2025 වසර සදහා වාහන ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් වෙන් කළ අතර, මේ දක්වා, මාස පහක් ත-ුළ පමණක්, වාහන ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 742 ක ණයවර ලිපි විවෘත කර ඇති බවත්, වාහන ආනයනය සදහා ඇති මේ උනන්දුව ඩොලර් සංචිත කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකි බව භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව මහබැංකුව වෙත අනතුරු හගවා තිබේ. Sri Lanka Latest News
ඒ අනුව, වහා ඊට අදාල පූර්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරන ලෙස භාණ්ඩාරගය මගින් මහබැංකුවට උපදෙස් ලබා ඇති බව වාර්තා වේ.
වාහන ආනයන මත පනවා තිබුණු තහනම, පසුගිය පෙබරවාරියේ දී ඉවත් කරන ලදී. එතැන් සිට මේ දක්වා වාහන දහ අට දහසක් රටට ගෙන්වා තිබේ.
වාහන ආනයනයෙන් රුපියල් ට්‍රිලියනක රේගු බදු ආදායමක් මේ දක්වා උපයා ඇති බව රේගුව පවසයි.










