• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිනන්න නම් සජබෙ කරන්න ඕනේ දේ මෙන්න! ඔන්න ඕකයි ප්‍රශ්නෙ! Sri Lanka Latest News

June 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අහන්න හොඳට අහන්න..! කැපිලි දාන්න එපා..! කකුලෙන් අදින්න එපා..! යටිකූට්ටු කුමන්ත්‍රණ කරන්න එපා..! මේ තරුණයාව විනාශ කරන්න එපා..! බිහිවෙන්න යන්නේ මේ රටේ අනාගත නායකයෙක්! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහාත්, පක්ෂයේ උන්නතිය සඳහාත් ගත හැකි පියවර කිහිපයක් සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා රූපවාහිනී සංවාදයකදී මෙලෙස අදහස් දක්වා සිටියා. Sri Lanka Latest News

‘සමගි ජන බලවේගය ලෙස, රට ඇතුළේ ජන කණ්ඩායම් ආකර්ෂණය කරගැනීම අපේක්ෂා කරන තරම් වේගවත්ව සිද්ධ වෙන්නේ නැහැ. දිනන්න බැරි ඇයි කියන ප්‍රශ්නයනේ අපෙන් නිතර අහන්නේ. මම කිව්වනේ ඒක සජිත්ගෙවත් රනිල්ගෙවත් ප්‍රශ්නයක් නෙමෙයි කියලා. එහෙනම් මොකද්ද ප්‍රශ්නය කියන එකනේ තියෙන්නේ. ප්‍රශ්න ගණනාවක් මේක ඇතුළේ තියෙනවා. ඒ ප්‍රශ්නවලට විසඳුම් දේශපාලන ව්‍යාපාරයක් ලෙස හොයාගන්නකම් අපිට ජයග්‍රහණය ඈතයි.

මොනවද ඒ ප්‍රශ්න? පළවෙනි එක තමයි අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස දිනන්න ඕනේ නම් අපිත් එක්ක මේ රට ඇතුළේ තරග කරන්නේ කවුද, මොනවද ඒ අයගේ දක්ෂතා කියන එක අධ්‍යයනය කරන්න වෙනවා. තාම එහෙම එකක් වෙලා නැහැ. අධ්‍යයනය කළා නම් අපි දිනනවා. පරාජයෙන් කියැවෙන්නේ මොකක්ද? එහෙම අධ්‍යයනය කරලා නැහැ.

මොනවද මේ අනිත් අයගේ දක්ෂතා? නිකන් බැලු බැල්මට. එක, ජයග්‍රාහී කණ්ඩායමට ඉන්නවා ඇම්බැට්ටයෝ ටිකක්. අපිට ඒ ඇම්බැට්ටයොත් එක්ක සමාජ මාධ්‍ය ඇතුළේ හැප්පෙන්න මිනිස්සු ඉන්න ඕනේ. ෆේක් එකවුන්ට්ස් දසදහස් ගානක් එක්ක දේශපාලන ව්‍යාපාරයක් මේ මොහොතේ රට ගෙනියනවා. ඒකට මොකක්ද අපි ගාව තියෙන සොලූෂන් එක? මොකක්ද අපි මේ ෆේක් කට්ටියත් එක්ක හැප්පෙන ක්‍රමය? එක්කෝ අපිට සිද්ධ වෙනවා අපිටත් ෆේක් එකවුන්ට්ස් හදන්න. එහෙම නැත්නම් අපිටත් ඒ වෙනුවෙන් මොනවා හරි කරන්න සිද්ධ වෙනවා. තුන, ග්‍රාමීය වශයෙන් වෛරය, ක්‍රෝධය, ඉරිසියාව වපුරවලා තියෙන ග්‍රාමීය සමාජය ඇතුළට වෛරය, ඉරිසියාව, ක්‍රෝධය අයින් කරන්න කාඩර් එකක් අපිට ඕනේ වෙනවා, ඕක නෙමෙයි ඇත්ත දේශපාලනය කියලා කියන්න. එහෙම කියන්න මිනිස්සු අපි ගාව දැන් නැහැ. අඩුයි.
මළ ගෙදරක, දාන ගෙදරක, බණ ගෙදරක, පට්ටපල් හිතලු එක්ක බොරු කිය කිය දේශපාලන කතා කියන මිනිස්සු අතර ඕක නෙමෙයි ඇත්ත කියලා කියන්න මිනිස්සු 15,000ක් 20,000ක් අපට උවමනා කරනවා. දිනන්න ඕනේ නම්.

හතර, සම්පූර්ණ මෙහෙයුම කම්පැනියක් වගේ පක්ෂයක් රාජ්‍යයක් බවට පත්කරලා වගේ, පක්ෂයක් විසින් මේ රටේ හැම තැනක්ම අල්ලා ගන්න උත්සාහ කරන ව්‍යාපාරයක් එක්ක අපිට තරග කරන්න ඕනේ නම්, හැම මාවතකටම, හැම ලේන් එකකටම, හැම ගමකටම අපේ පණිවුඩය ෆිසිකලි ගෙනියන්න මිනිස්සු වුවමනා කරනවා.
ඊළඟ එක, සමස්ත පද්ධතියම දේශපාලනීකරණය කරද්දි, ඒකට එරෙහිව නැගීසිටින මිනිස්සු වුවමනා කරනවා. ලිබරල් මිනිස්සු සමස්ත පද්ධතියම දේශපාලනීකරණය කරන්නේ නැහැ. ඒක තමයි ඒගොල්ලන්ගේ ක්‍රමය. නිදහසේ ඉන්න දෙනවා, දේශපාලන තීරණය ගන්න ඉඩ දෙනවා. මේක එහෙම එකක් නෙමෙයි. වාමාංශික ව්‍යාපාර. උදේ ඉඳන් රෑ වෙනකන් දවස් 365ම ඉඩ ලැබෙන හැම තැනකම. වක්කඩක් කැඩිලා වතුර වැඩිපුර ගියොත්, වක්කඩ කැඩුණේ ආණ්ඩුවේ වරදින් කියලා කියන මට්ටමේ දේශපාලන ව්‍යාපාර තියෙන්නේ. ආන් ඒ බොරුවලට එරෙහිව දිගින් දිගටම දේශපාලන පණිවුඩ ගෙනියන යාන්ත්‍රණයක් හදන්න වෙනවා.

ඒ කියන්නේ, ඒ කියන්නේ ඒක යාන්ත්‍රණයක්, ෆිසිකලි හදන්න අමාරුයිනේ. දැන් තාක්ෂණය දියුණුයිනේ. තොරතුරු තාක්ෂණ කණ්ඩායමක්, තොරතුරු තාක්ෂණ සෙක්ෂන් එකක් කියලා මම කියන්නම්කෝ, සමගි ජන බලවේගයට වුවමනා කරනවා. ඒ වෙනුවෙන් අරමුදල් වුවමනා කරනවා.
ඊළඟ ප්‍රශ්නෙත් ඕක.

පක්ෂයට විශාල අරමුදලක් සහිත වාමාංශික කණ්ඩායමක් එක්ක තමයි තරග කරන්න තියෙන්නේ. කෝටි ගානක එකවුන්ට් එකක් හදාගෙන, ඒකත් එක්ක තව තව මේ එකවුන්ට් එක ප්‍රවර්ධනය කරන, ඒකෙන් වැටුප් ලබන, කාඩර් එකක් රට ඇතුළේ ඉන්න, කම්පැනි එකක් ලෙස වැටුපට, තමන්ගේ සේවය පැය 24ම දවස් 365ම දෙන කණ්ඩායමක් එක්ක හැප්පෙන්න නම්, අපිටත් සිද්ධ වෙනවා සෑහෙන අරමුදලක් දේශපාලන පක්ෂයක් ලෙස එකතු කරගන්න. සමාජ සුබසාධනය වෙනුවට සියලු මුදල් දේශපාලනයට ගන්න ඕනේ කියලා හිතන මට්ටමේ ආර්ථික මොඩලයක් පක්ෂයක් ලෙස හිතන්න පටන් ගන්න සිද්ධ වෙනවා.

විශාල මුදලක් පහුගිය අවුරුදු පහේදී මේ රටේ සමාජ සුබසාධනයට සජිත් ප්‍රේමදාස වෙන් කළා. එහෙම වෙන්කරලා බැහැ මේක ඇතුළේ දැන්. ඒ ඔක්කොම ගන්න ඕනේ මොකකටද? බලය ලබාගැනීම උදෙසා.

ඊළඟ එක, කතා කරන්න පුළුවන් මිනිස්සු, අදහස්. මේ විදිහට කතා කරන්න පුළුවන් මිනිස්සු තව 50ක් 60ක් මේ පක්ෂයේ ඇතුළේ ඉන්නවා. ඒ අයව ජනප්‍රිය කරවන්න ඕනේ.
ඊළඟට, මොකක්ද මේ කියන ආර්ථික මොඩලය, මොකක්ද මේ රටේ ඇත්ත ප්‍රශ්න සහ ඇත්ත විසඳුම් කියලා සමාජයට උගන්වන්න ඕනේ. දැනුම දෙනවා නෙමෙයි, උගන්වන්න ඕනේ.

දකුණට පාසලක්. ආර්ථික දේශපාලන දැනුම ලබාදෙන දකුණට පාසලක් උවමනා කරනවා. හරියට මේක ජේවීපී එකේ පන්ති පහ වගේ. අපට සිද්ධ වෙලා තියෙනවා දකුණට පන්ති 100ක් විතර කරන්න. දැනුම ලබාදීලා, ගම ඇතුළේ පණිවුඩේ අරගෙන ගිහිල්ලා, ෆේස්බුක් ඇතුළු සෝෂල් මීඩියා ඇතුළේ හැප්පෙන්න ටීම් හදලා, ඊට පස්සේ ඇත්ත ප්‍රශ්නවලට ඇත්ත විසඳුම් ලබාදීලා, බොරු ප්‍රශ්න ගැන කියන මිනිස්සුන්ගේ තර්කය බිඳවට්ටවන්න තරම් මේ දැනුම සහිත මිනිස්සු සමාජය ඇතුළේ හදලා, ඊළඟ එක, යාවත්කාලීනව ප්‍රශ්න සහ ඒවායේ සැබෑ පසුබිම යාවත්කාලීන කරන්න පණිවුඩ දිගින් දිගටම රට පුරා ව්‍යාප්ත කරන ජාලයක් හදන්න සිද්ධ වෙනවා. විශාල අරමුදලක් එක්ක නඩත්තු කරන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්වෙන්න සිද්ධ වෙලා තියෙනවා.

තරුණ පිරිසට මේ පණිවුඩය රවට්ට ගන්න එක වළක්වලා, ඇත්ත ප්‍රශ්න ඇත්ත විසඳුම් එක්ක තරුණ ආකර්ෂණය දිනාගන්න, ඒ අයගේ ඇත්ත ප්‍රශ්න ටිකයි, ඇත්ත විසඳුම් ටිකයි කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට තරුණ තරුණියන් වුවමනා කරලා තියෙනවා.

ඔන්න ඔය ටික කරගත්ත දවසට මේ ව්‍යාපාරයට දිනන්න පුළුවන්. ඔය එක තැනකවත් සජිත් ප්‍රේමදාස සාධකයවත්, රනිල් වික්‍රමසිංහ සාධකයවත්, නායකයා නමැති සාධකයවත් ඇහුණේවත් නැහැ. එහෙනම් ඔන්න ඕවා තමයි දකුණ පරදින ඇත්ත ප්‍රශ්න. ඕක තමයි ප්‍රශ්නය. එහෙම නැතුව වෙන අර්බුදයක් නෙවෙයි මේකේ තියෙන්නේ.’

Prasad Siriwardana ෆේස්බුක් පිටුවෙනි

SendShareShare
Previous Post

ඔක්කොම කුණු කෙහෙළියගේ බොක්කට දාලා අත පිහිදාගත්තාම හරිද? එතකොට හිටපු අමාත්‍යාංශ ලේකම්වරු – නිලධාරීන් – සභාපතිවරු – අධ්‍යක්ෂවරු – ගණකාධිකාරිවරු – තාක්ෂණ නිලධාරීන් – ඖෂධවේදීන් බබාලද? බාල බෙහෙත් වංචාව මුලින්ම රටට හෙළිකරලා රස්සාවත් නැතිකරගෙන කෙහෙළිය හිරේ යවපු විශේෂඥ වෛද්‍ය චමල් සංජීව දෙවැනි සටන පටන් ගනී! Sri Lanka Latest News

Next Post

වැලිගම ‘පැහැරගැනීම’ ‘බොලිවුඩ්’ චිත්‍රපටියක්! වැඩේ කියන්නේ මාලිමාවේ මන්ත්‍රීවරු දෙන්නා පැහැරගන්නවා කියලා JVP එකේ ඔක්කොම කලින්ම දැනන් ඉඳලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.