• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨාගෙන් පස්සේ රටට වෙච්ච දෙයක්! Sri Lanka Latest News

June 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝඨාගෙන් පස්සේ රටට වෙච්ච දෙයක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දෛනික විදුලි කප්පාදුව, ඉන්ධන හා ගෑස් පෝලිම් මැද ආර්ථික අර්බුදය මෙරට වෙසෙන සෑම ජන කොටසකට ම පාහේ බලපෑමක් ඇති කළේය. එය මෙරට ජනගහනයෙන් 15.1%කගේ රැකියා අහිමි කර ඇති අතර 22%ක පිරිසක් ණය බරට යොමුකර ඇත. එය 54%ක පිරිසකගේ අධ්‍යාපනයට බලපෑම් එල්ල කර ඇති අතර රෝගීන්ට ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම වෙනස් කිරීමට පවා හේතුවී තිබේ. Sri Lanka Latest News

මේ පිළිබඳ නිශ්චිත තොරතුරු අනාවරණ වූයේ, ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාවට සිදුවූ බලපෑම පිළිබඳ තොරතුරු අනාවරණය කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ‘2023 ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණය’ මැයෙන් පවත්වන ලද සමීක්ෂණයේ අවසන් වාර්තාවෙනි.

මැයි 14 වැනිදා නිකුත් කළ එම වාර්තාවට අනුව ආර්ථික අර්බුදය හේතුවෙන් මුළු කුටුම්භවලින් 22%ක් ණය බරින් මිරිකී සිටිති. කෙසේ වෙතත්, මෑත කාලීන සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ නිවාසවලින් සැලකිය යුතු කොටසක්, එනම් 54.9%ක් පමණ, දැනට ණය බරින් පෙළෙන බවය.

2022 – 2023 කාලසීමාව තුළ ශ්‍රී ලංකාව 1948 දී නිදහස ලැබීමෙන් පසු එහි වඩාත්ම අභියෝගාත්මක ආර්ථික අර්බුදයට මුහුණ දුන්නේය. මෙහි ආරම්භය 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා දිවෙන අතර එය කොවිඩ් 19 වසංගතය සමග තවදුරටත් උග්‍ර වූ බව අදාළ වාර්තාව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, ආර්ථික ස්ථායීකරණ, ජාතික ප්‍රතිපත්ති සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව සමග එක්ව, ශ්‍රී ලංකාවේ 2023 වසරේ ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණය සිදු කරන ලදී.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 පුරා සංගණන කොට්ඨාස 644කින් නිවාස ඒකක 6,440ක නියෝජිත නියැදියක් මෙම සමීක්ෂණයට යොදාගෙන තිබිණි. එය නාගරික, ග්‍රාමීය සහ වතු අංශ මෙන්ම ඒකපුද්ගල නිවාස ඇතුළු විවිධ වර්ගයේ නිවාස ආවරණය කළ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ආර්ථික අර්බුදය හේතුවෙන් සිදුවූ බලපෑම
සමීක්ෂණයේ ප්‍රධාන සොයා ගැනීම්වලින් පෙනීයන්නේ, කුටුම්භවලින් 60.5%කට ඔවුන්ගේ සාමාන්‍ය මාසික ආදායම අඩුවී ඇති බවත් 36.6%කට කිසිදු වෙනසක් සිදුව නොමැති බවත්ය. කුටුම්භවලින් 3.4%ක් පමණක් ඔවුන්ගේ ආදායමේ වැඩිවීමක් වාර්තා කර ඇත.

ආර්ථික අර්බුදයේ බලපෑම පිළිබඳ ගෘහස්ථ සමීක්ෂණයෙන් හෙළි වූයේ, 91.1%ක පවුල් ඔවුන්ගේ සාමාන්‍ය මාසික වියදමේ වැඩිවීමක් අත්විඳ ඇති බවය. ආර්ථික අර්බුදයේ බලපෑම නොතකා, ආසන්න වශයෙන්, කුටුම්භවලින් 5.3%ක් ඔවුන්ගේ මුළු වියදම නොවෙනස්ව පවතින බව දක්වා ඇත. එහෙත්, කුටුම්භවලින් 3.6%ක් පමණක් ඔවුන්ගේ මුළු වියදමේ අඩුවීමක් ඇතැයි සමීක්ෂණයෙන් හෙළි වී තිබේ.

ආර්ථික කටයුතුවල නියැළී සිටින පුද්ගලයන්ගෙන් 15.1%ක් රැකියා අහිමිවීම හේතුවෙන් පීඩාවට පත්ව ඇත. එය (ප්‍රධාන සහ/හෝ ද්විතීයික) අංශයෙන් වාර්තා වී තිබේ.

ණයගැතිභාවය
ආර්ථික අර්බුදය හේතුවෙන් මුළු කුටුම්භවලින් 22%ක් ණය බරින් මිරිකී සිටී.
මේ අතර, මෑත කාලීන සමීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ නිවාසවලින් සැලකිය යුතු කොටසක්, එනම් 54.9%ක් පමණ, දැනට ණය බරින් පෙළෙන බවය.
මෙයින් අදහස් කරන්නේ, රටේ නිවාසවලින් අඩකට වඩා වැඩි සංඛ්‍යාවකට ඔවුන් කළමනාකරණය කිරීමට හෝ ගෙවීමට උත්සාහ කරන මූල්‍ය බැඳීම් හෝ හිඟ ණය ගෙවීමට ඇති බවය.

ණය බරින් වැඩිම ප්‍රතිශතය උකස් කටයුතු නියෝජනය කරන අතර එහි අගය 31%කි.
ණය බරින් දෙවැනි විශාලතම කොටස බැංකු ණය වන අතර එය 21.9%ක් වේ.

මුදල් ණයට ලබාදෙන්නන් සහ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ද සැලකිය යුතු ප්‍රතිශතයක් නියෝජනය කරන අතර එය, පිළිවෙළින් 9.7%ක් සහ 8.7%කි.
මෑතකාලීන ආර්ථික අර්බුදය රටේ ආර්ථිකයට, දෛනික ජීවිතයට සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඍජුව හා වක්‍රව බලපා ඇත. ඉන් පුද්ගලයන්ගෙන් 54.9%කගේ (වයස අවුරුදු 3 – 21) අධ්‍යාපනයට බලපෑම් එල්ල වී ඇත.

අර්බුදයෙන් පාසල් අධ්‍යාපනයට ඇතිවන බලපෑම අවම කිරීම සඳහා වැඩිපුරම භාවිත කරන උපාය මාර්ග ගැනද සමීක්ෂණයෙන් අනාවරණය කර තිබේ. ඒ අනුව නව පොත්පත් හා ලිපි ද්‍රව්‍ය මිලදී නොගැනීම හෝ අඩු කරන ලද ප්‍රතිශතය 53.2%කි.

නව නිල ඇඳුම් මිලදී නොගැනීම හෝ අඩු කරන ලද ප්‍රතිශතය 44%ක් වන අතර, උපකාරක පන්ති ගණන අඩුකරන ලද ප්‍රතිශතය 40.6%කි.
මෙම කාල පරිච්ඡේදය තුළ ජනගහනයෙන් 29.1%ක් පමණ යම් ආකාරයක රෝගාබාධයකට මුහුණ දී ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. මෙම අභියෝගාත්මක පරිසරය හේතුවෙන් ඉන්ධන සහ ප්‍රවාහන ගැටලු මෙන්ම ඖෂධ සහ ප්‍රතිකාර ද්‍රව්‍ය හිඟයක් ද මතුවී ඇතැයි වාර්තාවේ සඳහන්ය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ගංගානාත් සර්ගේ පැණි වළලු හා නිවේදිකාවගේ කකුල්! Sri Lanka Latest News

Next Post

කොළඹ නගරාධිපති සටනට පැය 24ක් තියා කොළඹ සජබ මන්ත්‍රීවරු සජිත් ඉදිරියේ දිව්රුම් දෙයි! VIDEO PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.