සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් චන්දයක් පැවැත්වීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර වෙත නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. Sri Lanka Latest News
එම ප්‍රාදේශීය සභාව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.
එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර ඇතුළු පිරිසක් නම් කර සිටිනවා.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ සීතාවක ප්‍රාදේශීය සභාවේ බහුතර බලය විපක්ෂය සතුවන බවයි.
එසේ තිබියදී අදාළ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා ඉකුත් 17 වනදා බස්නාහිර පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දරගේ ප්‍රධානයත්වයෙන් රැස්වීමක් පැවැති බවත් පෙත්සම්කරුවන් සඳහන් කරයි.
එහිදී අදාල තෝරා ගැනීම් සිදුකිරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට බස්නාහිර පළාත් පාලන කොමසාරිස් වරිය තීරණය කළ අතර ඊට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරු 24 දෙනෙකු සභාවෙන් පිටව ගිය බවත් පෙත්සමේ සඳහන්වේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස සභාවේ ගන පූර්ණය නොමැති වීම හේතුවෙන් අදාල තෝරාපත් කර ගැනීම කල් දැමුනු බවත් පෙත්සමේ සඳහන් කර තිබේ.
ඒ අනුව අදාල තනතුරු වලට තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ගෙන තිබෙන තීරණය තීරණය නීතියට පටහැනි බවත් එය ක්‍රියාත්මක කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.










