• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ගැහැනු හතරක් එක මිටකට.. දුන්නා බැටේ ජනමතයට..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

June 21, 2025
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
ගැහැනු හතරක් එක මිටකට.. දුන්නා බැටේ ජනමතයට..! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඡන්දෙට සිරිවර්ධන මහත්තයා සල්ලි දෙන්නේ නැත්නම් ආපහු යන්න ඕනෙ අධිකරණයට. අධිකරණය දෙන ලද තීන්දුවට අනුව කටයුතු නොකිරීම හේතුකොට උසාවියට අපහාස කිරීම. මේ දවස්වල කීප දෙනෙක් හිටියා හිරේට ගිය. එස්.බී. ගියා, රන්ජන් ගියා. තුන සිරිවර්ධන වෙනවා මතක තියාගන්න…’Sri Lanka Latest News
04.03.2023

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන 2023 පවත්වන්න නියමිත පුංචි ඡන්දයට මුදල් නොදීම නිසා ඔහු හිරේට යායුතු යැයි මේ කියන්නේ වත්මන් ජානධිපති අනුර කුමාරය. අනුර කුමාර එහෙම කියලා නිකන් හිටියේ නැත. වත්මන් විදේශ ඇමැති විජිත හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ සිරිවර්ධන ඡන්දයට සල්ලි දෙන ලෙසට අධිකරණය දුන් නියෝගය ක්‍රියාත්මක නොකිරීම නිසා ඔහු අධිකරණයට අපහාස කළා කියා වහාම ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියාය. විජිත හේරත් එලෙස උසාවි ගියේ 2023 මාර්තු 21ය.

ඡන්දයට සල්ලි නොදී මගඇරපු සිරිවර්ධනව අනුර දින්න ගමන් එක පෑන් පාරින් ඉවත් කොට ඔහුව අධිකරණ නියෝගයක් කඩකිරීම නිසා ඔහුව හිරේ දමනු ඇතැයි අනුරට ඡන්දය දුන් බොහෝ අය සිතූහ.

එහෙත් අනුර ඔහුව ඉවත් කළේ නැත. ඔහු විදේශ රැකියාවකට යෑමට විශ්‍රාම ගනිද්දී ඔහු වෙනුවෙන් උපහාර උළෙලක් තියා ඔහුට ගෞරව සම්මානයක් පිරිනැමුවේ ආර්ථිකය ගොඩදමන්න ඔහු කළ සේවය වෙනුවෙනි.

‘ඒ කියන්නේ මහින්ද සිරිවර්ධන එදා ඡන්දෙට සල්ලි නොදුන්න එක හරිද..?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි ඒ පුංචි ඡන්දයට අවශ්‍ය සල්ලි ලබාගන්න එදා සටන් කළ ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, ආගමික නායකයන් සියල්ලටම කටඋත්තර නැති වෙන්න අනුර සහ ජවිපෙ ආණ්ඩුව මහින්ද සිරිවර්ධන නිදොස් කොට නිදහස් කොට ගෞරව සම්මානයක්ද පිරිනමා තිබේ.

රනිල් පුංචි ඡන්දය නොපවත්වා ගන්න කාන්තාවන් දෙදෙනෙක්ව පාවිච්චි කළේය. එක් අයෙක් නම් ප්‍රින්ස් සරෝජනී මන්මදරාජා චාල්ස් නොහොත් පී. චාල්ස්ය. ඇය මැතිවරණ කොමිසමේ සාමාජිකාවකි. රනිල් ඇයට උතුරු පළාතේ ආණ්ඩුකාර ඇම දී පළාත් පාලන ඡන්දය පවත්වන්න වැඩකළ මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවාට එරෙහිව ඇයව පාවිච්චි කළේය. ඇය පළාත් පාලන මැතිවරණය පවත්වන්න විරුද්ධ යැයි නිවුස් ප්ලාන්ට් කොට ඇයට මැතිවරණ කොමිසමෙන් ඉවත්ව යන ලෙස බලපෑම් කළේය. ඇය ඉවත් වූවාය. ඉන් පසු රනිල් ඇයව උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කරනු ලැබීය. ඡන්දය නොපවත්වන්න ඇය කළ සේවයට රනිල් උපහාර දැක්වූයේ එලෙසය.

ඊළඟට ඡන්දය නොපවත්වන්න රනිල් පාවිච්චි කළ දෙවැනි කාන්තාව ගංගානි කල්පනා ලියනගේය. ඇය රාජ්‍ය මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණාලයාධිපතිනියය. ඇය මුද්‍රණාලයාධිපති ධුරයට පත්වුණේ රනිල් අගමැති ධුරය දරපු යහපාලන ආණ්ඩු කාලයේය. ඇයව එම ධුරයට පත් කළේ එවක රාජ්‍ය පරිපාලන ඇමැති වජිර අබේවර්ධනය. ඇය මුද්‍රණාලයාධිපති ධුරයට පත්වූ විට පළමු වරට කාන්තාවක් මුද්‍රණාලයාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය රස කතා ලීවේය. මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වසර 214ක ඉතිහාසයේ කාන්තාවක් මුල් පුටුවට පත්වීම විප්ලවයක් යැයි ලීවේය. එක් මාධ්‍යයක් සඳහන් කළේ පිරිමි රජ කළ රාජ්‍යයක යදම් බිඳ රජ පුටුවට ගිය දිරිය කත කියාය.

අන්තිමේදී 2023 පළාත් පාලන ඡන්දය පවත්වන්න ඡන්ද පත්‍රිකා මුද්‍රණයට විශාල මුදල් ඇස්තමේන්තු යවා මුද්‍රණ කටයුතු කඩාකප්පල් කොට ඡන්දය කඩාකප්පල් කළේ ඇයය. ඒ දිරිය දියණිය ඒ පිරිමි අධිරාජ්‍යය බිඳදැමූ යකඩ ගැහැනිය අන්තිමට පාවිච්චි වුණේ ඡන්දය කඩාකප්පල් කොට ජන මතයට පිටුපා පත්කරගත් ජනාධිපතිවරයෙක් ආරක්ෂා කරගන්නටය. ඡන්දවලට බය ජනාධිපතිවරයෙක් ආරක්ෂා කර ගන්නටය.

පී. චාල්ස් නෝනාත් එහෙමය. ඇය ලංකාවේ ඉතිහාසයේ පළමු වරට පත්වූ කාන්තා රේගු අධ්‍යක්ෂ ජනරාල්ය. ඇයව මංගල පත් කළේ රේගුවේ කාන්තා විප්ලවය කියාගෙනය. වවුනියාවේ අතිරේක දිස්ත්‍රික් ලේකම් ධුරයේ සිට ඇය ආ ගමන් මග ගැන එදා මාධ්‍යවල වීර කතා පළවිය. ඇයද 2019දී ආණ්ඩුවේ බලපෑමට යටත්වී රේගුවේ කන්ටේනර් 143ක් නිදහස් කිරීමට එරෙහි වී රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉවත් වූවාය. ඒ වෙලාවේ විපක්ෂය ඇයව වීරවරියක් කරනු ලැබීය. පසුව රේගුව වැඩවර්ජන කොට ඇයව යළි පත්කරන ලෙස බලපෑම් කළහ. ඇයව යළි පත්කිරීමට ආණ්ඩුවට සිදුවිය. 2023 පුංචි ඡන්දය කඩාකප්පල් කරන්න රනිල් මැතිවරණ කොමිසම තුළ පාවිච්චි කළේ මේ වීරවරියය. ඇය අවසානයේ උතුරේ ආණ්ඩුකාරකම ගන්න රනිල්ගේ න්‍යාය පත්‍රයට වැඩ කළාය.

මේ චාල්ස් නෝනාට ගංගානි ලියනගේට එරෙහිව ඒ කාලේ ජවිපෙ රට වටේ රැස්වීම්වල ගොස් පහර පිට පහර දුන්නේ ඔවුන් කාන්තා සංහතියටම ලැජ්ජාවක් කියාය.

එලෙස කියා ගැහැනු අපි එක මිටට කියාගෙන කාන්තාවන් ඉස්සරහට දමාගෙන ආ ජවිපෙ කොළඹ නගර සභාවේ කොමසාරිස් ධුරයට කාන්තාවක් පත්කරනු ලැබීය. ඒ, සාගරිකා ජයසුන්දරය. ජවිපෙ කොළඹ නගරාධිපති අපේක්ෂිකාව ලෙස ඉදිරිපත් කළේද කාන්තාවකි. ඇය බල්තසාර්ය.

පසුගියදා කොළඹ මහනගර සභාවේ පුරපති ධුරයට ඡන්ද විමසීමක් පැවැත්විණි. කොළඹ මහනගර සභාවට පත්වූ මන්ත්‍රීවරු 60ක් පුරපති තෝරන්න විවෘත ඡන්දයකට යන ලෙස ලිඛිත ඉල්ලීමක් කොට තිබිණි. මෙවැනි ඉල්ලීම් අනෙකුත් පළාත් පාලන ආයතනවල කොමසාරිස්වරු සහ කොමසාරිස්වරියන් පිළිගෙන තිබිණි. ඒත් කොළඹ කොමසාරිස්වරිය ඒ ලිපිය ශත පහකට මායිම් නොකොට රහස් ඡන්දයක් පවත්වන්න නියෝග කරමින් සුද්දාගේ කාලයේ සිට පැවැත එන කොළඹ මහනගර සභාවේ ප්‍රජාතන්ත්‍රවාදය බල්ලට ඇදලා දැම්මාය.

‘ඇයි ජවිපෙ විවෘත ඡන්දයකට බය වුණේ….?’

ජවිපෙ විවෘත ඡන්දයකට බය වුණේ ජවිපෙට සහාය දෙන ස්වාධීන කණ්ඩායම්වල සිටි හොරු සහ කුඩුකාරයන්ගේ නම් එළියට යෑම වැළැක්වීමට යැයි කියන්නේ පෙරටුගාමී පක්ෂයය. ඒ වගේම ජවිපෙට සහාය දුන් යූ.ඇන්.පී., සර්ව ජන බලය වැනි පක්ෂ එළියට එනවාට බයේ යැයි කියන්නේ පෙරටුගාමී පක්ෂයය.

‘මට ආරංචි විදියට 2024 ඔබ පරාජය කරපු ඒ දූෂිත නාස්තිකාර දේශපාලන සංස්කෘතිය, ස්වාධීන කණ්ඩායම් හැටියටලු බොහොම දෙනෙක් ඉදිරිපත් වෙන්නේ. පරණ මුහුණුවල අලුත් ලේබල් ගහගෙන එන්න හදනවා. තාම පාඩම ඉගෙගෙන නැත්නම් මේ ඡන්දෙදි පාඩම උගන්වන්න වෙනවා…’

  • හරිනි අමරසූරිය

එතකොට හරිනි කියපු මේ දූෂිත නාස්තිකාර දේශපාලන සංස්කෘතියට අයත් ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයන්ගේ සහායෙන් කොළඹ මහනගර සභාව පිහිටුවා බල්තසාර් නගරාධිපති කරන්න කොමසාරිස්වරිය රහස් ඡන්දයකට ගියාය.

‘මහ වැස්සට ගහගෙන යද්දී නයි මුගටි එක කොටයට නගිනවා වගේ සජබය, යූ.ඇන්.පී.ය, පොහොට්ටුව, තොණ්ඩමන්, පිල්ලෙයාන්, රිෂාඩ් එක කොටයට නගිනවා…’

මේ, බහුතරය නැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න විපක්ෂය එකට එකතු වෙද්දී ජවිපෙ කී කතාය. දැන් ජවිපෙ පළාත් පාලන ආයතන පිහිටුවන්න සජබ, යූ.ඇන්.පී., පොහොට්ටු, දිලිත්ගේ පක්ෂය, පිල්ලෙයාන්, තොණ්ඩමන්, රිෂාඩ්ලා එක්ක එක කොටයට නැග තිබේ.

තොණ්ඩමන්ගේ පක්ෂයට පළාත් පාලන ආයතනයක සභාපති ධුරය දුන්නේ වතුකරයේ යකඩ ගැහැනිය කී අම්බිකාව ලැජ්ජාවට පත්කරමින්ය. හේතුව ඇය ආවේ තොණ්ඩමන්ලාව ඉවර කරන්නටය.

‘ගැහැනු අපි එක මිටට’

මේ, ජවිපෙ කාන්තාවන් එකතු කළ සටන් පාඨයය. රනිල් ගැහැනු දෙදෙනෙක් පාවිච්චි කොට පළාත් පාලන ඡන්දය කඩාකප්පල් කළේය. ජවිපෙ ගැහැනුන්වම පාවිච්චි කොට පළාත් පාලන ආයතනවල සභාපතිවරු පත්කිරීම කඩාකප්පල් කළේය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සරයට අනුර එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ලෝක යුද්ධයකට පාර කපමින් ඊශ්‍රායලයේ සහායට අමෙරිකාවත් එයි! ප්‍රහාරක B2 යානාවලින් ඉරානයේ න්‍යෂ්ඨික මධ්‍යස්ථාන 3කට ‘බංකර් බ්ලාස්ටර්’ බෝම්බ දමයි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.