• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමදාස ‘ජනාධිපති ජංගම සේවය’ පටන් අරන් දුප්පත් ජනතාව ගාවටම ගිහින් ලොකු සේවයක් කළා! ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හදුනගන්න සජිත් ‘විපක්ෂනායක ජංගම සේවය’ පටන් අරන්! මේ කලාවැව ධීවර ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
ප්‍රේමදාස ‘ජනාධිපති ජංගම සේවය’ පටන් අරන් දුප්පත් ජනතාව  ගාවටම ගිහින් ලොකු සේවයක් කළා! ජනතාව මුහුණ දෙන ප්‍රශ්න හදුනගන්න සජිත් ‘විපක්ෂනායක ජංගම සේවය’ පටන් අරන්! මේ කලාවැව ධීවර ගම්මානයට ගිහින් මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරපු හැටි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ අපනයන විශාල ප්‍රමාණයක් ඇමෙරිකානු වෙළෙඳ පොළට යොමුවන බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ප්‍රතිචාරක බදු නිසා අප රටේ අපනයනවලට විශාල තරගයක් ඇතිව තිබෙන බවත් තවත් රටවල් ද මේ බදුුවලට මුහුණ දීමට එම රටවල නායකයන් ඇමෙරිකාවේ ආර්ථිකය ගැන තීන්දු ගන්නා අය සමග කතා කර අවබෝධතා ගිවිසුම් ඇති කර ගත්තත් අප රටේ ආර්ථිකය බාර අය කර්මාන්ත ක්⁣ෂේත්‍රයේ අය එවැනි ගිවිසුම්වලට එළැඹ නැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ ගැන සමගි ජන බලවේගය ප්‍රශ්න කරන විට දූත කණ්ඩායම් යවනවායැයි ගිහින් සාකච්ඡා කරනවායැයි රජය පුරසාරම් දෙඩුවත් අද වෙන තුරු මේවාට විසදුම් නැති බවත් අප රටේ අපනයනය ක්ෂේත්‍රයට තර්ජනයක් සිදුව ඇති මොහොතක මේ වැඩ බැරි ආණ්ඩුව කටවහන් සිටින බවත් මේ රජයට උත්තර විසදුම් ලබා දෙන්න බැරි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කලාවැව ධීවර ගම්මානයේ පැවැති විපක්ෂ නායක ජංගම සේවාව හා එක්වෙමිනි.මෙහි දී එම ගම්මානයේ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීම සිදුවිය.

රටක් ලෙස 2028 විදේශ ණය ගෙවන්න සිදුවන බවත් පසුගිය රජය ඇති කර ගත් IMF ගිවිසුම වත්මන් රජයද ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් මෙවැනි අපනයන ගැටලු තිබියදී විදේශ ණය ගෙවන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් ණය ගෙවන්න නම් ආර්ථික වර්ධනය 5%ක් විය යුතු වුවත් පුරෝකථනය කරන ආකාරයට මේ වසරේ ආර්ථික වර්ධනය වේගය 3.5% සහ ලබන වසරේ 3.1% විය හැකි බවත් 2028 ණය ගෙවන්න නම් 5%ක් කරා යා යුතු වුවත් මේ රජය අපනයන ක්ෂේත්‍රයට නිසි වටිනාකමක් නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කම්හල් 200 හරහා රටට ඩොලර් ගෙන ආවත් අද වන විට වත්මන් රජය නිසා අප රටේ අපනයන කඩා වැටෙන බවත් මොවුන්ට තවමත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා සමග ගිවිසුමකට එන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ මහජන නියෝජිතයන් මැතිවරණ සමයේ ජනතාවට අතරට ගොස් ඡන්දය ලබා ගෙන මැතිවරණයෙන් පසු බලය ලබා ගෙන ජනතාව අමතක කරන බවත් එය තමා වෙනස් කර ඇති බවත් අප රටේ මේ වන විට ජනතා ගැටලුවලට ඇහුම්කන් නොදීම විසදුම් නොලැබීම සහ ප්‍රශ්නවලට උත්තර නොලැබීම නිසා හිඩසක් නිර්මාණය වී ඇති බවත් මේ ප්‍රදේශයේ ජනතාවද ගැටලු රැසකට මුහුණ දෙන බවත් වත්මන් රජයවත් ඒවා අවබෝධ කර නොගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද වන විට ජනතාවට ජීවත් වීම අමාරු බවත් එදිනෙදා වේල් තුන පිරිමහගන්න නොහැකි බවත් ⁣නිශ්චිත ආදායම් මාර්ග නොමැති වීම නිසා සෑම පුද්ගලයකුම ණය කරුවන් බවට පත්ව ඇති බවත් දේපල කණකර පවා උකස් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සංචාරක කර්මාන්තය ගොවිතැන හෝ ධීවර කර්මාන්තය හෝ වේවා මේවා තුළින් උසස් ජීවන මට්ටමක් ඇති ජන ජීවිතයක් නිර්මාණය කරන්න හැකියාවක් නොමැති බවත් ජනතාවට ඔප්පු හා බලපත්‍ර පවා නොමැති බවත් නිවසේ ඉඩමේ ප්‍රාග්ධන වටිනාකම නොමැති නිසා දියුණුව ද අවහිර වන බවත් මේ ජනතාවගේ ඉඩම් නිවාස ගැටලුවලට විසදුම් ලැබී නොමැති බවත් වනජීවී ක්ෂේත්‍රය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කරන්න හැකි වුවත් එය ද නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ජනතාවගේ ප්‍රශ්න සටහන් කර ගෙන පාර්ලිමේන්තුවේ මේ ගැටලු ඉදිරිපත් කර විසදුම් ලබා ගන්නා බවත් ඊට අමතරව සමගි ජන බලවේගයට විපක්ෂයක් ලෙස කළ හැකි විසදුම් ලබා දෙන්නද කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

බමුණු කුලය බිඳවැටීම-බණ්ඩාරනායක-රණසිංහ ප්‍රේමදාස සහ හඳුන්නෙත්ති! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Next Post

මේවත් හෙණගහන මහා අපරාධ! කෝටි 3ක් වියදම් කරලා ගෙනාපු ඇඟිලි සලකුණු යන්ත්‍ර පැත්තක තිබියදී සෞඛ්‍ය අමාත්‍යංශයේ කෝටි 3923ක OT ගෙවලා! සමහරු ගෙදර ඉඳන්ම OT අරන්! රෝහල්වලට ඇඟිලි සලකුණු යන්ත්‍ර හයිකරන්න මේ ආණ්ඩුවටත් හයියක් නැද්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.