• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දානන්දත් වැඩේ අත් නොහරී: මැච් එක වික්ක බවම කියයි: පොලිසියටත් බනියි: ගෝඨාගෙන් පරීක්ෂණයකුත් ඉල්ලයි (VIDEO)

July 4, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
මහින්දානන්දත් වැඩේ අත් නොහරී: මැච් එක වික්ක බවම කියයි: පොලිසියටත් බනියි: ගෝඨාගෙන් පරීක්ෂණයකුත් ඉල්ලයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

2011 ලෝක කුසලාන ක්‍රිකට් මහ තරගාවලියේදි තරගය පවා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමා විසින් සිදු කළ පැමිණිල්ල අනුව කළ විමර්ශන කටයුතු ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පවසමින් නතර කළ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තමන් ඉල්ලිමක් කරන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කරයි.

ඊයේ (03) දින පස්වරුවේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදි හිටපු ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.

” මා විසින්  2011 ලෝක කුසලානය පිළිබදව ප්‍රකාශයක් පසුගියදා සිදු කළා. ඒ ප්‍රකාශය මම මිට කලින් දෙවතාවක් සිදු කළා. මේ පිළිබදව හිටපු ක්‍රීඩා ඇමතිවරු සහ ක්‍රිකට්ක්‍රීඩකයින් ප්‍රකාශ සිදු කළා. 2018 වසරේ දෙසැම්බර් මාසයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකයේ ප්‍රධානියා විසින්  හරින් ප්‍රනාන්දු හිටපු ඇමතිවරයට එවන ලද ලිපියක් මා සතුව තියෙනවා.

ඒ්කෙන් කියන්නේ ලෝකයේ ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් අතරින් වැඩිම දුෂණ චෝදනා තියෙන රට ලංකාව කියලා. මේ පිලිබදව දැනට පරික්ෂණ පවත්වනවා කියලා ඇමතිවරයට දන්වලා තියෙනවා. මා විසින් කරන ලද ප්‍රකාශයට පොලිස් ඒකකය විසින් මගෙන් ප්‍රකාශයක් ලබා ගත්තා. මම මා සතුව තිබු සියළුම තොරතුරු ලබා දුන්නා.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩකයින් සම්බන්ධ නැහැකියලා මම පැහැදිලිව කිව්වා . මම දන්නේ නැහැ පොලිස් ඒකකය කුමාර සංගක්කාරවත්, මහේල ජයවර්ධනවත් කැඳ වුයේ කුමන පදනමකින්ද කියලා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරලා තියෙනවා මේකට තොරතුර නැහැ, ඒ නිසා මේ පරීක්ෂණ නතර කරා කියලා.

මම කතා කරා මගෙන් ප්‍රකාශ ලබා ගත් පොලිස් ඒකකයට. පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානියා මට කියන්නේ මේ පනතින් මේ පරික්ෂණය තියන්න බැහැ  කියලා. තරග පවා දිමේ පනත සම්මත වුණේ 2019 , මේ සිද්ධිය වුණේ 2011 වසරේදී.

කුමාර සංගක්කාර මහතාගේ නිතිඥයා කියලා තියෙනවා මේකට කට උත්තර ලබාදෙන්න අපි බැදිලා නැහැ කියලා. මොකද මේ පනත වැරදි, එතකොට තමයි පොලිසියට තේරෙන්නේ ආරම්භ කරපු පරික්ෂණය වැරදි කියලා. පොලිසිය වැරදි පරික්ෂණයක් ආරම්භ කරලා ඇනගත්තම පරික්ෂණය අවසන් තොරතුරු නැහැ කියන්න බැහැ.

මේ වෙනකොට පොලිසිය තොරතුරු ලබාගෙන තියෙන්නේ තේරිම් කම්ටුවේ සභාපතිවරයාගෙන් විතරයි. එවකට ක්‍රිකට්පාලනයේ හිටපු ලේකම්ගෙන් කට උත්තර ලබා ගත්තද? සභාපතිගෙන් ගත්තද? විධායක නිලධාරින්ගෙන් ගත්තද? ඒ තරගාවලියට සම්බන්ධ කිසිවෙකුගෙන් කට උත්තර ලබාගෙන නැ. මම පැහැදිලිව සදහන් කරා තොරතුරු ගන්න ඕනි අය කවුරුන්ද කියලා.එක්කෙනෙක්ගෙන් කට උත්තර අරගෙන පරික්ෂණය වහන්න පුළුවන්ද? මේ විදිහටම තමයි පොලිසිය පහුගිය කාලයෙත් සිදු කලේ.

අපි යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් විරුද්ධව පැමිණිලි දානකොට දවස් දෙකෙන් පැමිණිල්ල වැහුවා. මෙතනදි වෙලා තියෙන්නේ පොලිසිය පරික්ෂණ කරලා තියෙන්නේ වැරදි විදිහට. මේ පනතට අනුව පොලිස් විමර්ෂණ එක්කයට පරික්ෂණ කරන්න බැහැ. මේකේ බරපතල කම නිසා මම කට උත්තරයක් දුන්නා. මේක විමර්ෂණය කල යුත්තේජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින්.

මම ජනාධිපතිවරයාට කිව්වා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් අසාධාරණ ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. මේ පිලිබදව විධිමත් පරික්ෂණයක් කරන්න කියලා මම ඉල්ලිමක් සිදු කලා.පොලිසිය තමන්ගේ වැරැද්ද වහා ගන්න මේක මගේ පිට දලා තියෙනවා.

පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක තුමාගෙන් මම අහනවා එක පුද්ගලයෙක් ගෙනල්ලා ප්‍රකාශයක් ලබාගෙන විමර්ෂණය නතර කරන්න පුළුවන්ද‍? 2019 සම්මත පනතින් 2011 සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ කරන්න පුළුවන්ද කියලා මම අහනවා?

කුමාර සංගක්කාර මහතා කියලා තියෙන්නෙත් මේක සම්බන්ධයෙන් පරික්ෂණ කල යුත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් කියලා. මම එදත් කිව්වා මේක දේශපාලනියකරණය කරන්න එපා කියලා. මේක විපක්ෂය දේශපාලනය කරගෙන. අපිට ලෝක කුසලානය දිනන්න පුළුවන්, ආයේ දිනන්න නම් මේ තරගා පවා දිම නතර කරන්න ඕනේ. මේක පිටි පස්සේ ක්‍රීඩකයෝ නැහැ. හැබැයි මේකට සම්බන්ධය විශාල ලෙස මුදල් වැය කරනවා මේකෙන් බේරෙන්න” හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටියේය.

කෙසේවෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනය කළේ මෙවැනි චෝදනාවක් පිළිබද මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවත්, ලෝක කුසලාන අවසන් තරගය පාවා දුන් බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත්ය.

SendShareShare
Previous Post

බැඳුම්කර වංචාව ගැන ප්‍රකාශයක් දෙන්න රනිල් CIDය ගෙදරටම ගෙන්වා ගනී

Next Post

වරාය හදන්නේ නැතිව දොඹකර ගෙනාවේ කවුද? ගෝඨා කමිටුවක් පත්කරයි: දින 45ක් ඇතුළත වාර්තාව ඉල්ලයි

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.