• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යහපාලනයෙන් රාජ්‍ය සේවකයාට වෙච්ච දේ මහින්ද මහරගමදී මතක් කරයි

July 13, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
යහපාලනයෙන් රාජ්‍ය සේවකයාට වෙච්ච දේ මහින්ද මහරගමදී මතක් කරයි
Share on WhatsAppShare on Facebook

රට වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවක් යටතේ රාජ්‍ය සේවකයින් වෙනුවෙන් ව්‍යවස්ථාව තුළින්ම ආරක්ෂාව සැපයීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

යහපාලන රජයේ සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් හේතුවෙන් තීන්දු තීරණ ගැනීමට බියෙන් සිටි රාජ්‍ය සේවකයින්ට නැති වූ සියලු අයිතිවාසිකම් ලබාදීමට කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

ඊයේ (12) පෙරවරුවේ මහරගම නගරයේ පැවති හමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

“රාජ්‍ය සේවකයා ගැන හිතලා අපේ ආණ්ඩු තමයි හැම අවස්ථාවේදිම කටයුතු කළේ . 1977ඉඳලා 2005 දක්වා තිබුණ සියලුම ආණ්ඩු රාජ්‍ය අංශය බෙලහීන කළා. රාජ්‍ය අංශයට අයත් ආයතන, ජාතික සම්පත් පෞද්ගලීකරණය කළා. රාජ්‍ය සේවකයෝ හැමදාමත් මහපාරට වැටුණා. 1983 ජූලි වර්ජකයින් 40,000ක් එක රැයින් ගෙවල්වලට යැව්වා. ඇතැම් වර්ජකයෝ ජීවත් වෙන්න බැරිව සියදිවි නසාගත්තා. ඒ වගේ රාජ්‍ය සේවයට පහත් විදිහට සලකපු ආණ්ඩුවක් තමයි පසුගිය ආණ්ඩුව.

මේ රටේ රාජ්‍ය අංශය ශක්තිමත් වෙන්න පටන්ගන්නේ, රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය අංශය ගැන විශ්වාසයක් ඇතිවන්නේ 2005  වර්ෂයේ ඉඳලා. 2005න් පස්සේ රාජ්‍ය සම්පත් පෞද්ගලික අංශයට විකුණන්නේ නෑ කියන පොරොන්දුව දීලා රාජ්‍ය අංශය ස්ථාවර කරන්න අපි පටන්ග ත් අපි රාජ්‍ය ආයතන රැකගත්තා විතරක් නෙමෙයි රජයේ සේවය පුළුල් කළා. ලක්ෂ 7ක් වුණ රජයේ සේවය ලක්ෂ 15 දක්වා දෙගුණයකින් වැඩි කළා. අපි බලයට එනවිට සෞඛ්‍ය සේවයේ හෙදියෝ හිටියේ 7000යි. අපේ කාලය ඉවරවෙනකොට අපි ඒක 15000 දක්වා වැඩි කරලයි ගියේ. අපි රාජ්‍ය අංශය ශක්තිමත් නොකරන්න මේ වගේ කොවිඩ් වසංගතයක් ආවා නම් මොකද වෙන්නේ? ඒ නිසා තමයි අද කොවිඩ් වසංගතය මේ විදිහට විසඳගන්න පුළුවන් වුණේ.

යහපාලන ආණ්ඩුව රජයේ සේවකයන් ගැන සැකෙන්මයි බැලුවේ. බලයට ආව ගමන් රජයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරියා වුණ ජනාධිපති ලේකම්වරයාව අල්ලලා හිරේ දැම්මා. ඒ වගේම අනූෂ පැල්පිටවත් හිරේ දැම්මා. තවත් දහස් ගණන් රාජ්‍ය නිලධාරින්ව FCID ගෙන්වලා ප්‍රශ්න කරලා වද දුන්නා. ඒ නිසා යහපාලන ආණ්ඩුව කාලේ රජයේ නිලධාරින් වැඩ කළේ නෑ. තීන්දු තීරණ ගත්තේ නෑ. මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. ඕනෑම කටයුත්තක් සද්භාවයෙන් කරනවා නම් දේශපාලන පළිගැනීම් කරන්න බැරි වෙන්න ව්‍යවස්ථාව තුළින් රාජ්‍ය සේවකයින්ට ආරක්ෂාව සපයන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි විනිසුරුවරුන්ගේ සිට සියලුදෙනාගේ ගෞරවය අන්තිම පහළට ඇදලා දැම්මා. ඒ ආණ්ඩුවේ හිටපු මන්ත්‍රීවරු රාජ්‍ය නිලධාරින්ට විනිසුරුවන්ට කොයිතරම් බලපෑම් කරලාද කියලා පහුගිය කාලේ එළියට ආව හඬපටවලින් පැහැදිලි වුණා. මේ තමයි රාජ්‍ය අංශයට මුහුණපාන්න වුණ සිද්ධි.

තිස් වසරක් පුරා ලංකාවේ සමාජ ආර්ථික දේශපාලන විපර්යාසයක් කළ එල්ටීටීඊ ත්‍රස්තවාදය නැති කරලා රටට සාමය ගේන ක්‍රියාදාමයේ දී රාජ්‍ය සේවකයන් සිදුකළ කැපවීම අගය කරනවා. ලංකාවේ රාජ්‍ය සේවය නොතිබුණා නම් මුළු ලෝකයේම දරුණු වසංගතයක් හැටියට පැතිරුණු කොවිඩ් වසංගතය ඉතා කෙටි කාලයකදි අපිට මර්දනය කරන්න හැකියාව ලැබෙන්නේ නැහැ. අපි රාජ්‍ය අංශයට දි යයුතු සෑම අයිතිවාසිකමක්ම දෙනවා.

එක්සත් ජාතික පක්ෂය විසින් අතහැරදාලා තිබුණ උපාධිධාරින්ට රැකියා දීමේ වැඩපිළිවෙළ අපි නැවත පටන්ගත්තා. එහි පළමු අදියර ලෙස මා ජනාධිපතිවරයාව සිටිය දී උපාධිධාරින්ට පත්වීම් ලබා දුන්නා. ඒ වගේම එම වැඩපිළිවෙළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමඟ ඉදිරියට ගෙනයමින් සියලුම උපාධිධාරින්ට රැකියා ලබා දීමට අප කටයුතු කරන බව ඔබට මතක් කරන්න කැමතියි. අඩු ආදායම්ලාභී පවුල්වලට මූලිකත්වය දෙමින් රාජ්‍ය සේවයේ රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙළ අපි මේ වන විටත් ආරම්භ කරලා තියෙනවා. මැතිවරණයෙන් පසු අපි ඒ රැකියා ලක්ෂය ලබාදීමේ වැඩපිළිවෙළත් ක්‍රියාත්මක කරනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් පරිදි සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් ඔබ සියලුදෙනා මුඛ ආවරණ පැළඳ සිටීම සම්බන්ධයෙන් සතුටු වෙනවා. ඔබේ ආරක්ෂාව ගැන හිතලා අපි රැස්වීම් කිහිපයක් අවලංගු කළා. මහජනයා වශයෙන් අපි පරිස්සම් වුණොත් තමයි මුළු සමdජයම පරිස්සම් කරගන්න පුළුවන් වෙන්නේ. ”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අපේක්ෂිකා කාන්ති කොඩිකාර මහත්මිය, හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

රත්නපුරෙන්-තංගල්ලෙන් කොරෝනා මතුවෙයි

Next Post

සජිත් පළමු වරට මාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි: කතා විකෘති නොකරන ලෙස ඉල්ලයි: MCC ගැන තීන්දුවත් කියයි

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.