• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි මුලින්ම රටට කිව්වා ට්‍රම්ප්ගේ 30%ක බද්ද අඩු කරගන්න ලංකාව අමෙරිකාවෙන් බොරතෙල් ගන්න යනවා කියලා! ආණ්ඩුව අද අපි කියපු කතාව තහවුරු කරලා! I Sri Lanka Latest News

July 21, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විමල්ලා කෑ ගැහුවට රුසියාවෙන් අඩු මිලට තෙල් ගේන්න බැරි හේතුව හෙළි වෙයි!
Share on WhatsAppShare on Facebook

අමෙරිකා එක්සත් ජනපදය සමඟ පවතින වෙළෙඳ හිඟය අඩු කිරීමේ උත්සාහයක් ලෙස, ඉන්ධන මිලදී ගැනීමේදී ටෙන්ඩර් ක්‍රියාවලියට US West Texas Intermediate (WTI) බොරතෙල් ඇතුළත් කිරීම සඳහා රජය මේ වනවිට සාකච්ඡා කරමින් සිටී.Sri Lanka Latest News

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතා, ‘අද දෙරණ’ කළ විමසීමක දී මේ බව තහවුරු කර ඇත.

මේ වනවිට ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කරනු ලබන්නේ ගල්ෆ් කලාපය තුළින් බවත් පැවසු ඒ මහතා, ඊට අමතරව අමෙරිකාවේ ලියාපදිංචි වී ඇති බොරතෙල් සඳහා ද මින් ඉදිරියට ටෙන්ඩර් ක්‍රියාවලියට එක්වීමට අවස්ථාවට මේ වනවිට සාකච්ජා කරන බව පැවසුවේය.

මිල ගණන් අනුව මෙම වර්ග දෙකෙන් කුමන වර්ගය ලංකාවට ගෙන්වන්නේ ද යන්න පිළිබඳ තීරණයට එළැඹෙනු ඇතැයි ද ඔහු පැවසීය.

ජුලි 13 රාජ්‍ය රහස් වාර්තාව!

අනුර ගැස්සෙයි
.
පසුගිය බදාදා රාත්‍රියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හට ඇමෙරිකාවේ වොෂිංටන් නුවරින් විශේෂ දුරකතන ඇමතුමක් සමග ලිපියක් ලැබිණි. එම දුරකතන ඇමතුමේ එහා කෙළවරින් සම්බන්ධ වූ තැනැත්තා ජනාධිපතිවරයාට දැනුම් දුන් පුවත එක්තරා ආකාරයකට ජනාධිපතිවරයා යම් තිගැස්මකට ලක්කළා යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. මන්ද යත් මේ ඇමතුම හරහා ජනාධිපතිවරයා එක්වරම බලාපොරොත්තු සුන්වූ තැනකට පත්වීම ඊට හේතුවය. එම ඇමතුමෙන් කියැවුණේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අගෝස්තු 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ලංකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා 30%ක තීරුබද්දක් පැනවීමට තීරණය කොට ඇති බවකි. ජනාධිපතිවරයා එම පුවත ඇසිමත් සමග යම් කම්පනයකට පත්වූයේ අදාළ තීරුබද්ද අඩුකරගැනීම සඳහා වොෂිංටනය සමග සාකච්ඡා කළ කණ්ඩායම සහ තමන්ට හිතවත් වෙනත් පාර්ශ්වවලින් ඊට හාත්පසින්ම වෙනස් තොරතුරු රැසක් ජනාධිපතිවරයා වෙත ඒ වනවිටත් වාර්තා වී තිබීම හේතුකොට ගෙනය. අනෙක් අතට වසරකට ඩොලර් බිලියන 4කට ආසන්න වූ විදේශ විනිමයක් ඇමෙරිකාවෙන් පමණක් ලංකාවට ලැබීමත්, එය රටේ ආර්ථිකයේ විශාලතම පංගුවක් වීමත්, යම් හෙයකින් මෙම තීරු බද්ද හරහා එම විශේෂ ආදායමට යම් බලපෑමක් එල්ල වුවහොත් එය රටේ ආර්ථිකයට අතිශය තීරණාත්මක ප්‍රහාරයක් වීමත් ජනාධිපතිවරයාගේ තිගැස්මට හේතු වී තිබිණ.Sri Lanka Latest News

කෙසේ වෙතත් මෙම තීරුබදු පැනවීම සහ ට්‍රම්ප් රජය සමග සාකච්ඡා පැවැත්වීමේදී මුල සිටම ආණ්ඩුව යම් යම් අතපසුවීම් රැසක් සිදුකරගත් ආකාරයක් දැකගත හැකි විය. ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මේ ආකාරයේ අතිශය භයානක තීරුබදු පැනවීමක් සෑම රටක්ම ඉලක්ක කොට පැනවීමේ සූදානමකින් සිටින බවට වූ පුවත පළමු වරට ලංකාවේ මාධ්‍යයකින් රටට අනාවරණ කළේ ‘මව්රට’ ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ අප විසිනි. ඉකුත් ජනවාරි මාසයේ අප එම පුවත වාර්තා කිරීමෙන් අනතුරුව ආණ්ඩුව පැත්තෙන් කිසිදු ක්‍රියාත්මක වීමක් දැකගන්නට නොලැබුණු තැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අප වාර්තා කළ එම පුවත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත්තේය. ඒ, ඉකුත් මාර්තු මාසයේදීය. එහිදී සභාවේ සිටි විදේශ ඇමැති විජිත හේරත් මහතා වහාම නැගී සිටිමින් කියා සිටියේ දැනටමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකාවට විශේෂ කණ්ඩායමක් යවා ඇති බවකි. නමුත් පසුව අප කළ සොයාබැලීම්වලදී අනාවරණ වූයේ විජිත එසේ පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කොට තිබුණේ සම්පූර්ණයෙන්ම අසතයයක් බවත්, එවැනි කිසිදු විශේෂඥ කණ්ඩායමක් වොෂිංටනය සමග සාකච්ඡා කිරීමට පිටත් කොට යවා නොමැති බවත්ය.

ට්‍රම්ප් රජය මගින් ලංකාව ඉලක්ක කොට 44%ක තීරු බද්දක් පැනවූයේ ඊට හරියටම දින කිහිපයක් ඉක්ම යෑමෙන් අනතුරුවය. ආණ්ඩුවට දෙකොන පත්තු වූයේ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ආකාරයට වොෂිංටනය මගින් මෙම තීරු බදු ප්‍රතිශතයන් ප්‍රකාශයට පත්කිරීමත් සමගය. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවතත් පාර්ලිමේන්තුවේදී විජිත කී කතාව සිහිපත් කරමින් මෙම තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඇමෙරිකාවට යැවූ බව කී කණ්ඩායමේ නම් ගම් විමසා සිටි අතර, ආණ්ඩුවෙන් ඒ සඳහා නිශ්චිත පිළිතුරක් නොලැබීම එහිදී දැකගැනීමට ලැබුණු විශේෂ සිදුවීමක් විය. එමෙන්ම අප කළ වාර්තා කිරීම්වලට අමතරව වොෂිංටනයෙන් පවා මේ සම්බන්ධව ආණ්ඩුවට දිගින් දිගටම තොරතුරු වාර්තා කොට තිබුණද ආණ්ඩුව පැත්තෙන් ක්ෂණික ප්‍රතිචාර නොලැබීම සහ සූදානම් වීමක් නොතිබීම මෙහිදී සිදුවූ බරපතළ අතපසු වීමක් බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

අනෙක් රටවල ප්‍රතිචාරය

ආණ්ඩුව මේ ආකාරයෙන් ට්‍රම්ප්ගේ තීරුබදු පිළිබඳ නිහඬ සහ නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළද ලොව වෙනත් රටවල් ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කොට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටය. උදාහරණයක් ලෙස අසල්වාසී ඉන්දියාව ගතහොත් ට්‍රම්ප් රජය ඉන්දියාවට ඉලක්ක කොට 56%ක තීරු බදු ප්‍රතිශතයක් පැනවීමට කටයුතු කොට තිබිණි. එහිදී ඉන්දීය රජය ක්‍රියාත්මක වුණේ ලංකාවේ බලධාරීන් කටයුතු කළ ආකාරයට නම් නොවේ. ඒ වනවිට ඉන්දියාවේ පැවැති සමුළුවකට සහභාගි වෙමින් සිටි ඉන්දීය වෙළෙඳ ඇමැතිවරයා ඒ සියලු කටයුතු අත්හිටුවා වහාම වොෂිංටනය බලා පිටත්ව ගොස් ඇමෙරිකානු බලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම සාකච්ඡා කිරීමට පියවර ගෙන තිබිණි. ඊට අමතරව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාද පෞද්ගලිකවම ඇමෙරිකාවට ගොස් ජනාධිපති ට්‍රම්ප් හමුවී මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්තේය. ලොව අනෙක් රටවල රාජ්‍ය නායකයන්ද වහ වහා ඇමෙරිකාවට පැමිණ ට්‍රම්ප් හමුවී මෙම තීරුබදු ප්‍රතිශතයන් අවම කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට කටයුතු කොට තිබිණි.

නමුත් ලංකාව පැත්තෙන් සිදුවුණේ අශ්වයා පැනගියාට පසු ඉස්තාලය වැසුවා හා සමාන සිදුවීමකි. බොහෝ ප්‍රමාද වීමෙන් අනතුරුව ආණ්ඩුව මේ සම්බන්ධයෙන් වොෂිංටනය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා එවක ආණ්ඩුවේ නියෝජ්‍ය මුදල් ඇමැති හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට පියවර ගත්තේය. නමුත් අවස්ථා ගණනාවකදී වොෂිංටනයට ගොස් එක්සත් ජනපද ආර්ථික නියෝජිතායතනය සමග සාකච්ඡා පවත්වද්දී ඔවුන් ලංකාවේ නියෝජිතයන්ට දැනුම් දී තිබුණේ ඇමෙරිකාව වාර්ෂිකව ඩොලර් බිලියන 3.8ක වටිනාකමකින් යුත් භාණ්ඩ ලංකාවෙන් ආනයනය කරන නමුත් ලංකාව ඇමෙරිකාවෙන් වාර්ෂිකව ආනයනය කරනු ලබන්නේ ඩොලර් මිලියන 400ක පමණ කුඩා ප්‍රමාණයක් බවය. මේ හේතුවෙන් දෙරට අතර අවාසිදායක වෙළෙඳ හිඟයක් ඇමෙරිකාවට පවතින බව පෙන්වා දුන් එම නිලධාරීන් වහාම මේ තත්ත්වය සාධාරණ ලෙස අවම කරගත යුතු බවත්, ඊට ලංකාවෙන් යෝජනා ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දීමට කටයුතු කොට තිබිණ. ඒ අනුව ආණ්ඩුවේ බලධාරීන් වොෂිංටනයට දැනුම් දී තිබුණේ එම වෙළෙඳ හිඟය අඩුකර ගැනීම සඳහා ඇමෙරිකානු භාණ්ඩ මත පනවා ඇති 88%ක් පමණ වූ තීරුබදු ප්‍රතිශතයන් 0% දක්වා අඩු කිරීමට හැකි බවත්, ඒ සමගම ලංකාව ඇමෙරිකාවෙන් තෙල් හා ගෑස් මිලදී ගැනීමට සූදානම් බවත්ය. ඇමෙරිකානු බලධාරීන් මෙම සාකච්ඡාවලදී තරගකාරී මිලකට තෙල් සහ ගෑස් ලබාදීමට එකඟතාව පළකළද ප්‍රායෝගික තලයේදී ඇමෙරිකාවේ සිට තෙල් නැව් සහ ගෑස් නැව් ලංකාවට පැමිණීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවීම නිසා එම යෝජනාවේ ප්‍රායෝගික බව සම්බන්ධයෙන් ගැටලු මතුව තිබිණ. මීට අමතරව ලංකාවේ ව්‍යාපාරිකයන් ඇමෙරිකාවට අපනයනය කෙරෙන ප්‍රධාන අයිතමයන් වන ඇඟලුම්, ටයිල්, ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ වර්ග රැසක් සඳහා 0%ක බදු සහනයක් ලබාදෙන ලෙසද ඉල්ලීමක් කොට තිබිණි. ලංකාව හා වොෂිංටනය අතර හුවමාරු වූ ලිපිවලින්ද ආණ්ඩුව මේ බව නිල වශයෙන් ඇමෙරිකානු නියෝජිතයන් හට දැනුම් දීමට පියවර ගෙන තිබිණි.

SendShareShare
Previous Post

වාර්තා 337ක් ආරක්ෂක කමිටුවට දාලා තිබ්බා! ජනවාරි 9 වැනිදා ලියුමත් යවනවා! නමුත් රවී සෙනෙවිරත්න ලියුම බලලා තියෙන්නේ ජනවාරි 16..! වට්ස්ඇප් මාර්ගයෙන් ඉහළ නිලධාරීන් දැනුවත් කරනවා! එහෙම කරපු නිලන්තව පොලිස් සේවයෙන් පහකිරීම වැරදියි! නිලන්ත වෙනුවෙන් දයාසිරි එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

විදේශ ආයෝජන 101%කින් වැඩිවෙයි! රාජ්‍ය ආදායමත් 20%කින් වැඩිකරගෙන! I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.