• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඳානෙන් මතුවූ අයිස් ගැන කඳානේ සරසවි සිසුවියක් කතා කරයි! Sri Lanka Latest New

September 14, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මිරිස්සේ කුඩු කිලෝ 200ට අයිතිකාරයෝ කීපදෙනෙක්!
Share on WhatsAppShare on Facebook

වර්තමානයේදී අප රට මුහුණ දෙමින් පවතින ප්‍රධානතම ගැටලුවක් වී ඇත්තේ මත්ද්‍රව්‍ය උවදුරයි. වැඩිහිටි, ළමා හා බොහෝ සෙයින් තරුණ ජීවිත අනතුරේ හෙළන එක් මූලිකම ගැටලුවක් වනුයේ මත්ද්‍රව්‍යයි. මත්ද්‍රව්‍ය යනු මොනවාද? මිනිසුන් මෙලෙස ඉතා ඉක්මනින් මෙම මත්ද්‍රව්‍ය ආදියට ඇබ්බැහි වනුයේ මන්ද යන්නට පිළිතුරු මා විසින් හුවාදක්වනු ලබයි. රටේ පාලන තන්ත්‍රය විටින් විට මත්ද්‍රව්‍ය පිළිබඳ වැටලීම් හා අලෙවිකරන්නන්, නිෂ්පාදකයන් මෙන්ම මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හසුකර ගනීද? මෙහි නිමාවක් නම් කෙදිනකදී හෝ දක්නට නොලැබීම ශෝචනීය තත්ත්වයකි. රටේ අනාගතය වෙනුවෙන් මත්ද්‍රව්‍ය උවදුර ඉතාමත් ඛේදනීය තත්ත්වයක් ලෙස වටහාගැනීම මෙහිදී අප නිරන්තරයෙන්ම සිතා බැලිය යුත්තකි.Sri Lanka Latest New

මගේ විමසුමට මා මුලින්ම අරුත් සපයාගනු ලබන්නේ පෙරදින මාධ්‍ය හරහා ඉතා දැඩි කතාබහකට ලක් වූ කඳාන ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගත් රසායනික අමුද්‍රව්‍ය පිළිබඳ පුවතයි. මේ වනවිට ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවේ පසුවී සිටිනු ඇති බැව්ද මාධ්‍ය මගින් ප්‍රකාශ වූ කරුණකි. එනමුත් පෙර ආණ්ඩු හමුවේද පාතාල සාමාජිකයන් ඝාතනය කිරීම් හා ඔවුන් විසින් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ආදිය වැටලීම් බොහෝ සෙයින් ජනමාධ්‍යකරණයෙහි අප දැක ඇත. එනමුත් කිසිදු දිනකදී නම් මෙම වැටලීම් කරනු ලබන මත්ද්‍රව්‍ය විනාශ කරනවා මා දැක නොමැත.

අයිස් පමණක් නොවේ. කුඩු, ගංජා, හෙරොයින් ඇතුළු සියලු මත්ද්‍රව්‍ය තොග පිටින්, ටොන් ගණන් ගුවන්තොටුපළේදී හෝ විදේශිකයන් අතරින්ද හමුවී වැටලීම් කෙරූ අවස්ථා නිරන්තරයෙන්ම අප දැක ඇතත් එම මත්ද්‍රව්‍ය වැටලීමෙන් පසු කුමක්වේදැයි කිසිදු ආකාරයෙන් කරුණු දක්වනුයේ නැත. එම මත්ද්‍රව්‍ය විනාශ කරන්නේද, එසේ නැතිනම් නැවත කළු සල්ලි බවට පත්වන්නේද, පිටරටට අපනයනය කරන්නේද යන්න කිසිවක් කිසිවෙක් නොදන්නෙහිය. මා හට ඇති මූලිකම ගැටලුව නම් මෙතරම් නීතිරීති හා දඬුවම් පවතින රටේ පොලිසිය, හමුදාව, රජය වැනි මූලික අංශ බොහෝ සෙයින් තිබියදීත් වුවද මෙතරම් දුරට රට තුළ මත්ද්‍රව්‍ය පවතින්නේ කෙසේද යන්නයි.

මා දන්නා ලෙසට නම් මහාපරිමාණ නිෂ්පාදන ලෙස මත්ද්‍රව්‍ය නිෂ්පාදකයන් හට අලෙවි කරන්නන් හට හා බෙදාහරින්නන් හට මෙතරම් දුරකට ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීමට නම් ධනය බලය නිතැතින්ම තිබිය යුතුමය. අපේ රටේ මෙතරම් දැවැන්ත ගැටලුවකට වුවද රජයේ දායකත්වය නිවැරදි ආකාරයෙන් ලැබේද යන්න සලකා බැලීමේදී සිතිය යුතු එක් පැතිකඩක් නම් කිසිදු බියක් සැකක් හෝ අවහිරතාවකින් තොරව මත් රකුසන් හට තම අකටයුතුකම් කිරීමට පසුපස ඇති ප්‍රබල බලවේගයක් තිබිය යුතුය යන්නයි. රජය යනු රටේ මූලිකම පාලන ඒකකයයි. කෙතරම් නම් බලධාරී අංශ එනම් පොලිසිය, ආරක්ෂක අංශ, අධිකරණය නීති තිබියදීත් මෙතරම් රට තුළ මත්ද්‍රව්‍ය භාවිත වීම් පසුපස දැවැන්ත බල දේශපාලනයක් ඇති බව සිතීම නොවරදක් බව මගේ මතයයි. රටේ මූලික අංශ තුළම නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ නම්, මත්ද්‍රව්‍ය ගැටලුව පමණක්ම නොව රටේ සියලු පරිහානියට පත්වන දුෂ්ක්‍රියාකාරකම් හමුවේ තව තවත් රටේ අනාගතයට සිදුකරනු ලබන බලපෑමක් වන බව නොරහසකි.

ධනය යනු මිනිසුන් කෙතරම් නම් පරිවර්තනය කරනු ලබන සාධකයක්ද යන්න හඳුන්වාදීම මගේ මීළඟ උත්සාහයයි. රජයේ රැකියාවක් කිරීම යනුම වගකීම්සහගත වූත් මෙන්ම සමාජය වෙනුවෙන් නව හැකියාවන් හා යුතුකම් ඉටු කිරීමකි. රටක් දියුණුවීමට නම් නිතැතින්ම මිනිසුන් තුළ පවත්නා සද්භාවය වැදගත් වේ. පොලිසිය හා රටේ උසස් යැයි සලකන සියලු අංශ එම උසස් රැකියා සඳහා යොමුවනුයේද දැඩි පරිශ්‍රමයකිනි. තවද එම උසස් රැකියා තත්ත්වයන් හටද සමාජය ඉතා ගරු කරනු ලබයි. එහෙව් සමාජයක් තුළ රටේ පොලිසිය පිළිබඳව මා දකින ආකාරය නම් ඍණාත්මකය. මන්දයත් පොලිස් රැකියාවට ප්‍රවේශ වීම එතරම් පහසුවක් නොවේ. කාර්යශූරත්වය මෙන්ම බුද්ධියද විමර්ශනය කරනු ලබන්නකි. වැරදි දේ වැරදි ලෙස සලකා නීතිය සැමටම එක ලෙස නිවැරදිව ක්‍රියාත්මක කිරීමේ ඔවුන්ගේ ප්‍රඥප්තිය තුළ වගකීම්සහගත ලෙස අර්ථවත් කරනු ලබයි. එනමුත් සුළු පිරිසක් ඔවුනගේ නිල ඇඳුමට පවා අගෞරව කරන අවස්ථාද නැතිවම නොවේ.

මගේ ගම කඳාන වීද මා ඇස්පනාපිටම දකින දේ ඔබට ප්‍රකාශ කිරීමට මා බිය විය යුතු නැත. මන්දයත් උතුම් රැකියා හමුවේ කරනු ලබන අපකීර්තිමත් ක්‍රියා තවදුරටත් රටේ අනාගතය විනාශ කරන ආකාරය දැකීමට මා ප්‍රිය නොකරන බැවිනි. අයිස් පමණක්ම නොවේ. කුඩු මත්ද්‍රව්‍ය යනුද කඳාන වටලා සිටින එක් උවදුරකි. සමස්ත තරුණ පිරිමි දරුවන්ගේ අනාගතයට එනම්, වයස අවුරුදු දහතුනෙන් පසුව ඔවුන්ගේ ජීවිත විනාශයට පමුණුවන තෝතැන්නක් බවට පත්කිරීමට වර්තමානයේ කුඩු මත්ද්‍රව්‍ය සමත් වී ඇත. බෙදාහරිනු ලබන්නේ කුඩා අතවැසියන් හරහා වුවද පාලනය කරනු ලබන්නේ මෙරට – පිටරට සිටින ධනවත් පාතාලයයි. මේ තත්ත්වය හමුවේ වර්තමානය තුළ මෙහි සොරකම් දැඩි ලෙස වර්ධනය වී ඇත. මන්දයත් කුඩු පැකට්ටුව නොමැතිව අද ඔවුනට ජීවත් විය නොහැකිය. මුළු ශරීරයම අඩපණ තත්ත්වයට පත්කිරීමට කුඩු පැකට්ටුව සමත් වී ඇත. ඒ හේතුකොටගෙන අහිංසක මවුපියන්ගේ මුදල් සූරාගෙන තම වෑයම ඉටුකොට ගැනීමට බොහෝ සෙයින් තරුණයන් උත්සුක වී ඇත.

අද මෙහි පිරිමි දරුවෙකු හදාවඩා ගැනීම හුදෙක් ගැහැනු දරුවෙකු හදාවඩා ගන්නවාට වැඩියෙන් අපහසු වී ඇත. මා අසත්‍යයක් පවසනවා නම් ඔබට හැකිය විත් බලා විමසීමට. තරුණ ජීවිත කෙතරම් නම් මෙහි සිටීද? මග දෙපස ඔවුනගේ ශරීරය ශක්තිමත් කරනු ලබන කුඩු පැකට්ටුව පැමිණෙන තෙක්. ඉතාමත් ප්‍රිය ජීවිත ගතකළ හැකි ඔවුන් අද වනවිට ජීවිතය විනාශ කොටගෙන ඇත. මෙහි මූලාරම්භය කසිප්පු නිෂ්පාදනයයි. එතුළින් ගොඩනැගුණු මත්ද්‍රව්‍යයන් බොහෝ සෙයින් වර්තමානයේ කඳාන ප්‍රදේශයම වටලා ඇත. පෙර දින සොයාගනු ලැබුවේ එක් අයිස් තොගයක් පමණි. තව කොතෙක් නම් රට තුළ මෙවැනි මත්ද්‍රව්‍ය පවතීද?

මිනිසුන් මෙතරම් නම් නීතියට හා දඬුවමට බිය නොමැතිව අකටයුතුකම් කරනුයේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක නොවන නිසා යැයි සිතීම වරදක් නොවෙයි. රටක් වශයෙන් අපේ රට තවමත් තුන්වන ලෝකයේ රටක් ලෙස තිබීමත් මෙම දූෂිත තත්ත්වයන් හේතුවී ඇත. ශක්තිමත් පෞරුෂයක් ඇති නිලධාරීන් රටේ උසස් ස්ථාන කරා යාම මෙන්ම ඔවුන් බලයට ධනයට කෑදර නොවී තම රාජකාරිය නිවැරදිවම සෑම අවස්ථාවකදීම සිදුකළේ නම් රටේ මෙතරම් මත්ද්‍රව්‍ය ගැටලුවක් ඇති නොවේ. රටේ පවත්නා මත්ද්‍රව්‍ය හා පාතාලය සහමුලින්ම නැති කළේ නම් නිවැරදිවම අප රට සංවර්ධනය වනු ඇත. සංස්කෘතිය හා උජාරුවෙන් බස් තෙපලන ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ කෙතරම් කතා කළද නීතිය නිවැරදිවම ක්‍රියාත්මක නොවන්නේ නම් එය කුමකටද? රටට මරණ දඬුවම නියම වන්නේ නම් හෝ අදාළ පාලන තන්ත්‍ර තුළ පාලනයන් නිවැරදිවම සිදුවන්නේ නම් රටේ අනාගතයට එය මහත් රුකුලක් වනු නිසැකය. මිනිසුන් හට නීතියේ බිය දැනිය යුතුමය. දඬුවම් ලැබිය යුතුමය. එසේත් නොමැති නම් රටේ පරිහානිය අපට කෙදිනක හෝ නැවැත්විය නොහැකි වනු ඇත.

මගේ ග්‍රාමය පමණක් නොව මුළු රටේම සමස්ත තාරුණ්‍යය හා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම වෙනුවෙන් නීතිය යන උත්තරීතර පදවිය නිවැරදි ලෙසම ක්‍රියාත්මක විය යුතුයි යන්න මගේ අදහසයි. දාහක් මවුපියන් තම දරුවන්ගේ ජීවිත දෙස බලා නෙත් සතුටු කඳුළෙන් පීදෙනු වස් සෝචනීය කඳුළු බිඳක් නොවේවායි මම පතමි.

පී.එම්. සඳලි සත්සරණි රත්නායක

SendShareShare
Previous Post

ගේම් ගගහා හැරමිටියෙන් යනකම් නායකත්වය අල්ලන් හිටියෙ නෑ! ඡන්දය පැරැදුණාට පස්සේ පක්ෂය බෙදෙන්න ඉඩ දුන්නෙත් නෑ! තනතුරයි පක්ෂ නායකත්වයයි දෙකම අතහැරපු ජපන් අගමැතිවරයා! Sri Lanka Latest News

Next Post

නරියට කුකුල්ලු බාර දුන්නා වගේ! කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව බාර දීපු මනුස්සයා කරලා තියෙන හරියක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.