හැටන් කොළඹ ප්‍රධාන මාර්ගය පිටවල ග්‍රාම සේවා කාර්යාලය ඉදිරිපිට (31) උදෑසන මාර්ගයේ එකම දිසාවට ධාවනය වූ ටිපර් රථයකට යට වී යතුරු පැදියක ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
මෙම අනතුර සිදුව ඇත්තේ අද උදැසන (2025.07.31) උදෑසන 5.30 පමණ කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ යතුරුපැදියක් සහ කොළඹ සිට හැටන් දක්වා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන ටිපර් රථයක් එකම දිසාවකින් පැමිණ මූණට පුළුව ගැටීමෙන් බව ගිනිගත්හේන පොලිසිය ප්‍රකාශ කරයි .
එකම දිසාවට ධාවනය වූ යතුරුපැදිය ටිපර් රථය ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් බස් රථයක් පැමිණීමේදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව ලිස්සා පෙරලියාමෙන් යතුරුපැදියේ පිටුපස ගමන් ගත් කාන්තාවක් ටිපර් රථයේ පිටුපස රෝදයට යටවී මියගොස් තිබෙන බවත් සිද්ධියෙන් මිය ගොස් 44 හැවිරිදි කාන්තාවක් බවත් අනාවරණය වේ ,
යතුරුපැදියේ ගමන් ගෙන ඇත්තේ අබු සැමියෝලක් වන අතර සැමියා මේ වන විට තුවාල ගිනිගත්තේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
ටිපර් රථයේ රියදුරු ගිනිගත්තේන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ගිනිගත්තේන පොලිසිය විසින් සිදු කරනවා
ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය










