සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සබඳතා පැවැත්වූ බව කියන උප පොලිස් පරික්ෂකවරයෙකු ගම්පහ ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Sri Lanka Latest News
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් කියා සිටියේ අදාළ උප පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනියුක්තව රාජකාරි සිදු කරන අයෙකු බවයි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුර නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන අය පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබුවා.
මේ වනවිට දින 90ක රැදවුම් නියෝග ලබාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත සහ පානදුර නිලංග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රදවාගෙන ප්‍රශ්න කෙරෙනවා.
ඊට අමතරව බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රදවාගෙන ප්‍රශ්න කෙරෙන්නේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේයි.










