චෙම්මනි සමුහ මිනීවල සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජනප්‍රිය ඉන්දීය නළු සත්‍යරාජ් පවසනවා.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ චෙම්මනි සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු කිහිපයක් සොයා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සත්‍යරාජ් පවසා ඇත්තේ මෙම කාරණය ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවට
ගෙන යා යුතු බවයි.
චෙම්මනි සමූහ මිනීවළෙන් ළමුන් ඇතුළු කිහිප දෙනෙකුගේ අස්ථි කොටස් හමු වී ඇති බවට පළ වන වාර්තා දැකීමෙන් තමා කණගාටුවට පත් වූ බවට සත්‍යරාජ් ප්‍රකාශ කළේ යි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
චෙම්මනි සමූහ මිනීවළෙන් මේ දක්වා මිනිස් ඇටකටු 33 ක් සොයාගෙන තිබෙනවා.
සත්‍යරාජ් දෙමළ, තෙළිඟු, හින්දි, මලයාලම් සහ කන්නඩ චිත්‍රපටවල සහ රූපවාහිනී නාට්‍යවල දක්නට ලැබෙන ජනප්‍රිය නළුවෙකි.
ඔහු චිත්‍රපට 250 කට අධික සංඛ්‍යාවක රඟපා ඇති අතර සම්මානයටද පාත්‍රවී ඇත.










