2025 ජූලි මාසයේ දී ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.14 ක් දක්වා ඉහළ ගොස් තිබේ.Sri Lanka Latest News
මෙය 2025 ජූනි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.08ක සංචිත වත්කම් ප්රමාණය හා සැසඳීමේ දී 1%ක වර්ධනයකි.
මෙම නිල සංචිත වත්කම් තුළ එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4කට පමණ සමාන වූ චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකමෙහි ලැබීම් අන්තර්ගත වන අතර, එය භාවිතා කිරීමේ දී කොන්දේසිවලට යටත් වන බව ශ්රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.










