කොළඹ සහ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 09ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බවට කළ නිවේදනය අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩල තීරණය කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්.
කොළඹ 01 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශ කිහිපයකට ඇතුලුව බත්තරමුල්ල, කොළොන්නාව ඇතුලු ප්‍රදේශ කිහිපයකට හෙට පෙරවරු 10 සිට රාත්‍රී 7.00 දක්වායි ජල සැපයුම අත්හිටුවීමට සැලසුම් කර තිබුණේ.










