ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙනවා.Sri Lanka Latest News
ඒ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකු වන ජගත් සමන්තගේ නිවසට හානි කිරීමක් පිළිබදව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව කැදවු අවස්ථාවේ ඔහු අධිකරණයට නොපැමිණීම හේතුවෙන්.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් කියා සිටියේ ඊයේ දිනයේ පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වූ බැවින් අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.
ඒ සම්බන්ධයෙන් තම නීතිඥයා ඉදිරියේදි අධිකරණයට දැනුම් දෙනු ඇති බවද ඔහු සඳහන් කළා.










