• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එයාර් පෝට් හැදුවේ මම! වරාය හැදුවේ මම! අධිවේගී මාර්ග හැදුවේ මම! මම මම මම….! චන්ද්‍රිකා ආයෙත් පටන් ගනී! Sri Lanka Latest News

July 19, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
රට බංකොලොත් කළේ රාජපක්ෂවරු කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විශිෂ්ට-ඓතිහාසික තීන්දුවක් දුන්නා! දැන් රටේ ජනතාවට මේ අයට දඬුවම් ඉල්ලන්නත් පුලුවන්! වන්දි ඉල්ලන්නත් පුලුවන්! මම ආණ්ඩුවෙන් ඉල්ලනවා  ජනතාව පිට බදු පනවන්නේ නැතිව මේ අය පිටරටවල හංගලා තියෙන දේපොළ හොයලා රටට ගේන්න කියලා! චන්ද්‍රිකාත් රාජපක්ෂවරුන්ට එරෙහිව සටනට බසී! VIDEO I Sri Lanka Latest News‍
Share on WhatsAppShare on Facebook

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය ඇතුළු රටට වැඩදායී ව්‍යාපෘති රැසක් ආරම්භ කළේ තමන් ජනාධිපති ධුරය දැරූ කාලසීමාවේදී බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසනවා. රැස්වීමක් අමතමින් ඒ මහත්මිය සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ පාලන කාලයේදී සිදුකළේ මහා පරිමාණයෙන් කොමිස් ලබාගැනීමට හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පමණක් බවයි. කුමාරතුංග මහත්මිය සිදුකළ එම අදහස් දැක්වීමෙන් කොටසක් පහත පළවේ. Sri Lanka Latest News

‘වැඩියෙන්ම සාක්කුවට දාගන්න පුළුවන්, කොමිස් දාගන්න පුළුවන් ව්‍යාපෘතියක්, මොකෙක් හරි හොර බිස්නස්කාරයෙක් ඇවිල්ලා කිව්වොත් ‘සර් මේක අපි කරන්නම්, ඔයාට මෙච්චර දෙනවා’ කියලා ‘හා හා එහෙනම් කරන්න’ කියලා කියනවා. එතකොට කවුද ඒවාට ගෙවන්නේ? රාජපක්ෂලාගේ ආච්චි අම්මලා නෙවෙයිනේ, ගෙවන්නේ රට. ඒවායින් කිසිම වාසියක් නෑ රටට. මත්තල එයාපෝට් එකට එක ප්ලේන් එකක්වත් බැහැලා නෑ, කෝටි ගණන් වියදම් කරලා, ඒකෙන් කෝටි ගණන් ඒගොල්ලන්ගේ සාක්කුවලට ගිහිල්ලා, තාමත් ඒවාට අපි ගෙවනවා. හම්බන්තොට වරාය මම පටන් ගත්තේ ඔහොම කරන්න නෙමෙයි, වෙන වැඩක් කරන්න. ඒගොල්ලෝ සම්පූර්ණ ඒක වෙනස් කරලා, චීනය කිව්ව විදියට වෙනස් කරලා, කෝටි ගණන් පගා ගහලා, වරායට නැවක් එන්නෙත් නෑ. ඊළඟට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට තියෙන ඊරිසියාවට රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවක් හැදුවා, මොකෙක්වත් යන්නේ නෑ එතෙන්ට සම්මන්ත්‍රණවලට, ඒකත් වහලා. ඒකෙනුත් තව කෝටි ගානක් සාක්කුවේ දාගෙන. මට එක එක කියන්න පුළුවන්.

ඊළඟට මම පටන් ගත්තා හොඳ ව්‍යාපෘති, රටට අවශ්‍ය දේවල්. අධිවේග මාර්ග. කොළඹ කටුනායක අධිවේග මාර්ගය මම පටන් ගත්තේ, 75%ක් විතර ඉවර කරලා මම ගෙදර යනකොට. කොළඹ දකුණ අධිවේග මාර්ගය 50%කට වඩා වැඩ ඉවර කරලා. ඩිසයින් කරන්න තමයි වැඩි හරියක් වෙලා යන්නේ, ඩිසයින් කරලා ඉඩම් අත්පත් කරගෙන මිනිස්සු උසාවි යනවා, බෑ කියනවා, ඉඩම් අත්පත් කරගෙන ඒ මිනිස්සුන්ට ඒවට ගෙවන්න මුදල් හොයලා, පිට රටින් ආධාර සහ මුදල් ලබාගෙන භාගෙකට වැඩිය වැඩ පටන් අරගෙන මම ගෙදර ගියේ. මොකද කළේ? කොන්ත්‍රාත්කාරයන්ට එන්න කිව්වා. ‘මට ඕනේ මේකේ සම්පූර්ණ අනුමත වියදමෙන් 50%ක්’ කියලා ලොක්කම කියලා තියෙන්නේ. මට ඒගොල්ලෝ ඇවිල්ලා කිව්වා ‘මැඩම් වැඩේ ඉවරයි’ කියලා. මේගොල්ලෝ කිව්වලු අපිට ගෙවන්න බෑ කියලා. ‘එහෙනම් තමුසෙලා පලයල්ලා’ කිව්වලු. ඊට පස්සේ ඒ කොන්ත්‍රාත්කාරයෝ ගෙදර ගියා. හොඳම කොන්ත්‍රාත්කාරයෝ අපි හොයලා ගෙනාවේ පිටරටවලින්, හොඳම කොම්පැනිය. ඊට පස්සේ තුට්ටු දෙකේ එවුන් ගෙනාවා, මෙයා කිව්ව ගාන ගෙව්වා. අපි දුන්න කොස්ට් එක වගේ දෙකහමාරක් වැඩි වුණා. උදාහරණයක් වශයෙන් නොරොච්චෝලේ අපි අස්සන් කෙරුවේ ඩොලර් මිලියන 280ට. මහින්ද කැන්සල් කරලා, එයාගේ පගාව අරගෙන අස්සන් කෙරුවේ 520ට. ඩොලර් මිලියන් 280 පස්සේ 520 වුණා. තවමත් අපි ඒවට තමයි ගෙවන්නේ. මේවා පැහැදිලිව තමුන්නාන්සේලා වටහා ගන්න ඕනේ.

හැබැයි අපි හොරකම නොකර අර විදියට හොඳ සැලැස්මක් අනුව, රටට ආර්ථිකයට වාසිවෙන වැඩ කටයුතු කරමින් හොරකම නැවැත්තුවොත්, රටේ මුදල් එකතු වෙනවා. අන්න එතකොට අපිට හොඳට හැදෙන්න පුළුවන්, හොරකම් නොකර. රටේ මුදල් ඉතුරු වුණාම ඉස්සෙල්ලාම රැකියාවල් කරන අයගේ පඩි අර මම කෙරුවා වගේ පස් ගුණයකින් වැඩි කරන්න පුළුවන්. අවුරුදු අටක් ඇතුළත අපි වැඩි කෙරුවේ. රටේ මුදල් එකතු වුණොත් අලුත් රැකියා දෙන්න පුළුවන්, හොඳ රැකියා දෙන්න පුළුවන්. රටට අවශ්‍ය සංවර්ධනයක් ඇති කරන්න පුළුවන්. කඩාගෙන වැටිලා තියෙන අධ්‍යාපන ක්‍රමය ආයේ නවීකරණය කරලා රැඩිකල් වෙනසක් ඒ තුළ ඇති කරන්න පුළුවන්. ඒ අපි අර විදියට කටයුතු කෙරුවොත්. අන්න ඒක අපි පැහැදිලිව වටහා ගන්න ඕනේ.

ඉතින් මිත්‍රවරුනි, අන්න ඒවා අපි රට භාරගන්නවා, රට භාරගන්න ඕනේ හෙට නෙමෙයි අද කියලා කිව්ව කියන එක හරි ෂෝක්. හැබැයි භාර අරගෙන මොනවාද කරන්නේ කියන එක මෙතැන ඉන්න හැම තරුණයෙක්ම, තරුණියක්ම දැනගන්න ඕනේ. මෙතෙක් කල් කෙරුවා වාගේ නම් කරන්න බෑ, ඒ තරම් විනාශයක් ඇතිවෙලා තියෙනවා. හැබැයි වැඩි දෙනෙක් දැන් හිතනවා ‘කරන්න බෑ, මේක ආයේ හරියන්නේ නෑ, මේ රට ගොඩගන්නත් බෑ’ කියලා ඔක්කොම පොදි පිටින් පිටරට යනවා. තමාගේ ගම් අත්හැරලා යනවා. කවුරුත් ඉතුරු වෙන්නේ නෑ අන්තිමට. රනිල් වික්‍රමසිංහ කියනවා ‘යන්න යන්න, රස්සා අරන් යන්න’ කියලා. ඔක්කොම යන්නේ හොඳට පුහුණු වෙච්ච, හොඳ දක්ෂකම් තියෙන අයත්. වෛද්‍යවරු, නර්ස්ලා හෙට අනිද්දා රජයේ රෝහල් වහන්න වෙයි කියලා සෞඛ්‍ය අමාත්‍යංශයෙන්ම කියනවා, අයි.ටී. හොඳට පුහුණු වෙච්ච, හොඳ පඩි ගන්න, ලංකාවට පිට රටින් මුදල් ගේන රැකියා කරපු අය පොදි පිටින් රට යනවා. ඉංජිනේරුවරු, ඒ වාගේ හුඟ දෙනෙක්. මුකුත් බැරි, එච්චර පුහුණුවක් නැති, අපි වාගේ වයසක අය විතරයි ඉතුරු වෙන්නේ අන්තිමට.

ඉතින් ආපහු අපි මේ රට ගොඩගන්න නම් විශාල වැඩකොටසක් කරන්න ඕනේ. පළමුවෙන්ම පටන් ගන්න ඕනේ අධ්‍යාපනයෙන්. හොරකම් නොකරන නව පරම්පරාවක් හදන්නේ අධ්‍යාපනය හරහා. මවුපියෝ දරුවන්ට දෙන අධ්‍යාපනයයි, විශේෂයෙන්ම පාසලෙන් ලබාගන්න අධ්‍යාපනයයි, දක්ෂ, කාර්යක්ෂම, රට වෙනුවෙන් කැපවීමක් තියෙන, ‘මට පෙර රට’ කියන්න පුළුවන්, හොඳ ගතිගුණ තියෙන, අලුත් පරම්පරාවක් හදන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපන ක්‍රමය හරහා විතරයි.

මම කොහෙත්ම බුදු වෙලත් නෑ, රහත් වෙලත් නෑ, වෙන්න අදහසකුත් නෑ මට. මම බොහොම කැමැතියි මේ ලෝකේ ජීවත් වෙන්න මනුස්සයෙක් හැටියට. නමුත් මම බලයට ආපු වෙලාවේ අපිට ගොඩක් සල්ලි තිබුණේ නෑ, තිබුණේ ඔක්කොම අපි දේශපාලනය වෙනුවෙන් ජනතාවට දීලා තිබුණේ, යට කරලා තිබුණේ වැඩි හරියක්, ඔක්කොම නෙමෙයි. මගේ මේසේ උඩට මෙහෙම ගෙනල්ලා ඩොලර් මිලියන පහක් තිබ්බා. මේ පාර්ලිමන්ට් එකේ මගේ ඔෆිස් එකට. හොංකොං බිස්නස්කාරයෙක්. අපේ ලංකාවේ එක්කෙනෙක් එක්ක අපි කරන්න හදපු දෙයක් ඒගොල්ලන්ගේ හොර වැඩක් අල්ලන්න එපා කියලා. එතකොට මම අගමැති. ‘ඔයාගේ ළමයින්ට දැන් අධ්‍යාපනයෙන් දෙන්න එපැයි පිට රට, අපි දන්නවා ඔයාට එහෙම සල්ලි නෑ කියලා’. මට තත්පරයක්වත් ගියේ නෑ මගේ තීන්දුව ගන්න, මම කිව්වා ‘දැන් මෙතැනින් ඕක අරන් ගියේ නැත්නම්, පොලිසියට එන්න කියලා තමුසෙව පන්නනවා’ කියලා. මට පොලිසියට අල්ලලා දෙන්න බැරි වුණේ එයා ආපු ලංකාවේ කොමිස්කාරයාගේ නෝනා මගේ ආණ්ඩුවේ හිටියා, නියේජ්‍ය ඇමැති කෙනෙක්, කවුද කියලා හිතාගන්න. අපිට එක ඡන්දයයි වැඩිපුර තිබුණේ. ඉතින් ඒක නිසා ආණ්ඩුව වට්ටගන්න බෑ, බලයට ඇවිල්ලා මාසයයි, මම නිකන් හිටියා. හැබැයි ඒ මිනිහට එන්න කියලා කිව්වා ‘පැත්ත පළාතට ආයි එන්න එපා’ කියලා. අපේ මල්ලිගේ එහෙමත් හොඳ යාළුවෙක්, ‘ආවොත් ගහලා පන්නනවා’ කියලා කිව්වා. ඊට පස්සේ ගෙන්නුවේ නෑ. මාත් එක්ක හරි තරහෙන් තාමත් ඉන්නේ. හැබැයි ඊයේ පෙරේදා ඒගොල්ලන්ට අවශ්‍ය දඬුවම් ලැබුණා, මුළු ලෝකෙම දැන් ඒගොල්ලෝ හොරු බවට පත්වෙලා ඉවරයි, කරපු හොර වැඩවලින්.

ඉතින් මිත්‍රවරුනි, ඒ වාගේ අපි හිත හදාගන්න ඕනේ. මම දන්නවා හොරකම් නවත්තන්න හරි අමාරුයි කිව්ව ඒක ඇත්ත. යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ අපි කෑගහගෙන ආවේ රාජපක්ෂ යුගයේ හොරුන්ව අල්ලනවා කියලා. බලයට ආපු ගමන් කමිටුවක් පත්කෙරුවා, මෛත්‍රිපාල සිරිසේනයි, රනිල් වික්‍රමසිංහ තමයි ඒකේ හුඟක් කටයුතු කෙරුවේ, එතුමයි අපි කීප දෙනෙක්ට එන්න කියලා, මටත් එන්න කිව්වා, මම තනතුරු ගත්ත නැති නිසා මට වෙලා තිබුණා, මම හොරකමට කැමැති නැති බව දන්නවා, මම ඒ කමිටුව හුඟක් වෙලාවට මෙහෙයෙව්වේ.

දැන් අපි කතාකරනවා, කාටද මේ හොරකම් හොයන්න භාරදෙන්නේ? පොලිසියේ කවුද ඉන්නේ හොරු නොවන අය? එතකොට පොලිසිය හොඳටම හොරු බවට පත්වෙලා. පස්සේ ඩීඅයිජීලා දෙන්නෙක්ගේ නම් කිව්වා. එක්කෙනෙක් ගැන මම කිව්වා ‘එයා නම් අවංක බව මම දන්නවා, අරයා නම් හොරෙක් බව මම දන්නවා, මම එයාව පන්න ගත්තා සීඅයිඩී එකෙනුත් හොරකම් කරලා අහුවෙලා’ කියලා. රනිල් අගමැතිතුමා එතකොට කිව්වා ‘නෑ නෑ නෑ රාජපක්ෂලාව එයාට පෙන්නන්න බෑ, එයා කැමැතියි මේක කරන්න, මට කිව්වා කැමැතියි කියලා, අපි එයාව කන්ට්‍රෝල් කරමු’ කියලා. මේ මිනිහා අපිට ඉතින් වාර්තා කරනවා, හරි ඉන්ටෙලිජන්ට් මනුස්සයෙක්. ෆයිල් හදාගෙන ඉක්මනට ඉන්වෙස්ටිගේට් කරලා ඔක්කොම ලියකියවිලි හොයාගෙන අපිට ඇවිල්ලා සතියකට වරක්, සති දෙකකට වරක් ඔක්කොම ඉදිරිපත් කරනවා. බොහොම හොඳයි. දැන් ඉතින් ගිහිල්ලා ඇරෙස්ට් කරන්න, නඩුව දාන්න, කටයුතු කරන්න කියනවා අපි. කරන්නේ නෑ. අවුරුදු පහක්ම කෙරුවේ නෑ. ටිකක් කල් යනකොට බලින්නම් මොකද වෙන්නේ? මිනිහා අර ඔක්කොම හොයාගත්ත දේවල් අරගෙන ගිහිල්ලා අරගොල්ලන්ට පෙන්නලා ‘මම මේ ඔක්කොම රවට්ට රවට්ට මම ආණ්ඩුවේ ඉන්නම්, මට මෙච්චර ගානක් ඕනේ’ කියලා මිනිහා ගාන ගන්නවා. හොරකම් කරපු එකා හොයන මිනිහා, සීනියර් ඩීඅයිජී, හොරාගෙන් සල්ලි අරගෙන නැවැත්තුවා. දැන් මට ඊයේ කිව්වා යාළුවෙක්, මිනිහා දැන් ලෝ එග්සෑම් පාස් වෙලා දැන් උසාවියේ ප්‍රැක්ටිස් කරනවලු. දැන් අපේ හොරකම් කරන්න කැමැති ඇමැතිවරුන්ට එයාව ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ නීතිඥයා හැටියට. ඔන්න කතන්දරේ.

ඒවා වැඩි හරියක් බකල් වුණේ මේ මිනිහා හන්දා. අපේ ඇමැතිවරු රවට්ට ගත්තා. අවුරුද්දක් දෙකක් යනකොට මට තේරුණා. සමහර මේ මේකට හුඟක් උනන්දු වෙච්ච මංගල සමරවීර වගේ ඇමැතිවරු ‘නෑ නෑ මෙයා හරි හොඳයි, මම එයාගේ ගෙදරට යන හැම වෙලාවෙම ෆයිල් ගහගෙන මූ ඉන්නවා’ කියලා කිව්වා. මම කිව්වා ‘ඕක විශ්වාස කරන්න එපා, මෙන්න මේකයි කරන්නේ’ කියලා. ‘නෑ නෑ හුඟක් හොඳයි’ කිව්වා. අන්තිම අවුරුද්දේ විතරයි මංගලටත් තේරුණේ, එතකොට පරක්කු වැඩියි. ෆයිල් ටික ඔක්කොම මම ළඟ තාම තියෙනවා. අපි ඒවා ලියලත් තියෙනවා, තවත් ලියනවා. එච්චරයි කරන්න පුළුවන්.

ඉතින් මිත්‍රවරුනි, හොරු හොයන ප්‍රධාන සීනියර් ඩීඅයිජීත් හොරාගෙන් සල්ලි අරගෙන නවත්වනවා නම් මේ රට හදන්නේ කොහොමද කියලා අපි හිතන්න වෙනවා. පිටරටින් ගේන්න ඕනේ හොයන එවුන්. හැබැයි ඒවත් කරන්න පුළුවන්නේ. දැන් අර එක්කෙනෙක් හිටියා, අනිත් සීනියර් ඩීඅයිජී සත පහක් ගත්තේ නෑ. මම එයාගේ නම කියනවා, ශානි අබේසේකර, එයාගේ මේසෙ උඩට ගෙනල්ලා මිලියන්ස් ගානක් රාජපක්ෂ වෙනුවෙන් තියලා තියෙනවා මේක නවත්වන්න කියලා ඉන්වෙස්ටිගේෂන් එකක්. එයා පන්නා ගත්තා. ඒ මනුස්සයාගෙන් තාමත් පළිගන්නේ ඒකයි. මේ රනිල් වික්‍රමසිංහ ආවට පස්සේ එයා ඔය ඇත්ත දන්න නිසා දැන් ඒ මිනිහට ටිකක් සහනය දීලා. ඒ වාගෙන් පොලිස් නිලධාරී ඉන්නවා, හැබැයි 90%ක් විතර පොලිසියේ දැන් නම් ඉන්නේ පට්ට හොරු. සමාවෙන්න කිව්වට. දැන් මම නම් පොලිසියකට කවුරුත් අරින්නෙත් නෑ මොකක් හරි වුණාම එන්ටි්‍රයක් දාන්න, මොකද වැරදි කරපු එකාට එන්න කියලා ඕඅයිසී හරි මොකෙක් හරි ගාන අරගෙන එතනින්ම කේස් එක ඉවරයි. මගේ ගමේ අත්තනගල්ලෙත් ඒකයි වෙන්නේ. ඉතින් එක එකාට බැණලා වැඩක් නෑ, මුල ඉඳන් අගටම පොලිසිය නෙමෙයි, මුළු රටම හදන්න ඕනේ, පොලිසියත් ඇතුළුව.

පොලිසිය තියෙන්නේ හොරකම්, වැරදි වැඩ නවත්වන්නනේ. එවුන් ටික හොරකම් කෙරුවොත් ඊළඟට රට කොහෙද යන්නේ? ඊළඟට උසාවිය, පොලිසියයි උසාවියයි තමයි ප්‍රධාන වශයෙන් වැරදි වැඩ නවත්වන්න ඕනේ. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න ඕනේ. උසාවියේ ජජ්ට ගානක් දීලා, රාජපක්ෂ එන්න කියලා, ‘මම ඔයාගේ පුතාට පිටරට රස්සාවක් දෙන්නම්, මම දන්නවා පුතා රස්සාවක් හොයමින් ඉන්නේ, මෙන්න මේ විදියේ තීන්දුවක් දෙන්න’ කිව්වා. දෙනවා. කී සැරයක් එහෙම කෙරුවාද? ඉතින් ඒ වාගේ තත්ත්වයක් තියෙන්නේ.

මගේ මල්ලි නැති වුණාට පස්සේ එයාගේ වත්කම් අක්කටයි මටයි ඉබේටම නීතිය අනුව අයිති වෙන්න ඕනේ. අපි දෙන්නට ඒක අයිති වෙනවට, අක්කා එක්ක තරහක් නෑ. ‘ඔය ගෑනි ඕකත් අරගෙන දේශපාලනය කරයි අපිට විරුද්ධව’ කියලා බැසිල් රාජපක්ෂ ප්‍රධානය වෙලා, විට්නසස්ලා 62ක් දාලා, බැසිල් ප්‍රධාන විට්නස්, ‘මල්ලිගෙන් අපිට මේක ලැබිය යුතු නෑ. එයා වෙන කාට හරි ඔප්පුවක් ලියලා අන්තිම කැමැත්තක් ලියලා මේක දීලා තියෙනවා’ කියලා. එයාගේ යාළුවෝ කිහිප දෙනෙකුයි ගෙදර වැඩකරන සේවකයොයි. ඉතින් අපි කිව්වා ඔප්පුව පෙන්නන්න, අපි දන්නවා එහෙම දුන්නේ නෑ කියලා. ඔප්පුව පෙන්නන්නේ නෑ. මොකක්ද හොර කෙටුම්පතක් ගෙනාවා, ෆොටෝකොපි එකක්. උසාවියේ ෆොටෝකොපි පිළිගන්නේ නෑ. මහින්ද බලයෙන් යනකම්ම නඩුව ඇද්දා, අපිට හම්බවෙන්නේ නැති වෙන්න. බලයෙන් ගිය දාට ගිහිල්ලා මාස තුනක් යනකොට මම කාටවත් කියන්න ගියේ නෑ. දැන් යහපාලන ආණ්ඩුව ඇවිල්ලා, මම ඒකේ ප්‍රධානියෙක්, තනතුරු ගත්ත නැති වුණාට, මම කාටවත් කිව්වේ නෑ, මෙන්න බොලේ ඊළඟ නඩු දිනයේදී මගේ නඩු ඔක්කොම විසි කරලා. අපේ ලෝයර්ස්ලා කිව්වා ‘මේක විසි කරන්න ඕනේ, එක දවසක්වත් අහන්නවත් යුතු නෑ’ කියලා. මහින්දගේ අවුරුදු නමයෙන් අටක් හෝ හතක් ඒ නඩුව ඇහුවා. ගිය ගමන් නඩුවේ වියයුතු දේ වුණා. ඒ ජජස්ලාට මෙයා ටෙලිෆෝන් කරනවලු නඩුවට ඉස්සෙල්ලා දවසේ, ‘ඔන්න ඕක එනවා, ඕක නම් අද අහන්න’ කියලා. ‘ඉතින් සර් කරන්න දෙයක් නෑ, මේ නඩු ඒගොල්ලන්ගේ පැත්තේ නීතිය තියෙන්නේ’ කියනවලු. ‘එහෙනම් නඩුව අහන්නේ නැතුව කල් දාපන්’ කියනවලු. ඉතින් කල් දානවා. සමහර අවංක ජජස්ලා ඊළඟ සැරේට එන්නේ නැතුව ඉල්ලා අස්වෙනවා ඒ නඩුවෙන්, අපිට මෙහෙම කරන්න බෑ කියලා. ඔහොම අවුරුදු හතක් විතර ඇද්දුවා. ඊට වැඩිය භයානක දේවල් වුණා. ඒක නැතිවුණා කියලා අපි බඩගින්නේ හිටියේ නෑ. නමුත් අනිත් මිනිස්සු. ඉතින් මෙන්න මේකයි මේ රටේ තත්ත්වය.’

LassanaLokaya

SendShareShare
Previous Post

මංගලට 69යි! පොත් ගබඩාව රට වටේටම දන්දෙයි! චන්ද්‍රිකාටත් වාසියක්! Sri Lanka Latest News

Next Post

මෙන්ඩාට එංගලන්තෙන් ලොකු ‘ඔෆර්’ එකක් ඇවිත්! අරවින්ද-සංගා-මහේලලාගේ ලිස්ට් එකට එකතු වෙන්න චාන්ස් එකක්! I Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.