සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ උපදෙස් මත විපක්ෂ නායක කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ධර්ම දේශනය මෙවර ඇසල පොහොය නිමිති කර ගෙන අද (10) කිරුළපන බලපොකුණ පුරාණ විහාරයේ දී පැවැත්විණි.Sri Lanka Latest News
මෙවර දේශනය බලපොකුණ පුරාණ විහාරාධිපති පූජ්‍ය උඩුගම සිද්ධාර්ථ නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනයෙන් ආචාර්ය, රාජකීය පණ්ඩිත පූජ්‍ය මාවතගම පේමානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කරනු ලැබීය. මේ අවස්ථාව සඳහා විශාල පිරිසක් එක්විය.























