Erskine May, Kaul & Shakdher වැනි පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන සදහන්ව ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරයකු විධායකයේ කොටසක් බවට පත්වන විට ස්ථාවර නියෝගවල සඳහන්ව නැතැයි කියා විශ්වාසභංගයක් ගෙන ඒම බැහැර කළ නොහැකි බවත් ස්ථාවර නියෝගවල අමාත්‍යවරුන්ට එරෙහි විශ්වාසභංග යෝජනා ගැන නිශ්චිත සඳහනක් නොතිබුණත් ඒ නිශ්ශබ්ධතාවයෙන් හැගෙන්නේ මේවා ගෙන එන්න බැහැ කියන එක නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (1) ව්‍යවස්ථාවට අනුව නියෝජ්‍ය අමාත්‍යවරයකු විධායක බලතල ක්‍රියාත්මක කරන නිසා එලෙස විශ්වාසභංග යෝජනා ගෙන ඒම සම්ප්‍රදායක් බවත් එය වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායක් බවත් විශේෂයෙන්ම 45 (3) ව්‍යවස්ථාව යටතේ පුළුල් ව්‍යවස්ථාමය රාමුව තුළින් විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කතානායකවරයා පාර්ලිමේන්තු ක්‍රම ගැන ඇති පූර්වාදර්ශ පරිශීලනය කළා නම් නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි බවත් නීතිපතිවරයාගේ උපදෙස් මෙන්ම ලේකම්වරුන්ගේ කාර්ය මණ්ඩලය ලබා දුන් වර්තා සභාගත කරන ලෙසත් මේවා පරිශීලනය කර විපක්ෂයේ මතය සභාවට ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.










