• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අනුරගේ ජයග්‍රහණය අනුදිගේ පරාජය සහ රට යළි බංකොලොත් වීමේ අවදානම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

June 14, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
අනුරගේ ජයග්‍රහණය අනුදිගේ පරාජය සහ රට යළි බංකොලොත් වීමේ අවදානම! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක රූප සුන්දරී තරගයට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික රූප සුන්දරියන්ට මෙතෙක් නොලැබුණු ප්‍රතිචාරයක් මෙවර ලෝක රූප රාජිනී තරගයට ඉදිරිපත් වූ අනුදි ගුණසේකරට ලැබිණි. සමාජ මාධ්‍යවල ඇය වීරවරියක් වූවාය. ජාත්‍යන්තර රූප සුන්දරී තරග ඉතිහාසයේ ලංකාව නියෝජනය කළ රූප සුන්දරියන්ට කවදාවත් ජනාධිපතිවරයෙක් සුබපතා නැත. එහෙත් අනුදිට පක්ෂව රට පුරා නැගී ආ සමාජ මාධ්‍ය රැල්ල නිසා ජනාධිපතිත් ඇයට සුබ පැතුවේ ඇය දිනයි කියන බලාපොරොත්තුවෙන්ය. ජාත්‍යන්තර රූප සුන්දරී තරගයට ඉදිරිපත් වූ ලංකාවේ රූප සුන්දරියන් අතරින් ඇයට මේ ප්‍රතිචාරය ලැබුණේ බෞද්ධ ධර්මය සහ ලංකාවේ සංස්කෘතිය ඇය ජාත්‍යන්තරයට රැගෙන ගිය නිසාය. ඇය එහිදී මෙයට පෙර ජාත්‍යන්තර රූප සුන්දරී තරගවලට ඉදිරිපත් වූ අයගෙන් වෙනස් විය. එහෙත් ඇයට ජාත්‍යන්තර රූප සුන්දරියන් අතරට තේරීපත්වූ 40 දෙනා අතරටවත් එන්න නොහැකි විය.Sri Lanka Latest News

‘ලංකාව කැමැති අයට ඇයි ලෝකය කැමැති නැත්තේ…?’

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. ලෝක රූප සුන්දරී තරගයකින් පළමු වරට ලංකාවට කීර්තිය ගෙන ආවේ ලෝක විවාහක රූ රැජින වූ රෝසි සේනානායකය. ඇය ලෝක විවාහක රූ රැජින වූ විට එවක අධ්‍යාපන සහ යෞවන කටයුතු ඇමැති රනිල් වික්‍රමසිංහ ඇයව යෞවන සම්මාන ප්‍රදානයේ ප්‍රධාන අමුත්තා ලෙස ගෙන්නුවේය. එහෙත් රෝසිගෙන් සම්මාන ගන්න බැහැ කියා යෞවන සම්මානලාභීහු සම්මාන උළෙල වර්ජනය කළහ. ඊට උල්පන්දම් දුන්නේ ශ්‍රීලනිපය, ජවිපෙ ඇතුළු එවක විපක්ෂයය. ඔවුන්ගේ තර්කය වූයේ අධිරාජ්‍යවාදීන්ගේ තේරීමක් වූ ඇය අතින් සම්මාන ලැබීම තමන්ට අගෞරවයක් බවය. ඒ වෙලාවේ රෝසි හරහා ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ශක්තියක් ලබාගත හැකිව තිබුණත් මෙරට වාමවාදී ශ්‍රීලනිපය සහ ජවිපෙ ඇය රටට ගෙන ආ කීර්තිය හෑල්ලුවට ලක් කළහ.
ඊළඟට ලංකාවට රූප සුන්දරී තරගයකින් කීර්තිය ගෙන ආවේ කැරොලයින් ජූරිය. ඒත් ලංකාවේ රූප සුන්දරී විනිශ්චය මණ්ඩලයක් එක්වී ලොව විවාහක රූ රැජින කිරුළ දිනපු ඇයගේ කිරුළ ගැලවූයේ පොළොන්නරුවේ ගමෙන් ආ රූප සුන්දරියක් ජාත්‍යන්තර රූප සුන්දරී තරගයට යවන්නටය.

මේ ලංකාවේ හැටිය. ලංකාවේ ජනාධිපතිවරු තෝරන්නේත් එහෙමය. ලංකාවේ මිනිස්සු හිතන්නේ තමන් තෝරන ජනාධිපතිව ලෝකය පිළිගත යුතු බවය. තමන් තෝරන ජනාධිපතිට ලෝකය එක්ක ගනුදෙනු කරන්න හැකියාවක් තියෙනවාද, ඔහුට හෝ ඇයට ලෝකය දිනාගන්න පුළුවන්ද කියන එක ඔවුන්ට අදාළ නැත.

ලංකාව බංකොලොත් වෙලා අයි.එම්.එෆ්. එකත් සමග ගිවිසුමක් අස්සන් කරපු වෙලාවේ ජනාධිපතිවරණයක් තියන මොහොතක ලංකාවේ මිනිස්සු තෝරන්න ඕනා ලෝකයා සමග ගනුදෙනු කළ හැකි, ලෝකයා පිළිගන්නා නායකයෙකි. ඒත් ලංකාව තෝරාගත්තේ ලංකාවට ගැළපෙන ලංකාවේ මිනිස්සුන්ට ගැළපෙන නායකයෙකි. ඔවුන් ආණ්ඩුව භාරදුන්නේත් කිසිදු රාජ්‍ය පාලන අත්දැකීමක් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කර අත්දැකීමක් නැති කණ්ඩායමකටය. අද ජේ.වී.පී. ආණ්ඩුව කරන්නේ රනිල් සහ අයි.එම්.එෆ්. අස්සන් කරපු ගිවිසුම අකුරක් නෑර ක්‍රියාත්මක කිරීම පමණි.

ඒත් මහජන වරමකින් බලයට ආ ජනාධිපතිවරයෙක්ට සහ ආණ්ඩුවකට ඒ ගිවිසුම ජනතාවාදී ලෙස වෙනස් කරගැනීමට හැකියාව තිබිණි. ඒකට ඒ ආණ්ඩුව අයි.එම්.එෆ්. පාලනය කරන බටහිර රටවල විශ්වාසය දිනාගත් ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් විය යුතුය. එවිට අලුත් ජනවරම සහ ඒ සබඳතා පාවිච්චි කොට අයි.එම්.එෆ්. නම්මවා ගැනීමට හැකියාව තිබිණි. ජේ.වී.පී. ආණ්ඩුව වාමවාදී පක්ෂයක් නියෝජනය කරන ආණ්ඩුවක් නිසා බටහිර රටවල් බලන්නේ සැකයෙන්ය. මේ සැකය නිසා ජේ.වී.පී. ආණ්ඩුව තමන් බටහිර විරෝධී නොවන බව පෙන්වන්න ලංකාවේ ඓතිහාසික මිතුරන් වූ රුසියාවටද කොකා පෙන්වමින් සිටී. පසුගියදා මෙරට රුසියානු තානාපතිවරයා අනුර ජනාධිපති වූ විගස ඔහුට රුසියාවේ බි්‍රක්ස් සමුළුවට එන ලෙස රුසියානු ජනාධිපති පුටින් කළ ආරාධනය ප්‍රතික්ෂේප කිරීම ගැන ජාත්‍යන්තර සබඳතා පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේදී කතා කළේ කලකිරීමෙන්ය. ජේ.වී.පී. ආණ්ඩුව ඇමෙරිකාව සහ යුරෝපය පිනවන්න තමන් රුසියාවට පක්ෂපාතී නැති බව පෙන්වන්න ජාත්‍යන්තර කරණම් ගසමින් සිටී.

මෛත්‍රීපාල ජනාධිපති වී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගිය පළමු සංචාරයේදීම එවක ඇමෙරිකානු ජනාධිපති ඔබාමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී මෛත්‍රීව ඉහළින් පිළිගත්තේය. ඇමෙරිකාවේ ජනාධිපති ඔබාමා රුසියාවේ ජනාධිපති පුටින් සිටින වටමේස සාකච්ඡාවට මෛත්‍රීටත් ආසනයක් පනවා තිබිණි. ඒත් මෛත්‍රී ඔබාමාගේ ප්‍රතිචාරයෙන් තෘප්තිමත් වූයේ නැත. ඔහු දේශපාලනය කරන්න පටන් ගත්ත කාලේ සිට සෝවියට් දේශයට ප්‍රිය කරන අයෙකි. සාමාන්‍යයෙන් වාමවාදී ශ්‍රීලනිප දේශපාලනඥයන්ගේ වීරයන් එකල සෝවියට් දේශයේ නායකයන්ය. රුසියාවේ පුටින්ද වාමවාදී ශ්‍රීලනිප දේශපාලනඥයන්ගේ වීරයෙකි. මෛත්‍රීගේත් වීරයා වූයේ ඔබාමා නොව පුටින්ය. ඔහුට පුටින් අසල අසුන් ගැනීමට ලැබීම ලොකු ජයග්‍රහණයක් විය. එම මේසයේදී තමාගේ ප්‍රියතම දේශපාලනඥයා පුටින් බව මෛත්‍රී පුටින්ට කීවේය. පුටින්ද මෛත්‍රීගේ ප්‍රකාශයෙන් ආකර්ෂණය විය. තමා රුසියාවට යෑමට කැමැත්තෙන් සිටින බවද මෛත්‍රී පුටින්ට දැන්වීය. පුටින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අවසන් කොට රුසියාවට ගොස් මෛත්‍රී සහ ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව ගැන තොරතුරු සොයා බැලීය. රුසියාවට හිතවත්ව සිටි රාජපක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට ඇමෙරිකාව මැදිහත් වූ බව දැන ඔහු වහාම මෛත්‍රීට රුසියා සංචාරයක් සඳහා නිල ආරාධනාවක් යැව්වේය.

මෛත්‍රී පමණක් නොව මහින්දද රුසියාවට ගොස් පුටින් හමුවීමට දැඩි කැමැත්තකින් සිටි අයෙකි. මහින්දත් ජනාධිපතිව සිටියදී රුසියාවේ සංචාරය කළේය. ශ්‍රීලනිපයේ මේ රුසියානු පක්ෂපාතීත්වය එන්නේ බණ්ඩාරනායකලාගේ කාලයේ සිටය. ශ්‍රීලනිපයටත් වඩා රුසියාව සමග සමීප සබඳතා පක්ෂ මට්ටමින් පැවැත්වූයේ ජවිපෙය. එහෙත් අනුර කුමාර ජනාධිපති වී රුසියාවට යෑමට උත්සාහයක් ගත් බවක් වාර්තා වන්නේ නැත.

යතවමත් ජවිපෙ ආණ්ඩුවට හතරවැනි ණය වාරිකය අයි.එම්.එෆ්. එකෙන් ලබාගත නොහැකිව සිටී. ලංකාව අයි.එම්.එෆ්. තෙවැනි වාරිකය ලබාගත්තේ පසුගිය වසරේදීය. තවම ලංකාවට හතරවැනි වාරිකය ලැබී නැත. හතරවැනි වාරිකය ලබාගන්න අනුර කුමාර අයි.එම්.එෆ්. නිලධාරීන් සමග සාකච්ඡා කළේ මේ වසරේ පෙබරවාරියේදීය. ඒ, පෙබරවාරි 07ය. එහෙත් තවමත් වාරිකය ලැබී නැත. මීට පෙර රනිල්ගේ ආණ්ඩු කාලයේ නියමිත කාලයට එම වාරික ලැබිණි.

‘ඉතින් ජවිපෙ ආණ්ඩුව අයි.එම්.එෆ්. පදයට නටලත් ඇයි වාරිකය පමා වෙන්නේ..,?’

ඒක නම් කියන්න දන්නේ නෑත. සමහර විට ලයිට් බිල් වැඩි කළ නිසා වාරිකය ලැබීමට ඉඩ ඇත.

ඒත් ලොකුම අභියෝගය වාරිකය නොව 2028 ණය ගෙවන්න පටන්ගත් විට මුහුණ දෙන අභියෝගයය. ලංකාව වාගේම ආර්ජන්ටිනාවත් බංකොලොත් වී අයි.එම්.එෆ්. සමග ගිවිසුමකට ගියේය. ඔවුන් යළි ණයට පොලිය ගෙවීමට කාලයකටද එකඟ විය. ඒත් ඒ කාලයේ පොලිය ගෙවීමට රාජ්‍ය ආදායම තිබුණේ නැත. මේ නිසා ආර්ජන්ටිනාව යළිත් බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කොට අයි.එම්.එෆ්. සමග නව ගිවිසුමකට ගියේය.

‘ලංකාවටත් එහෙම වෙයිද…?’

දන්නේ නැත. 2028 ණය ගෙවන්න පටන් ගන්න නම් ලංකාවට විදේශ ආයෝජන අවශ්‍යය. විදේශ ආයෝජන කොහොම වෙතත් දැනට ලංකාවට විදේශ සංචිත ලැබෙන ඇඟලුම් වැනි භාණ්ඩ සඳහා ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් තීරුබදු වැඩි කළොත් ලැබෙන ආදායමද අඩුවනු ඇත.

ට්‍රම්ප් තීරු බදු පනවන විට ලංකාවේ ජනාධිපති වෙලා සජිත් හෝ රනිල් හිටියා නම් මේ ප්‍රශ්නය බේරාගෙන ගොඩක් කල්ය. අද ලංකාව මුහුණ දෙන ඛේදවාචකය දකුණේ ජනාධිපතිවරයෙක් අවශ්‍ය වෙලාවක ජනතාව වමට සිග්නල් දැමීමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සෞඛ්‍ය ඇමැති නලින්ද යටතේත් පිළිකාවට දෙන බෙහෙත් ඇතුළු බෙහෙත් වර්ග 180ක් නැතිලු! VIDEO I Sri Lanka Latest News

Next Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුවම දෙදරුම් කැවූ අනුරගේ පොදු සමාව ! නිදහස් කරලා තියෙන්නේ ලෝක හොරෙක්! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.