• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලන බලපෑම් වැඩියි! ඇමැති මාව අයින් කරන්න ප්ලෑන් ගැහුවා! මම සභාපතිකමෙන් ඉල්ලා අස්වුණා! රට හදන්න ඔස්ටේ්‍රලියාවෙ ඉඳන් ලංකාවට ආව මහාචාර්යතුමාට වෙච්ච වින්නැහියක්! Sri Lanka Latest News

September 20, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
දේශපාලන බලපෑම් වැඩියි! ඇමැති මාව අයින් කරන්න ප්ලෑන් ගැහුවා! මම සභාපතිකමෙන් ඉල්ලා අස්වුණා! රට හදන්න ඔස්ටේ්‍රලියාවෙ ඉඳන් ලංකාවට ආව මහාචාර්යතුමාට වෙච්ච වින්නැහියක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
වත්මන් රජය යටතේ විවිධ තනතුරුවලට පත්කරන ලද කිහිප දෙනෙකුම ඉල්ලා අස්වීමේ සිද්ධි රැසක් පසුගිය කාලය පුරා වාර්තා විය.Sri Lanka Latest News
ඒ අතරට, අලුතින්ම එක්වූ නිලධාරියා වී ඇත්තේ ජාතික විද්‍යා පදනමේ සභාපති, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු තනතුරු රැසක් දැරූ මහාචාර්ය සමන් සේනවීරයි.Sri Lanka Latest News

ඔහු මේ සතිය මුලදී ඉල්ලා අස්වූ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්වරයා තහවුරු කළේය.

මහාචාර්ය සමන් සේනවීර බීබීසීයට කියපු කතාව
රජයේ තනතුරුවලින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය මහාචාර්ය සමන් සේනවීරගෙන් අදහස් විමසූ අතර, ඔහු ප්‍රකාශ කළේ, දේශපාලනික අතපෙවීම් හේතුවෙන් තමන් ඉල්ලා අස්වූ බවය.

‘ඔස්ටේ්‍රලියාවෙ ඉඳලා විශ්වවිද්‍යාල කිහිපයකම වැඩ කරලා ලංකාවට ආවෙ මොනවා හරි රටට වැඩක් කරන්න කියලා. එහෙම මම වැඩ කරගෙන යනකොට මම දැක්කා ඒකට සහයෝගයකට වැඩිය, මගේ රාජකාරිමය වපසරිය ඇතුළෙ මගෙන් වෙන්න ඕනෙ දේවල් මම දන්නෙම නැතුව මාව බයිපාස් කරලා සිද්ධ වෙන්න ගත්තා. මට ලොකු සහයෝගයක් හම්බ වුණෙත් නෑ වැඩ කරගෙන යන්න.’

‘ජාතික නැනෝ තාක්ෂණ ආයතනයත් භාරගත්තේ ඒක ලොකු පරිහානියකට යන වෙලාවක. ඉතින් ඒකයි ඔක්කොම කරගෙන යනකොට සහයෝගය හම්බ වුණේ නෑ. මට ආරංචියක් ආවා ඇමැතිතුමා මාව මේකෙන් අයින් කරන්න ප්ලෑන් එකක් ගහනවා කියලා. ඉතින් මං තීරණය කළා ඇයි මං මේකෙ රැඳිල ඉන්නෙ කියලා. මං තීරණය කළා මේකෙන් අයින් වෙන්න.’

ඉල්ලා අස්වීමට බලපෑ හේතුව ඔහු පැහැදිලි කළේ එලෙසිනි.
ඔස්ටේ්‍රලියාවේ වාසය කළ ඔහු ජාතික විද්‍යා පදනමේ සභාපතිත්වය භාරගැනීමට පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ, මීට වසර එකහමාරකට පෙරය.
‘අවුරුදු එකහමාරකට කලින් ලංකාවට ආවෙ. ඇවිත් රුහුණු විශ්වවිද්‍යාලයේ වැඩ කළා. ඒත් එක්කම තමයි, මට මේ තනතුර භාර ගන්න කියල කිව්වෙ. දන්නවනෙ ඉතින් ලංකාවට ආවම හැරස්මන්ට් කියන එක තියෙනවනෙ. ඕවත් එක්ක මේක හරි තැනකට ගෙනියන්න පුළුවන් තත්ත්වයක් නැති වුණා. ඊට පස්සෙ තමයි මම අයින් වුණේ.’

‘අපට එන්න කිව්වට යන්තම්වත් සහයක් දෙන්නෙ නෑ’

‘මම මොනවත් නැතුව ආව නෙවෙයිනෙ. මිනිස්සුන්ට මේ රටට එන්න කියනවා. ඒත් යන්තම්වත් සහායක් නෑ රට ඇතුළෙ, අඩුම ගානෙ මිනිස්සු හරියට ජොබ් එකට සෙට් වෙන්නෙ නැත්නම් ඒ මිනිස්සු එක්ක කතා කරල පිළිවෙළකට දැනුම් දෙන්න ක්‍රමවේදයක් නෑ. මට හිතුණෙ මේ මිනිස්සු තාමත් ප්‍රාථමික මට්ටමක ඉන්නෙ කියලා. වෙන තැන්වල මං දන්නෙ නෑ, විද්‍යාව හා තාක්ෂණය පැත්තෙ නම් ඒ වගේ තත්ත්වයක් නෑ. අපි මේව හදාගෙන යන්න හදනකොට ඒකටත් වළ කපනවා නම් කරන්න දෙයක් නෑ….’ මහාචාර්යවරයා සඳහන් කළේය.

මහාචාර්ය සමන් සේනවීර පැවැසුවේ, ඉදිරියේදී ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් යම් සේවයක් කිරීමට අපේක්ෂා කරන බවය.
‘ආපහු ඉක්මනින් ඔස්ටේ්‍රලියාවට යන්න හිතල නෑ. මට මෙහෙ තැන් කීපයක්ම කතා කරල තියෙනවා. ලංකාවේ ටික කාලයක් ඉන්නවා. ඔස්ටේ්‍රලියාවෙත් වැඩ කරනවා. මම ඇත්තටම ආසයි ලංකාවෙ ඉන්න. ඉතින් වෙන ලෙවල් එකකින් රට වෙනුවෙන් දෙයක් කරන්න අවස්ථාවක් ලැබුණොත් කරන්න පුළුවන්.’

‘වෙනසක් සිදුවෙයි කියලා විශ්වාස කරලයි ආවේ’
ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සහ සදර්න් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ මහාචාර්ය සමන් සේනවීර ශ්‍රී ලංකාවට පැමිණ රජයේ ආයතන කිහිපයක තනතුරු භාරගැනීමට බලපෑ හේතුව පැහැදිලි කළේ මෙලෙසිනි.

‘මම ආපහු ආවෙ මේ ආණ්ඩුවෙ පොඩි වෙනසක් තියෙනවා. ඒකට පොඩි සපෝර්ට් එකක් දෙන්න ඕනෙ කියලා. ඒ අදහසින් තමයි, රුහුණු විශ්වවිද්‍යාලයට ආවෙ. මම උපාධිය ගත්තෙත් එතනින්. එතකොට මගේ අදහස තිබුණෙ රටේ වෙනසක් වෙන්න ඕන කියලා. ඒ වෙනස කරන්න නම් පිටරට ඉඳන් කෑගහල වැඩක් නෑ. රටට ඇවිත් වැඩ කරන්න ඕන කියල හිතුණා. ඒ නිසා තමයි ඔක්කොම දාලා ආවෙ. ඒ කාලෙ තමයි මට කතා කළේ, ජාතික විද්‍යා පදනමට.’

මහාචාර්ය සමන් සේනවීර යනු කවුද?
පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් සහ කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු සිය ප්‍රථම උපාධිය ලබාගත්තේ, රුහුණ විශ්වවිද්‍යාලයෙනි. පසුව, ඔස්ටේ්‍රලියාවේ වෙස්ටර්න් සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ශාක භෞතික විද්‍යාව ක්ෂේත්‍රයට අදාළව ආචාර්ය උපාධිය හිමිකර ගත්තේය. එම විශ්වවිද්‍යාලයේ ශාක ජීවවිද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස ඔහු වසර 10ක කාලයක් සේවය කළේය.

පසුව, ජපානයේ තොහෝකු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ මහාචාර්යවරයා, ඇමෙරිකාවේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේද සේවය කර තිබේ. ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඔහු යළිත් ඔස්ටේ්‍රලියාවට ගොස් සදර්න් ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සේවය කළේය.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණ ජාතික විද්‍යා පදනමේ සභාපති, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අන්තර්වාර ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු තනතුරු රැසක් දැරූ අතර, තවත් ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කළේය.

ඔහු පැවැසුවේ, තම සේවා කාලය තුළ වැදගත් ව්‍යාපෘති රැසක් ආරම්භ කළ බවය.
‘අපි ගොඩක් ව්‍යාපෘති කරන්න පටන් ගත්තා. ඒවා මොනව ද කියල හොයල බලන්න පුළුවන්. කවදාවත් කරල තිබුණෙ නැති වැඩක් අපි කළා. ලොකු වැඩපිළිවෙළක් කරගෙන යන අතරෙ තමයි මට එක පාරටම එළියට යන්න වුණේ.’

‘මම බලාපොරොත්තු වෙන්නෙ දේශපාලනික වශයෙන් ප්‍රහාරයක් එල්ල කරන්න නෙවෙයි. මට ඕන මේ තත්ත්වය වෙනස් කරන්න. ඒ ගැන පණිවුඩයක් දෙන්න ඕනෙ නිසයි මම මේ තීන්දුව ගත්තෙ.’

මේ සම්බන්ධයෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගෙන් කරුණු විමසීමට උත්සහ කළද එය ව්‍යර්ථ විය.
කෙසේ වෙතත්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් නිත්‍ය ද සිල්වා ප්‍රකාශ කළේ, මහාචාර්ය සමන් සේනවීර පවසන අන්දමේ ගැටලුවක් නොපැවැති බවය.

බීබීසී සිංහල

SendShareShare
Previous Post

රනිල් වගේද කාර්කි…? අරගල කළ කොල්ලන්ට සැලකුවේ මෙහෙමයි! Sri Lanka Latest News

Next Post

“මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමුවුණු හැටි දැන උන්නේ – අලුතින් ඉදිවෙන අලුත් තැනක් ගැන බස් නැවතුම තව නෑ දන්නේ….” Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.