිත්තැවුල් රිදවුම් එක්ක ඉඳහිට මතක බිත්තියේ ඇලවුණු පින්තූරයක්. මේ කතා කරන්න යන්නේ පිටකොටුව බස් නැවතුම ගැන.

පිටකොටුව බස් නැවතුම ගැන බොහෝ කතන්දර තියෙනවා. කොටුව කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ අතීතය තෙක් දිවෙන රසබර මතක ගොන්නක එකතුවක්. අදටත් පිටකොටුව ජනශ්‍රැතිකයි. ලංකාවේ තියෙන ප්‍රධානතම නාගරික ජනශ්‍රැතිය කැරකෙන්නේ මේ පිටකොටුව වටේ. උදාහරණයකට කිව්වොත් ‘හ’යන්න කතා නොකරන මිනිස්සු තමයි පිටකොටුවේ බොහෝ දේ කරන්නේ. කොටුවෙන් එළියට ගියාම අපිට පිටකොටුව හම්බවෙනවා.

කොටුවේ ඉඳන් පේළියට ගත්තම මල්වත්ත පාර, එක, දෙක, තුන, හතර හරස් වීදි, කෙළින්ම ගියාම බෝධිරාජ මාවත, ඉන් පස්සේ බැස්ටියන් මාවත, ගුණසිංහපුර මේ සියල්ල මැද්දෙයි පිටකොටුව බස් නැවතුම තියෙන්නේ. පිටකොටුව බස් නැවතුම හදන්න අලුත් ආණ්ඩුව තීන්දු කරලා. අප්‍රේල් මාසේ වෙනකන් නොඉවසිල්ලෙන් බලා ඉන්න අපිට සිද්ධ වෙනවා. ඒකට හේතුව පිටකොටුවේ බස් නැවතුම කොහොමද වෙනස් වෙන්නේ?

මේ හැම එකටම හරහට ඉන්න එකෙකුට කියන්න පුළුවන් මේවා ඕනේ නැති වැඩ කියලා. බිත්ති කඩන් වැටෙන්නේ නැත්නම්, වහලේ හයිය නම් ඕක ඔහොම තිබ්බාම හොඳටම ඇති කියලා කෙනෙකුට හිතෙනවා. හැබැයි පිටකොටුවේ බස් නැවතුමේ පැයක් දෙකක් ජීවිතේ ගතකරපු අපි දන්නවා රෑට මේක වටේ දඟලන විශාල ඌරු මීයන්, බස් නැවතුමේ ඉඳහිට හක්කලන් කරලා, එබිලා බලලා කෝචොක් කරනවා. අවදානම ඕනෙ හැටිය මේක ඇතුළේ තියෙනවා.

බස් නැවතුමක මනුස්සයෙකුට නතර වෙන්න අවස්ථාවක් තියෙන්න ඕනේ නේද කියලා අපිට හිතුණාට, පිටකොටුව බස් නැවතුමේ රාජකාරියේ නියුතු වෙලා ඉන්න සිකුරිටි මහත්තුරු, අන්තිම බස් එකත් ගිහිල්ලා ගෙදර යාගන්න බැරුව අසරණ වෙච්ච මිනිස්සුන්වත් පයින් ගහලා පන්නනවා. ඒකට හේතු ඇති. බස් නැවතුමේ තියෙන වැසිකිළිවලට නහයක්, කටක් තියෙන මිනිහෙක්ට යන්න එන්න බෑ. රුපියල් 20ක් 30ක් අය කළාට ජීවිතේට ශුද්ධ කරලා නැති, මුත්‍රාවලින් විතරක් හේදිලා යන අපිරිසිදු වැසිකිළිවලින් පිරිච්ච, වතුර ටිකක් මිනිහෙකුට බොන්න තැනක් නැති බස් නැවතුම නවීකරණය කරන්න මේ ආණ්ඩුව තීන්දු කරලා. ඒක මරු වැඩක්. මේ ආණ්ඩුවේ මරු තීරණයක්.

තඹුත්තේගම ගොවියෙක්ගේ පුතෙක් ජනාධිපති වුණාම ඒ මිනිහට තේරෙනවා අපේ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය, හදගැස්ම. ඒ නිසා වෙන්න ඇති මේ තීන්දුව ගන්න ඇත්තේ. අපි දැක්කා ඔහු බස් නැවතුම අලුත්වැඩියා කරන උත්සවයේ මේසෙකට හේත්තු වෙලා සැහැල්ලුවෙන් බලා ඉන්න පින්තූරයක් සමාජ මාධ්‍යයේ තියෙනවා. ඒ සැහැල්ලු මිනිහා මිනිස්සුන්ගේ ජීවිත හෑල්ලු නොකර මේ ගත්ත තීන්දුවට අපි හිස නමා ආචාර කරනවා. බස් නැවතුම හැදෙන්න ඕනේ. බස් නැවතුම විතරක් නෙමෙයි, දුම්රිය නැවතුමත් හැදෙන්න ඕනේ.

හැබැයි ඉස්සර නවීකරණය කරනවා කියලා කළේ ඔරලෝසුව ඩිජිටල් වෙච්ච එක විතරයි. ඒක නෙමෙයි. මිනිස්සුන්ට යන්න එන්න, ඉන්න, කන්න බොන්න, නතර වෙන්න, වෙහෙස නිවාගන්න, ආවම නැවතුණාම සැනසිල්ලක් දැනෙන, හමුවුණාම මුණගැහුණාම වෙන්ව යනකන් නිදහසේ කතාබහ කරන්න පුළුවන් ලස්සන බස් නැවතුමක් පිටකොටුවට අවශ්‍යයි. මොකද කොටුව කියලා කියන්නේ අපේ හදවත. පිටරටකින් එන සුද්දෙක් කොටුවට ආවට පස්සේ ඌට බය හිතෙන බව ෂුවර්. ඒකට හේතුව ඌ Wrong Turn ෆිල්ම් එක බලලා තියෙන එකෙක් නම් ඌට බය හිතෙනවා මේක අස්සෙන් Wrong Turn එකේ ඉන්න මිනී මරුවෙක්, අපරාධකාරයෙක්, තක්කඩියෙක්, හොරෙක් මතුවේවි කියලා.

ඇත්තටම Wrong Turn එකේ නැති ජාතියේ හොරු, තක්කඩි, අපරාධකාරයෝ පිටකොටුවේ බස් නැවතුමේ ඉන්නවා. ඒකට හේතුව මේ අඳුරු පැහැ බිත්ති අතර සත පහක අගයක් නැති මිනිස් ජීවිත එහෙට මෙහෙට පාවෙලා යද්දී බිත්තියකට පාට ටිකක් ගාලා එළිය කරන්නවත් හිතක්, පපුවක් නැති මිනිස්සු තමයි බස් නැවතුම මෙච්චර කල් පාලනය කළේ. බස් නැවතුමේ ඉන්නේ ඔළු තියෙන, අතපය තියෙන මිනිස් මළ සිරුරු. කාමර අස්සේ ඉඳන් උත්තර දෙන්නේ කිසිදු වගකීමක් නැතුව. බස් එකක් තියෙනවද කියලා අහපුවාම උත්තරයක් දීගන්න පුළුවන් එක ටයිම් කීපර් කෙනෙක් මේ බස් නැවතුම් පොළ අස්සේ නෑ.

ඒ නිසා අන්න එවුන්ට පණ දීලා, ඔක්සිජන් ගහලා, හුස්ම වැටෙන, පණ තියෙන එවුන් ටිකක්, හෘද සාක්ෂියක් තියෙන, හදවත ගැහෙන එවුන් ටිකක්, මිනිහෙක්ට ගෙදර යන්න උවමනාවට බස් එකක් අහන්නේ කියලා තේරෙන එවුන් ටිකක් මේකට නොදා, බස් නැවතුමේ බිත්ති විතරක් කපරාරු කරලා සුදු පාට ගාලා වැඩක් නෑ. ඒ නිසා බස් නැවතුම අලුත්වැඩියා කරන්න නම් බස්වල ගියපු මිනිස්සුන්ට භාර දෙන්න ඕනේ. කෝටි ගණන් වත්කම් තියෙන මහා ධනකුවේරයෝ ආණ්ඩුව අස්සෙන් මතු වෙනකොට අපිට බය හිතෙනවා. ඒකට හේතුව අපේ හද ගැහෙන රාවය හඳුනන මිනිස්සු මේක ඇතුළේ ඉන්නවා කියලා හිතුවට, ඇත්තටම ඒ ඉන්නෙත් මුදලාලිලාද කියලා. මුදලාලිලා නෙමෙයි නම් මේ වැඩේ මරු.

පිටකොටුවට ඉතිහාසයක් තියෙනවා. කෝච්චියෙන් කොළඹ ගෙනාපු මිනිස්සුන්ගේ වැවිලි බෝග මල්වත්ත පාරෙන් වරාය හරහා රට ගියා. පිටරටවල ඇඳපු, විසි කරපු බේල් වරායෙන් කොළඹ ඇවිත් මල්වත්ත පාරේ පරණ කෝට් කඩවල්වල විකුණන්න ගත්තා. පිත්තල බොත්තම්, කැඩිච්ච මුලාදෑනි පරණ කෝට් කියන්නේ ඒවට. මලයාලම් කම්කරුවෝ මල්වත්ත පාරේ එක පොකුරට නිදියගත්ත බව ඉතිහාස කතන්දරේ කියනවා. රෝහිනී පාර කියලා කියන්නේ ඉස්සර කාපිරි මුඩුක්කුවට. මල්වත්ත පාරෙන් එහා පැත්තේ තිබ්බේ චාමස් ධාන්‍යාගාරය. ධාන්‍යාගාරය වහන්න වුණේ මීයෝ බෝවෙච්ච හින්දා.

කතන්දර නම් එමටයි. ඒවායෙන් වැඩක් නෑ. කයි කතන්දර වෙනුවට අලුත් වැඩකට අතගහපු කට්ටියට සැලියුට්. පාඨලී චම්පික රණවක, අපිට ඔයාව මතකයි. ඔයා තමයි මේ වැඩේ මුලින්ම පටන් අරගත්තේ මාකුඹුරෙන්. දැන් මාකුඹුරේ මිනිස්සුන්ටවත් ඔයාව මතක නැතුව ඇති. ඒත් අපිට ඔයාව අමතක නෑ. මාකුඹුරේ බහුකාර්ය ප්‍රවාහන මධ්‍යස්ථානය හදලා, බස්, කෝච්චි, හයිවේ බස්, පිට ඉඳන් එන වාහන, මාකුඹුරේ නවත්තලා කෝච්චියෙන්, බස් එකෙන් යන්න පුළුවන් ක්‍රමවේදයක් හදලා ඒක ඔයා මුළු රටටම කරන්න හිතන් හිටිය බව අපි දන්නවා. පෑලියගොඩටත් තව පැත්තකින් මේ විදියේ සංකල්පයක් ඔබ අරගෙන ආවා.

ඒ වැඩේ කරන්න බැරුව ගියා ආණ්ඩුවත් එක්ක ඔයාටත් ගෙදර යන්න වුණා. මිනිස්සු කවුරු වුණත් කමක් නැහැ, අලුත් විදිහට හිතලා අලුත් දේවල් කරනවා නම්. මේකේ ක්‍රෙඩිට් එක මේ ආණ්ඩුවට දෙන්න ඕනේ. මේ ආණ්ඩුව තමයි මේ වැඩේට අත ගැහුවේ. පිටකොටුව හදන එක ලේසි නෑ. පිටකොටුව හදන්න නොදී, පිටකොටුවේ විශාල බලයක් හිමි කරගත්ත කහඳගමලා වගේ කට්ටිය, පිටකොටුවට එපිටින් ඒගොල්ලන්ගේ තොරන් හදාගත්තට මිනිස්සුන්ගේ ජීවිතවලට සුවඳ ගහන විනාඩි කීපයක් දෙන්න පිටකොටුවට බැරි වුණා. හෙට වෙහෙස වෙලා එන මිනිස්සුන්ට වෙහෙස නිවාගෙන, නිදහසේ ඉඳගෙන ඉඳලා, බස් එකට නැගලා ගෙදර යන්න පුළුවන් වෙයි.

ඒ වගේම මේ ටකරම් බස්වල ලදරන් හඬට එරෙහිව, ඒවායේ යන සත පහක වටිනාකමක් නැති මිනිස්සු අයින් කරලා දාලා, බස් එකක් බස් එකක් කරලා, බස් එකේ යන මිනිස්සුන්ට නිදහසේ ගෙදර යන්න පුළුවන් විදියේ ක්‍රමයක් හදලා, මේ රටේ මිනිස්සුන්ට හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හදනවා නම්, මේ ආණ්ඩුවට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේ මරු. අපි කැමැතියි. මහපොළොවේ පයගහපු මිනිස්සු කැමැතියි. දාඩිය සුවඳ අඳුරන අපි කැමැතියි. රෑට ගෙදර යන්න බස් නැවතුමේ පැය ගණන් බලාගෙන ඉන්න අපි කැමැතියි. අපේ තාත්තලා තාමත් බස් නැවතුමේ බස් පෝලිමේ ඉන්න බව දන්න අපි, මේ බස් නැවතුම හදනවට කැමැතියි.

සීත කාමරවල ඉඳන් ඒ.සී. වාහනවල යන මිනිස්සුන්ට පිටකොටුවේ බස් නැවතුම වැඩක් නෑ. ජීවිතේට පිටකොටුවේ බස් නැවතුමට වැරදිලාවත් පයගහලා නැති මිනිස්සු ලක්ෂ ගණනක් ලංකාවේ ඉන්නවා. ඒ මිනිස්සු මූණු පොතේ ලියනවා මේවා බොරු වැඩ කියලා. නෑ, මේවා බොරු වැඩ නෙමෙයි, මේවා මරු වැඩ. රටක දේශපාලනය කියන්නේ මේක තමයි. මිනිස්සු වෙනුවෙන් දේවල් කරන එක. සමහර දේවල් සත පහකට වැඩක් නෑ තමයි, සමහර දේවල් සන්දර්ශන තමයි, මේ ආණ්ඩුව බොරු කියනවා තමයි. හැබැයි මේ ආණ්ඩුව බොරු කිව්වට කමක් නෑ, ඇත්ත වැඩ කරනවා නම්. මේක ඇත්ත වැඩක්.

ඒ නිසා පාට පක්ෂ භේදවලින් තොරව, මෙන්න අපි සලියුට් කළා, ජයවේවා, මරු වැඩක්. හදමු පිටකොටුව මිනිස්සුන්ට ඉන්න හිතෙන, මිනිස්සුන්ට යන්න හිතෙන, මිනිස්සුන්ට මුණගැහෙන්න හිතෙන, මිනිස්සුන්ට නතර වෙන්න හිතෙන, මිනිස්සුන්ට ඇස් ඇරගෙන බලා ඉන්න හිතෙන, ඇස් පියාගෙන විඩා නිවන්න හිතෙන පිටකොටුවක්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දේශපාලන බලපෑම් වැඩියි! ඇමැති මාව අයින් කරන්න ප්ලෑන් ගැහුවා! මම සභාපතිකමෙන් ඉල්ලා අස්වුණා! රට හදන්න ඔස්ටේ්‍රලියාවෙ ඉඳන් ලංකාවට ආව මහාචාර්යතුමාට වෙච්ච වින්නැහියක්! Sri Lanka Latest News

Next Post

මහත්වරුන්ගේ ක්‍රීඩාව….! ඊයා හලෝ…! Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.