බෝයිං 737 වර්ගයේ තවත් මගී ප්‍රවාහන යානයක් මිනිත්තු 10ක කාලයක් තුළ අඩි 26,000ක් පහළට වැටීමේ පුවතක් වාර්තා වී තිබේ.Sri Lanka Latest News
චීනයේ ෂැන්හයි නුවර සිටි ජපානයේ ටෝකියෝ බලා පියාසර කරමින් පැවති ජපානයේ ස්ප්‍රින්ග් ගුවන්සේවයට අයත්, බෝයිං 737 යානයක් අඩි 36,000ක උසක සිට අඩි 10,500ක උසක් දක්වා වේගයෙන් පහළට ගමන්කර ඇත.
එහිදී යානාය අභ්‍යන්තරයේ පීඩනය පහත වැටී යානයේ සිටි මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට පත්වූ අතර මෙම සිදුවීමට හේතුව මෙතෙක් වාර්තා වී නැහැ.
කෙසේ නමුත් යානය සාර්ථකව ජපානයේ කන්සායි ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වීමට නියමුවන් සමත්ව තිබුණි.










