උඩුදුම්බර, දඹගහපිටිය හපුදණ්ඩුවල ප්‍රදේශයේ දී මවක් තම දරු තිදෙනාට වස පානය කිරීමට සලස්වා ඇයද වස පානය කර ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
මේ වනවිට එම මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දරු තිදෙනා නිරුපද්‍රිතව උඩුදුම්බර ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පැවසීය.
මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක් වන අතර, ඇය මානසික ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.
ඇගේ සැමියා මීට දින දෙකකට පමණ මියගොස් ඇති අතර, 34 හැවිරිදි වියේ පසු වූ ඔහු ලියුකේමියා රෝගය පීඩාවිඳිමින් සිටියදී එලෙස මියගොස් ඇත.
එමෙන්ම වයස අවුරුදු 12, 10 හා 5 වයස්වල පසු වූ දරු තිදෙනා පිරිමි දරුවන් වන අතර, ඔවුන්ද ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව සඳහන්.
මෙහිදී පොලීසිය සඳහන්කර සිටියේ මෙම පවුලේ සුබසාදන කටයුතු වෙනුවෙන් පොලීසිය ඉතා සමීපව කටයුතු කරමින් සිටි බවය.










