තමාට පාර්ලිමේන්තුවේදී සිදුවූ අසාධාරණයකට එරෙහිව කතානායක ජගත් වික්‍රමරත්නට සහ පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායකට එරෙහිව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කිරීමට තමා ලබන සතියේ ජිනීවා බලා යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා පවසනවා .Sri Lanka Latest News
ඔහු පෙන්වා දෙන්නේ මාර්තු 19 වෙනිදා සිට මැයි 09දා දක්වා කාලය තුළ මාස එකහමාරකර ආසන්න කාලයක් තමාට පාර්ලිමේන්තුවේදී කතා කිරීමට අවස්ථාව නොලැබුණු බවත් කිසිදු හේතුවක් නොමැතිව තමාට පාර්ලිමේන්තුවේ කතා කිරීමේ නිදහසට බාධා එල්ල කළ බවත් ඒ සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරන බවයි.
බිමල් රත්නායක අමාත්‍යවරයාගේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තමාට පාර්ලිමේන්තුවේ කතා කිරීමට අවස්ථාවක් ලබා නොදීමට කතානායකවරයා තීරණය කළ බවත් මේ පිළිබඳව තමා වරප්‍රසාද කමිටුවට වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කළ බවත් රාමනාදන් අර්චුනා පවසනවා.










