• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙච්චර අලි මැරෙන්නේ ඇයි? Sri Lanka Latest News

September 1, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
මෙච්චර අලි මැරෙන්නේ ඇයි? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ පරිසර පද්ධතිය කියන්නේම නිරන්තරයෙන්ම විවිධ අලකලංචි දුක්ඛ දෝමනස්සයන්ට ගොදුරු වෙමින් අනේකවිධ දුෂ්කර කාලයක් ගෙවන දෙයක්. එහි ප්‍රධාන වගඋත්තරකරුවන් වන්නේ ග්‍රාමීය ගොවි ජනතාව හා වනසතුන්. එයිනුත් අලි ඇතුන් ප්‍රධානයි. අඩු වැඩි වශයෙන් මේ දෙපිරිස අතර වන ගැටුම් එන්න එන්නම වැඩි වෙනවා. අපි මොන තර්ක ඉදිරිපත් කළත් මිනිස් ජීවිතයක් සතුන්ගේ ක්‍රියාකාරකම් නිසා හානි වෙනවා කියන්නේ අපරාධයක්. සතුන්ගෙ ජීවිතත්, අලි ඇතුන්ගෙ ජීවිතත් ඒ වගේම නැති නාස්ති වෙනවා කියන්නෙත් අපරාධයක්. මේ දෙපැත්තටම හරි කෙළින් රේඛාවක් ගහලා එක පැත්තක් හරි කියන්නවත්, අනිත් පැත්ත වැරදියි කියන්නවත් බෑ. කාලෝචිත කතිකාවක් වන මෙකී වන අලි හා මිනිසුන් අතර සහජීවනය බිඳීයාම, එහෙම නැත්නම් අලි – මිනිස් ගැටුමේ අපි නොදුටු පැත්ත ගැන කැලෑ කොලම සමග සංවාදයකට අද සැරසෙන්නේ ‘වයිල්ඩ් ටස්කර් ශ්‍රී ලංකා’ සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන, වන ඇතුන් පිළිබඳ දත්ත විශ්ලේෂකයෙක් වන චන්දික ලක්මාල් සහෘදයා.Sri Lanka Latest News

නියං කාලය කියන්නේ රජරට පැත්තට ඊසානදිග මෝසම එන්න තියෙන කාලෙනෙ. එතකොට ඇතුන් ගමන් කරන මාර්ගවල තියෙන පොඩි වැව් ඔක්කොම හිඳිලා ගිහිල්ලා ලොකු වැව්වල විතරයි වතුර ඉතුරු වෙන්නේ. හැබැයි ලංකාව පුරා අරන් බැලුවොත් ලොකු වැව් කියන ඒවා ඔක්කොම වාරි කර්මාන්තයට සම්බන්ධ ඒවා. එතකොට ඒවායින් මිනිස්සු වවනවා. ඒ කියන්නේ ඇළ මාර්ගවලින් වතුර අරන් ගිහිල්ලා වවනවා. හැබැයි වැව ආශ්‍රිතවත් ගොවිතැන් කරනවා. එතකොට ඔය අලි හැමතිස්සෙම ලොකු වැව් පැත්තට එන්නේ අනිත් පොඩි වැව් හිඳෙන හින්දා. ඒ ආවහම ගොයම් කපලා තියෙන කුඹුරු යායවල්වල කන්න තියෙනවා. ඒවා කාලා ඒ කෑම ඉවර වුණාම ඒ වගේ තව ලොකු වැවකට යනවා. අපි හැමදාම කියන එක තමයි ඔය වැව්වලින් වැව්වලට යන්න තියෙන පොඩි පොඩි මේ කොරිඩෝස්වල එහෙම දැන් කැලේ කපලා. දැන් අඹන්පොළ ඉඳලා පාළුකඩවලට යන්න බෑනේ. අලිමංකඩවල් ටික ඇහිරිලා තියෙන්නේ.

එතකොට දැන් උන්ට පාළුකඩවල වැවේ වතුරත් තියෙනවා, තණකොළත් තියෙනවා. හැබැයි යන්න බෑ. යනවා නම් අමාරු ගමනක් ඒක. ඉතින් ඒක හින්දා උන් ඔතැන ඉන්න කාලේ වැඩියි. එතකොට උන් කන්න අඩු වෙනකොට වයලන්ට් වෙනවා. ඒකයි ඔය ඔක්කොම ප්‍රශ්න.

ඊළඟ එක අලින්ගේ චර්යාවන් මිනිස්සු දන්නේ නැති හින්දා හැමතිස්සෙම අලි රංචුවක් වැවකට හරි වැව් පිටියකට හරි දවල්ට ආවොත් මිනිස්සු කරන්නේ උන් එළවන්න බලන එක. එහෙම නෙමෙයි කරන්න ඕනේ. උන්ට වතුර ඕනනේ. උන්ට ඇවිල්ලා උන්ගේ පාඩුවේ පැය දෙකක් විතර වතුරේ බැහැලා ඉන්න දුන්නා නම් උන් ඊළඟට එතැනින් යනවා. දැන් එන්න දෙන්නෙවත් නෑනේ. එතකොටත් උන් වයලන්ට් වෙනවා.

ඊළඟට කුඹුරු කපලා ඔක්කොම ගිනි තියලා දානවා. ගිනි තියන එක විද්‍යාත්මකව ගත්තොත් ඒකේ ගොවියට යම් වාසියකුත් තියෙනවා. ඒ වගේම ඒකේ නරක පැත්තකුත් තියෙනවා. එකක් තමයි අලින්ට පොඩ්ඩක් හරි හවසට ඇවිල්ලා ඉන්න තියෙන තැන ගිනි තියලා දැම්මහම උන් එතැනට එන්නෙත් නෑ, කන්නත් නෑ.

මේ රටේ ජනගහනයෙන් 70%ක් විතර ජීවත් වෙන්නේ කෘෂිකර්මාන්තයෙන්. ඔවුන් නිරන්තරයෙන්ම වන අලි නිසා පීඩාවට පත්වෙනවා. අලින්ගේ පැත්තෙනුත් එහෙමයි. මේ ගැන ඔබට කියන්න තියෙන සාධනීය පැත්ත මොකක්ද?
ඇත්තටම ඕකේ ගැටුමට මූලික වෙලා තියෙන්නේ ග්‍රාමීය ජනගහනය. ඒ කියන්නේ 1960 හිටපු ග්‍රාමීය ජනගහනය 2020 වෙනකොට දෙගුණ වෙලා තියෙන්නේ. මම මේ කියන්නේ මහ නගරවල නෙමෙයි. ග්‍රාමීය ජනගහනය දෙගුණ වෙනවා කියන්නේ ඒ ඉඩකඩම්වල තමයි තාත්තලා පුතාලා ඉඩකඩම් බෙදි බෙදී ගිහිල්ලා ගෙවල් හැදිලා නාගරීකරණය වෙන්නේ. අනුරාධපුරේ, පොළොන්නරුව, වැලියඔය, තන්තිරිමලේ වගේ ප්‍රදේශ ඒ විදියට නාගරීකරණය වෙනකොට ඉඩම් වැඩි වෙන්නේ නෑනේ. රජයේ රක්ෂිත තමයි ඒවට යොදාගන්නේ.

චන්දික ලක්මාල්

දශක හතරක් පහක් මෙරට පාලකයන් සහ වගකිවයුතු නිලධාරීන් මෙකී ගැටලුව විසඳීම සඳහා උනන්දුවක් දක්වපු බවක් පේන්න නෑ. එහෙම වෙන්නේ ඇයි?
ග්‍රාමීය ගම් දියුණු වෙනකොට හරි ප්ලෑන් එකකට ඒවා සැලසුම් කරලා නෑ. ඉඩම් බෙදනකොට රක්ෂිත කලාප වෙන් කරලා තියලා නෑ. අපි ඉඩම් අනුයුක්ත කරනවානේ වාරි ව්‍යාපෘතිවලට එහෙම. එතකොට මේ අලිමංකඩවල් කියන එක ගැන දැඩි අවධානයක් යොමු කරලා නෑ. අනිත් එක ළඟදී කරපු ලොකු ව්‍යාපෘතිවලත් පරිසර ශක්‍යතා අධ්‍යයන වාර්තාවලත් අලි කළමනාකරණය ගැන තියෙනවා. හැම එකම අරන් බැලුවොත් හැම එකේම තියෙනවා. ඒ වුණාට ඕක කරන්න ගියාම අලි කළමනාකරණය කියන කෑල්ල අපිට පේන්නේ නෑනේ. ඒ කියන්නේ ඒකෙ පාලමක්වත්, පාරක්වත්, ඩෑම් එකක්වත්, වැවක්වත් නෙවෙයිනේ. මොකද අලි ඇවිල්ලා කියන්නෑනෙ කෝ අපේ කළමනාකරණ කෑල්ල ඕගොල්ලෝ කරලා නෑ කියලා. එතකොට කරන්නේ ඒක අතෑරලා. දැන් හම්බන්තොට කරලා තියෙන්නේ ඒකනේ. අලි කළමනාකරණ කියන කොටස කරලා නෑ.
ඒ වගේම තන්තිරිමලේ, ඔය හැමතැනම ඔය කොටස කරලා නෑ. මොකද ඒවා කියන්න අලි එන්නේ නෑනේ. ඒක තමයි ප්‍රධාන ගැටලුව.

වන අලි කියන්නේ මෙරට ආර්ථිකයේ එක් කේන්ද්‍රීය සාධකයක්. ඔවුන් රැකගැනීමට පාලකයන්ට සහ බලධාරීන්ට නිසි වැඩපිළිවෙළක් තිබෙනවා කියලා පේන්න නෑ. මේ ගැන අපිට මොකක්ද කියන්න පුළුවන්?
පේන්න තියෙනවා මේගොල්ලන්ගෙන් ගන්න පුළුවන් වාසි මොනවද කියලා. ඒ කියන්නේ මේ මේ ෆීල්ඩ්වල ටුවරිසම්වල ඉන්න හැමෝම මේකට උපදෙසුත් දෙනවා ආණ්ඩුවට. හැබැයි රජයක් විදිහට ඒගොල්ලෝ දැනගෙනත් ඉන්නවා මේක. හැබැයි මේක ක්‍රියාත්මක කරන්න යනකොට ඒ ක්‍රියාත්මක කරන්න ඉන්න පිරිස ඉන්නේ යල් පැනගිය චින්තනයක් සහිත අය. ඔවුන් අලුත් දේවලට බයයි.

උදාහරණයක් විදිහට අනුරාධපුරේ පැත්තේ යන කෙනකුට ගමක ගිහින් අලි බලන එක ප්‍රමෝට් කරන්න පුළුවන්. ඒ කියන්නේ ගමේ කෙනෙක් එක්ක හවස ගිහින් අලි බලලා ඒ මනුස්සයට කීයක් හරි අරන් දීලා, රටටනේ ඒකෙන් සල්ලි එන්නේ. හැබැයි ඕක කරන්න ගියාම වෙන්නේ මේ වනජීවී එකෙන්ම ප්‍රශ්න දානවනේ. ‘උඹලා කොහොමද මිනිස්සු එක්කන් එන්නේ අලි බලන්න’ කියලා. එහෙම ප්‍රශ්නයකුත් තියෙනවා. හැබැයි වනජීවී එක කියන්නේ ලොකු ගානක් දීලා ටිකට් එකක් අරන් කවුඩුල්ලට, මින්නේරියට යන්න තියෙන එක උඹලා ගමට ඇවිල්ලා අලි පෙන්නුවාම රටට සල්ලි එන්නේ නෑ කියලා. ඉතින් ඒක මැනේජ් කරන්න ඕනේ.

ඒ කියන්නේ සංචාරක ව්‍යාපාරය තුළින් ග්‍රාමීය ජනතාවගේ අතට මුදල් යන ක්‍රමවේදයක් හරි නිසි වැඩපිළිවෙළක් යටතේ කළොත් ඒකේ ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන් මේ නිලධාරීන්ගේ අත්තනෝමතික කතාවලට උත්තර හැටියට?
ඔව්, අනිවාර්යයෙන්ම. ඇත්තටම ගත්තොත් ඔය සංචාරක ව්‍යාපාරයේම විතරක් නෙවෙයි. ඉන්දියාවේ ගත්තොත් අලි බෙටිවලින් හඳුන්කූරු හදනවා. පේපර් හදලා විකුණනවා. එක එක වැඩ තියෙනවා. ඒවා සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ තව ඒවා. හැබැයි ලංකාවේ සංචාරක ව්‍යාපාරයට අනුබද්ධ වෙලා තියෙන්නේ අලි බලන එකම විතරයි. අලින්ගෙන් එහා දෙයක් නෑ.

නමුත් පින්නවලත් ඔය පූ පේපර් එහෙම තියෙනවා. හැබැයි ඒක වෙන පැතිවල ප්‍රචලිත කරලා නෑනේ. ප්‍රචලිත වෙලා තියෙන්නේ අලියෙක් බලන එකම තමයි ඉතින්.
අලි මිනිස් ගැටුමේ ප්‍රශ්නේ ප්‍රධාන විත්තිකරුවන් වන්නේ ග්‍රාමීය ගොවි ජනතාව සහ වන අලි. මේ සංහිඳියාව දෙපාර්ශ්වය අතර ඇති කරන්න අපිට යෝජනා කරන්න පුළුවන් මොකක්ද?

ඉක්මනින්ම කරන්න තියෙන වැඩේ තමයි ඔය මේ මිනිස්සු බලහත්කාරයෙන් අල්ලගෙන තියෙන අවහිර කරලා තියෙන අලිමංකඩවල් ඔක්කොම මුළු ලංකාව වටේම, ඒ කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පටන් ගත්තාම අනුරාධපුර, වව්නියාව, මුලතිව්, උතුරු පැත්තෙන් පොළොන්නරුව, ලාහුගල පැත්තට වෙනකම්ම අලි ඇතුන්ගේ සියලු සංක්‍රමණ මාර්ග නිදහස් කරන්න ඕනේ. ඒක නිදහස් කළොත් අපිට පේන විදිහට අලි – මිනිස් ගැටුම 50%කට වැඩි ප්‍රමාණයකින් විසඳෙනවා. මොකද මේගොල්ලන්ට ආහාර පාන තිබිලත්, කන්න නැති තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ හින්දා.

ඊළඟ එක තමයි, අපි හිතුවට අලින්ට ඉන්න කැලෑ තියෙනවා කියලා, ඒ හැම පරිසර පද්ධතියක්ම අපි අවුරුදු ගානකට සැරයක් පොඩි නඩත්තුවක් කරන්න ඕනේ. වැව් සුද්ද කරන්න ඕනේ. ඔය ජපන්ජබර වගේ ආක්‍රමණශීලී පැළෑටි අයින් කරන්න ඕනේ. වැව්පිටිවල ගස් වැවිලා අවහිර වෙලා තියෙනවා නම් තණකොළ හැදෙන්නේ නෑනේ. ඒවා සුද්ද කරන්න ඕනේ. ඉතින් ඒ ඒවා නඩත්තුව කරලත් නෑ. එතකොට වෙන්නේ කැලේ ඇතුළේ තියෙන වැව් ගොඩක් ගොඩවෙන එක. ඒවාට වතුර රැඳෙන්නේ නෑ ගොඩක් වෙලාවට. ඒ හේතුව නිසාත් පායන කාලෙට අලින් කැලෑවෙන් එළියට එනවා. ඊළඟට අපි පශු සම්පත් කර්මාන්තය දියුණු කරනවා කියලා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තට අපි පශු සම්පත් දියුණු කරන්නේ, ගව පාලනය කරන්නේ හරක් ටික රක්ෂිත ඇතුළට දාලා. ඒකට නිසි වැඩපිළිවෙළක් නෑ. තෘණ බිම් සංවර්ධනය කිරීමක් මුකුත් නැතුව තමයි ඒක කරන්නේ. අලි වැටවල් ගහලා නෙවෙයි. අලිමංකඩවල් නිදහස් කරලා මේගොල්ලන් අවුරුදු 50ක් 60ක් තිස්සේ යන එන මාර්ග ටික නැවත නිදහස් කරලා දෙන්න ඕනේ.

මෙරට දළ ඇතුන් ඉතාමත් අස්වාභාවික විදියට මෑත කාලයේ ඝාතනය වෙමින් පවතිනවා. අලින්ගේ සංරක්ෂණය පිළිබඳ උනන්දු වෙන කෙනෙක් හැටියට ඔබ මෙය දකින කෝණය මොකක්ද?
ඇතෙක් සාමාන්‍යයෙන් රංචුවක ඉන්නේ මඳ කාලෙට විතරයිනේ. ඊට පස්සේ තනියම ගොඩක් වෙලාවට ඉන්නේ. එතකොට එයාගේ යන පරාසය ගොඩක් වෙලාවට වැඩියි. මොකද එයා ඇවිදින ප්‍රමාණය වැඩියි. ශරීරය ලොකු වුණාම ගන්නා ආහාර ප්‍රමාණය වැඩියි. එතකොට එයා හැමතිස්සෙම ගමනේ ඉන්න හින්දා අර රේන්ජ් එක වැඩි වෙනකොට මේ ජනාවාස එක්ක ගැටෙන තැන් ගානත් වැඩියි. එතකොට වෙන්නේ පහසුවෙන් මිනිස්සුන්ගේ ඉලක්ක බවට පත්වෙනවා. අනිත් එක, දැන් මිනිස්සුන්ගේ මතයක් තියෙනවා. ඇතා තමයි දළෙන් ගහලා වැට කඩන්නේ, ඇතා තමයි ඇවිල්ලා ඔක්කොම ගස් පෙරළන්නේ කියලා. ඒකයි ගොඩක් වෙලාවට රංචුවක අලි හතරයි ඇතෙකුයි ඉන්නවා නම් ඇතාම ටාගට් කරලා වෙඩි තියන්නෙත්. පේනවත් වැඩියි. දළේ හින්දා ටාගට් කරන්නත් ලේසියි. අනිත් එක දළ ඇතාගේ පස්සෙන් තමයි ඔක්කොම එන්නේ. ඇතා තමයි ඔක්කොම කරන්නේ. දැන් ගමකට ගිහිල්ලා ඇහුවත් කියන්නේ එහෙමනේ. ඇතා තමයි ගැහුවේ කියලනේ. අලියෙක් ගැහුවත් කියන්නේ ඇතා ගැහුවා කියලා. හැබැයි ඕකේ ප්‍රධානම හේතුව තියෙන්නේ අර උගේ රේන්ජ් එක වැඩියි. උගේ ශරීරය ලොකුයි. කන්නත් ඕනේ. මඳ කාලෙක රංචුවකට සෙට් නොවුණොත් ඌ ඇවිදින එකමයි කරන්නේ. ඉතින් එතකොට අනතුරු වෙන්න තියෙන සම්භාවිතාව කොහොමත් වැඩියි.

මෙරට දළ ඇතුන් පිළිබඳ ඔබේ සංවිධානය මෑතක් වෙනතුරු නාමකරණය සහ කේතාංක යොදා ගැනීමක් කරලා තියෙනවා. එය සංරක්ෂණයට පිටිවහලක් කියලා අපි විශ්වාස කරන අතර, ඔබ විශ්වාස කරනවාද දැනුවත් කිරීම මගින් සංරක්ෂණයට පිටිවහලක් වෙන්න පුළුවන් කියන එක?
අනිවාර්යයෙන්ම වෙනවා. අපි දන්නවා ලංකාවේ ජනගහනය අතින් ගත්තත් සෑහෙන පිරිසක් අලි ඇතුන්ට ආසයි. එතකොට ඒගොල්ලෝ කොහොම හරි වෙලාවක් හොයාගෙන අලි ඇතුන් ගැන බලනවා. එතකොට ඒගොල්ලන්ට ලෙඩක් දුකක් හරි තියෙනවා නම් ඒවා වාර්තා වෙනවා. අනිත් එක නිතර නිතර යනකොට ගම්වල මිනිස්සුන්ටත් සල්ලි හම්බවෙනවානේ. එතකොට ඔය තියෙන තරහ වෛරය නැති වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ.

සමහර විට අලි ගැන ගම්වල මිනිස්සු දන්නවා කිව්වට ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දන්නේ නෑ. පිටින් එන මිනිහෙක් ඊට වඩා දෙයක් දන්නවා වෙන්න පුළුවන්. එතකොට ඒ එහෙම තොරතුරු සන්නිවේදනය වෙනවා, සම්බන්ධතා ඇති වෙනවා. ගමේ ළමයින්ට එනකොට තෑගි බෝග අරන් එනවා. ඉතින් අලිත් එක්ක තියෙන තරහ නැති වෙන විදිහට හැමතිස්සෙම මිනිස්සු මේක බලන්න එනවා නම්, ගම්වල මිනිස්සුන්ටත් තේරෙනවා මූ අපිට වදයක් වුණාට ඇත්තටම වටිනා සම්පතක් නේද කියලා.

දැන් කාවන්තිස්ස කියන ඇතා ගැන කවුරුවත් වෛරයෙන් බලන්නේ, කතාකරන්නේ නෑනේ. ඌ කවුද කියලා දන්නවා මුළු රටම. අග්බෝත් එහෙමයි. ඉතින් ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ. ඕක කලින් කරලා තිබ්බා නම් දීගදන්තු වගේ වටිනා අලි ඇතුන් රාශියක් අදටත් ජීවත් වෙනවා.

සමස්තයක් හැටියට ගත්තොත් මේ රටේ අලි ගහනය සහ කෘෂි කර්මාන්තය අතර තියෙන ඝට්ටනය නැති කරගන්න විධිමත් කෘෂි ප්‍රතිපත්තියක් තිබ්බොත් හොඳයි කියලා හිතෙනවද?
අපිට දැන් ඉඩම් වැඩි වෙන්නෙත් නෑනේ කොහොමවත්. භූමිය වැඩි වෙන්නෙත් නෑ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ අපි ඔය ඉඩම්වල වපුරන තරමට අපිට අස්වැන්නක් ලැබෙන්නේ නෑ. ඒ කියන්නේ අපි තාක්ෂණයට යොමුවෙලා නෑ. නව බෝග, නව ක්‍රමවේද, හරිතාගාර, ඩි්‍රප් ඉරිගේෂන් දාලා ක්ලයිමෙට් කන්ට්‍රෝල් කරලා, අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් නව ක්‍රමවලට තාම අපි ඇවිත් නෑ. අපි හැමතිස්සෙම හදන්නේ ලොකුවට හේනක් කරලා, මොනවා හරි වවලා ඒකෙන් අස්වැන්න ගන්නනේ. ඉතින් ඒක දැන් නැති වෙන්න ඕනේ. ඒක නැති වෙන්න නම් ඉගෙන ගත්ත මිනිස්සු, තාක්ෂණික ක්‍රම දන්න මිනිස්සු ගොවිතැනට එන්න ඕනේ. දැන් අපේ මතය හැදිලා තියෙන්නේ, ‘උඹට විභාගයක් පාස් කරගන්න බැරි වුණොත් කුඹුරු කොටන්න තමයි වෙන්නේ’ කියලනේ. ඒක වැරදියි. එහෙම නෙවෙයි. ඉගෙන ගත්ත මිනිස්සු තමයි කෘෂිකර්මය කරන්න ඕනේ. මොකද එතකොට තමයි අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලැබෙන්නේ. එහෙම වුණා නම් ඔය ප්‍රශ්න විසඳෙනවා.

අනිත් එක, කුඹුරු වපුරනකොට එකට වපුරන්න ඕනේ යායම. ඊට පස්සේ කපනකොටත් එක දවසක් ඇතුළත ඒක කපන්න ඕනේ. එතකොට අලින්ට දාන්න තියෙන ප්‍රමාණය අඩුයි. පැල් රකිනකොටත් කමියුනිටි එකක් විදිහට පැල් රකින්න ඕනේ. එක දවසක් ඇතුළත කපලා දැම්මා නම් ප්‍රශ්න නෑනේ. දැන් වෙන්නේ එහෙම නෙවෙයිනේ. එක එක්කෙනා තැනින් තැන වපුරනවා. එක්කෙනෙක් මේ මාසේ වපුරනවා. අනිත් කෙනා මාසේ මැද වපුරනවා. එතකොට වෙන්නේ මැද හරියේ හොඳට කිරි වදින ගොයමක් තිබ්බොත් අලි ටික අර ඔක්කොම පැළ ටික චොප්ප කරගෙන තමයි මැද එකට යන්නේ. නමුත් ඒක වළක්වා ගන්න කරන්න තියෙන ප්‍රායෝගික දේවල් ගොඩක් අපි කරන්නේ නෑ දැනට.

තවත් දෙයක් කියන්න ඕනේ. දැන් මහල් නිවාස කියන සංකල්පයත් ගමට යන්න ඕන කාලේ. ඒකත් මේ වනාන්තර එළිපෙහෙළි කරන එකට හො`ඳ විසඳුමක් විදියට හඳුන්වන්න පුළුවන්.

අවසාන වශයෙන් මට කියන්න අලි-මිනිස් ගැටුම 100%ක් විසඳන්න බෑ කියලා අපි හැමෝම දන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ අනාගත පරපුර සඳහා ඉතුරු නොකර යම් සාධනීය වැඩපිළිවෙළකට යන්න කාලේ ඇවිල්ලා නේද?
ඔව් අනිවාර්යයෙන්. නැත්නම් අනාගතයට මොකුත් නැති වෙනවා. තව අවුරුද්දක් දෙකක් ඇතුළතවත් ලොකු පියවරකට බලධාරීන් යායුතුයි. එහෙම නැතිවුණොත් වන අලි සම්පත අනාගත පරපුරට ඉතිරි වෙන්නේ නැති වේවි. ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

සජිත් රනිල්ව බලන්න ගියේ UNPය ගන්නවත්.. සන්ධාන අටවගන්නවත් නෙමෙයි..! එතුමාගේ මනුස්සකමට! මාව රිමාන්ඩ් කරපු දවස් තුනේම සජිත් මාව බලන්න ආවා! නීතීඥයො දුන්නා..! අපේ පවුල් ගැන හොයලා බැලුවා! ඒ තමයි සජිත්! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉවරයි කියලා හිතුවට පාතාලය ඉවරම නෑ! තව තියෙනවා! අදත් හික්කඩුවේ වෙඩි තියලා! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.