ප්‍රකාශයක් ලබා දීම සදහා අද (03) දින නොපැමිණෙන ලෙසට නිල දැනුම්දීමක් නොලැබීම හේතුකොට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන මීට සුලු මොහොතකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ තිබේ.
ඒ 2011 ලෝක කුසලාන අවසන් මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීමටය.
කෙසේ වුවත් ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය අද උදෑසන කියා සිටියේ මහෙල් ජයවර්ධනව අද දිනයේදී ප්‍රකාශයක් ගැනීමට කැඳවා තිබුණත් පසුව වෙනත් දිනයක් ලබාදීමේ බලාපොරොත්තුවෙන් අද ඔහුට නොපැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.
නමුත් මහේල ජයවර්ධන කියා සිටියේ අද දිනයේදී නොපැමිණෙන ලෙස තමන්ට කිසිදු නිල දැනුම් දීමක් සිදු නොවූ බවත්, පෙර දැනුම් දුන් පරිදි තමන් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි බවත්ය.
2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශතකයක්ද වාර්තා කළ මහේල ජයවර්ධන එම කණ්ඩායමේ උප නායකවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය.










