• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර මීටරේ ගැන විජිතගේ මීටරය! Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
‘අනුර මහින්දට කළේ තර්ජනයක්ද?’ ‘ඔව්..!’ ‘තර්ජනය කරන්න ඕන තැන්වල තර්ජනය කරන්න ඕන!’ VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහජන දේපළ කොල්ලකෑ සියලු පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. උත්සව සභාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න හමුවේ ඔහු මේ බව සඳහන් කර සිටියා. පහත පළවන්නේ එහිදී අමාත්‍යවරයා දැක්වූ අදහස්ය. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
දැන් සාකච්ඡා මොන මට්ටමේද?

අමාත්‍ය විජිත හේරත්
මේ 18 වැනිදා අපේ කණ්ඩායම ආපහු වොෂින්ටන්වලට යනවා. සාකච්ඡා දිගටම යනවා. අපි උපරිම උත්සාහ කරනවා අගෝස්තු පළමුවැනිදට කලින් අපි මත පනවපු බදු අඩු කරගන්න. ඒ සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ගිවිසුමකට එන්න දැනටමත් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. අපි බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

මාධ්‍යවේදියා
ඒ කියන්නේ දැන් මේ විදිහට ආයේ ඩිජිටල් බද්ද 18%ක් වෙනවා. එතකොට මේ එකට එක කිරීමක්ද?

අමාත්‍ය විජිත හේරත්
ආයේ නෙමෙයි මේක පහුගිය අයවැයෙන් තිබිච්ච එකක්. මේක අලුත් එකක් නෙමෙයි. මේ ගිය අප්‍රේල්වලම අයවැයේ තිබිච්ච යෝජනාවක්.

මාධ්‍යවේදියා
එතකොට ඒකයි මේකයි අතර පැටලීමක් නැද්ද?

අමාත්‍ය විජිත හේරත්
කිසි පැටලිල්ලක් නෑ.

මාධ්‍යවේදියා
සම්බන්ධයකුත් නැහැ?

අමාත්‍ය විජිත හේරත්
සම්බන්ධයක් කියන්නේ පහුගිය අප්‍රේල් මාසයේ අයවැය ඉදිරිපත් කරද්දී ඉදිරිපත් කරපු යෝජනාවක්. මේක අලුත් එකක් නෙමෙයි.

මාධ්‍යවේදියා
දැන් බහුතරයක් ඩිජිටල් භාණ්ඩ ගෙන්වන්නේ ඇමෙරිකාවෙන්?

අමාත්‍ය විජිත හේරත්
ඇමෙරිකාවෙන් විතරක් නෙමෙයි යුරෝපයෙන්, වෙනත් රටවලිනුත් එහෙම තියෙනවා. ඉතින් ඇමෙරිකාවෙන් විතරක්ම නෙමෙයි.

මාධ්‍යවේදියා
එළියේ යනවා අනුර මීටරේ කියලා එකක්. ඔබතුමා ඒක දැක්කද?

අමාත්‍ය විජිත හේරත්
ජනතාවගේ මීටරේ හරියට මැනලා කිරලා තමයි අනුරව තේරුවේ. ඒ නිසා ඒ තේරීම හරියට හරි. මේ මීටරෙනුත් අනුර සමත්.

මාධ්‍යවේදියා
සමත් නෑ වගේ දැනෙන්නේ?

අමාත්‍ය විජිත හේරත්
නෑ ජනතාව සමත් කරලා තියෙන්නේ.

මාධ්‍යවේදියා
පොරොන්දු ඉටුකිරීම අතින් අඩුයි කියලා පේන්නේ?

අමාත්‍ය විජිත හේරත්
පොරොන්දු ඉතින් ටික ටිකනේ ඉටු කරන්නේ. පැය 24න් නෙමෙයි. ටික ටික පොරොන්දු ඉටු කරමින් රට ගොඩනගමින් රට ශක්තිමත් ආර්ථිකයක් දක්වා ගෙනියනවා.

මාධ්‍යවේදියා
දැන් මේ වෙද්දී ඒක සාර්ථකයි කියලද ඔබ කියන්නේ? විපක්ෂයෙන් නැගෙන චෝදනාව නම් ඒකේ අනිත් පැත්ත?

අමාත්‍ය විජිත හේරත්
ඉතාම සාර්ථකව ඉස්සරහට යනවා. විපක්ෂය ඉතින් බංකොලොත් වෙලා. විපක්ෂයක් කියලා එකක් නෑ. කෑලි කෑලි කැඩිලා. එහාට මෙහාට විසිරිලා ඉතින් මොනවා මොනවා හරි කිය කියා ඉන්නවා. ඒ ගැන අපි එච්චර ගණන් ගන්නේ නෑ. අපි අපේ ගමන යනවා.

මාධ්‍යවේදියා
දැන් හිටපු නිවාස ඇමැතිතුමාට එරෙහිවත් කොමිටියක් දැම්මා. මොකද සජිත් මහත්තයවත් කොටු කරන්නද යන්නේ?

අමාත්‍ය විජිත හේරත්
එහෙම පුද්ගලයෙක් ඉලක්ක කරලා අපි කවදාකවත් පරීක්ෂණ කරන්නේ නැහැ. නමුත් අපේ රටේ මහජන දේපළ මහජන ධනය හොරාකාපු අය සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ නිසා පහුගිය දශක ගණනාවක් තිස්සේ සිද්ධ වෙච්ච දේවල් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කරලා ක්‍රියාත්මක වෙමින් යනවා.

මාධ්‍යවේදියා
බිමල් මහත්මයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා කාදිනල්තුමා කියපු හින්දා රවී සෙනෙවිරත්නව පත්කළා කියලා….?

අමාත්‍ය විජිත හේරත්
රවි සෙනෙවිරත්න ලේකම්වරයා බවට පත්කරන්නේ අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විදිහට තීන්දුවක් අරගෙන. ඉතින් විවිධ අය විවිධ අදහස් යෝජනා ඉදිරිපත් කළා. ඒ සියල්ලම අපි සලකා බැලුවා.

මාධ්‍යවේදියා
ජනතාව කතාවෙනවා අපරාධකාරයෝ අත්අඩංගුවට ගත්තට ඔවුන්ගේ මුදල් කවද්ද අත්පත් කරගන්නේ කියලා?

අමාත්‍ය විජිත හේරත්
ඉස්සෙල්ලම හොරාකාපු කට්ටිය අල්ලගන්න ඕනේ. ඊට පස්සේ දඬුවම් කරනවා. ඊට පස්සේ සල්ලි ටික ගන්න ඕනේ. ඒ දෙක තුනම යන්න ඕනේ.

මාධ්‍යවේදියා
හිරේ ඉද්දි සල්ලි දෙයිද?

අමාත්‍ය විජිත හේරත්
ඔවුන් හිරේ හිටියට ඔවුන් හම්බ කරපු දේපළ තියෙනවනේ. දේපළ පවරා ගැනීමේ පනතක් දැන් තියෙනවනේ. ඒ පනත අනුව ගන්න පුළුවන්.

මාධ්‍යවෙදියා
ජනාධිපතිවරයා අපි දැක්කා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී රාජ්‍ය නිලධාරීන්ට කියනවා මුදල් වෙන්කරලා තියෙනකොටත් ඇයි මේ වැඩ කරන්නේ නැත්තේ කියලා. ඇත්තටම දැන් මේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා වැඩ වෙන්නේ නැති මොකක් හරි දෙයක් ඔබතුමාට දැනෙනවද?

අමාත්‍ය විජිත හේරත්
මේ වසර සඳහා අපි මුදල් වෙන් කරලා තියෙනවා. විශේෂයෙන්ම සංවර්ධන ව්‍යාපෘතිවලට. දිස්ත්‍රික්කවල නිලධාරී හරහා විශේෂයෙන්ම තාක්ෂණ නිලධාරී හරහා ඉංජිනේරුවන් හරහා ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. ඉතින් ඒක ප්‍රමාද වෙන්නේ නැතුව ඉක්මනට කරන්න කියන එක තමයි ජනාධිපතිතුමා කිව්වේ. මොකද අපි සල්ලි වෙන් කළේ පහුගිය අප්‍රේල් මාසේ අයවැයෙන්. දැන් ජූලි මාසේ. ඒ නිසා මේ මාස කීපය තුළ ඉක්මනින් කඩිනමින් ඒවා ක්‍රියාත්මක කළ යුතුයි ඒක තමයි කිව්වේ.

මාධ්‍යවේදියා
විපක්ෂය චෝදනා කරන්නේ මේ රාජ්‍ය නිලධාරීන් වැඩ කරන්න බයවෙලා ඉන්නේ අල්ලස් කොමිසමට යන්න වෙයි, අත්සන් කරන්නේ නෑ, මුකුත් කරන්නේ නෑ කියලා?

අමාත්‍ය විජිත හේරත්
එහෙම ප්‍රශ්නයක් නෑ. රාජ්‍ය නිලධාරීන් හොඳට වැඩ කරනවා. වැඩ කරන්නේ නැති එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. නමුත් පොදුවේ ගත්තොත් බහුතරය හොඳට වැඩ කරනවා.

මාධ්‍යවේදියා
ඒ කියන්නේ මුදල් වෙන් කරලා තිබ්බට වැඩ කරන්නේ නැත්තේ?

අමාත්‍ය විජිත හේරත්
නෑ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි. මුදල් වෙන් කරලා තියෙනවා. නමුත් ඒවට ක්‍රමවේද තියෙනවනේ. ටෙන්ඩර් පටිපාටි තියෙනවා. ප්‍රසම්පාදන පටිපාටි තියෙනවා. ඉතින් ඒවයෙදී යම් ප්‍රමාදයක් තියෙනවා. ඉතින් ඒක වළක්වන්න බැහැ. ඉතින් ඒවා ටිකක් ඉක්මනින් කරන්න කියන එක තමයි ජනාධිපතිතුමා කිව්වේ.

News4

SendShareShare
Previous Post

පරාක්‍රම සමුද්‍රයේ ගහලා තියෙන ඩඩ්ලිගේ හෝටලේ කඩනවා..! නෑ වැට ගලවනවා..! මොකද්ද මේ? VIDEO I Sri Lanka Latest News

Next Post

මරකල් ඩෝම් මිරකල් එක! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.