• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විහිළුවක්! හරිනි රැජිනක්? මේ ගේන්න යන්නේ 82දී ගෙනා ධවල පත්‍රිකාවමයි! 2040ට ගැළපෙන පුරවැසියා මේකෙන් හදන්න බෑ! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විහිළුවක්! හරිනි රැජිනක්? මේ ගේන්න යන්නේ 82දී ගෙනා ධවල පත්‍රිකාවමයි! 2040ට ගැළපෙන පුරවැසියා මේකෙන් හදන්න බෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා. මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා පළකළ එම අදහස්වලින් කොටසක් පහත දැක්වේ.Sri Lanka Latest News

‘ඇම්බට්ටයන්ට මේ ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ෂෝක්. හැබැයි බුද්ධිමත් සහ යමක් කමක් කල්පනා කරන මිනිස්සුන්ට මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය විහිළුවක්. ගෙනාව අගමැතිතුමිය අධ්‍යාපන ඇමැතිවරිය ලෙස විහිළුවේ රැජින, විහිළු රැජින. එයා තමයි විහිළු රැජින මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්. ඇයි දන්නවද මම එහෙම කියන්නේ? එයාලා ගේන්න හදනවා මොඩියුල් සිස්ටම් එකක්. ඒ කියන්නේ විභාග නැති කරන්න. කුමක් සඳහාද විභාග නැති කරන්නේ? ළමයාට පීඩනය වැඩියි. දෙක ටියුෂන් යන එක නවත්තන්න.

පාසලේ විභාග ටික නැති වුණාම විභාගවලට ළමයා පෙනීසිටිය යුතු බව දන්න අම්මලා තාත්තලා මොකද කරන්නේ? විභාග තියෙන ටියුෂන් පන්තිවලට යවන්න පටන් ගන්නවා. ඒක මේ විහිළු ආණ්ඩුවට තේරෙන්නේ නැහැනේ, විහිළු අධ්‍යාපන ඇමැතිතුමියට. දෙක, අද වෙද්දි ඒ.අයි. තාක්ෂණය කොච්චර දියුණුද? දැන් අද මම පාර්ලිමේන්තුවේ ඉඳන් අහගෙන ඉද්දි පාර්ලිමේන්තුවේ එහා පැත්තේ කතාකරන නියෝජ්‍ය ඇමැති කෙනෙක්, නම කියන්න ඕනේ නැහැ එහෙම අපහාසයක් වගේ වෙනවනේ, ඒ.අයි.වලින් ගත්ත එක කියවගෙන කියවගෙන කියවගෙන යනවා. ඒ කියන්නේ එච්චරයි. දැන් මම ඒක අධ්‍යාපනයට ගේන්නම්කෝ. නියමිත කාලසීමාවේ ප්‍රශ්න පත්‍රයක් නැති වුණාට පස්සේ මොකද වෙන්නේ? ළමයින්ට දෙනවා ප්‍රශ්න ටික මොඩියුල් එකක් විදිහට හදන් එන්න. ප්‍රශ්නේ ගත්තා, දැම්මා ඒ.අයි. එකට, උත්තරේ ගත්තා ලියාගෙන ගියා. එතකොට කවුරුත් ෆේල් වෙන්නේ නැහැ මේකේ. ඊළඟ එක. ඔය විදිහට මොඩියුල් සිස්ටම් එක අරගෙන, විභාග නවත්තලා, අධ්‍යාපනය පවත්වාගෙන ගිය රටවල් තියෙනවා. ෆින්ලන්තය එහෙම එකක්. මේගොල්ලෝ කියන්නේ ඕක ගැනනේ. මම ඒකයි කියන්නේ ආයෙ ආයේ කියනවා මේක විකාරයක්. නවසීලන්තයත් ඔහොම රටක්. අවුරුදු විසි ගානකට පස්සේ නවසීලන්තය, මම හරිනම්, හොයලා බලන්න ඕනේ එකක් මේක මම අඩමානෙට කියන එකක්, ඔය සිස්ටම් එක අයින් කරන්න තීරණය කළා. ළමයින්ට විභාග බරක් දෙන්න ඕනේ කියලා තීරණය කළා. ලෝකේ අසාර්ථක වෙච්ච සිස්ටම් එකක් මෙහෙන් ගෙනල්ලා අතහරිනවා 2025දී. මම ඕක වෙන වැඩසටහනකදී කිව්වා.

1982 ධවල පත්‍රිකාව තමයි මේ තියෙන්නේ. ඒකේ කොටස් තමයි ඕකේ තියෙන්නේ. 82 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් 90%ක් විතර උස්සන් ඇවිල්ලා 2025ට දාලා හරියනවද? ඒක එදාට හරි. එදාට අදාළව ඒක කතාකරන්න පුළුවන් එකක්. එදා සිද්ධිය වෙන එකක්. ඒවායේ අඩුපාඩු තිබ්බා නම් හදාගෙන යන්න තිබ්බේ. ඒක එදා කරන්න දුන්නේ නැහැනේ. ඒක පැත්තකට දාමු. ඒකම අද උස්සන් ඇවිල්ලා මේ. දැන් අපි බලන්න ඕනේ 2045ට ගැළපෙන, 2040ට 50ට ගැළපෙන පුරවැසියාව හදන අධ්‍යාපන ක්‍රමයක්. මේ මොකක්ද මේ විකාරය? ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ රට ඇතුළේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි එක.
2026 ජනවාරි ක්‍රියාත්මක කරන්න බැහැ එහෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, මෙච්චර ලොකු එකක්. මේගොල්ලෝ කොහොම ක්‍රියාත්මක කරන්න හිතනවද කියලා දන්නේ නැහැ. මම කිව්වේ ඒකනේ. නිශ්චිත වැඩපිළිවෙළක් නැතුව ආපු ආණ්ඩුවක්, අනුන්ගේ අධ්‍යාපන ප්‍රතිපත්ති අවුරුදු 40ක් තිස්සේ එක එක්කෙනා හදපු ප්‍රතිපත්ති ටිකෙන් කෑලි කෑලි එකතු කරලා, පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් දාලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න හදනවා. ලංකාවේ අධ්‍යාපනය අනිත් පැත්ත හරවන්න නිශ්චිත අදහස ලියවිච්ච කොළ කෑල්ලක් නැතුව කරන්න හදනවා. මගේ ප්‍රශ්නේ අධ්‍යාපනිකව පහළ ඉන්න අය නෙමෙයි. උගත් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නු, විශේෂයෙන්ම මධ්‍යම පාන්තික සමාජය තමයි මේකේ ලොකුම සිහින ටික දැක්කේ. අධ්‍යාපනයෙන් ගොඩ ආපු අය තමයි ගොඩක් ලංකාවේ මධ්‍යම පන්තියේ ඉන්නේ. එක්කෙනෙකුටවත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තියෙන නරක, මේ ප්‍රවේශයේ තියෙන නරක ස්වභාවය පේන්නේ නැහැ. ඇයි ඒ? තමන් පත්කරපු ආණ්ඩුවට වැරැද්දක් කියන්න බැහැ. අධ්‍යාපනය විනාශ වුණත් කමක් නැහැ. තමන්ගේ කතිරය හරි කියලා විශ්වාස කරන තත්ත්වයට මේ රටේ ඔළු ටික හැදිලා ඉවරයි. කතිරයෙන් බලය ලබාගත්ත අය අවුරුදු පහක් ඉන්නවා. අපි ආණ්ඩු පෙරළන්න නෙමෙයි කියන්නේ. මේක වැරදියි. එහෙම කියන්න මේ රටේ මධ්‍යම පාන්තික සමාජයට, උගත් මධ්‍යම පාන්තික සමාජයට බැරිවීම මේ රටේ ඛේදවාචකය. ඒ අයගේ ඔළු හදන එක තමයි මේ රටේ තියෙන අමාරුම කෑල්ල. ඒක තමයි අපි මුහුණ දීලා තියෙන අභියෝගය. තමන් පත්කරපු ආණ්ඩුව වැරදි කරන්නෙ නෑ කියන පූර්ව නිගමනයෙ ඉඳලා තමයි ඔක්කොම ටික කරන්නේ. අපි මොකක් හරි කිව්වොත් ආණ්ඩුවට අවුලක් වගේ, එතකොට මගේ කතිරේ වරදක් වගේ මට දැනෙයි. ඒ නිසා මුකුත් නොකියා ඉන්නවා. මොක වුණත් කමක් නැහැ මුකුත් නොකියා ඉන්නවා.

ප්‍රශ්නය
ඔබගේ පක්ෂයෙන් ආණ්ඩුවක් බිහි වුණොත්, ඒ ආණ්ඩුවේ වැරදි සිද්ධ වුණොත්, වැරදි පාරක යනවා කියලා පෙනුනොත්, ඔබ කතා කරනවද?

පා.ම. ප්‍රසාද් සිරිවර්ධන
අනිවාර්යයෙන්ම කතා කරනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැනත් මෙතැන නෙමෙයි අපි ඉන්නේ. පෞද්ගලික අධ්‍යාපනයට මීට වඩා විවෘත කරනවා. ඒකේ ආයේ දෙකක් නැහැ. හැංගිලා ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න බැහැ. පෞද්ගලික විශ්වවිද්‍යාල ඕපන් කරන්න ඕනේ. පෞද්ගලික පාසල් විවෘත කරන්න ඕනේ. යමක් තියෙන අයට, සල්ලි දීලා ඉගෙන ගන්න කැමැති කෙනාට ඒකට පාර විවෘත කරන්න ඕනේ. ඒක තමයි ක්‍රමය. පාසල් වහන එක නෙවෙයි. පාසල් විවෘත කරලා ඒ අයට ආස නම් රට ඇතුළේ ඉන්න ගමන් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් තමන්ගේ ළමයට ඉගෙන ගන්න අවස්ථාව දෙන්න ඕනේ. දීලා එයාට එන්න දෙන්න ඕනේ. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? යමක් කමක් තියෙන අය තමන්ගේ දරුවට මේ රටේ උගන්වන්න බැරි නිසා ඒ ළමයව යවනවා වෙන රටකට. ඕනෙ තරම් උදාහරණ කියන්න පුළුවන්. යවපුවාම ඒ ළමයා එහේ නතර වෙනවා. යමක් කමක් තියෙන කෙනත් එතැනින් පස්සේ ළමයි මේ රටට එන්නේ නැති බව දන්න නිසා අලුත් ව්‍යාපාරවලට අතගහන්න පටන් ගන්නේ නැහැ. ලොකු ප්‍රශ්නයක් මේ රටේ තියෙන්නේ. මේ විකාර පොරවල් ටිකක් ඇවිල්ලා ඔළු ටික කාලා කාලා අන්තිමට බලය ලබාගෙන, දැන් රටත් ඒ විදිහට අරන් යන්න උත්සාහ කරනවා. තමන්ගේ හිතලු ඔස්සේ යන්න උත්සාහ කරනවා. මේවා ඇත්තටම හිතන්න වෙන දේවල්.

යමක් කමක් තියෙන කෙනෙක් තමන්ගේ ළමයා රට යැව්වා. රට ගියාට පස්සේ එයා ඉගෙන ගත්තා. එයා එන්නේ නැහැ. ඒක නිගමනය කළාට පස්සේ එයා එන්නේ නැහැ කියලා, තවදුරටත් මෙහෙ ව්‍යාපාර කරන්න ඕනෙද? තමන්ගේ සල්ලි ටික ආපහු අර ළමයටම දෙන්න තියෙන්නේ. මෙහේ තියෙන වත්කම් ටිකත් විකුණ විකුණ ළමයට දීලා, අන්තිම කාලේ ඒගොල්ලොත් එහේ යනවා. අන්තිමට මොකද වෙන්නේ? උගත් කට්ටියත් ගිහිල්ලා, ධනවත් කට්ටියත් ගිහිල්ලා, ධනවත් කට්ටිය තමන්ගේ ජීවිතේ අවුරුදු 20ක් විතර අලුත් ව්‍යාපාර මුකුත් ස්ටාර්ට් කරන්නේ නැතුව හිමින් අයින් වෙලා යනවා. මේක දුප්පත් වෙනවා. ඔබ අර පටන් ගද්දි කියපු කතාව, මෙහෙමවත් තියෙනවා ඇති එහෙම හිතුවොත් නම්….’

Prasad Siriwardana

SendShareShare
Previous Post

ගංජා ගහමුද? ගංජා විකුණමුද? ගංජා හිටවමුද? ගංජා තහනම් කරමුද? Sri Lanka Latest News

Next Post

වීරයෙක්ට සූරයෙක්ට පොලිසිය බාරයි….! Sri Lanka Latest News

MORE NEWS

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News
Exclusive

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

දරුවන් පාසලට දාගන්න ඉල්ලා ඉසුරුපායට ඇවිත් සත්‍යග්‍රහ කරපු ගුරුවරුන්ට අගමැති හරිනි සැර පාඩමක් උගන්වයි! ඉල්ලන දේ දෙන්න බැරි හේතුව තේරෙන බාසාවෙන්ම කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ නම් හරිනි කිව්වේ දේශපාලඥයන්ට ඉස්කෝලවල උත්සවවලට එන්න දෙන්නෙ නෑ කියලා! දැන් කියනවා ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට පාසලේ උත්සවවලට යන්න පුළුවන් කියලා..! VIDEO I Sri Lanka Latest News

Load More
මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

සරණ ගුණවර්ධන හිටපු අමාත්‍යවරයා සිරගත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මාධ්‍යවේදියා හට අද පැවැති මාධ්‍ය හමුවේදී වරුණ රාජපක්ෂ මහතා දුන්නේ මෙවැනි...

Read more
පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

යාපනය – වවුනියාව බස් එකක් ඇතුළේ විශාල නයෙක්! මගීන් බසයෙන් බැස සීසීකඩ දුවයි! Sri Lanka Latest News

කැළණියේ නයා මදිවාට මෙන්න තවත් නයෙක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.