• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් නාමල් එක්ක කතා කරද්දි ඩීල්.. ඩීල්.. ඩීල්.. ඩීල්.. කිව්වා! එතකොට මාලිමාව පොහොට්ටුව එක්ක සභා පිහිටුවද්දි ඩීල් නෙමෙයිද? පිල්ලෙයාන් හිරේ දාලා පිල්ලෙයාන්ගේ පක්ෂයත් එක්ක සභා පිහිටුවද්දී ඩීල් නෙමෙයිද? ඒවට මොකද කියන්නේ?  VIDEO I Sri Lanka Latest News

June 19, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සජිත් නාමල් එක්ක කතා කරද්දි ඩීල්.. ඩීල්.. ඩීල්.. ඩීල්.. කිව්වා! එතකොට මාලිමාව පොහොට්ටුව එක්ක සභා පිහිටුවද්දි ඩීල් නෙමෙයිද? පිල්ලෙයාන් හිරේ දාලා පිල්ලෙයාන්ගේ පක්ෂයත් එක්ක සභා පිහිටුවද්දී ඩීල් නෙමෙයිද? ඒවට මොකද කියන්නේ?  VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වුයේ කොළඹ දිස්ත්‍රීක් සංවිධායක චරිත් අබේසිංහ මහතා.Sri Lanka Latest News

‘‘බහලුම් 323 පිළිබඳව වාර්තාවක් පැමිණෙනතුරු අපි බලාපොරොත්තුවෙන් සිටියා. ඒ අනුව මේ වනවිට එම වාර්තාව දැන් පැමිණිලා තිබෙනවා. ඒ අනුව රතු නිවේදන නිකුත් කළ බහලුම් නිදහස් කර තිබෙන බව එම වාර්තාවේ සඳහන් වෙනවා. කෙසේ නමුත් මෙම බහලුම් පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා මන්ත්‍රීවරයා බරපතල ප්‍රකාශයක් සිදුකරනවා. ඒ අනුව මෙම බහලුම් වල තිබෙන්නේ එල් ටී ටී සංවිධානය භාවිතා කොට අත්හැර දැමු ආයුද බව අර්ජුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් ජනාධිපතිට හොරෙන් ජනාධිපති සමාව දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයාගේ සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාගේ වැඩතහනම් කර අත්අඩංගුවට ගෙන තිබුණා. නමුත් රතු නිවේදන නිකුත් කළ බහලුම් වල එල් ටී ටී සංවිධානය භාවිතා කොට අත්හැර දැමු ආයුධ තිබෙන බව අර්ජුනා මන්ත්‍රීවරයා බරපතල ප්‍රකාශයක් නිකුත් කර තිබියදී රේගුව සහ රේගු නිලධාරින් සම්බන්ධයෙන් මේ ප්‍රතිපත්තියම අනුගමනය නොකරනේ ඇයි දැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම රේගුව ජනාධිපතිවරයා යටතේ තිබෙන නිසා ද මේ සම්බන්ධයෙන් පරික්ෂණ නොපවත් වන්නේ දැයි කියන ප්‍රශ්නයත් මතුවෙනවා. බහලුම් 323 සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබියදීත් , අධිකරණයේ නඩු පවරා තිබියදිත් මේ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි කියන ප්‍රශ්නයට ආණ්ඩුව ප්‍රකාශයක් ලබාදිය යුතුයි.

ඒ වගේම ස්වාධින කොමිසන් සභා පිහිටුවලා , ස්වාධීන ආයතන පිහිටුවලා තමයි රටේ ප්‍රජාත්න්‍රවාදය ආරක්ෂා කර ගැනිමට කටයුතු කරලා තිබෙන්නේ. කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය වන ආකාරයක් අපිට දකින්න ලැබුණා. පළාත් පාලන මැතිවරණය තිබෙන බව නිවේදනය කළ දිනයේ සිට ජනාධිපතිවරයා , අගමැතිවරිය ආණ්ඩුවේ මැති ඇමැතිවරු නොයෙක් ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදය බිද දමන ප්‍රකාශ නිකුත් කරනු ලැබුවා. ඒ වගේම රජයේ නිලධාරිනුත් ප්‍රජාතන්ත්‍රවාදය බිද දමා කටයුතු කරන ආකාරයක් දැන් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම පළාත් පලාන මාර්ගෝපදේශ අනුගමනය නොකිරිම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් කොමසාරිවරියට ඒ සම්බන්ධයෙන් බරපතල චෝදනා එල්ල වෙනවා. ඒ වගේම එම මාර්ගෝපදේශම වෙනත් පළාත් පාලන කොමසාරිස්වරු එම මාර්ගෝපදේශ නිසායාකාරව ක්‍රියාත්මක කරලා තිබෙනවා. ඒ අනුව මේ ක්‍රම දෙකෙන් නිවැරදි කුමන ක්‍රමවේදයද කියලා රටේ ජනතාව බලාගෙන සිටිනවා.

ඒ වගේම මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා කොළඹ මහ නගර සභාවේ වර්තමාන නගරාධිපති ලෙස තේරිපත් වුණ ව්‍රායි මහත්මිය සමඟ කොළඹ විවිධ ප්‍රදේශවල සංචාරය කර තිබුණා. මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ව්‍රායි මහත්මිය කොළඹ පුරපති ලෙස පත් කරන්න දැඩි මහන්සියක් පසුගිය දිනවල සිදුකළා. කෙසේ නමුත් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ විෂයට අදාල වන උසාවි වල වෙඩි තබාගන්නවා. ඒ වගේම 50 කට වැඩි පිරිසක් වෙඩි තැබිම් වලින් මේ වනවිට මිය ගොස් තිබෙනවා. නමුත් රටේ සිදුවන අපරාධ මඩින්න මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා කිසිදු දෙයක් සිදුකරන්නේ නෑ. අපරාධ ක්‍රියාකාරකම් නිසා මියයන පිරිස් ආරක්ෂා කරගන්න මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට කිසිදු උනන්දුවක් නැති බවත් තමයි පෙනි යන්නේ. මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාගේ රාජකාරිය ව්‍රායි මහත්මිය නගරාධිපති කරන්න මහන්සි වෙන එකද නැතිනම් රටේ ජනතාව ආරක්ෂා කරගන්න කැපෙවෙන එකද කියලා අපි අහන්න කැමැතියි. කෙසේ නමුත් පාරේ මිනිස්සු මැරෙනවට වඩා කොළඹ මහ නගර සභාව වැදගත් බව තමයි ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් පෙනෙන්න තිබෙන්නේ.

ඒ වගේම ජාතික ජනබලවේගය හදන්න උත්සහ කළ දේශපාලන සංස්කෘතිය දියවෙලා යන එක එක්තරා විදිහකට හොද දෙයක්. එතකොට මිනිස්සු අලුත් දේශපාලන සංස්කෘති විශ්වාස කරන්න යොමුවෙන් නෑ. ඒ වගේම විපක්ෂයේ පක්ෂවලින් ස්වාධීන කණ්ඩායම්වලින් මන්ත්‍රිවරු ගනිද්දි ජාතික ජනබලවේගය කියන්නේ ඒවා දේශපාලන ඩිල් නෙවෙයි ඔවුන්ගේ වැඩපිළිවෙලට කැමැති නිසා තමයි ජාතික ජනබලවේගය සමග එකතු වුණේ කියාලා. නමුත් සමගි ජනබලවේගය සමඟ විපක්ෂයේ දේශපාලන කණ්ඩායමක් හෝ ස්වාධින කණ්ඩායමක් එකතුවුණාම ජාතික ජනබලවේගය ප්‍රකාශ කරනවා සජිත් ප්‍රේමදාස ඩීල් දේශපාලනයක නිරත වෙනවා කියලා. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර සාකච්ඡා පැවැත්වෙන අවස්තාවේ ජාතික ජනබලවේගය ප්‍රකාශ කළා සජිත් ප්‍රේමදාස ඩිල් දේශපාලනයක නිරත වෙනවා කියලා. කෙසේ නමුත් පිල්ලෙයාන්ව සිරගත කරපු ආණ්ඩුව පිල්ලෙයාන්ගේ පක්ෂය සමඟ එකතු වෙලා පළාත් පාලන ආයතනයක බලය පිහිටුවනවා. ජාතික ජනබලවේගය හදන්න උත්සහ කරන දේශපාලන සංස්කෘතිය ඔවුන් විසින් විනාශ කරගෙන තිබෙනවා.

ඒ වගේම පාර්ලිමේන්තුවේ තිබුණේ මිරිස්කුඩු ගහපු සංස්කෘතියක් බව ජාතික ජනබලවේගය ප්‍රකාශ කරනවා. නමුත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසුවේ ජනතා විමුක්ති පෙරමුණ බව අද ඔවුන්ට අමතක වෙලා තිබෙනවා. කෙසේ නමුත් වර්තමාන දේශපාලන සංස්කෘතිය පිළිබඳව කතා කරද්දි වර්තමාන ආණ්ඩුවට තරම් විවේඡන කිසිදු ආණ්ඩුවටක එල්ල වෙන්නේ නෑ.‘‘

SendShareShare
Previous Post

අනුරගේ ජර්මන් ගමන ගැන ගම්මන්පිල කියපු කතාව ගැන වහාම විමර්ශනයක් කරන්න! උසාවිය CIDයට නියෝග කරයි!  I Sri Lanka Latest News

Next Post

සජබය එකින් එක සභා දිනාගෙන එද්දී ප්‍රසිද්ධියේ විපක්ෂය එක්ක ඉන්නවා කියපු සර්වජන බලයේ දිලිත් ඡන්දය දීමෙන් වැළකී ඉන්න කියලා පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නියෝගයක් දීලා! I Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.