• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මරකල් ඩෝම් මිරකල් එක! Sri Lanka Latest News

July 26, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මරකල් ඩෝම් මිරකල් එක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘හීලින් රූම් එකක්…..’ දැන් අපි ඒක දැක්කනෙ. ඒකෙ වෙන්නෙම වෙනම වැඩ ටිකක් කියලත් අපි තේරුම් අරගත්තා. ඇහැට දකිනකන් දෙයක් විශ්වාස කරන්න හොඳ නෑ කියන එක ආයෙත් වතාවක් පාඩමක් විදිහට මම ඉගෙන ගත්තා. හැබැයි මතක තියාගන්න, මේ කිසිම වෙලාවක මම උත්සාහ කරන්නෙ මේ මිරකල් ඩෝම් එක කියන එක මාර තැනක් කියලා කියන්න නෙමෙයි. ආගමික මධ්‍යස්ථානයක් විදිහට මේ ධර්මය විශ්වාස කරන නොකරන එක ඔබේ වැඩක්. මම කරන්නේ දෙවියන් සොයා යන්නට මිනිසුන්ම තැනූ තැන්වල, හැබෑව, මිථ්‍යාව අතර ඇවිදගෙන යන එක. Sri Lanka Latest News

මේ ගමන බර වෙන්නෙ හැබෑව පැත්තටද, මිථ්‍යාව පැත්තටද කියන එක දන්නෙ කියවන ඔබ. මනුස්සයෙක් විදිහට ඇහැට දකින දේවල් විශ්වාස කිරීමත්, කනට ඇහෙන දේවල් විශ්වාස කිරීමත්, ඇහැට දකින දේවල් සහ කනට ඇහෙන දේවල් ඔබ සමග කීමත් මගේ රාජකාරියක්.

පත්තරකාරයෙක් විදිහට, මම මේ මිරකල් ඩෝම් එකෙන් පටන් ගන්න ගමන, තව බොහෝ තැන්වල ඇවිදින්න ලෑස්තියි. දෙවියන් සිටිනවා යැයි විවිධ ආගමිකයන් විශ්වාස කරන, විවිධ ආගමිකයන් වන්දනාමාන කරන බොහෝ තැන්වල ඇවිද ගිය මග සලකුණු ඔබ සමග බෙදාගන්නට මම සූදානම්. ඒ මගතොට දුටු විසිතුරු දේ ඔබ සමග කියන්න මම සූදානම්. ඒ, ඔබ මගේ ආදරණීය පාඨකයා යැයි මා විශ්වාස කරන නිසා. මේ ගමනෙදිත් අපක්ෂපාතීව බොහෝ දේ කියන්න මට අවසර දෙන්න.
මිරකල් ඩෝම් ගොඩනැගිල්ලෙ ප්‍රධාන කොටස ගැන මම මේ සතියෙ ඔබට කියන්න තීරණය කළා. මොකද මේ ගමන වැඩි දුරක් යා හැක්කක් නෙමෙයි. තව සති කීපයකින් මේ ගමන නිමවෙනවා. ඊට කලින් මේ ප්‍රධාන කාරණය ඔබ සමග බෙදාගත යුතුයි.

මිරකල් ඩෝම් එකේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිකිරීම ගැන මම ඔවුන් සමග කතා කළා. ඇත්තටම මේ ගොඩනැගිල්ල මිරකල් ඩෝම් එකක්ම තමයි. ඒ කියන්නෙ, මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිරකල් එකක්. හැබැයි ඒ මිරකල් එක දෙවියන් මැවූ දේකටත් වඩා මිනිසුන් තැනූ දෙයක්. ඔවුන් කියන විදිහට දෙවියන්ගේ ආශීර්වාදයෙන් මේකට ලැබෙන්න ඇති. එහෙම නැත්නම් මේ තරම් අතිවිශිෂ්ට නිර්මාණයක් මනුස්ස ලෝකෙ සාමාන්‍ය මිනිස්සු අතින් නිර්මාණය වේද කියන එකවත් ඇත්තටම විශ්වාස කරන්න බැහැ.
මේ කතාවට දෙවියන්ගෙ කොටසක් ඈඳෙනවා. ඒ තමයි, මේ ගොඩනැගිල්ල ඉදිකරන්න කලින් දේවගැති ජෙරොම්ට දෙවියන්ගෙන් ලැබුණු දර්ශනයක කතාව.
මට මේ කතාව කිව්වෙ පාස්ටර් ආමන්ත. පාස්ටර් ආමන්ත කිව්වෙ, දේවගැති ජෙරොම් විසින් තමා දුටු දර්ශනය ගැන 2015 වසරේදී සභාවට කී කතාවක්. ඒ කාලේ මිරකල් ඩෝම් එක තිබිලා නැහැ. කොළඹ නගරයේ තිබුණු ආගමික මධ්‍යස්ථානයේ හෝ නිවසේ කොතැන හරි තැනක දේවගැති ජෙරොම් ඉන්නකොට, ඔහුට දර්ශනය වුණා යැයි කියනවා එක්තරා දර්ශනයක්. ඒ කඳු බෑවුමක්, ගලා යන දිය පහරක්, ඒ මත ඉදිවෙන ගොඩනැගිල්ලක්. එය සිහිනයක් වගේ කතාවක්. ඒ දර්ශනය බයිබලයේ තියෙන යොහන් සුභාරංචියේ 6 වන පරිච්‍ඡේදයේ යේසුස් වහන්සේ 5000කට කෑම දීම හා සමාන බව පාස්ටර් ආමන්ත මට කිව්වා. මේ දර්ශනය නිසා තමයි මිරකල් ඩෝම්‍ එකේ ආසන 5000ක් තියන්නත් ඉදිරියේම ඇති දැවැන්ත විදුලි බල්බ්‍ මාලුන්ගේ හැඩයෙන් නිමකරලා තියෙන්නේ. මම බයිබලය හදාරලා නැති නිසා, මට ඒක ගැන ලොකු අවබෝධයක් නැහැ. නමුත් ඒ කතාව මම ඔහු කියපු විදිහටම ඔබත් සමග කියන්නම්. එහෙම කියන්නෙ, ඒක මගේ වගකීමක් වෙන නිසා.

ඔහු කියන්නෙ ඔහුට පහළින් ගලා යන ජල පහරක් ඒ අසල බෑවුමක් සහිත ඉඩමක් ඇති බවත්, ඒ අසලින් ඉතාම පහතින් ගුවන් යානා ගමන් කරන ආකාරයත් ඔහු දැක්කා කියලා. මේ දර්ශනය වූ රූපය හිතෙන් මවාගෙන ඔහු එනවා. මේ අද ඔහු ගොඩනගන්නෙ ඔහු විසින් මවාගන්නා ලද සිහින දර්ශනයේ ගොඩනැගිල්ල බවයි ඔහු කියන්නෙ.
මේ මිරකල් ඩෝම් එකේ විශේෂත්වයන් ගොඩක් තියෙනවා. ඉන් එකක් වෙන්නෙ ගොඩනැගිල්ල හදලා තියෙන විදිය. ඔබ විශ්වාස කරයි ද දන්නෙ නෑ එක කණුවක්වත් දකින්න නෑ. ඒ වගේම එළියෙන් බැලුවාම මුළු ගොඩනැගිල්ලටම තියෙන්නෙ එක බිත්තියයි. කොන්, මුලු නැති තනි බිත්තියේ ගොඩනැගිල්ලක්.
මේක විශාල ඉංජිනේරුමය ජයහ්‍රහණයක් බවයි පේන්න තියෙන්නෙ. ඒ විදියට මේ ගොඩනැගිල්ල හදපු එකෙන් මේ ශාලාවෙ ඉන්න සියලු දෙනාට ඉතා පැහැදිලිව වේදිකාව නරඹන්න පුළුවන් වෙනවා. ඒක හරිම සාර්ථක දෙයක්.

ඒ වගේම මේ ගොඩනැගිල්ල සකස් කරලා තියෙන්නෙ බෑවුමක. බෑවුම සහිත හැඩය ඒ විදියටම ආරක්ෂා කරමිනුයි මේ අය මේක සකස් කරන්නෙ. ඔබ දැකලා ඇතිනෙ සාමාන්‍යයෙන් නාට්‍ය ශාලාවක හෝ රැස්වීම් ශාලාවක ආසන යොදන හැටි. මුල්ම ආසන පහළින්ම සකස් කරලා ඈතට යනකොට ඉහළට යන විදියට.මෙතනත් එහෙමයි. එකින් එක උස වැඩි වෙන විදියට ආසන සකස් කරලා තියෙන්නෙ. හැබැයි ඒක ස්වභාවික පොළොවේ හැඩය. ඒකයි මේකෙ තියෙන අරුමය.

මේ අය තාක්ෂණය නං උපරිමයෙන්ම භාවිත කරලා තියෙනවා. ඒක ලංකාවෙ තියෙන උපරිම තාක්ෂණය කිව්වොත් හරි. මට දැනෙන්නෙම පාස්ටර් ආමන්තගෙ මැදිහත් වීම මේකට ඇති කියලා. මොකද කැමරා සහ ආලෝකකරණය සඳහා ඒ අය යොදාගෙන තියෙන්නෙ ලෝකෙ මේ වගේ තැනකට යොදාගන්න පුළුවන් ඉහළම තාක්ෂණය.
ඔන්න ඔය ටික ගැන මම දන්න ටික දැක්ක ටික නෙ මේ කිව්වෙ. මේ ඉඩකඩං දීපු අය, ගොඩනැගිල්ල හදපු අය ඒකට උදව් ලැබුණු විදිය ගැනත් පස්සෙ කියන්නම්කො. හීලින්ග් රූම් එකෙ මෙතැනට ආවට පස්සෙ මම දැක්කෙ දිව්‍යලෝකයක්. මම කියන්නෙ දිව්‍යලෝකෙ ආශ්චර්යයන් ගැන නෙමේ. ඒ තරම්ම ලස්සනක්. විවිධ වර්ණ ඇඳුම් ආයිත්‍තම්. ජේත්‍තුවට කොණ්ඩා රවුල් කපපු පිරිමි. හොඳින් මැදපු දිළිසෙන සපත්‍තු. මිල අධික විලවුන් සුවඳ. මුණගැහෙන අයට ඉතාම ආදරයෙන් කරන සුබ පැතීම්. නිර්ව්‍යාජ අල්ලාප සල්ලාප. සුන්දර මුහුණු තියෙන ගැහැනු. හොඳින් නඩත්තු කරපු හැඩැති සිරුරු. මේ සියල්ල හරිම විසිතුරුයි.

වේදිකාවේ කණ්ඩායම් නිතරම ගී ගයනවා. ඔවුන් සමග ඉන්නා සංගීත කණ්ඩායමක්. ඒ අය වයනවා. ඔවුන් ගයන ගමන් නටනවා. ඒ හඬට ප්‍රේක්ෂකාගාරයත් එක් වෙනවා. ඒ අයත් ගයනවා. ඒගොල්ලො ගයන ගමන් නටනවා. මේ ගොල්ලොත් ගයන ගමන් නටනවා. ගීතයේ රිද්මයටම උඩ පනිනවා. අත්පොළසන් දෙනවා. ජයඝෝෂා නගනවා. මම මේ නොතේරෙන සෙල්ලමට එක් නොවී ඉන්න සෑහෙන්න උත්සාහ කළත්, පස්සෙ පස්සෙ මටත් හිතෙනවා ඒ අය එක්ක එක්වෙලා ගීතිකා කියන්න. ඒ කියන ගීතිකා සියල්ලෙම වචන විශාල පරිමාණයේ එල්.ඊ.ඩී. තිරවල දර්ශනය වෙනවා. ඒ නිසාම හැමෝටම හරි පහසුයි.

ශාලාවට අලුතින් එන හැමෝවම ඉතාම පිළිවෙළට අසුන් ගන්වනවා. මට තේරෙන විදියට නම් මේ අසුන් පැනවීමේ ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රධාන ශාලාවේ ඉදිරියේ දකුණු පැත්තෙ ඉන්නෙ ප්‍රතිකාර සඳහා පැමිණි අය. ඒවගේම ඉදිරිපස අසුන්වල ඉන්නවා පිටරට ඉඳලා ආපු අය. අනිත් හැමෝම මම හිතන්නෙ සාමාන්‍යයෙන් මෙහෙයට සහභාගි වෙන අය. ඒ වගේ අය ඉන්නවා දහස් ගණනක්.

සාමාන්‍යයෙන් මම දැක්ක දේ නම්, මේ ශාලාව පිරිලා ඉවර වුණත් දේවගැති ජෙරොම් ආවෙ නෑ. ටික වෙලාවක් යනකල්ම අර ගැයුම් වැයුම් තිබුණා. එහෙම තිබිලා පැය භාගෙකට වගේ පස්සෙ ආරක්ෂකයන් සහ අනුගාමිකයන් පිරිවරාගෙන දේවගැති ජෙරොම්ගෙ පැමිණීම සිදුවුණා.

ඔහු අපූරු ඇඳුම් ආයිත්තම්වලින් සැරසිලා හිටියා. ඔහුගෙ පෙනුම හරිම අපූරුයි. ඔහු ස්වභාවයෙන් සුදු කෙනෙක් වෙන්න ඇති. ඔහු වැඩිය උස හෝ මිටි කෙනෙක් නෙමේ. ඔහු හැම වෙලාවකම උන්නෙ සිනාව මුසු මුහුණකින්. ඔහු ඉතාම පිරිසිදුව රැවුල් සහ කොණ්ඩා කපලා තිබුණා. මට කිසිසේත්ම ඔහුගෙ වයස අනුමාන කරන්න බෑ. ඒ තරමටම ඔහු සම්පූර්ණයෙන්ම තමන්ව නඩත්තු කරන බව මට පෙනුණා. ඔහු එනවත් එක්ක ඔහුගෙ පිටිපස්සෙන් අපි ඉස්සර රූපවාහිනියේ දැක්ක දක්ෂ නිවේදකයෙක් විදියට අඳුනගෙන හිටපු ආමන්ත ආවා. ඔහු දැන් මේ නිකායෙ පාස්ටර්වරයෙක් සහ මේ අයගෙ මාධ්‍ය කටයුතු හොයා බලන කෙනා බව මම ආන්ජලෝගෙන් දැනගත්තා.

දේවගැතිවරයා ඇවිල්ලා බොහෝ දේ වෙන්න පටන් ගත්තා. කීප දෙනෙක්ම තමන්ට සිදුවූ ආශ්චර්යයන් කිව්වා. ඒවා කියද්දි මිනිස්සු ඔල්වරසන් දුන්නා. දුගී දුප්පත් අයගෙ සිට ලංකාවෙ ප්‍රකට කාන්තාවන් පවා ඒ අය අතර හිටියා. ඉන් එක්කෙනෙක්ව මම හොඳින් අඳුනගත්තා. මා කලක් රැකියාව කරපු තැනක හිමිකරුවකුගෙ බිරිඳ ඇය බව මම පස්සෙ සනාථ කරගත්තේ. මේ විදියට පිටරට ඉඳලා ආපු අයත් විවිධ දේ කිව්වා. සමහරුන්ගෙ ලෙඩ සුව වෙලා. සමහරුන්ට දියුණුව ලැබිලා. සමහරුන්ගෙ ප්‍රශ්න නැති වෙලා.
ඔය වගේ විවිධ අය ප්‍රසිද්ධියෙම තමන්ට ලැබුණු දේ ගැන කියනවා. ඒවා බොරුද ඇත්තද කියන්න මම දන්නෙ නෑ. එහෙම ඇවිල්ලා බොරුවක් කියන්න නම් ඕනෙම කෙනෙක්ට පුළුවන්. ඒත් ප්‍රශ්නය වෙන්නෙ මේ විදියට ප්‍රසිද්ධියේ බොරු කියන්න පුළුවන් ද කියන එක. මොකද මේ සෑම දෙයක්ම ප්‍රසිද්ධ වෙනවා. ඒවා යූටියුබ් එකේ තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් විකාශය වෙනවා. එහෙම තත්ත්වයක් යටතේ ‘මට ඇවිදින්න බැරුවම හිටියා. ඒත් පස්සෙ මට මෙතනට ආවම ඇවිදින්න පුළුවන් වුණා…’ කියලා බොරුවක් කියන්න පුළුවන්ද? ඒ මනුස්සයව දකින ගම් පළාත්වල අය දන්නවනෙ ඇත්තටම ඇවිදින්න බැරුව හිටියද නැද්ද කියලා. ඒ වගේ බොරුවක් කියපු කෙනෙක්ව කාට හරි මුණගැහුණොත් සාක්ෂි සහිතව කියන්න. අපි අනිවාර්යයෙන් ඒ කතාව ඊළඟ සතියක පළකරනවා.

කොහොම වුණත් මේ කොටස ඉවර වුණාම, දේවගැතිවරයාගෙ දේව මෙහෙය පටන් ගන්නවා. බයිබලයේ පාඨ කියමින් ඒවා ජීවිතයට සම්බන්ධ වෙන හැටි ඔහු කියා දෙනවා. එතැනදි නම් මම දැක්කෙ සාමාන්‍ය ජීවිතේට ගැළපෙන සහ වැදගත් වෙන දේවල් ඔහු කියනවා කියලා.

ඔහු එදා කිව්වා තමන්ගෙ ඉලක්කයක් වෙත ජීවිතය ගෙනියන හැටි. තමන්ගෙ නින්ද ආරක්ෂා කරගන්න ඕනෙ බව. නින්ද නිවැරදිව ලබාගන්න අවශ්‍ය කරුණු. නින්දට පෙර ආහාර ලබාගන්න එක ගැන පවා ඔහු කිව්වා. මම දැක්කා ආන්ජලෝ ඒ සමහර දේවල් නෝට් පොතක ලියාගන්නවා. ඒක හරි අපූරු දෙයක්. මතක තියාගන්න ආන්ජලෝ කියන්නෙ මේ වෙනකොටත් කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඔහුට තව ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඔහු තාමත් ඒවා ලියාගන්නවා.

මේ විදියට බයිබල් පාඨ රාශියක් තේරුම් බේරුම් වෙනවා. එහෙම වෙද්දී රාත්‍රිය ටිකෙන් ටික තරුණ වෙනවා. ඉඳහිට වැයෙන වාද්‍ය භාණ්ඩයක හඬ සමග දේවගැතිවරයාගේ හෝ ආමන්තගේ හඬ මුහු වෙනවා. ඒ අතර ඔල්වරසන් හඬ ඇහෙනවා. අතරින් පතර ගී ගැයෙනවා. දේව මෙහෙය සරුසාර වෙන්න පටන් ගන්නවා.

ඒ අතර දේවගැතිවරයාට අමතරව තවත් කීපදෙනෙක් පැමිණි අය අසලට ගිහිල්ලා ඒ අයගෙ ප්‍රශ්න ගැන කතාකරනවා. ඒවා ඔවුන්ගෙන් නොඅසා ඔවුන් දෙස බලා ඉන්න දේවගැතිවරු නම්ගම් එක්ක කියනවා. නරඹන්නන්න ‘වාව්’ කියනවා. ඒ අය අතර හිටියා මේ අයගෙ නියෝජ්‍ය සභාපතිවරයා. ඔහු පාස්ටර් කුෂල් පෙරේරා. ජෙරොම් තරම්ම සුදු කෙනෙක් නෙමෙයි. ඒත් ඔහු පුදුම තරම් ප්‍රසන්න කෙනෙක්. ඔහු මගෙ ළඟට ඇවිල්ලා කතා කළා. ඒ වචන තිහ හතළිහ ඇතුළෙ සන්නිවේදකයෙක් වෙච්ච, රට පුරාම රස්සතියාදු ගහන මාව ඇද බැඳ තබාගන්න පුළුවන් නම් ඔහු ඉතාම දක්ෂයෙක්. එක්කො මේ අය කතා කිරීමේ කලාව විශේෂයෙන්ම පුහුණු වෙලා. නැත්නම් ඒ හැකියාව හැබෑවටම දෙවියො දීලා.

මේ සියල්ලෙන්ම පස්සෙ සුව මෙහෙය පටන් ගත්තා. අර ඔබ දකින්නෙ මෝර්ටින් වැදුණු කැරපොත්තො වගේ මිනිස්සු වැටෙන කොටස. බිම වැටිලා දඟලන කොටස. රෝද පුටුවලින් එන අය නැගිටින කොටස. ඒක තමයි මේ මිරකල් ඩෝම් එකේ රසවත්ම කොටස වෙන්නෙ. ඒත් ඉතින් පිටුව ඉඩ මදිනෙ. ඒ නිසා ඇත්තටම ඒ කොටසේ මොකද වුණේ කියලා අපි ලබන සතියෙ කියවමු.

එදා වගේම අදත් මං කියනව මාව අල්ලගන්න එපා මේකට. මාධ්‍යවේදියෙක් හැටියට දකින දේ ලියන එක මගේ රස්සාව වගේම වගකීම. ඕනෙ දෙයක් ඒගොල්ලන්ගෙන්ම අහගන්න. මෙන්න දුරකතන අංකේ. 0117774877

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අනුර මීටරේ ගැන විජිතගේ මීටරය! Sri Lanka Latest News

Next Post

අනාවැකි හරියටම කියන නලින් බණ්ඩාරගේ ඊළග අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

Load More
ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාභයගේ නඩුවට නාමල් රාජපක්ෂත් අධිකරණයට.. Sri Lanka Latest News

Read more
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.