• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් කොමිසමට එරෙහිව උසාවි ගිය පොලිසියේ පස් දෙනා නඩුවෙන් දිනයි! පොලිස් කොමිසම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා! වෘත්තීය ප්‍රගතිය යථා තත්ත්වයට පත් කරන්න! ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොමිසමට නියෝග කරයි!  I Sri Lanka Latest News

July 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිසිය 21 කෝටියක තොප්පි දාලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහයක සේවා අංශයේ සේවය කළ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට හිමිවිය යුතු උසස් වීම් ලබා නොදීමෙන් ජාතික පොලිස් කොමිසම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.Sri Lanka Latest News

ඒ අනුව, ඔවුන්ට හිමිවිය යුතු ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීය ප්‍රගතිය යථා තත්ත්වයට පත් කරන ලෙස ද වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග කර ඇත.

ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළව සුදුසුකම් සපුරා තිබියදී හිමිවිය යුතු උසස් වීම් ලබා නොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පොලිස් සහයක සේවා අංශයේ සේවය නියුතු කාන්තා පොලිස් නිලධාරිනියක් ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනෙකු ඉදිරිපත් කළ මූලික අයිත්වාසිකම් පෙත්සම් පහක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පසුගිය 25 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම පෙත්සම්  විභාගයට ගෙන තිබුණේ අගවිනිසුරු මූර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඒ.එච්.එම්.ඩී. නවාස්, කුමුදුනී වික්‍රමසිංහ යන විනිසුරු මඩුල්ල හමුවේයි.

සහකාර පොලිස් අධිකාරීවරුන් වන කේ. ටී. ටී. දේවප්‍රිය අබේවර්ධන, එස්. බී. පී. එම්. පී. ජී. වයි. බණ්ඩාර තාරක සෙනෙවිරත්න, පී. එම්. කේ. පී. ගුණවර්ධන හා පොලිස් අධිකාරී කේ. බී. සේනාරත්න යන මහත්ම මහත්මීන් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබුනේ පොලිස්පතිවරයා, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා සහ සාමාජිකයින් ඇතුළු පිරිසකි.

පෙත්සම්කරුවන් සිය පෙත්සම මගින් කියා සිටින්නේ, කැබිනට් තීරණයක් මගින් පොලිස් සංචිත සේවය අහෝසි කරමින්, ඔවුන්ව නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරීමට එකඟ වූ බවයි.

නමුත් පරිපාලනමය අකර්මන්‍යතාව හේතුවෙන්, එය ක්‍රියාත්මක නොවූ බව අවධාරණය කරන පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ පොලිස්පතිවරයා විසින් 2008 ජුනි 27 වැනි දින නිකුත් කළ චක්‍රලේඛයක් මත පදනම්ව විශේෂ සහ තාක්ෂණික කාර්ය මණ්ඩලවලට සේවකයින් ලෙස ඔවුන් නැවත වර්ගීකරණය කළ බවයි.

මෙම අත්තනෝමතික වර්ගීකරණයෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසමින් තමන්ට හිමිවිය යුතු උසස් වීම් ලබා දෙන ලෙසත් සහාය සේවා ලෙස ඔවුන් වර්ගීකරණය කරමින් නිකුත් කළ අපකීර්තිමත් පත්වීම් ලිපි අවලංගු කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණේ ය.

ඒ අනුව 2006 වසරේ මාර්තු 21 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පෙත්සම්කරුවන්ට නිත්‍ය පොලිස් කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් වන බවත් නිත්‍ය පොලිස් කාර්ය මණ්ඩලයට නැවත ඒකාබද්ධ කිරීමට සහ අදාළ බඳවා ගැනීමේ යෝජනා ක්‍රමයට අනුව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ වෘත්තීය ප්‍රගතිය යථාතත්ත්වයට පත් කිරීමට වගඋත්තරකරුවන්ට නියම කරන බව ද තීන්දුවේ දැක්වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් වන්නේ පොලිසියේ සහාය සේවයක් ලෙස ඔවුන් වර්ගීකරණය කරමින් නිකුත් කර ඇති පත්වීම් ලිපි ද අහෝසි කරන බවයි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නිතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේ ය

SendShareShare
Previous Post

බදු වංගු ගහලා ගෙනාවා කියපු BYD කාර් නිදහස් කිරීම නැවැත්තුවා! අපි ලියකියවිලි ඉදිරිපත් කරනවා! ජෝන් කීල්ස් සමාගමෙන් පැහැදිලි කිරීමක්! I Sri Lanka Latest News

Next Post

යටිනුවර විපක්ෂනායක බිරියයි දියණියයි මරා සියදිවි නසාගැනීම පසුපස හුටපට ගොඩක්! මරණවලට වගකිවයුත්තේ ව්‍යාපාරිකයෙක්ලු? ලොකු පීඩනයක් දුන්නාලු? බොරු නඩුවකට පැටලෙව්වාලු! ලියපු ලියුමකින් ඔක්කොම එළියට!  I Sri Lanka Latest News

MORE NEWS

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් බලංගොඩට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වී වගාව නවත්තලා බඩ ඉරිඟු වවන්න කියලා ලාල්කාන්තලා වසන්තලා කියපු කතාවට මෙන්න ගොවියෝ උත්තර දෙනවා..! VIDEO I Sri Lanka Latest News

පුරන් කුඹුරුවල හැදූ බඩඉරිඟු… වෙළෙඳ ඇමති හොඳ කියද්දී ගොවියෝ ගැටලු පෙන්වති. "බඩඉරිඟු වවන එක වාසිදායකයි… මඩේ ඉරිඟු හිටවන්න පුළුවන්ද? Sri...

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

බොරතෙල් මිල දිගටම බහිනවා! ලංකාවේ තෙල් මිලත් අඩුවෙයිද? I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ජනමත විචාරණයකට! නීතීඥ සංගමයේ සභාපතිගෙන් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.