• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ ඇමෙරිකන් ඩ්‍රීම් එක! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ විග්‍රහය! I Sri Lanka Latest News

July 12, 2025
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවේ ඇමෙරිකන් ඩ්‍රීම් එක! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුද්ධය වෙලාවේ ලංකාවට අවි ආයුධ විකිණීම ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් ප්‍රතික්ෂේප කළ වෙලාවේ ලංකාවට ආයුධ විකුණපු රටවල් අතරින් ප්‍රධාන රටක් වන්නේ රුසියාවය. රුසියාව කිසි දිනෙක එල්.ටී.ටී.ඊ. සංවිධානය හෝ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව වෙනුවෙන් පෙනී සිටියේ නැත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය උතුරේ යුද්ධයේදී මානව හිමිකම් කඩවූවා කියා ලංකාවට එරෙහිව යෝජනා සම්මත කරද්දී ලංකාවට පක්ෂව රටවල් එකතු කරපු රටක් වන්නේ රුසියාවය. ලංකාවට එරෙහි යෝජනාව ඇමෙරිකාව ඇතුළු යුරෝපා රටවල් ගෙන එද්දී රුසියාව යෝජනාව පරාජය කරන්න විශාල වැඩ කොටසක් කළේය. එහෙත් පරාජය කිරීමට නොහැකි විය. එකල ජවිපෙත් හිටියේ ලංකාවට එරෙහි යෝජනාව පරාජය කළ යුතුය යන ස්ථාවරයේය. 2013දී ජවිපෙ වත්මන් ඇමැති ලාල්කාන්ත මානව හිමිකම් යෝජනාව ගැන කීවේ මෙසේය.Sri Lanka Latest News

‘ලංකාවේ ආණ්ඩුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන මානව හිමිකම් ගැන කියලා දෙන්න යෝජනා ගේන්න ඕනා නැහැ. අපි පක්ෂයක් ලෙස මෙය ප්‍රතික්ෂේප කරනවා. අධිරාජ්‍යවාදීන්ගේ මේ යෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස අපි ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා…’

මේ, ලාල්කාන්තගේ වචනය. රුසියාවද උදව් කළේ ලාල්කාන්තලාගේ ජවිපෙ කී මේ ප්‍රතිපත්තියටය.

එපමණක් නොවේ. කොවිඩ් වසංගතය වෙලාවේ ලංකාවේ සංචාරක කර්මාන්තය වැහිලා යන්න ඔන්න මෙන්න කියා තිබියදී සංචාරකයන් ආවේ රුසියාවෙන්ය. ලංකාවේ සංචාරක ව්‍යාපාරය රැකුණේ රුසියානු සංචාරකයන්ගෙන්ය. ලංකාව බංකොලොත් වූ විටද ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩාගෙන වැටුණි. ඒ වෙලාවේද සංචාරකයන් ආවේ රුසියාවෙන්ය. අද ආණ්ඩුව සංචාරකයන් අච්චර ආවා මෙච්චර ආවා කියා ගණන් හදලා පෙන්වන්නේ කිසිදු සංචාරකයෙක් ආපු නැති වෙලාවේ රුසියාව සංචාරකයන් එවපු නිසාය. රුසියානු සංචාරකයන් රැගත් ගුවන් යානා ගොඩබැස්සුවේත් පාළුවට ගිය හම්බන්තොට මත්තල ගුවන් තොටුපළේය. මෙම ගුවන් තොටුපළ පාලනය කරන්න ඉන්දීය සහ රුසියානු සමාගමක් රනිල්ගේ ආණ්ඩු කාලයේ යෝජනාවක් ඉදිරිපත් කළහ. රනිල්ගේ ආණ්ඩුව යෝජනාවට අනුමැතිය දුන්නේය. එවිට මෙරට ඇමෙරිකානු තානාපතිනිය එම රුසියා සමාගමට ඇමෙරිකාව සම්බාධක පෙන්වා ඇති නිසා යෝජනාව ඉවත් කරගන්නා ලෙස බලපෑම් කළාය. එවිට ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල කීවේ විදේශ රටකට අපි ගන්නා තීරණවලට බලපෑම් කරන්න අයිතියක් නැහැ කියාය. රනිල් පරාජය වී අනුර බලයට පත්විය. අනුරගේ ආණ්ඩුව ඇමෙරිකාවේ බලපෑම මත මත්තල පාලනය රුසියා-ඉන්දියා සමාගමට දීම නතර කළේය.

අනුර ජනාධිපති වූ විගස මෙරට රුසියා තානාපති රුසියාවේ බි්‍රක්ස් සමුළුවට සහභාගි වන ලෙස කියා රුසියා ජනාධිපති පුටින්ගේ විශේෂ ආරාධනා පත්‍රයක් රැගෙන අනුර හමුවිය. අනුර සමුළුවට ගියේ නැත. මෑතකදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ පැවැති වටමේස සාකච්ඡාවකදී රුසියානු තානාපතිවරයා උපහාසාත්මකව කීවේ භාෂා පරිවර්තකයාගේ වරදක් නිසා අනුර සමුළුවට සහභාගි නොවූවාද කියා තමා දන්නේ නැති බවය.

පසුගියදා රුසියාව ලංකාවට එන සියලු ගුවන් යානා නතර කළේය. දැන් මත්තල පාළුවට ගොස්ය. රුසියානු සංචාරකයන් රැගත් යානා එන්නේ නැත.

රුසියාව වගේම ඉරානය යුද්ධය වෙලාවේ ලංකාවට ආයුධ දුන්න රටකි. ආචාර්ය දයාන් ජයතිලක කියන විදියට ඉරානය ලංකාව අසරණ වෙලා ඉන්න වෙලාවේ ලංකාවට නවීන ආයුධ දුන්නේ ලංකාව සමීප මිත්‍රයෙක් ලෙස සලකලාය. ඇමෙරිකාව ඉරානය සමග හැප්පෙද්දී දැඩි ඇමෙරිකානුවාදියකු ලෙස ප්‍රකට රනිල් ඉරාන ජනාධිපතිට ලංකාවට එන ලෙස ආරාධනා කොට ඔහුට ඉහළ පිළිගැනීමක් දුන්නේය. එහෙත් පසුගියදා ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කළ විට ජවිපෙ ආණ්ඩුව ප්‍රහාරය හෙළා දකින්න ප්‍රකාශයක් නිකුත් කළේ නැත. නිකුත් කළ ප්‍රකාශයේ ඇමෙරිකාවට එරෙහිව වචනයක්වත් නොකියන්න වගබලාගෙන තිබිණි.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම් ඇති වූ විට පළමුව කොළඹ වටලන්නේ ජවිපෙය. ඒ, පලස්තීනයට සහයෝගය පළකරමින්ය. ඒත් වත්මන් ජවිපෙ ආණ්ඩුව ඊශ්‍රායලය, පලස්තීනයට එල්ල කරන ප්‍රහාර ගැන වචනයක්වත් නොකියන්න පරෙස්සම් විය. දැඩි ඇමෙරිකානු සහ ඊශ්‍රායල්වාදී රනිල් ජනාධිපතිව සිටියදී පලස්තීනයට රාජ්‍යයක් අවශ්‍ය බව ජාත්‍යන්තර සමුළුවකදී කීවේය. අද පලස්තීනය ජවිපෙට තහනම් වචනයකි.

ජවිපෙ ආණ්ඩුව මෙලෙස ඇමෙරිකානු වන්දනාවේ ගියේ ට්‍රම්ප්ගෙන් විදේශ ආයෝජන ලැබෙයි කියා බලාගෙනය. ට්‍රම්ප් බදු ගහන විට ජවිපෙ ආණ්ඩුව තව තවත් බයවී ඇමෙරිකාව ඉදිරියේ දණින් වැටුණේය. ට්‍රම්ප් ලංකාව ඇතුළු රටවලට එරෙහි බදු ප්‍රකාශයට පත් කළ විට ජනාධිපති අනුර සර්ව පාක්ෂික රැස්වීමක් කැඳවා ජාතියක් ලෙස එයට මුහුණ දිය යුතු යැයි සිතුවේය. එය හොඳ තීරණයකි. ඒත් ට්‍රම්ප් බදු පැනවීම කල්දැමූ විට සර්ව පාක්ෂික සමුළුවට පයින් ගසා ආණ්ඩුවට තනියම ට්‍රම්ප්ගේ ආණ්ඩුව සමග සාකච්ඡා කොට බදු අඩුකර ගන්න පුළුවන් යැයි සිතුවේය. ට්‍රම්ප් සමග බදු ගැන සාකච්ඡා කරන ලොව එකම ආණ්ඩුව තමන් යැයි ජවිපෙ නියෝජ්‍ය ඇමැතිවරු පාර්ලිමේන්තුවේ කයිවාරු ගැසූහ. සාකච්ඡා සාර්ථක බවත්, සුබවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් පසුගිය සතියේත් නියෝජ්‍ය ඇමැතිවරයෙක් කීවේය. රහස දැන්ම හෙළි කරන්න බැහැ යැයි තවත් නියෝජ්‍ය ඇමැතිවරයෙක් කීවේය.

රහස බදාදා එළියට ආවේය. ලංකාවට 30%ක බදු ප්‍රතිශතයක් පනවා ඇත. දැන් ආණ්ඩුවේ ඇමැතිවරු කියන්නේ ට්‍රම්ප් කලින් 44%කට පනවපු බද්ද 30%කට අඩු කරගන්න තමන් සමත් වූ බවය. ලංකාවට වගේම ට්‍රම්ප් ඇල්ජීරියාව, ඉරාකය සහ ලිබියාවටද 30%ක බදු පනවා ඇත. ලංකාව ඇතුළු මේ රටවලට 30% බද්ද පනවා ජනාධිපතිවරුන්ට ලියුම් ලිව්වේ පොදුවේය. පහත දැක්වෙන්නේ එම කලාපයේ ජාත්‍යන්තර මාධ්‍ය මේ රටවලට පනවපු බද්ද ගැන වාර්තා කළ ආකාරයය.

‘ට්‍රම්ප් ඉරාකයට 30%ක බදුවලින් පහර දෙයි…’

  • ග්ලෝබල් නිවුස්

‘ට්‍රම්ප් ඉරාකයට, ලිබියාවට, ඇල්ජීරියාවට 30%ක බදුවලින් කම්මුලට ගහයි…

  • ඇරැබියා නිවුස්

‘මිත්‍රකම් වැඩිකරගන්න කතා කරගෙන තියෙද්දීත් ට්‍රම්ප් ඇල්ජීරියාවට 30%ක බදුවලින් දමලා ගහයි…’

මේ, ඒ රටවල කලාපීය ජාත්‍යන්තර මාධ්‍ය ට්‍රම්ප්ගේ 30% බද්ද වාර්තා කළ ආකාරයය. ජවිපෙ ආණ්ඩුව කියන්නේ ට්‍රම්ප් ලංකාවට සහනයක් දීලා කියලාය.

ලෝකයේ තරුණ තරුණියන් කාලයක සිට දකින හීනයක් තිබේ. ඒ, ඇමෙරිකාවට යන හීනයය. ඒකට කියන්නේ ඇමෙරිකන් ඩ්‍රීම් කියාය. ඔවුන් හීන දකින්නේ ඇමෙරිකාවට ගොස් පොහොසත් වීමටය. ඉතිහාසයේම ඇමෙරිකානු විරෝධී ජවිපෙත් ආණ්ඩුව ගත්ත හැටියේ මේ හීනය දකින්න ගත්තේය. ඒ, ජවිපෙ විපක්ෂයේ සිටියදී මිත්‍රකම් පවත්වපු රුසියාව, ඉරානය වැනි ඇමෙරිකානු විරෝධී රටවල්ද තරහ කරගෙනය. දැන් ඒ හීනය ජවිපෙ හිස මත කඩාගෙන වැටී තිබේ.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

260කට මරු කැඳවූ ඉන්දීය ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි! වැරදීමකින් ‘ස්විච්’ එකක් එබිලා! අතිශය දුර්ලභ අවස්ථාවක්! I Sri Lanka Latest News

Next Post

ජපුරේ සැත්කම් නවතී! එහෙම එකක් නෑ – වැඩබලන අධ්‍යක්ෂ! Sri Lanka Latest New

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.