• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව ලෝකෙට අරන් ගිහින් කප් ගහපු අපේ කොල්ලා! වනජීවී ඡායාරූපවලට හොඳම තැන කෙන්යාව! මෙක්සිකෝවෙදී මිලියන ගානක සමනල්ලු එක තැනක දැකගත්තා! පෝලා වළසුන් ෆොටෝ ගහන්න ආක්ටික්වල සීතලේ දවස් 14ක් නැවක හිටියා! මෙච්චර සම්පත් තිබිලත් වයිල්ඩ් ලයිෆ් ටුවරිසම්වලින් අපි ඉන්නේ පස්සේ! Sri Lanka Latest News

June 15, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ලංකාව ලෝකෙට අරන් ගිහින් කප් ගහපු අපේ කොල්ලා! වනජීවී ඡායාරූපවලට හොඳම තැන කෙන්යාව! මෙක්සිකෝවෙදී මිලියන ගානක සමනල්ලු එක තැනක දැකගත්තා! පෝලා වළසුන් ෆොටෝ ගහන්න ආක්ටික්වල සීතලේ දවස් 14ක් නැවක හිටියා! මෙච්චර සම්පත් තිබිලත් වයිල්ඩ් ලයිෆ් ටුවරිසම්වලින් අපි ඉන්නේ පස්සේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඡායාරූපකරණය කියන්නේ අමුතු කලාවක්. ඒක ප්‍රගුණ කරලා ජාත්‍යන්තරය ජයගත්ත අපේ රටේ කීපදෙනෙක් ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක්ගේ ඡායාරූපවල අමුතු විශේෂත්වයක් තියෙනවා. ඒ ගැන කියන්න තමයි අපේ මේ පෙර සූදානම. ලොව පිළිගත් ජාත්‍යන්තර කැමරා නිෂ්පාදන ආයතනයක සන්නාම තානාපතිවරයකු වශයෙනුත් පත්වෙලා සිටින ඔහු, කීර්තිමත් ජාත්‍යන්තර ඡායාරූප තරගවල ජයග්‍රහණ ගොන්නකට හිමිකම් කියන අපේ රටේ ජනප්‍රිය වනජීවී ඡායාරූප ශිල්පියෙක්. අපේ රට ජාත්‍යන්තරයට අරගෙන ගිය ඔහු ලක්ෂිත කරුණාරත්න සහෘදයා. අද අපි කැලෑ කොලමෙන් ඔහු සමග කතාබහ කරන්නයි මේ සූදානම් වෙන්නේ. Sri Lanka Latest News

ලක්ෂිත, ඔබ වනජීවී ඡායාරූප ශිල්පයට මුලින්ම යොමුවුණේ කොහොමද කියලා අපි දැනගන්න කැමැතියි?
වනජීවී ඡායාරූපකරණ ක්ෂේත්‍රයට මම යොමුවුණේ අහම්බෙන්. පොඩිකාලේ ඉඳන්ම නැචුරල් හිස්ටි්‍ර කියන විෂයට මගේ ලොකු ආශාවක් තිබුණා. මම ඉපදුණේ කොළඹින් ගොඩක් දුරබැහැර ඕපනායක ප්‍රදේශයේ. ඉතින් ඒ ස්වභාවික පරිසරයත් එක්ක මා තුළ කුඩා කාලේ ඉඳන්ම ලොකු සම්බන්ධයක් තිබුණා. ඒත් එක්කම මගේ අම්මයි තාත්තයි මාව නිතරම නැඹුරු කළා පොත්පත් කියවන්න. ඒ අනුව මගේ වැඩි ආශාවක් තිබුණු නැචුරල් හිස්ටි්‍ර විෂයට අදාළ පොත්පත් ගොඩක් මම කියෙව්වා. ශිෂ්‍යත්ව විභාගය සමත් වෙලා මම කොළඹ ආනන්ද විද්‍යාලයට තේරුණාට පස්සේ ඒ විෂය ගැන තව තවත් හදාරන්න මට අවස්ථාවන් උදාවුණා. අධ්‍යාපන කටයුතු අවසන් කරලා මම තෝරගත්තේ ටී ටේස්ටර් කියන රැකියාව. ඒ රැකියාව නිසාත් මට විවිධ ප්‍රදේශවල සංචාරය කරන්න පුළුවන් වුණා. නමුත් ඒ කාලෙත් මම ඡායාරූපකරණයට යොමුවෙලා නෑ. මා සතුව ඒ වෙද්දී කැමරාවක්වත් තිබුණේ නෑ. නමුත් 2013දී මම ඩුබායිවලට ගිය වෙලාවේ කැමරාවක් මිලට ගත්තා. ඒ කැමරාවෙන් මම ඡායාරූප ගන්න පටන්ගත්තා. ඒ ඡායාරූප මම දන්නා ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්ටත් පෙන්නුවා. ඔවුන් කිව්වා ඡායාරූප ශිල්පියෙක් විදියට මට හොඳ ඉදිරි ගමනක් තියෙනවා කියලා. මම ඡායාරූපකරණය ගැන ඉගෙනගත්තේ ගොඩක්ම යූටියුබ් එකේ තියෙන වීඩියෝස් බලලා. ඊට පස්සේ මම වනජීවී ඡායාරූපකරණය ගැන හදාරන්න පටන්ගත්තා. ලෝකේ නම්දරපු වනජීවී ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප අධ්‍යයනය කරමින් මම මගේ හැකියාවන් වර්ධනය කරගත්තා.

ඔබේ ඡායාරූප තුළ තාක්ෂණය සහ කලාව හොඳින් සම්මිශ්‍රණය වෙලා තියෙනවා කියලා අපිට හිතෙනවා?
ඔව්. ලෝකයේ තාක්ෂණය දියුණු වෙද්දී අපිත් ඒ තාක්ෂණයත් එක්ක ඉදිරියට යායුතුයි. නැත්නම් අපි එක තැන හිරවෙනවා. සමහර අය හිතනවා වනජීවී ඡායාරූපකරණය කියන්නේ කොහේ හරි තැනක ඉන්න කොටියෙක් හරි පිල් විදහාගෙන ඉන්න මොනරෙක් හරි ඡායාරූපයට හසුකර ගන්න එකට කියලා. නමුත් ඒක වැරැදියි. ඊට වඩා ගොඩක් ගැඹුරට විහිදුණු ක්ෂේත්‍රයක් මේක. ඉතින් මම නව තාක්ෂණය සහ මගේ කලාත්මක හැකියාවන් දෙකම සම්මිශ්‍රණය කරලා අලුත් දෙයක් ප්‍රේක්ෂකයන්ට දෙන්න උත්සාහ කළා. ඒක තමයි මගේ ඡායාරූපවල යම් විශේෂත්වයක් ඔබ දකිනවා නම් ඒකට හේතුව. ජාත්‍යන්තර ඡායාරූප තරග ජයගන්නත් මට ඉවහල් වුණේ ඔය හේතුවම තමයි. මම ජයගත්ත ඇතැම් ඡායාරූප තරගවලට මම ඉදිරිපත් කරපු නිර්මාණ ඉතා සරල ඒවා. එතැනදී ඒ ජයග්‍රහණයට බලපෑවේ ඒ නිර්මාණයේ තියෙන කලාත්මක බව සහ ඉදිරිපත් කිරීමේ තියෙන විශේෂත්වය.

ඔබ මේ වෙද්දී ජයග්‍රහණය කරලා තියෙන ජාත්‍යන්තර ඡායාරූප තරග කීපයක් කිව්වොත්?
ඇමෙරිකා එක්සත් ජනපදයේ තියෙන විශාලතම වනජීවී ඡායාරූපකරණ තරගය තමයි භ්එමරු.ි ඊැිඑ ඡයදඑදටර්චයහ. මම ඒ තරගයෙන් පළමු ත්‍යාගය දිනුවා 2018දී. ඒ වගේම අප්‍රිකානු මහද්වීපය පුරාම ලබාගන්නා ඡායාරූපවලින් හොඳම ඡායාරූප තෝරන තරගයක් තියෙනවා ්රෙසජ්.ි ඡයදඑදටර්චයැර දf එයැ ශැ්ර කියලා. ඒක සංවිධාන කරන්නේ දකුණු අප්‍රිකාවෙන්. ඒ තරගයෙනුත් මම ප්‍රථම ස්ථාන දිනුවා. ඒ වගේම වනජීවී ඡායාරූපකරණයේ ඔස්කාර් සම්මානය ලෙස හඳුන්වන උසකාකසfැ ඡයදඑදටර්චයැර දf එයැ ශැ්ර තරගයෙන් මට 2018 වසරේදී විශේෂ ත්‍යාගයක් ලැබුණා. ඊට අමතරව තවත් රටවල් ගණනාවකින් සංවිධාන කරන ප්‍රධාන පෙළේ ඡායාරූප තරග රාශියකිනුත් මම ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.

ලංකාවේ වනජීවී ඡායාරූපකරණය සහ අනෙක් රටවල වනජීවී ඡායාරූපකරණය අතර ඔබ දකින වෙනස මොකක්ද?
2016 -2018 වසර වෙනතුරු මේ ක්ෂේත්‍රයන් අතර විශාල වෙනසක් මේ රටවල් අතර තිබුණා. නමුත් මේ වෙද්දී අවුරුදු 20-40 වගේ ඡායාරූප ශිල්පීන් නව තාක්ෂණය සහ ඡායාරූප ශිල්පය අධ්‍යයනය කරමින් ජාත්‍යන්තරයට ගැළපෙන අයුරින් වනජීවී ඡායාරූපකරණයේ නියැලෙන ආකාරය දැකගන්න ලැබෙනවා. ඒක විශාල පිම්මක් විදියට මම දකිනවා.

ඔබ ලෝකයේ බොහෝ රටවල සංචාරය කරමින් ඡායාරූපකරණයේ නියැළෙන කෙනෙක් විදියට ඒ අත්දැකීම් ගැනත් අපේ පාඨකයන්ට යමක් කිව්වොත්?
ඇන්ටාක්ටික් මහද්වීපය හැර අනෙක් හැම තැනකටම වගේ මම ගිහින් තියෙනවා. ඒ රටවල් අතරින් කෙන්යාව මගේ ප්‍රියතම රටක්. මොකද වනජීවී ඡායාරූපකරණයට කෙන්යාවේ තියෙන අවස්ථාවන් මම හිතන්නේ නෑ වෙන කිසිම රටක ඇතියි කියලා. මම මෙක්සිකෝවට ගියා සමනලුන්ගේ ඡායාරූප ගන්න. ඒ ගමන ඉතා දුෂ්කර වගේම අන්තරාදායක එකක්. එච්චර දුෂ්කර ගමනක් වුණත් ඒකේ සුන්දරත්වයක් තියෙනවා. මොකද ලෝකේ මිලියන ගානක් වන සමනලුන් එකම තැනකදී දකින්න ලැබෙන්නේ මෙක්සිකෝවේදී විතරයි. ආර්ක්ටික්වලටත් මම ගියා පෝලා වලසුන් ඡායාරූපයට නගන්න. සාමාන්‍ය ලෝකෙන් වෙන්වෙලා, දවස් 14ක් විතර තිස්සේ නැවක ගතකරමින් ඒ සතුන්ගේ ඡායාරූප ගන්න එකත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු අත්දැකීමක්. මේ හැම අත්දැකීමකටම වඩා වෙනස් අත්දැකීමක් තමයි ලංකාවේ වන අලින්ගේ ඡායාරූප ගන්න එක. ඒකටත් මම ඉතාම කැමැතියි.

ක්‍දබිැරඩ්එසදබ චයදඑදටර්චයහ කියන්නේ ලංකාවේ අයට අලුත් දෙයක් කියලා මම හිතනවා. ඔබ ඒ පැත්තට වැඩි නැඹුරුවක් දක්වන කෙනෙක් විදියට ඒ ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස කිව්වොත්?
ක්‍දබිැරඩ්එසදබ චයදඑදටර්චයහ කියන එක ලෝකය පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගත්තේ මීට අවුරුදු 15කට විතර කලින්. නමුත් ලංකාවේ 2020 විතර වනකල් මේ ඡායාරූපකරණ අංශය වර්ධනය වෙලා තිබුණේ නෑ. ලංකාවේ අලි – මිනිස් ගැටුම කියන එක අපේ රටේ ඡායාරූප ශිල්පීන් විසින් ඡායාරූපගත කරලා තිබුණේ නෑ හරියට. විදේශීය ඡායාරූප ශිල්පීන් නම් ලංකාවට ඇවිත් මාස ගානක් නැවතිලා ඉඳිමින් ඒ වාර්තාකරණය කරලා තිබුණා. ඒ අනුව මම මේ අලි-මිනිස් ගැටුම ගැන ඡායාරූපකරණය හරහා වාර්තා කරන්න පටන්ගත්තා. ඒ වගේම ලංකාවේ විශාල වශයෙන් අවිධිමත් ලෙස කසළ බැහැර කරනවා වනාන්තර ආශ්‍රිතව. විශේෂයෙන් උතුරුමැද පළාතේ සහ නැගෙනහිර පළාතේ. ඒ කසළ කන්න වන අලින් විශාල වශයෙන් එන්න පුරුදුවෙලා ඉන්නවා. මම මේ අවිධිමත් කසළ බැහැර කිරීම නිසා ඇතිවෙලා තියෙන ගැටලුව ඡායාරූපකරණය හරහා වාර්තා කළා. ඒ ඡායාරූප විශාල වශයෙන් ජාත්‍යන්තරයේ පවා කතාබහට ලක්වුණා. කොහොම හරි එහි ප්‍රතිඵලයක් විදියට නැගෙනහිර පළාතේ එක් කසළ කන්දක් වහන්නට රජය මැදිහත් වුණා ඒ කාලේ. ඒ වගේම පල්ලකාඩු ප්‍රදේශයේත් මේ වෙනකොට විශාල කසළ කන්දක් තියෙනවා. පරිසරයට ආදරය කරන අපි එකතු වෙලා දැන් උත්සාහ කරනවා ඒ කුණු කන්දත් විකල්ප ස්ථානයකට ගෙනියන්න.

ජාත්‍යන්තර වනජීවී ඡායාරූප තරගවල තරග තීරකයෙක් විදියට කටයුතු කරන කෙනෙක් විදියට ලංකාවේ නවක වනජීවී ඡායාරූප ශිල්පීන්ට ඔබට දෙන්න තියෙන උපදේශය මොකක්ද?
පළමු දේ තමයි ඔබ ලෝකයේ හොඳම සහ ජයග්‍රාහී වනජීවී ඡායාරූප අධ්‍යයනය කරන්න ඕනේ. ඒ අධ්‍යයනයේදී ඔබට තේරුම් යාවි ඒ අදාළ ඡායාරූප ශිල්පියා ඒ වෙනුවෙන් කොයි තරම් කැපවීමක් කරලා තියෙනවද, ඔහු මොන වගේ තාක්ෂණයක්ද යොදාගෙන තියෙන්නේ කියන එක. ඒ වගේම ඡායාරූප ක්ෂේත්‍රයේ කාලෙන් කාලෙට එන ප්‍රවණතා හඳුනාගන්න ඕනේ. ඒවා ගැන හදාරන්න ඕනේ. තමන් ජීවත් වෙන පරිසරය සහ ඒ පරිසරයේ ජීවත් වෙන සතුන්ව, උන්ගේ චර්යා රටාවන් හොඳින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒ සඳහා ලෝකයේ තියෙන හොඳම රට තමයි ලංකාව. මොකද ලංකාවේ ජෛව විවිධත්වය ලෝකේ කිසිම රටක නැති තරම්. මේ විවිධත්වය තුළ හොඳ ඡායාරූප ශිල්පියෙක් බිහිකිරීමට අවශ්‍ය සියලු පහසුකම් ගැබ්වෙලා තියෙනවා. අවශ්‍ය වෙන්නේ ඔබේ කැපවීම සහ අධ්‍යයනය කිරීම පමණයි.

ජාත්‍යන්තරය ජයගත් ඡායාරූප ශිල්පියෙක් විදියට, අපේ රටේ නම ලෝකයට ගෙනයෑම සඳහා වන ඔබේ බලාපොරොත්තුව මොකක්ද?
විශිෂ්ට ජෛව විවිධත්වයක් තියෙන රටක් තමයි ලංකාව කියන්නේ. පැය කීපයක් තුළ විවිධ පරිසර කලාපයන්වලට ගිහින් විවිධ වන සතුන් නැරඹීමේ හැකියාව ලංකාව තුළ තියෙනවා. නමුත් අපේ රටේ තවමත් ඉකෝ ටුවරිසම් සහ වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් කියන අංශය දියුණු වෙලා නෑ. මේ තරම් ස්වභාවික සම්පත්, වනජීවී සම්පත් බහුල රටක් වෙලත් ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න බැරිවීම කියන එක ලොකු ගැටලුවක්. ඒ නිසා මේ ගැන විශේෂ අවධානය යොමුකරලා, මේ ඉකෝ ටුවරිසම් සහ වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් කියන අංශ දෙක වඩාත් ජනප්‍රිය කරවීමට කටයුතු කරන්න බලධාරීන් පියවර ගන්න ඕනේ. ඒ හරහා අපි නොහිතන විදියේ විදේශ සංචාරකයන් ප්‍රමාණයක් ලංකාවට ආකර්ෂණය කරගන්න පුළුවන්.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

බන්ධනාගාරෙ ලෙඩක්! පාස්පෝට් ඔෆිස් එකෙත් අවුලක්! මෝරට් රථ එක ඔක්කොටම හපං! ඇයි ඒ අස්සෙ රේගුව! රාජ්‍ය සේවයේ පරාජය වෙන රාජ්‍යයක කතාව! Sri Lanka Latest News

Next Post

පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී….! මෙහෙමත් තාත්තලා මේ රටේ ඉන්නවා…! Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.