• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බස් එකේ නින්ද ගියා! පාර අහගන්න ගෙදරකට තට්ටු කළා! හොරෙක් කියලා ගස් බැඳලා ගැහුවා! වීඩියෝ කරලා සමාජ මාධ්‍යයේ දැම්මා! සමාජයට මුහුණ දෙන්න බැරුව දිවි සනාගත්තා! හැම මඟුලක්ම සෝෂල් මීඩියා දාන්න කලින් මේ කතාව කියවපල්ලා! Sri Lanka Latest News

September 13, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
බස් එකේ නින්ද ගියා! පාර අහගන්න ගෙදරකට තට්ටු කළා! හොරෙක් කියලා ගස් බැඳලා ගැහුවා! වීඩියෝ කරලා සමාජ මාධ්‍යයේ දැම්මා! සමාජයට මුහුණ දෙන්න බැරුව දිවි සනාගත්තා! හැම මඟුලක්ම සෝෂල් මීඩියා දාන්න කලින් මේ කතාව කියවපල්ලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මිනිස්සු තීරණ ගන්නේ ක්ෂණිකව. ඒත් ඒ ගන්නා ක්ෂණික තීරණවල අවසානය බොහෝ වෙලාවට කෙළවර වෙන්නේ මහා විනාශයකින්. ඒ නිසා අපි තීරණයක් ගන්නකොට සෑමවිටම ඉවසිලිවන්ත විය යුතුයි.Sri Lanka Latest News

දුර ගමන් සේවා බස් රථයක ගමන් කිරීමේදී නින්ද යෑම බොහෝ දෙනකුට සිදුවන සාමාන්‍ය දෙයක්. නමුත් එසේ නින්ද යෑමේ ප්‍රතිඵලයක් විදියට මෙම පුද්ගලයාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවේයැයි ඔහු සිහිනෙකින්වත් හිතන්නට නැතිව ඇති.

රොච්චයිල් වත්ත වයි.ආර්.සී. කොටසේ පදිංචිව සිටි 34 හැවිරිදි රාමචන්ද්‍රන් පුවනේස්වරන් (මුරලි) පසුගියදා තම ගම වූ වැලිමඩ බලා යෑමේ අදහසින් බස් රථයකට ගොඩවුණේ දින ගණනක් තම සේවා ස්ථානයේ වැඩ කිරීමෙන් පසුවයි. නමුත් ශරීරයේ තිබූ විඩාව තෙහෙට්ටුව නිසා ඔහු ගමන් කළ දුර ගමන් සේවා බසයෙන් බසින ස්ථානය ඔහුට මගහැරී තිබූ අතර, බොහෝ දුරක් බසය ධාවනය වූවාට පසු හෙතෙම නින්දෙන් අවදිව තිබුණා. ඔහු අවදි වූ වහාම බසයෙන් බැසගත්තේ තමන්ගේ පුංචි අම්මා සිටින්නේ ඒ ප්‍රදේශයේ බව සිහිවීමත් සමගයි. ඒ වනවිට වෙලාව අලුයම 2 පසුවී තිබුණා.

රාමචන්ද්‍රන් අවිවාහකයකු වූ අතර, ඔහුගේ මව සහ පියා කලකට ඉහතදී මියගොස් තිබුණා. මොහුගේ එකම සහෝදරියද විවාහ වී වෙනත් ප්‍රදේශයක පදිංචියට යෑම නිසා මොහුට ජීවිතයේ පාළුවක් තනිකමක් දැනී ඇත. ඒ නිසාම ඔහු කොළඹ ප්‍රදේශයට ගියේ රැකියාවක් කර මුදලක් උපයාගනීමේ අදහසින් සහ තම ජීවිතයේ පාළුව තනිකම මකාගැනීමේ අරමුණ ඇතිවයි. තනිව ජීවත්වුණු රාමචන්ද්‍රන් නිවාඩුවක් ලැබුණු වහාම ඔහුගේ ගම වන රොච්චයිල්වත්තේ පිහිටි තම නිවසට එන්නේ සිය නෑදෑයන් සහ මිතුරන් හමුවීමටයි. එලෙස ඔහු අවසන් වරට ගමට ඒමට පිටත්ව තිබුණේ පසුගිය 06 වැනිදායි. කොළඹ සිට තම නිවෙස තිබෙන වැලිමඩ රොච්චයිල්වත්තට ටිකට් පතක් ලබාගත්තත් අනපේක්ෂිත ලෙස ඔහුට බස් රථයේදී නින්ද යාම නිසා බසයෙන් බසින තැන ඔහුට මගහැරී නුවරඑළිය රම්බොඩ දක්වා බසය ගමන් කර තිබුණා. හදිසියේ නින්දෙන් අවදි වූ ඔහුට තමා ඉන්නේ කොහේදැයි කියා සිතාගන්නට නොහැකි වී තිබුණා. කලබලයට පත් රාමචන්ද්‍රන් වහාම බසයෙන් බැස බලන විට ඒ රම්බොඩ ප්‍රදේශය බව දැන, රම්බොඩ ප්‍රදේශයේ තම මවගේ නැගණියක සිටින බැවින් එම නිවසට යෑමට තීරණය කර ඇත. එහෙත් වසර ගණනාවකින් තම පුංචි අම්මාගේ නිවසට ගොස් නොමැති නිසා නිශ්චිතවම අදාළ නිවස සොයාගැනීම ඔහුට දුෂ්කර වී තිබුණා. ඔහු මගදී හමුවූ නිවසක දොරට තට්ටු කර ඇත්තේ සිය පුංචි අම්මාගේ නිවස පිහිටි තැන ගැන අසාගැනීමේ අදහසිනුයි. නමුත් සිදුවුණේ අනපේක්ෂිත දෙයකි.

‘මෙන්න හොරෙක් ගෙට ආවා…. මෙන්න හොරෙක් ගෙට ආවා…’ යනුවෙන් එම නිවසේ සිටි පුද්ගලයන් කෑමොර දෙන්නට වුණා. මේ කෑගැසීම ඇසුණු අසල්වැසියන් වහා පැමිණ රාමචන්ද්‍රන් ගස්බැඳ පහර දෙන්නට විය. එහිදී තමාට සිදුවූ අකරතැබ්බය ඔහු ගම්වැසියන්ට පවසා ඇත්තේ පහරදීමෙන් මිදීමේ අදහසිනුයි.
ඒ අනුව සිද්ධිය වටහාගත් අසල්වැසියන් වහාම රාමචන්ද්‍රන්ගේ බාප්පා, පුංචි අම්මාව සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනා එම ස්ථානයට කැඳවාගෙනැවිත් තිබුණා. බාප්පා යැයි කියූ පුද්ගලයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා එම ස්ථානයට පැමිණියද ගස්බැඳ සිටි රාමචන්ද්‍රන් දුටු ඔවුන් පවසා තිබුණේ ඔහුව හඳුනන්නේ නැති බවයි. මෙයින් රාමචන්ද්‍රන් දැඩි ලෙස අසරණ වී ඇත. ඒ අනුව ගම්වාසීන් ඔහුට තවදුරටත් පහරදී ඇත්තේ ඔහු සොරෙකු යැයි සිතමිනි. අවසානයේ ඔවුන් කොත්මලේ පොලිසියට මෙම පුද්ගලයාව භාරදීමට කටයුතු කළා.

අවසානයේ පොලිසිය රාමචන්ද්‍රන් පිළිබඳ සොයා බලා ඔහුගේ අනන්‍යතාව හෙළිකරගෙන ඔහුගේ බාප්පා සහ පුංචි අම්මා යැයි පැවසූ පුද්ගලයන් ගෙන්වා ඥාතීත්වය තහවුරු කරගෙන තිබුණා. රාමචන්ද්‍රන් පිළිබඳ විමර්ශනය කොට ඔහු සම්බන්ධයෙන් පෙර වැරැදි වාර්තා නොවීම හේතුවෙන් පොලිස් ඇප මත ඔහු මුදාහැර ඥාතීන්ට භාරදීමටයි කොත්මලේ පොලිසිය කටයුතු කර තිබුණේ.

පසුව මිතුරන් එක්ව රාමචන්ද්‍රන්ව ත්‍රිරෝද රථයකින් ඔහුගේ නිවසට ඇරලවා තිබේ. කෙසේ වෙතත් තමාට පහරදෙන වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වනු දැකීමෙන් ඔහු දැඩි සේ කලකිරීමට පත්ව තිබුණා. දැඩි සේ සිත් තැවුලටත්, ලැජ්ජාවටත් පත් මුරලි, පසුව නිවෙස තුළ ගෙල වැලලාගෙන තිබුණේ සමාජයට පණිවුඩයක් ලබාදෙමිනි. නිර්දෝෂී පුද්ගලයකු වූ ඔහු සොරෙකු කර පහරදීම හේතුවෙන් සමාජයට මුහුණදීමට නොහැකි වීම නිසා රාමචන්ද්‍රන් සියදිවි නසාගන්නට ඇති බවයි බොහෝ දෙනා පවසා තිබුණේ.
කොත්මලේ හදිසි මරණ පරීක්ෂක ජිනදාස මහතා සිදුවීම සිදුවූ ස්ථානයට පැමිණ නිරීක්ෂණය කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීරය ගම්පොළ රෝහලට යවා තිබුණා. පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණේ ගමට යන අතරතුර මොහු දැඩි සේ කලකිරීමට පත්ව සිටි බවයි. මිතුරන් පවසන්නේ තම නැදෑයන් පවා ඔහු හඳුනන්නේ නැති බව පැවසීමත්, එම හේතුවෙන් ඔහු තවත් අසරණ වීමත් නිසා රාමචන්ද්‍රන් මනසින් කඩාවැටෙන්නට ඇතැයි කියාය.

නොහඳුනන මිනිස්සු ‘හොරා’ යැයි චෝදනා කරද්දී, තම නෑදෑයන් පවා ඔහුව ප්‍රතික්ෂේප කරද්දී රාමචන්ද්‍රන්ගේ හිතට මොන තරම් කනගාටුවක් දැනෙන්නට ඇත්ද? තමා කොයිතරම් නිවැරදි වුවත් සමාජය එය පිළිගන්නේ නැති බව රාමචන්ද්‍රන්ට දැනෙන්නට ඇති. රාමචන්ද්‍රන්ට පහරදුන් මිනිස්සු තීරණ ගන්නකොට දෙපාරක් සිතන්නට තිබුණා. හොයන්නේ බලන්නේ නැතුව ක්‍රියා කරනකොට ලැබෙන ප්‍රතිඵලයි මේ දක්නට ලැබුණේ. මේ වගේ සිදුවීම් හොයන්නේ බලන්නේ නැතිව සමාජ මාධ්‍යයේ පළකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතුයි. ෆේස්බුක් හරහා රැල්ලට අපහාස කරන, ෆේස්බුක් ජීවිතය කරගත් සමාජයක සෑම දෙයක්ම නරකට සිදුවෙමින් පවතින බව අපට දැන් පෙනෙන්ට තිබෙනවා.

අලුයම දෙකට පමණ ගෙදරකට කවුරුන් හෝ කතා කරද්දී නිවැසියන් බයවෙන බව ඇත්ත. නමුත් බයවුණා කියලා එම පුද්ගලයාට පහර දෙන්නේ නැතිව ඔහු කියන දේට ඇහුම්කන් දෙන්නට තිබ්බා. ඇයි මිනිස්සු මේ වගේ අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? ගෙදරක දොරට තට්ටු කරන්නේ හොරකම් කරන්නම නොවන බව තේරුම්ගත යුතුයි. හැමෝටම නීතිය එක විදියට ක්‍රියාත්මක විය යුතුයි. මේ වීඩියෝව ෆේස්බුක් දැමූ අයට මෙන්ම පහරදුන් පුද්ගලයන්ටද එක ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
මිනිස්සු සත්තුන්ටත් වඩා අන්ත විදියට ක්‍රියාකරන්න හොඳ නැහැ. නිතරම හොඳ සිහියෙන් (සතිය) කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ මිනිස්සු හැම දේම කරන්නේ සැබෑ සිහියකින් නොවන නිසයි. කරන්නේ මොනාද කියලා දෙපාරක් හිතලා කටයුතු නොකරන නිසයි. අප විවිධ සිදුවීම්වල වීඩියෝ සහ ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමේදී අහිංසක ජීවිතත් එක්ක සෙල්ලම් නොකර දෙවරක් සිතා එවැනි දෑ අන්තර්ජාලයේ පළකළ යුතුයි.
අප සමාජ මාධ්‍ය භාවිත කළ යුත්තේ අන්‍යයන්ගේත් තමන්ගේත් යහපත සඳහා පමණයි කියලා අපි හැමෝම දැනගත යුතුයි. ස්මාර්ට් ෆෝන් එකක් තිබ්බ පලියට විවිධ සිදුවීම්වල වීඩියෝ සහ ඡායාරූප ෆේස්බුක් දාලා අන්‍යයන්ගේ ආත්ම ගෞරවයට හානි වන කිසිම දෙයක් නොකළ යුතු බව මේ සිදුවීමෙන් අපි හැමෝම තේරුම්ගත යුතුයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

එකම තැනක් – අනතුරු තුනක්! මරණ 47ක්! එකක් සැප්. 3! එකක් සැප්. 4! එකක් සැප්. 5! 96 අනතුර අස්සෙ ලෙඩ්ඩු බේරපු හැටි! 2003 අනතුර සිදුවුණ හැටි! අනතුරු දෙකකට මුහුණ දුන්න දෙන්නෙක් ‘මව්රට’ ට කියපු කතාව මෙන්න! Sri Lanka Latest News

Next Post

2015 හමුදාවෙන් පැන්න කුලී ඝාතකයකු අල්ලයි! ගිය මාසෙ විතරක් ඝාතන 4ක් කරපු වෙඩික්කරුලු!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.