• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එමවිට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි! Sri Lanka Latest News

July 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කෝටියක් එකතු කරලා ඉෂාක් බෙග්ව බේරගමු! ජාතියක් හැටියට කෙළෙහිගුණ දන්න මිනිස්සු කියලා ලෝකෙට පෙන්වමු! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉෂාක් බෙක්, අපි ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා අද වෙනකොට ඔබගේ සුවතාව සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙලා ඉවරයි. හැමදාම ‘බුද්ධං සරණං ගච්චාමි’ කියපු මුවින් ඔබ මේ රටේ මිනිස්සුන්ට ස්තුතියි කියනවා අපිට ඇහුණා. අපිට හරි සතුටුයි. ලංකාවේ කලාකාරයෙක් ලෙඩ වුණාට පස්සේ ඒ කලාකාරයා වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නිර්මාණය කරලා නෑ කියන එක ගැන හැබැයි අපිට දුකයි. බෙග්ලා වගේ ජාතික මට්ටමේ කලාකරුවන් නොවන ප්‍රාදේශීය මට්ටමේ ඉන්න පුංචි පුංචි කලාකරුවන්ට කිසිසේත්ම හව්හරණක් නැති වෙනවා අපි පහුගිය කාලය පුරාම දැක්කා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වුණත් සූදානම් කරලා තිබුණු වැඩපිළිවෙළවල් ඉතාම ප්‍රාථමිකයි. එහෙම නැත්නම් හරිම පුංචියි. Sri Lanka Latest News

මේ ආණ්ඩුව පහුගිය කාලයේ අපූරු හොයාගැනීමක් කළා. ඒ තමයි ෆොන්සේකා කියන නම කියන කෙනකුට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ පනහක විතර මුදලක් දුන්නා කියන එක. ඒගොල්ලෝ ඒක පාර්ලිමේන්තුවෙත් කිව්වා. ඒ ෆොන්සේකා සරත් ෆොන්සේකා නොවන බවත් සහතික කරලා කිව්වා. පස්සේ අපි හොයාගත්තා කවුද ෆොන්සේකා කියලා. ඇය තමයි මාලනී ෆොන්සේකා. ඇයට මුළු රටම කිව්වේ නිළි රැජින කියලා. පරම්පරාවෙන් පරම්පරාවට අලුත් නළු නිළියන් බිහි වුණත්, ඇය සදාතනිකව නිළි රැජිනම වුණා. ඇගේ මළගම දවසේ සාහිත්‍ය පිළිබඳ චිත්‍රපට පිළිබඳ අතිවිශිෂ්ට දේශනයක් කළාට සමහර අයට මාලනී ෆොන්සේකාට සල්ලි දුන්න එක ප්‍රශ්නයක් වෙලා තිබුණා. හැබැයි ඒ ප්‍රශ්නය ඒ විදියටම තියාගෙන ඉෂාක් වෙනුවෙන් සල්ලි වෙන්කරන්න තරම් ජනාධිපති අරමුදල සහ මේ ආණ්ඩුව නිහතමානී වීම ගැන බොහොම ස්තුතියි. එහෙම නැත්නම් සමහර වෙලාවට සිද්ධ වෙන්නේ තමන් කරපු දේ ගැන උදම්අනමින් ඒ වැඩ කොච්චර වැරදි වුණත් සාධාරණීකරණය කරන්නට උත්සාහ කිරීම. මේ වතාවෙ එහෙම නොකර අඩියක් පස්සට ගත්තු මේ ආණ්ඩුවට අපි ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම මොහිදීන් බෙග් වෙනුවෙන් ඔහුගේ පුතාට ආධාර එකතු කරපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. අපි ලොකු සල්ලිකාරයෝ නොවන නිසා අපිට ඉෂාක් වෙනුවෙන් සල්ලි හොයලා දෙන්න බැරි වුණා. හැබැයි ඉෂාක්ට සල්ලි හොයන වැඩපිළිවෙළට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන්න අපි මුල්ගල තිබ්බා.

හැබැයි ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ලංකාවේ කලාකරුවෝ කවදාවත් නිකන් වැඩ කරන්නේ නැහැනේ. සාමාන්‍යයෙන් ප්‍රසංගයකට යනකොට ලක්ෂ ගණන් මේගොල්ලෝ මුදල් අය කරනවා. ඒ විදියට ලක්ෂ ගණන් අරගෙන ප්‍රසංගවලට සහභාගි වුණා නම්, තමන්ගේ ජීවිතයට අවශ්‍ය කරන ඉදිරි සැලසුම මේ කලා තරු හදාගන්න දැනගන්න ඕනේ. තමන්ගේ ප්‍රේක්ෂකයන්ගෙන් යැපෙන්න හිතාගෙන කටයුතු කරනවා නම් ඒකේ වරදක් තියෙනවා. නමුත් ලක්ෂ පනහක හැටක කෝටියක කෝටියට වඩා වැඩි මුදලක විශාල සැත්කම් හදිසියේ කරන්න සිද්ධ වුණොත් ඇත්තටම කරන්න දෙයක් නෑ.

හදිසියේ සිදුවිය හැකි ප්‍රශ්නවලදී කලාකරුවන් සඳහා නිසි වැඩපිළිවෙළක් හදන්න අඩුම තරමේ කලාකරුවන්ගේ හෘද සාක්ෂිය තේරෙනවා කියලා හිතෙන මේ ආණ්ඩුවවත් වැඩකටයුතු කළොත් ඒගොල්ලෝ තැන් තැන්වල අසරණ වෙන්නෙ නෑ. ජැක්සන් වෙනුවෙන් මැෂින් වෙන් කරපු එක, ජැක්සන් වෙනුවෙන් ඇඳක් වෙන් කරපු එක, මාලනී ෆොන්සේකාට සල්ලි දීපු එක මේ හැම දේම අපි සමාජය ඉදිරියේ හාස්‍යයට ලක් කළා. එහෙම නොවෙන්න නිශ්චිත වැඩපිළිවෙළක් හදලා තිබ්බා නම් මේ කිසි කෙනෙක් සමාජය ඉදිරියේ අසරණ වෙන්නෙ නෑ.

මේ වෙනකොට ගායක ගායිකා සංගමය ඉතාම ශක්තිමත්. ලංකාවේ ගායක ගායිකාවෝ ඉන්නවා එක ප්‍රසංගයකට ලක්ෂ දාසයක් පහළොවක් දොළහක් දහයක් හතක් අටක් පහක් දක්වා අයකරන. ඒ අය ලක්ෂය ගානෙ දුන්නා නම් පුළුවන් ඉෂාක්ව පහසුවෙන් සනීප කරගන්න. ඒත් අපි දැක්කේ නෑ කලාකරුවන් වැඩි ප්‍රමාණයක් ඒ සඳහා ඉදිරිපත් වෙන හැටි. හැබැයි අපි දැක්කා මුතුගල සර් ලක්‍ෂ දහයක් දුන්නා. හනා තවත් මුදලක් දුන්නා. මේ විදියට නම් කීපයක් සඳහන් වෙලා තියෙනවා.
කොහොම වුණත් රටක් විදිහට නිසි වැඩපිළිවෙළක් නැති රටක ඉෂාක් වගේ කෙනෙක් වෙනුවෙන් මේ විදියට රටේ සියලු දෙනා එකතු වෙච්ච එක නම් ලොකු දෙයක්.
ඒ වගේම අපිට මතකයි පහුගිය කාලෙත් මේ විදියට ප්‍රසිද්ධ වෙච්ච දක්ෂ ගායකයෙක්ට මුදල් දීලා ඔහුට සැත්කම් කරලා ඔහුට ශරීරාංග පවා දන්දීලා ඔහුව සනීප කරගත්තා අපේ රටේ මිනිස්සු. ඔහු ‘සමුගන්නේ නෑ’ කියලා සින්දු එහෙමත් කියලා අර තමන්ට ශරීරාංගය දන් දුන්න මනුස්සයාගේ මුහුණවත් බලන්නේ නැතුව ඉන්නවා කියලා චෝදනා කරලා තියෙන විදිය අපි දැක්කා.

ඒ විතරක් නෙවෙයි. සමහර ප්‍රසංගවලට ගියාට පස්සේ ලක්ෂ හතක් අටක් මුදල් ඉල්ලලා පනස් දාහක් අඩු වුණාම ඒ පනස් දාහේ අඩුවට සින්දු නොකියා ආපහු එන ගායක ගායිකාවො අපි දැක්කා.

ඒ නිසා මේ වෙලාවෙ කියන්න තියෙන්නෙ ඔයාලට අපිව ඕනෙ, අපිට ඔයාලව ඕනෙ. වේදිකාව තැනෙන්නෙ ප්‍රේක්ෂකාරයට ඉහළින් තමයි. ඒත් ඔබ වේදිකාවට ගොඩවෙන්නෙ පහළ ඉඳලා ඇවිල්ලා. හැකි ඉක්මනින් පඩිපෙළ අමතක කරලා ඉහළින් යන්න හදන අයට නම් ඉෂාක්ට වගේ අහිංසක මිනිස්සුන්ගෙ ආදරය ලැබෙන එකක් නෑ. ඒ ගැන කියන්න වෙන්නෙ අතිශය කනගාටුවෙන්.

ඒ අස්සෙ මතක් වුණේ, හැබැයි අර ආණ්ඩුව ගොඩදාන්න කෝටි ගානක් දෙනවා කියපු මහත්තයා නම් සතයක්වත් දුන්නා කියලා ආරංචියක් නෑ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විජේවීරගේ පුතා අනුරට එරෙහිව සටන පටන් ගනී! හවුල් වෙච්ච නිලධාරීන් කවුද? හවුල් වෙච්ච ව්‍යාපාරිකයන් කවුද? ප්‍රතිලාභ ලැබුවේ කවුද? බහාලුම්වල තිබුණේ මොනවද? Sri Lanka Latest News

Next Post

කතානායකවරයාට එල්ල වන සියලු චෝදනාවන්ට පාර්ලිමේන්තුවෙන් උත්තරයක්! මාසෙට තෙල් ලීටර් 900යි! වාහන 2යි! කාර්ය මණ්ඩලයේ 8යි! නිල නිවස පාවිච්චි කරන්නේ නෑ! ලෝරිස් මාවතේ ගෙදර කුලිය පඩියෙන් කපනවා! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.