• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැරුණා කියපු සාරාගේ හොල්මන පාර්ලිමේන්තුවෙන් මතුවෙයි! Sri Lanka Latest News

July 13, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 06ක් තිස්සේ විවිධ අවස්ථාවලදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන විවාදයක් වශයෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය හැඳින්වීමට පුළුවන.
පසුගිය 09 වැනිදා මෙම විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වූයේ කීවැනි වරටදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. Sri Lanka Latest News

ඇතැම් ජනතා නියෝජිතයන් ප්‍රකාශ කළේ මෙම අවුරුදු 06 පුරාම, එනම් 2019 සිට 2025 දක්වා කාලය තුළදී 12 වතාවක් පමණ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විවාද පැවැත්වූ බවයි. මෙදින මෙම විවාදය පැවැත්වෙන්නේ 13 වැනි වතාවට බවද එක් ජනතා නියෝජිතයකු විසින් පෙන්වා දෙන ලදී.

13 වැනි වතාවටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විවාදය පැවැත්වුවද ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන තිබෙනවාද? මේ දක්වා අනාවරණ කරගෙන ඇති සැකකරුවන් මහමොළකරුවන් නොවේද? ඔවුන් මහමොළකරුවන් බවට සාක්ෂි තවමත් තහවුරු වී නැද්ද? ඔවුන් මහමොළකරුවන් බවට සාක්ෂි තිබුණද ඔවුන් මහමොළකරුවන් වශයෙන් පිළිගැනීමට යම් පාර්ශ්වයක් අකැමැතිද? එසේනම් ඔවුන් බලාපොරොත්තු වන මහමොළෙකරුවෙක් සිටිනවාද? යන කරුණු එකින් එක මේ වනවිට මතුවී ඇත.

ඉහත සඳහන් කරුණු එකින් එක අධ්‍යයනය කොට ඉතා ගැඹුරින් සොයාබැලුවහොත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් යම් සාධාරණ නිගමනයකට පැමිණීමට හැකියාව පවතිනවා නේද? එසේනම් එම කරුණු දැන්වත් එකින් එක සොයා බැලීම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඉටුකළ හැකි සාධාරණයක් නොවන්නේද?
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් මෙවර පැවැත්වුණු පාර්ලිමේන්තුව කල්තැබීමේ අවස්ථාවේ විවාදයේදී යෝජනා ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්කම්ය.

ඔහු විවාදය පුරාම ප්‍රකාශ කළේ මෙම ප්‍රහාරයේ වින්දිතයන්ට තවමත් සාධාරණය ඉටුව නොමැති බවයි.
මෙම ප්‍රහාරයට පැවැති රජය සම්බන්ධ බවටද ශානක්කියන් රාසමානික්කම් චෝදනා කළේය.

‘පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර එහි පසුබිම සලකා බලන්න ඕනෙ. මේකට රජය සම්බන්ධ බවට ඕනෑ තරම් තොරතුරු තියෙනවා. අනුර කුමාර ජනාධිපතිද එය ප්‍රකාශ කර තිබෙනවා. බුද්ධි අංශ විසින් නැගෙනහිර පළාතේ මඩකළපුවේ යම් කණ්ඩායම් නිර්මාණය කළා. ඒ කණ්ඩායම්වල සාමාජිකයන්ම හැඳුනුම්පත්ද ලබාදී තිබුණා.’

බුද්ධි නිලධාරීන් විසින් හැඳුනුම්පත් අස්සන් කර තිබෙනවා. මා එම හැඳුනුම්පත් සභාගත කරනවා. ඒ ඇතැම් පුද්ගලයන් දැනටමත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පඩි ගන්නවා. මේ කණ්ඩායම සමග පාස්කු ප්‍රහාරයේ තිබෙන සම්බන්ධය කුමක්ද? 2004දී පමණ මෙම කණ්ඩායම් ආරම්භ කර තිබෙනවා. සයින්දමරුදුවලදී රිල්වාන් ඇතුළු පිරිස සතුව තිබී සොයාගෙන ඇත්තේ පොලිසියෙන් අතුරුදන්වූ තුවක්කුවක්. මේ තුවක්කුව ගැන මේ වනතෙක් පරීක්ෂණයක් කර තිබෙනවද? මේක ආණ්ඩුවේ මැදිහත්වීමෙන් සිදුවූ දෙයක් බව පැහැදිලියි. මේ පිළිබඳ අපටත් විශාල ප්‍රශ්න රාශියක් මතුවෙලා’ යනුවෙන්ද රාසමානික්කම් මන්ත්‍රීවරයා විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මෙම කල්තැබීමේ යෝජනාව ස්ථිර කරන ලද්දේ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන විසිනි.

වත්මන් මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරන බව සඳහන් කරමින් බව සිහිපත් කරමින් විවාදයට එක්වූ කාවින්ද ජයවර්ධන සඳහන් කළේ ආණ්ඩුව ඇවිත් මාස 10ක් ගතවුවද වින්දිතයන්ට තවමත් සාධාරණයක් ඉටුව නොමැති බවයි.

‘මැතිවරණයට පෙර මෙම ආණ්ඩුවේ පිරිස කටුවපිටිය දේවස්ථානයට ගොස් වින්දිතයන්ට කාදිනල්තුමාට පොරොන්දුවක් දුන්නේ දෙවියන් වහන්සේ ඉදිරියේදී. පාස්කු ප්‍රහාරය කාලයේ වැලිතලාවට යටවෙන්න දෙන්නේ නැහැයි කිව්වා. නමුත් අද වනවිට පරීක්ෂණවල ප්‍රගතිය පාර්ලිමේන්තුවට හෝ ජනතාවට දැනගන්න කියන්නේ නැහැ.’

‘රජයකට රජයක් පරීක්ෂා කිරීමට අපහසු නිසා අපහසුතාවකට පත්ව තිබෙන බව කාදිනල්තුමාගේ 50 වැනි ජුබිලියට ඇවිත් දැන් ජනාධිපති කියනවා. මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා මාස 10කට වැඩියි. ජනාධිපති කොමිසමේ එක් නිර්දේශයක්වත් ක්‍රියාත්මක කරන්න මේ ආණ්ඩුව කටයුතු කරලා තියෙනවද?’

‘නීතිය හා යුක්තිය වෙනුවෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ආණ්ඩුවට යුක්තිය ඉටුකරන්න බැරි බව අපි දන්නවා. නමුත් මේ අපරාධය කළේ කවුද කියා හෙළිකරන්න’ යනුවෙන්ද කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේය.

ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ප්‍රථමයෙන්ම මෙම විවාදයට එක්වූයේ මහජන හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාලයි.
ආනන්ද විජේපාල අමාත්‍යවරයා මෙම පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව ආන්දෝලනාත්මක කරුණු කිහිපයක්ම විවාදයට එක්වෙමින් හෙළි කළේය.

සාරා ඉන්නේ තවමත් පණපිටින්ද? ඇයගේ තුන්වැනි ඩී.එන්.ඒ. වාර්තාවේ සැකයක්. ප්‍රහාරය පිල්ලෙයාන් කලින් දැනගෙන ඉඳලා තියෙනවා. ටාජ් හෝටලයේ බෝම්බකරුගේ තොරතුරු ආවත් බුද්ධි අංශ නිකන්ම ඉඳලා වැනි මහත් ආන්දෝලනාත්මක කරුණු රැසක්ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට හෙළිකරන ලදී.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් දින කීපයකට පසු සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළදී සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය අය අතර පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් නමැත්තියා සිටින බව තහවුරු කිරීමට යොදාගත් තුන්වැනි ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා සාම්පල ගැනීමේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව තිබෙන බව ආනන්ද විජේපාල අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

‘පාස්කු විමර්ශන එවක රජය පරීක්ෂා කරන තත්ත්වය දක්වා පැමිණ ඇති බවත් එම පරීක්ෂණ අසීරු වුවත් ඉටුකරන බවත් ජනාධිපති, කාදිනල්හිමියන්ගේ උත්සවයේදී පැවැසුවා. එය විකෘති කරමින් අද කරුණු ප්‍රකාශයට පත්වීම යුක්තිසහගත නෑ. පාස්කු විමර්ශන වාර්තාව ඉදිරියේදී විමර්ශන සඳහා රහස් පොලිසියට භාරදෙන්නත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නත් සූදානම්. පාස්කු ප්‍රහාරය ගැන විධිමත් විමර්ශනයක් කරන බව අපේ ජනාධිපතිවරණ ප්‍රකාශයේද සඳහන් කර තිබුණා. ඒ ආකාරයටම මේ වනවිට අපි විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අනුර ජනාධිපති ජනතාවට මෙන්ම කතෝලික සභාවට පොරොන්දු වූ අයුරින්ම පාස්කු විමර්ශන සාර්ථකව ඉදිරියට ගෙන යනවා’

‘සමහර කාරණා විමර්ශනවලට බලපාන නිසා හෙළිකරන්න බැහැ. පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාර්ථකව සිදුකෙරුණද ගෝඨාභය රජය බලයට පැමිණි පසුව ඒ විමර්ශන දියාරු කෙරුණා. අපි බලයට පැමිණි පසු එම විමර්ශන විධිමත් කර තිබෙනවා’

‘හිටපු රාජ්‍ය ඇමැතිවරයකු වන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා දැනගෙන සිටි බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.’

‘හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මඩකළපුව බන්ධනාගාරයේ සිටියදී පිල්ලෙයාන් මේ තොරතුරු දැන සිටි බවට අනාවරණ කරගෙන තිබෙනවා. ඒ කාලයේදී පිල්ලෙයාන් බුද්ධි අංශ නිලධාරීන් සමගද සමීප සබඳතා ගොඩනගාගෙන ඇති බවටත් තොරතුරු අනාවරණ වෙනවා’

‘එදින ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බකරු ගැන තොරතුරු බුද්ධි අංශයට ලැබිලත් බුද්ධි අංශ නිකන්ම ඉඳලා තියෙනවා. ඒක නිසා ඇතැම් බුද්ධි අංශ පිරිස් ගැනත් පරීක්ෂණ සිදුකෙරෙනවා…’ යනුවෙන් අදහස් දැක්වූ ආනන්ද විජේපාල අමාත්‍යවරයා තවත් කරුණු රැසක් ඉදිරිපත් කළේ.

පාස්කු බෝම්බ ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් නීතිය හමුවට ඉක්මනින්ම ගෙන එන බව පැවැසූ ආනන්ද විජේපාල අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ යළිත් අන්තවාදයක් හෝ ජාතිවාදයක් කිසිසේත්ම ඇතිවීමට ඉඩ ලබා නොදෙන බවයි. ඒ සඳහා නීති ප්‍රමාණවත් නැතිනම් නීති අලුතින් සම්පාදනය කිරීමටද කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

විවාදයට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක කියා සිටියේ මෙම ප්‍රහාරයට මුදල් යෙදෙව්වේ මාලිමාවේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකුගේ දරුවන් දෙදෙනා බවයි.

‘ඔබතුමන්ලා සාධාරණ පරීක්ෂණයක් සිදුකරනවද? ඔබතුමන්ලාගේ ජාතික ලැයිස්තු අපේක්ෂකයා ගැන සාධාරණ පරීක්ෂණයක් අපිට ඔබලාගෙන් බලාපොරොත්තු වෙන්න බෑ’
‘මාලිමා මැතිවරණ වේදිකාවේ හිටපු ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්න මහත්වරුන්ට අද තනතුරු දීලා. මේක දේශපාලනීකරණය කරලා තියෙන්නේ’ යනුවෙන්ද ඩී.වී. චානක චෝදනා නැගීය.

මහින්ද ජයසිංහ, සුනිල් වටගල යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඩී.වී. චානක මන්ත්‍රීවරයා අතරද උණුසුම් වචන හුවමාරුවීම් කිහිප අවස්ථාවකදීම සිදුවිය.
ඩී.වී. චානක මන්ත්‍රීවරයා ශානි අබේසේකර හා රවී සෙනෙවිරත්න යන නිලධාරීන්ට එල්ල කරන චෝදනාවලට පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා පිළිතුරු දීමට අමතක නොකළේය.

‘ශානි අබේසේකර, රවී සෙනෙවිරත්න දක්ෂ නිලධාරීන් දෙන්නෙක්. එම නිලධාරීන්ට ඒ වගකීම් දුන්නේ කාදිනල් හිමියන් කියපු නිසයි. පාස්කු ප්‍රහාරය හරහා රාජපක්ෂලා නැවත බලයට එවන තත්ත්වයක් නිර්මාණය කරගන්න අවශ්‍ය වී තිබුණා…’ යනුවෙන් බිමල් රත්නායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ කෙඳිරි නොගා ආණ්ඩුව මහමොළකරු හෙළිකළ යුතු බවයි.
පරීක්ෂණ වාර්තා කිහිපයක්ම සභාගත කරමින් මුජිබර් රහුමාන් ඉල්ලා සිටියේ අපරාධකරුවන් හෙළිකිරීමට ආණ්ඩුව අනිවාර්යයෙන්ම ක්‍රියා කරන ලෙසයි.

තවම මහමොළකරු අල්ලාගෙන නොමැති බව ප්‍රකාශ වුවද හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර නම් කියා සිටින්නේ දැනට සිරගත වී සිටින නව්ෆර් මවුලවි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු බවයි.

පාස්කු ප්‍රහාරය දියත් කිරීමට අවශ්‍ය මතවාදය ගොඩනගා සහරාන් මෙම ප්‍රහාරයට පෙළඹවූයේ නවුෆර් මවුලවි බව සරත් වීරසේකර ප්‍රකාශ කරයි.
මේ අතර වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කරන්නේ පිල්ලෙයාන්ගෙන් මේ සම්බන්ධව තව තවත් කරුණු අනාවරණ කරගත හැකිවන බවයි.
මෙම සියලු කරුණු සලකා බලා පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හෝ මහමොළකරුවන් කවුද කියා රටට හෙළිකරන තුරු කතෝලික සභාව පමණක් නොව මුළු රටම බලා සිටී.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ගණේමුල්ල සංජීවව උසාවි කූඩුව ඇතුළේදීම වෙඩි තියලා මරන්න තුවක්කුව අරන් ආ ඉෂාරා සෙව්වන්දිට ෂොක් වෙන නිව්ස් එකක්! I Sri Lanka Latest News

Next Post

කුප්පි ලාම්පුව වෙනුවට සූර්ය බලයෙන් ගමේ කළුවර නැති කරපු ප්‍රේමදාස! පටන් ගත්තේ යාපහුව පන්සියගමින්! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.