• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද කාලේ මගේ ඉංග්‍රීසිවලට හිනාවුණු.. ඉංග්‍රීසි ඉගෙනගැනීමේ වැදගත්කමට හිනාවුණු අයට අද ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම තේරිලා! ඒ ගැන සතු‌ටුයි! ජාත්‍යන්තර සමුළුවල දී රට වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කළ නොහැකිව ලැජ්ජාවට පත්වෙලා! ඒ ගැන කනගාටුයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

July 31, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
ඡන්ද කාලේ මගේ ඉංග්‍රීසිවලට හිනාවුණු.. ඉංග්‍රීසි ඉගෙනගැනීමේ වැදගත්කමට හිනාවුණු අයට අද ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම තේරිලා! ඒ ගැන සතු‌ටුයි! ජාත්‍යන්තර සමුළුවල දී රට වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කළ නොහැකිව ලැජ්ජාවට පත්වෙලා! ඒ ගැන කනගාටුයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමා ජනතාවගේ ගැටලුවලට උදව් කරන විට එයට බැන්න පිරිසක් සිටි බවත් බෙදනවා යැයි කියා චෝදනා කළ බවත් මේ චෝදනා සිදු කළේ යමක් කමක් ඇති පුද්ගලයන් බවත් රටක් ලෙස මේ කුහකත්වයෙන් මිදී දුෂ්කර තත්ත්වයෙන් සිටින ජනතාවට අතහිත ලබා දිය යුතු බවත් මේ වන විට රටේ තැන ඇත්තේ කයිවාරුවට සහ සෝබනයට බවත් තමාගේ ඉංග්‍රීසිවලට සහ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රචලිත කරන විට එයට චෝදනා කළ අයට විහිලු කළ අයට අද ජාත්‍යන්තර සමුළුවල දී රට වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කළ නොහැකිව ලැජ්ජාවට පත්වන්නට සිදුව ඇති බවත් එම ලැජ්ජාව ඔවුන්ට පමණක් නොව රටටම සිදුවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරන විපක්ෂ නායක ජංගම සේවය යටතේ ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට වැඩසටහන තුළින් හලාවත මැල්ල කැලේ ගම්මානේ පලා වර්ග නිෂ්පාදන ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සදහා හලාවත මැල්ල කැලේ ප්‍රදේශයට පැමිණියේය. එහි දී ගොවීන්ගේ ගැටලු හඳුනාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

වත්මන් රජයේ මැති ඇමතිවරුන්ට අදහස් ඉදිරිපත් කිරීමේ නොහැකියාව තුළ සමහර අය විහිලු තහලු කරන බවත් එසේ විහිලු නොකර එම නොහැකියාවට හේතු සෙවිය යුතු බවත් එයට හේතුව වන්නේ මෙරට අධ්‍යාපන ක්‍රමයේ වරදක් බවත් සිංහල පමණයි දමිළ පමණයි කියා ගිය ගමනේ ප්‍රතිඵල අදටත් රටේ ජනතාව බුක්ති විදින බවත් එම නිසා අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් ඇති කර ගිරාපෝතක අධ්‍යාපන ක්‍රමය වෙනුවට ලොවට ඔබින වෘත්තිකයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් කරා යා යුතු බවත් සුහුරු දරු පරපුරක් හරහා සුහුරු රටක් ගොඩනැගිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප 41 ලක්ෂයක් දූදරුවන්ගේ මූලික අයිතියක් වු ගුණාත්මක අධ්‍යාපනයට ඇති හිමිකම උල්ලංඝන කරන නිසා ප්‍රතිඵල කේන්ද්‍රීය උත්තර කේන්ද්‍රීය විසදුම් කේන්ද්‍රීය රාජ්‍ය පාලන තන්ත්‍රයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මැතිවරණ සමයේ පමණක් ජනතාව මතක් වෙන දේශපාලනයට තිත තබමු

රටේ ජනතාවද ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බවත් ජනතාව විඳින දුක් ගැන කතා වෙන්නේ මැතිවරණ සමයේ පමණක් බවත් බලය ලැබුණු පසු ජයග්‍රහණය ලැබූ අය නැවත වරක් ජනතාවගේ දුක ගැන සොයා නොබලන බවත් ඒ ජයග්‍රහණය ඔවුන්ගේ උරුමයක් ලෙස සලකමින් හැසිරෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කර්මාන්ත සහ සේවා මෙන්ම කෘෂිකර්මාන්තයද ශක්තිමත් විය යුතුයි

අද වන විට සමහර ආර්ථික විශේෂඥයන්ට අනුව කෘෂිකර්මාන්තය කිරීම වැඩක් නැති බවත් එය පාඩු ලබන ආදායම් මාර්ගයක් බැවින් වෙනත් ආදායම් මාර්ග පුරුදු පුහුණු කළ යුතුය යන නව ලිබර්වාදීන් කිහිපදෙනකු ඇති බවත් ඔවුන් ඉහළ පැළැන්තිය සමග සිටින නිසා ගමේ ජනතාව මුහුණ දෙන ගැටලු ඔවුන්ට අවබෝධයක් නොමැති බවත් සමගි ජන බලවේගය මේ මතයේ නොමැති බවත් මෙරට කර්මාන්ත හා සේවා ක්ෂේත්‍ර මෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයද ශක්තිමත් විය යුතු බවත් කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව වර්ධනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද පොහොර සහනාධාරයත් නෑ

සමගි ජන බලවේගය බලයට පැමිණියා නම් කිලෝ 50 පොහොර මිටිය රු.5000ට ලබා දෙන බවත් ගොවිතැන ශක්තිමත් කර ඉන් ආදායම් මාර්ග ලබා ගන්නා තුරු රාජ්‍ය මැදිහත්වීම ලබා දෙන්න සිටියත් ජනතාව එය ප්‍රතික්ෂේප කළ බවත් අද වන විට ගොවිතැනේ නියැලෙන ජනතාවට බීජ මිල පවා ඉහළ ගොස් ඇති බවත් බීජ ඒකාධිකාරියක් පවා ක්‍රියාත්මක බවත් පොහොර සහනාධාරය පවා ලැබෙන්නේ වී ගොවීන්ට පමණක් බවත් එසේ ලැබෙන පොහොරවල ගුණාත්මකභාවයේ ද ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ සමහර ප්‍රදේශවල වන අලි මිනිස් ගැටුම වනසතුන් අතර ඇති ගැටුම නිසා ද ගොවි නිෂ්පාදන විනාශ වන බවත් රජයක් බිහි වන්නේ මේ ගැටලුවලට නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කරමින් එය වඩාත් ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමට බවත් එය රජයක වගකීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටට ගැලපෙන දේශපාලනයයි අප කළ යුත්තේ

දේශපාලනඥයන් ලෙස රටට ගැලපෙන දේශපාලනය කළ යුතු බවත් පක්ෂ දේශපාලනය මෙන්ම ගම්වල ජනතාවගේ දුකට සවන් දී ඒවාට යම්තාක් දුරකට හෝ විසඳුමක් ලබා දීමට හැකි නම් ජනතාවගේ දුක නිවාලන්න හැකියාවක් ලැබෙනවා නම් එය නිවැරදි දේශපාලනය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

SendShareShare
Previous Post

අවුරුදු පහේ සැලසුම ගැන කතා කරන්න දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධානීන් හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

පාරේ මැරෙනවා ඉවරයක් නෑ! අදත් හැටන්වල අනතුරකින් කාන්තාවක් මැරිලා! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.