• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජිතට අපේක්ෂිත ඇපත් නෑ!  I Sri Lanka Latest News

July 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජපක්ෂලාගේ සල්ලි හංගන් ඉන්න ව්‍යාපාරිකයෝ දෙන්නෙක් ලංකාවට සල්ලි අරන් ඇවිත් මන්ත්‍රීවරු ගන්න හදනවා! එක මන්ත්‍රී කෙනෙකුට කෝටි 10යි! රනිල් මටත් කතා කළා! රාජිත මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.Sri Lanka Latest News

පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

මෙම පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම අවසන් කිරීමෙන් අනතුරුව එහි නියෝගය අද පස්වරු 2.00 ට ප්‍රකාශයට පත්කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අද දහවල් නිවේදනය කර තිබිණි.

ඉන් අනතුරුව අදාල නඩුකරය පස්වරු 2.00 පමණ විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රත්වරිය ප්‍රකාශ කළේ මෙම නියෝගය පසුව ප්‍රකාශයට පත් කරන බවය.

ඉන් අනතුරුව මෙම නඩුකරය සවස 3.20ට පමණ මහේස්ත්‍රාත්වරියගේ නිලමැදිරියේ කැඳවනු ලැබුවාය.

එහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රත්වරිය සඳහන් කළේ අදාළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.

මෙම අපේක්ෂිත ඇප පෙත්සම අද දහවල් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දැක්වූවාය.
“ස්වාමීනී කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කොට පිරිසිදු කර ඒවා වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු සමාගමක් විසින් 2012 වසරේ මැයි මස 19 වනදා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එසේ ඉවත් කරන වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ධීවර වරාය නීතිගත සංස්ථාවට ගෙවීමටත් එම සමාගම එකඟ වී තිබෙනවා. මෙම යෝජනාව  අදාළ සමාගම ඉදිරිපත් කර තිබෙන්නේ එවක ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට. මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට පෙර එය මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවක් හරහා අනුමැතිය ලබාගත යුතුයි. නමුත් එවැනි අනුමැතියක් ලබා නොගෙන මෙම පෙත්සම ඉදිරිපත් කරන හිටපු අමාත්‍යවරයාගේ නියෝගයකට අනුවයි ධීවර වරාය නීතිගත සංස්ථාව එය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. එසේම මෙය වැලි සම්බන්ධ කටයුත්තක් නිසා මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගත යුතුයි. එහෙත් එවැනි වාර්තාවක් ලබා ගෙන නැහැ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් අනුමැතිය ලබාගෙන නැහැ. මෙලෙස අනීතික ආකාරයෙන් තමයි මේ ව්‍යාපෘතිය සැකකාර රාජිත සේනාරත්න මහතා විසින් සිදු කර තිබෙන්නේ. පසුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ සමාගමට වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඔවුන්ට එම කටයුතු කරගෙන යාමට ධීවර වරාය සංස්ථාව සතුව තිබූ “වැලිගෝව්වා” නමැති නෞකාවත් ඔවුන්ට ලබාදීමට සිදු වුණා. මෙම කරුණට අදාළව අදාල කොරියානු සමාගමෙන් වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන බව සැකකරු තමන්ගේ ඇප ඉල්ලීමේ සඳහන් කර තිබෙනවා. ඒ නඩු පැවරීම සිද්ධ කරලා තිබෙන්නේ වැලිගොව්වා නෞකාවට සිදු වූ හානිය වෙනුවෙන් පමණයි. එම නඩුවෙන් වන්දි ලෙස ඉල්ලා තිබෙන්නේ රුපියල් මිලියන 15ක මුදලක්. එහෙත් එම නෞකාවට සිදුවූ සැබෑ හානිය රුපියල් මිලියන 26ක් පමණ වෙනවා. සමස්තයක් වශයෙන් මේ ව්‍යාපෘතිය තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදුවෙලා තිබෙනවා” යනුවෙන් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජිත සේනාරත්න මහතාට දැනුම් දුන්නද ඔහු රෝගී තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් කොමිසමට නොපැමිණි බව කියා සිටියා. 

වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ බව පැවසුවත් එය විධිමත් වෛද්‍ය වාර්තාවක් නොව බෙහෙත් තුන්ඩුවක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මොහු හිතාමතාම ප්‍රකාශ ලබාදීම මගහරිමින් සිටින බැවින් මෙම අපේක්ෂිත ඇප පෙත්සම ප්‍රතික්ෂේප කොට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වා සිටියේය.
“ස්වාමීනි මේක පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයාගේ හිතුමනාපයට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් නෙවෙයි. ඒ සඳහා 2008 සහ 2012 යන වසර වල මේ වැලි කැණීම් කටයුතු සිද්ධ කරන්න කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ අනුවයි මේක ක්‍රියාත්මක වුණේ. එසේ නොමැතිව ඔහුගේ පුද්ගලික තීරණයක් මත ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් නෙවෙයි. අද අල්ලස් කොමිසම එක් එක් අයගේ ඕනෑ එපාකම් අනුවයි කටයුතු කරන්නේ. ඔවුන්ට පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පිපාසයක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී නිකුත් කළ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරල තිබුණත් සැකකරුවන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරුන්ට බලය තිබෙනවා. ඒ නිසා පැමිණිල්ල ඉල්ලා සිටි පමණින් සැකකරුවන් රිමාන්ඩ් කරන්න එපා කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා සිටියා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළාය.

SendShareShare
Previous Post

අද දවසේ වෙඩිල්ල මහ දවල් දෙහිවල ස්ටේෂන් එක ළඟ පත්තු වෙයි! එක්කෙනෙක්ට තුවාලයි! CCTV VIDEO I Sri Lanka Latest News

Next Post

හරිනිගෙ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මොකක්ද කරලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.