2011 ක්‍රිකට් ලෝක කුසලානය මුදලට පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශයක් මුල් කරගෙන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ප්‍රශ්න කිරීම සදහා ක්‍රීඩා විමර්ශන ඒකකයට කැදවීම සම්බන්ධයෙන් රට ඇතුළෙන් දැඩි විරෝධයක් මතු වෙමින් තිබේ.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රකාශ තබමින් ජනතාව ඒ සදහා විරෝධය පළ කිරීම ආරම්භ කොට ඇත.
එපමණක් නොව පක්ෂ බේදයකින් තොරව දේශපාලන නායකයන්ද මෙම තත්ත්වය විවේචනය කරමින් අදහස් දැක්වීමට පටන් ගෙන තිබේ.
මෙහිදී අදාළ ප්‍රකාශය කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතා දැඩි විවේචනයට ලක්කොට තිබීමද විශේෂ සිදුවීමකි.











