දේශපාලනඥයන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 22ක රක්ෂිත තුළ නාන තටාක සහිත හෝටල් ඉදි කර ඇති බවට හඳුනාගෙන ඇතැයි වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසීය. Sri Lanka Latest News
එම වැව් 22 රක්ෂිත මායිමි කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මිනුම් කටයුතු දෙපාර්තමේන්තුව එක්ව තීරණයක් ගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදීය.උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී මෙම රැස්විම පැවැත්විණි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.
එම ඉඩම්වල රක්ෂිත ප්‍රදේශ මිනුම් කටයුතු කළ යුතුයි.
නුවර වැව මැනුම් කටයුතුවලදී මෙවර සිදු කරනු ලබන්නේ මායිම් ගල් දැමීම නොව වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ සලකුණ සහිත රක්ෂිත සලකුණු කිරීම පමණයි.
උතුරුමද පළාත් වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් පී.බී දිසානායක මහතා කියා සිටියේ නුවර වැව රක්ෂිතයේ ඉදිකර ඇති මහා ඇමති නිල නිවස , ආණ්ඩුකාර නිල නිවස හා අභිමන්සල යන ඉදිකිරීම් ප්‍රථමයෙන්ම ඉවත් කලයුතු බවයි.
ඉතිහාසයේ සිදු කරන ලද වැරදි නිවැරදි කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් සිදුකිරීමට තිබෙන බවත් එම දේශපාලඥයන් සිදු කළ වැරදිවලට අනියමින් හෝ නිලධාරීන්ද හවුල් වී තිබෙනවා.











