• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විද්‍යුත් වීසා නිකුත් කිරීමේදී ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පැහැර හැර තියෙන්නේ එවක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලකගේ වාචික හා ලිඛිත උපදෙස් මත! වරද පිළිගනිමින් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයේදී ආන්දෝලනාත්මක අනාවරණයක් කරයි! I Sri Lanka Latest News

July 2, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
විද්‍යුත් වීසා නිකුත් කිරීමේදී ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පැහැර හැර තියෙන්නේ එවක අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලකගේ වාචික හා ලිඛිත උපදෙස් මත! වරද පිළිගනිමින් හර්ෂ ඉලුක්පිටිය අධිකරණයේදී ආන්දෝලනාත්මක අනාවරණයක් කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රෙෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණි.Sri Lanka Latest News

ඒ අනුව වගඋත්තරකාර ආගමන හා විගමන පාලකවරයාට දඬුවම් නියම කිරීම ජුලි 24 වැනිදා සිදුකරන බව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දැනුම් දුනි.

පසුගිය ආණ්ඩුව සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන පාටලී චම්පික රණවක සහ එම්.ඒ.සුමන්දිරන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබුණි.

පසුව එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත් අගෝස්තු 02 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පැරණි ක්‍රමය යටතේම සිදු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ආගමන හා විගමන පාලකවරයා වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

එහෙත් ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැරහැර තිබූ අතර ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනුකරමින් ඉකුත් වසරේ සැප්තැම්බර් 25 වනදා ඔහුව රක්ෂිත බන්ධනාගාර කෙරුණි. 

මෙවන් පසුබිමක අදාළ නඩුව යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි කැඳවීය.

එහිදි වගඋත්තරකාර හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සඳහන් කළේ නඩුවේ චෝදනාවලට තමන් නිවැරදිකරු යැයි වගඋත්තරකරු කළ ප්‍රකාශය ඉවත් කරගනිමින් වරද පිළිගන්නා බවටය.

සිය වරද පිළිගෙන ප්‍රකාශයක් කිරීමට විත්තිකරු කළ ඉල්ලීමට විනිසුරු මඩුල්ල අවසර ලබාදුන්නේය.

අනතුරුව අධිකරණය හමුවේ හර්ෂ ඉලුක්පිටිය මහතා සිය ප්‍රකාශය සිදුකළේය.

” ස්වාමිනි, මේ චෝදනාවලට නිවැරදිකරු බව මං කලින් ප්‍රකාශ කළා. දැන් මම එය ඉල්ලා අස්කර ගන්නවා. මම අදාළ චෝදනාවලට වරදකරු බව කියා සිටිනවා.” 

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ වගඋත්තරකරුගෙන් මෙසේ ප්‍රශ්න කළේය.

” මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමේ තිබෙන බරපතළභාවය ගැන ඔබට දැනුමක් තිබෙනවා” 

ඊට හර්ෂ ඉලුක්පිටිය මහතා මෙසේ පිළිතුරු දුන්නේ මෙසේය.

“ස්වාමීනී, අධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් විමසීමක් කළා. එම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අධිකරණයෙන් වැඩිදුර කරුණු පැහැදිලි කර ගැනීමක්  කරගන්නා ලෙස එහිදී උපදෙස් ලැබුණා. අධිකරණයෙන් පැහැදිලි කිරීමක් ලැබෙන තෙක් එම අතුරු තහනම් නියෝගය අනුව කටයුතු නොකරන ලෙස එවක අමාත්‍යාශ ලේකම්වරයා මට දැනුම් දුන්නා. මම ඒ අනුව කටයුතු කළා. ඒ අවස්ථාව වන විටත් මම පූර්ව විශ්‍රාම යාමට ඉල්ලීමක් කර තිබුණා. වෙනත් ආයතනයකට ස්ථාන මාරුවක්ද ඉල්ලා තිබුණා. ” 

එහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා යළි ප්‍රශ්න කළේ ” මෙම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස ඔබට ඉහළ අධිකාරියකින් බලපෑමක් තිබුණද ? ” යන්නයි.
 
” ස්වාමීනි, නීතිපතිවරයාගෙන් උපදෙස් ලැබෙන තෙක් එම අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන ලෙස අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක මහතා මට උපදෙස් දුන්නා. ඒ සම්බන්ධයෙන් වාචික මෙන්ම ලිඛිත දැනුම් දීමකුත් සිදුකළා.” යනුවෙන් හර්ෂ ඉලුක්පිටිය මහතා පිළිතුරු දුන්නේය.

මෙහිදී යළිත් ප්‍රශ්නයක් මතු කළ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ” ඔබ කියා සිටින්නේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ උපදෙස් මත අදාල අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකළ බව නේද? ඔහුගෙන් උපදෙස් ලැබුණේ කවදාද?” යි විමසීය. 

ඊට පිළිතුරු ලෙස හර්ෂ ඉලුක්පිටිය මහතා ” ස්වාමීනි, මට දිනය හරියට මතක නෑ. මා විදේශගත වීමට පෙරයි එය ලබා දුන්නේ. නමුත් වාචිකව හා ලිඛිතව එම උපදෙස් ලබා දුන්නා.” යැයි පැවසීය. 

අනතුරුව විනිසුරු මඩුල්ල මේ සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශවයන්ගෙන්ද කරුණු විමසුවේය. 

එහිදී පෙත්සම්කාර පාර්ශවයක් ලෙස නීතිඥ රවුෆ් හකීම් මහතා කියා සිටියේ මෙම ක්‍රියාව වග උත්තරකරුගේ අවශ්‍යතාව මත සිදුවූ කටයුත්තක් නොවන අතර අදාළ අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා ජාතික ආර්ථිකයට විශාල පාඩුවක් සිදුවූ බවය.

එබැවින් දඬුවම් නියම කිරීමේදී එම කරුණද සැලකිල්ලට ගන්නා ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පෙත්සම්කාර පාඨලී චම්පක රණවක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම විද්‍යුත් වීසා ගනුදෙනුව නිසා සිදුවී ඇති අලාභය රුපියල් කෝටි 331ක් බව මීට පෙර ගණන් බලා තිබුණද අදාළ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම නිසා එම පාඩුව තවත් වැඩි වී ඇති බවය.

ඉන් අනතුරුව හර්ෂ ඉලුක්පිටිය මහතාගේ නීතීඥවරයා තම සේවාදායකයා ඔහු වැරදි කාලයේ වැරදි තනතුරක කටයුතු කිරීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උද්ගත වූ අතර ඔහු වරද පිළිගෙන ඇති නිසා ලිහිල්ව කටයුතු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව ත්‍රිපුද්ගල ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගඋත්තරකරුට දඬුවම් නියම කිරිම පිළිබඳ තීන්දුව ජුලි 24 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

SendShareShare
Previous Post

වරායේ කන්ටේනර් නිදහස් කළේ අපි නෙමෙයි නිලධාරීන්! කමිටුව පත් කළේ ජනාධිපති! වාර්තාවට අනුව ජනාධිපති අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී! මුජිබර් එළියට දාපු කන්ටේනර් වාර්තාව ගැන බිමල් මුල්වරට කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කෝටි 6ක ස්ථිර තැන්පතු ගැන යෝෂිතට ඩේසි ආච්චිට නඩු වැටෙයි! I Sri Lanka Latest News

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.