රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත වූ පුද්ගලයන් තුන් දෙනෙකු හඳුනාගෙන ඇති බව සබරගමුව පළාත් සෞඛ්‍යය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර තහවුරු කළේය.
ඔවුන් තිදෙනාම කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ සේවයේ යෙදී සිටී යුද හමුදාවේ නිලධාරීන් තුන් දෙනෙකි.
ඔවුන් ආශ්‍රය කරන ලද පුද්ගලයන් 60 දෙනෙකු පමණ මේ වන විට ස්වයං නිරෝධායන යොමු කිරීමට කටයුතු කර තිබේ.
මෙම තිදෙනාගෙන් එක් ආසාදිතයෙකු රත්නපුර සීවලී සහ ඇලෝසියස් විදුහල්වලට පැමිණ ඇති අතර එනිසා එදින පාසල් වලට පැමිණ සිටි ගුරුවරුන් සහ සෙසු පිරිස නිවෙස් තුළ නිරෝධනයට යොමු කර ඇත.
මේ අතර කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙක් තංගල්ල පට්ටියපොල ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බව ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.
ඔහුට සමීපව කටයුතු කළ ඥාතීන් ඇතුළු 07 දෙනෙකු සහ වෙළඳසැල් 2ක හිමිකරුවන් ද 12 නිරෝධායනයට ලක් කර තිබේ.
මෙම පුද්ගලයාද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන පුද්ගලයෙකු බවයි.
ඔහු නිවාඩු ලබා පසුගිය පස්වැනිදා තංගල්ලේ නිවසට පැමිණ දින කිහිපයක් නගරයේ සංචාරය කර ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.










