• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙළෙඳ දැන්වීම් දෙන නිසා මේ කතාව හංගන්න එපා! ගම්මන්පිල තවත් කන්ටේනර් 6ක් ගැන මහා හෙළිදරව්වක් කරයි! රුපියල් 80 ලුණු කිලෝව 325ක් කරලා ලේබල් අලවලා! වරායේ කන්ටේනර් 400 ගානක් හිරවෙලා තියෙද්දී ලුණු කන්ටේනර් 6ක් විතරක් නිදහස් කළේ කොහොමද? Sri Lanka Latest News

August 4, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

රයිගම් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය රවී ලියනගේ මහතා රජයට අයත් පුත්තලම ලුණු සමගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීම හරහා ව්‍යාජ ලුණු හිඟයක් මවාපාමින් ලුණු ආනයනයේදී ඔහුට අයත් අදාළ සමාගම සිදුකරන දැවැන්ත වංචනික ක්‍රියාවක් හෙළිකිරීමට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා කටයුතු කළා. මාධ්‍ය හමුවක් කැඳවමින් ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් දැක්වූ අදහස්වලින් කොටසක් පහත පළවේ. Sri Lanka Latest News

මාලිමා ආණ්ඩුව බිහි කරන්න රයිගම් සමාගම් සමූහයේ සභාපති රවී ලියනගේ මහතා දැක්වූ දායකත්වයට කළගුණ සලකන්න, එතුමාගේ ලුණු සමාගමේ ප්‍රධානතම තරගකරුවා වන රජයට අයත් පුත්තලම් ලුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට රවී ලියනගේ මහතා පත්කිරීමෙන් ආණ්ඩුව විසින් දූෂණයක් සිදුකළාය කියලා මීට කලින් දූෂණ විරෝධීන් විසින් රටට හෙළිදරව් කළා. හැබැයි ඒ හෙළිදරව්වෙන් පස්සේ මේ සම්බන්ධ දූෂණ පස්සට යනවා වෙනුවට තවදුරටත් ඉදිරියට යෑමයි සිදුවෙලා තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩුව ලුණු හිඟයක් මවාපාලා රයිගම් සමාගම සමග එකතු වී කරන මහා වංචාවක් රටට හෙළි කිරීම අපේ යුතුකමයි කියලා අපි සැලකුවා.

පහුගිය කාලේ ආණ්ඩුව විසින් රටේ මවාපාන ලද, නැත්නම් ආණ්ඩුව විසින් ඇති කරන ලද ලුණු හිඟයේ ප්‍රතිඵලයක් විදිහට ලුණු මෙටි්‍රක් ටොන් 30,000ක් ආනයනය කිරීමට ආණ්ඩුව තීන්දු කරනවා. මෙටි්‍රක් ටොන් 30,000ක් ආනයනය කිරීමට අවසරය ලබාදෙන්නේ දැනට ලුණු නිෂ්පාදනයේ යෙදීසිටින සමාගම්වලටමයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව නිකුත් කරනවා 2025 අංක 6 දරන ආනයන අපනයන පාලන රෙගුලාසි. මේ රෙගුලාසියේ හතරවැනි කොන්දේසිය තමයි මැයි 19 වැනිදායින් පටන් ගන්න පුළුවන් ආනයනය කිරීම, ආනයනය අවසන් වෙන්න ඕනේ ජුනි මාසේ 10 වැනිදාට. 10 වැනිදා හෝ ඊට පෙර දිනයක් නැවට බඩු පැටවීමේදී නිකුත් කරන සහතිකය, නැත්නම් නෞභාර පත්‍රිකාවේ සඳහන් විය යුතුයි. ඔය නෞභාර පත්‍රිකාව කියනවා, නැව්භාර පත්‍රිකාව කියනවා, Bill of Lading කියලා ඉංග්‍රීසියෙන් කියනවා. වරායේදී නැව් සමාගමට බහාලුම භාරදෙන දිනය තමයි මේ නෞභාර පත්‍රයේ යොදන්නේ. ඒ දිනයේම මේක නැවට පටවන්නත් පුළුවන්, දවසක් දෙකක් පරක්කු වෙන්නත් පුළුවන්.

ඒ අනුව ජුනි මාසේ 10 වැනිදා නෞභාර පත්‍රයේ නැවට පැටවූ දිනය ලෙස සඳහන් වුවත් සමහර බහාලුම් ඇත්තටම නැවට පටවලා තිබුණේ ජුනි මාසේ 11, 12 වගේ දිනවල. රේගුව මේ බහාලුම් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරනවා. අඩුම ගානේ අර නීතියට සම්පූර්ණයෙන්ම එකඟව ජුනි 10 නැවට පටවා ඇති බහාලුම් පවා නිදහස් කිරීම රේගුව විසින් ප්‍රතික්ෂේප කරනවා. ඇයි දෙයියනේ නීත්‍යනුකූලව ගෙනාවත් ප්‍රතික්ෂේප කරන්නේ කියලා කාගේ හරි හිතට ගැටලුවක් ඇති වෙනවා. ඔව්, ඒකේ යටි අරමුණ ඊට පස්සේ අපි පැහැදිලි කරනවා.

මේ රේගුවේ තීන්දුව නිසා බහාලුම් 400කට ආසන්න ගණනක් රේගුවේ හිරවෙලා, ලංකාවේ ලුණු වෙළෙඳපොළේ දැවැන්ත හිඟයක් මතුවෙලා ලුණු මිල ඉහළ යනවා. අපි දන්නවා රුපියල් 100 තිබුණු ලුණු, රුපියල් 350 දක්වා ඉහළ ගිය නිසා තමයි ලුණු ආනයනයට තීරණය කළේ. දැන් ආනයනය කරපු ලුණු තොගය සාධාරණ හේතුවකින් තොරව වරායේ හිර කරගෙන වෙළෙඳපොළේ ලුණු හිඟය ඒ විදිහටම පවත්වාගෙන ලුණු මිල ඉහළ යෑමට ඉඩ තබනවා. ඊට පස්සේ මොකද කරන්නේ?
දැන් මේ අපට තියෙන තොරතුරු අනුව මේ වනවිට බහාලුම් 400කට ආසන්න ගණනක් වරායේ මාසෙකට වැඩි කාලයක් හිරවෙලා තියෙනවා. ඒ අතරේ මොකද ආණ්ඩුව කරන්නේ? තම හිතමිත්‍ර රයිගම් සමාගමේ බහාලුම් හයක් නිදහස් කරන්නට රේගුව තීරණය කරනවා. ඒවායේ නෞභාර පත්‍රයේ දිනය සඳහන් වෙන්නේ ජුනි මාසේ 10. හැබැයි නැවට පටවලා තියෙන්නේ ජුනි 11, 12 දිනවල.

ඒ කියන්නේ බහාලුම් හයේ ලුණු ටොන් 168ක්, එහෙම නැත්නම් ලුණු කිලෝ 168,000ක් මෙසේ රේගුව විසින් නිදහස් කරනවා. සරලවම කිව්වොත්, වෙනත් සමාගම්වලට ජුනි මාසේ 10 වැනිදා නැවට ඇත්තටම පටවා තිබුණත් ඒවා නිදහස් කිරීම ප්‍රතික්ෂේප කරන රේගුව විසින් ජුනි 11 සහ 12 නැවට පැටවූ රයිගම් සමාගමේ ලුණු පමණක් කිලෝ 168,000ක් වෙළෙඳපොළට නිදහස් කරනවා.

මුලින්ම අපි මේවා ජුනි 10 වැනිදා නැවට පැටවූ දිනය ලෙස සඳහන් වෙනවා කියලා කියන්න තියෙන සාක්ෂිය මොකක්ද? මේ තියෙන්නේ රයිගම් සමාගමට නැව් සමාගමෙන් නිකුත් කළ Bill of Lading නැත්නම් නෞභාර පත්‍රය. මේක New Golden Sea Shipping Limited කියන නැව් සමාගම වෙනුවෙන් COSCO SHIPPING Lines (India) Ltd කියන සමාගම, එහි ඒජන්තවරයා විදිහට නිකුත් කළ නෞභාර පත්‍රයක්. මේ පත්‍රයේ ෂිපර් නැත්නම් නැව්ගත කරන්නා විදිහට තියෙන්නේ shakthi vinayagar trading company, Tamil Nadu, India. ඒ වගේම ලැබුම්කරු විදිහට සඳහන් වෙන්නේ, කන්සයිනී විදිහට සඳහන් වෙන්නේ Raigam Wayamba Salterns PLC. එතකොට මේ සඳහන් වෙනවා ජූනි මාසේ 10 වැනිදා තමයි නැවට පැටවූ දිනය.

හැබැයි, ඇත්තටම ජුනි මාසේ 10 වැනිදා කියලා කිව්වට ඒවා පටවන්නේ ඊට පස්සේ කියලා අපි කියන්නේ කොහොමද? අපි මේ කොස්කෝ සමාගමෙන් ඉල්ලා සිටියා මේ එක් එක් බහාලුම් නැවට පැටවූ දිනවල තොරතුරු. මේ ඒ වාර්තාව ලැබිලා තියෙනවා. නෞභාර පත්‍රයේ තියෙනවා දෙවැනි පිටුවේ රයිගම් ලුණු සමාගමට ලුණු එවූ බහාලුම් හයේම අංක. දෙවැනි පිටුවේ සඳහන් වෙනවා. කොස්කෝ සමාගමෙන් ලබාගත්ත බහාලුම් වාර්තාව අනුව මම බලනවා ඒවා නැවට පැටවූ දිනය. බහාලුම් අංක OOCU 059515-2 කියන බහාලුම නැවට පටවන්නේ ජුනි මාසේ 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.09ට. ඒ වගේම OOCU 047430-9 කියන බහාලුම පටවන්නේ ජුනි 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.04ට. ඒ වගේම CAIU 6944861-7 කියන බහාලුම නැවට පටවන්නේ ජුනි 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12.03ට. OOCU 051219-0 කියන බහාලුම නැවට පටවන්නේ ජුනි මාසේ 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12ට SCGU 316341-7 බහාලුම නැවට පටවන්නේ ජුනි 11 වැනිදා දවල් 2.42ට, නැත්නම් 14.42ට. TLLU 328453-0 කියන බහාලුම නැවට පටවන්නේ ජුනි 11 වැනිදා පස්වරු 1.56ට, නැත්නම් 13.56ට. එහෙනම් රයිගම් සමාගමේ බහාලුම් හයම නැවට පටවා ඇත්තේ ජුනි මාසේ 10 වැනිදා නෙවෙයි, 11 වැනිදා සහ 12 වැනිදා.
එහෙනම් 10 වැනිදා නැවට පැටවූ බහාලුම් වරායේ බලහත්කාරයෙන් රඳවාගෙන ඉන්න රේගුවට 11 වැනිදා සහ 12 වැනිදා නැවට පැටවූ රයිගම් සමාගමේ ලුණු බහාලුම් නිදහස් කිරීමට කිසිම තාර්කික හේතුවක් නැහැ, නීතිමය හැකියාවක් නැහැ.

දැන්, මේ බහාලුම් හය නිදහස් කළාය කියලා අපි කියන්නේ කොහොමද? රේගුවෙන් ඇහුවාම කියන්නේ එහෙම එකක් කරලා නැහැ, මේක බොරු කටකතාවක් කියලා. අපි රේගුව කියන වචනයම විශ්වාස කරන්නේ නැතුව, ඕනෙම කෙනකුට අන්තර්ජාලයේ පුළුවන් කන්ටේනර් ස්ටේටස් රිපෝට්, කන්ටේනර් ස්ටේටස් රිපෝට් කියන්නේ බහාලුම් තත්ත්ව වාර්තාවක් ලබාගන්න. මේ බහාලුම්වල දැන් තත්ත්වය මොකක්ද කියලා ඇහුවම, මම මුලින්ම සඳහන් කරපු බහාලුම ජූලි මාසේ 12 වැනිදා රාත්‍රී 8.47ට නැවත නැව් සමාගමට හිස් බහාලුම භාරදීලා තියෙනවා. දෙවැනි බහාලුම ජූලි මාසේ 15 වැනිදා රාත්‍රී 8.36ට භාරදෙනවා. තුන්වැනි බහාලුම ජූලි මාසේ 10 වැනිදා රාත්‍රී 7.56ට භාරදෙනවා. හිස් බහාලුම භාර දෙනවා බඩු බාගෙන. හතරවැනි එක ජූලි මාසේ 16 රාත්‍රී 8.42ට භාරදෙනවා. පස්වැනි බහාලුම ජූලි මාසේ 11 වැනිදා රාත්‍රී 11.28ට භාරදෙනවා. හයවැනි බහාලුම, අවසාන බහාලුම ජූලි මාසේ 11 වැනිදා රාත්‍රී 9.03ට භාරදෙනවා. එහෙනම් මේ ඕනෙ කෙනකුට පරීක්ෂා කරන්න පුළුවන්, කන්ටේනර් ස්ටේටස් රිපෝට් අනුව මේ බහාලුම් හයම දැන් වරායෙන් නිදහස් වෙලා ආයතනයට ගිහිල්ලා, ලුණු ටික බාලා නැවත නැව් සමාගමට ගිහිල්ලත් ඉවරයි. එතකොට අපට ඉතා පැහැදිලිව පේනවා ජූනි 10, 11, 12 කියන දිනවල නැවට ගොඩකළාය කියන පදනමින් වරායේ ලුණු බහාලුම් 400කට ආසන්න සංඛ්‍යාවක් සිරකරගෙන සිටියදී, රයිගම් ලුණු සමාගමේ පමණක් බහාලුම් හයක්, ලුණු කිලෝ 168,000ක් නිදහස් කරලා, මේ වනවිට ජූලි මාසේ 10 වැනිදා සහ 15 වැනිදා අතර දිනවලදී ඒ හිස් බහාලුම් නැව් සමාගමට භාරදීලත් ඉවරයි.
බහාලුම් 400කට ආසන්න සංඛ්‍යාවක් වරායේ තවදුරටත් හිරකරගෙන සිටින නිසා, අදටත් ලුණු මිල බරපතළ ලෙස ඉහළයි. අපි කිව්වා රුපියල් 100ට තිබ්බ එක තමයි 350 දක්වා ඉහළ ගියේ කියලා. අද උදේ අපි වෙළෙඳපොළේ මිල පරීක්ෂා කළාම රයිගම් සමාගමේ ‘ඉසි’ ලුණු කිලෝවක මිල රුපියල් 325යි. හැබැයි මේ ආනයනික ලුණුවල පිරිවැය වෙලා තියෙන්නේ, ඒක අපි තරගකාරී සමාගම්වලින් ඇහුවා, මේ අයගේ මිල කීයද කියලා. සියලු බදු සමග, වරායෙන් ගොඩබාන විට මිල, රුපියල් 80යි. අයඩීන් සහිත ලුණු කුඩු කිලෝවක මිල රුපියල් 80 නම්, දැන් තියෙන්නේ මොකක්ද? පැකට් කරලා විකුණන්න. පැකට් කරලා විකුණනකොට මෙන්න බොලේ වෙළෙඳපොළේ සිල්ලර මිල රුපියල් 325යි. අපි දන්නවා ‘ඉසි’ ලුණුවල ප්‍රමිතිය ඉහළ මට්ටමකින් පවත්වා ගන්න, ඉන්දියාවෙන් ගෙනාපු ලුණු හෝදනවා ඇති. තෙතමනය අඩු කරන්න වියලනය කරනවාත් ඇති. ඒත් දෙයියනේ, රුපියල් 80ක් වෙච්ච ලුණු කිලෝවේ පිරිවැය ඔය ඔක්කොම කරලත් 325ක් දක්වා ඉහළ ගියේ කොහොමද කියන එක ලුණු කන ජනතාවට පැහැදිලි කිරීම රයිගම් සමාගමේ වගකීමක්. මොකද, අද ඉහළ මිලකට රයිගම්වලට ලුණු විකුණන්න පුළුවන් වෙලා තිබෙන්නේ, ආණ්ඩුව ඔවුන්ගේ බහාලුම් විතරක් නිදහස් කරලා ඉතිරි ලුණු ටික වරායේ රඳවාගෙන කෘත්‍රිමව ලුණු හිඟයක් මේ රටේ මවා ඇති නිසාය.

ඊළඟට, අවසාන වශයෙන්, රයිගම් සමාගම්වලින් ලැබෙන දැවැන්ත වෙළෙඳ දැන්වීම් ගැන හිතලා, ඒකට පෙරේතකමින්, මේ දැවැන්ත වංචාව ජාතියෙන් සඟවන්න එපාය කියලා සියලු මාධ්‍ය ආයතනවලින් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

Udaya Gammanpila

SendShareShare
Previous Post

අලි ඉන්න තැන් ගෙදර ඉඳන් දැනගන්න පුළුවන්! ගල්ගමුවේ පොඩි කොල්ලෙක් අලි බේරගන්න ලොකු වැඩක් කරයි! ඇප් එකේ නම Elephant Journey!

Next Post

යෞවන සමිති-ග්‍රාම සංවර්ධන කමිටු-ප්‍රජා සංවර්ධන කමිටු-කාන්තා සමිති- මරණාධාර සමිති-විශ්‍රාමික සමිති-ගොවි-ධීවර සමිති-තේ සමිති-රබර් සමිති-අපනයන භෝග වගා සමිති ඇතුළට විතරක් නෙමෙයි රෝහල් කමිටුවටත් ජවිපෙ දේශපාලනය අරන් ඇවිත්! මෙහෙම ගියොත් පන්සලේ දායක සභාවත් තීන්දු කර විහාරාධිපති හිමියොත් ජවිපෙන්ම පත්කරාවි! රටට වෙන්න යන දේ සජිත් රත්නපුරේදී කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සිකුරාදා (24) විවාදයට ගැනීමට නියමිතය.Sri Lanka Latest...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.