• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තව සති දෙකකින් විශ්මය දනවන අනාවරණයක් අධිකරණය හමුවට එනවා! VIDEO I Sri Lanka Latest News

June 12, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
කෝටි 68ක් පාඩු කරලා! මහබැංකු බැඳුම්කර නඩුව යළිත් කරළියට!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති සමාවට මුවාවී අනීතිකව රැඳවියෙකු මුදාහැරීමේ සිදුවීමට අදාළව චෝදනා එල්ල වී වැඩතහනමට ලක්ව සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (11) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළේය. Sri Lanka Latest News

එහිදී ඔහුව එළැඹෙන ජුනි 25වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මේ අතර ජනාධිපති සමාවට මුවාවී ඉකුත් වෙසක් පෝය දිනයේ අනුරාධපුර බන්ධනාගාරයෙන් එක් රැඳවියෙකු පමණක් නොව, රැඳවියන් තිදෙනෙකු අනීතිකව මුදාහැර ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වා සිටියේය.

” ස්වාමිනි, විශේෂ දිනවලදී රටේ ජනාධිපතිවරයා සිරකරුවන්ට පොදුසමාව දීමේදී රටේ බන්ධනාගාර 28න්ම නිර්දේශ කැඳවනවා. පසුව එම ලැයිස්තු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා අධ්‍යනයකර අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකරන අතර ඉන් පසුව ජනාධිපති ලේකම්වරයා හරහා ජනාධිපතිවරයාගේ අනුමැතියට යොමු කරනවා. 

මෙකී වෙසක් පොහොය දවසේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා ජනාධිපති සමාව සඳහා නම් 37ක ලැයිස්තුවක් යොමුකරලා තියෙනවා. 

නමුත් සැකකාර බන්ධනාගාර කොමසාරිස් උපුල්දෙණිය අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ජනාධිපති පොදු සමාවට යොමුකරපු නම් ලැයිස්තුවේ අනුරාධපුර බන්ධනාගාරයට අදාළව තිබී ඇත්තේ රැඳවියන් 36කගේ නම් පමණයි. 

එසේම ජනාධිපතිවරයා ජනාධිපති සමාවට අනුමැතිය දුන් නම් 388ක් ඇතුළත් සමස්ත ලැයිස්තුවේම ප්‍රශ්නගත පුද්ගලයා වන අතුල තිලකරත්නගේ නම ඇතුළත්ව නැහැ. 

ඊළඟට ජනාධිපතිවරයා ලැයිස්තුවට අනුමැතිය දුන් පසු මේ සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දී ඇත්තේ ” ඔබ එවපු ලැයිස්තුවට සමාව අනුමත වුණා” යනුවෙන්. 

ඒ හරහා ජනාධිපතිවරයා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් 36කට සමාවදීමට අනුමත කර තිබියදී, 37ක් මුදාහැර තිබෙනවා. 

ඇත්තටම ස්වාමිනි ඊයේ දින අපි කළ වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වුණ පරිදි, මෙදින අනීතිකව සමාව ලැබී තිබෙන්නේ එක් පුද්ගලයෙකුට පමණක් නොවේ. 

ජනාධිපති සමාව අනුමත නොවූ අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් තිදෙනකු හොරට මුදාහැර තිබෙනවා. 

දැනට තොරතුරු ලැබී ඇති පරිදි  ප්‍රශ්නගත සිද්ධියට හේතු වූ අතුල තිලකරත්න රටින් පළාගොස් ඇති බවට සැකකෙරෙනවා. අනිත් පුද්ගලයන් කව්ද කියලා තවම සොයාගන්නත් බැහැ. 

ස්වාමිනි ආයතනයේ ප්‍රධානියා ලෙස සියලු බන්ධනාගාරවල රැඳවියන්ට ලබාදෙන සමාවන් මේ සැකකරුට සන්නිවේදනය වෙනවා. ඒ නිසා ඔහුට මම දන්නේ නැහැ කියන්න බැහැ. මොහු මේ ක්‍රියාවලියට වංක සහයෝගීතාවයක් දක්වලා තියෙනවා”.

වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ, මේ සිද්ධිය පාදක කරගනිමින් රටේ සියලුම බන්ධනගාර අධිකාරිවරුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

“ස්වාමිනී මේ විත්තිකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඊයේ කිව්වා තමන්ගේ සේවාදායකයා චක්‍රලේඛයකට අනුව කටයුතු කරලා තියෙන්නේ කියලා. මම අහන්න කැමති එහෙම කළානම් ඇයි ඒ පිළිබඳ අධිකරණය දැනුවත් නොකළේ කියලා. 

අනුරාධපුර මුදාහැරපු සිරකරු සම්බන්ධයෙන් මහාධිකරණ වාර්තාවක් කැඳවපුවාම එතනටත් කූඨ ලේඛන ඉදිරිපත් කරලා තියෙනවා ජනාධිපති සමාව යටතේ මුදාහැරියා කියලා. මේක බරපතළ තත්ත්වයක්. 

ස්වාමිනි, දඩ ගෙවාගන්න බැරි සිරකරුවන් සිය ගණනක් ඉද්දි මොවුන් කොහොමද එක්කෙනෙක් දෙන්නෙක් තෝරාගෙන හොරෙන් මුදාහරින්නේ. 

මොකක්ද නිර්නායකය. Interview තියලාද, නැතිනම් BIO DATA බලලාද? ප්‍රතිලාභ හෝ වාසි තකා මේවා සිදුවෙනවා ද කියලා සොයාබලන්න අපි විමර්ශන ආරම්භ කරලා තියෙන්නේ. 

මොකද අධිකරණ නියෝගයෙන් බන්ධනාගාරගත කරපු සැකකරුවෝ අනිත් පැත්තට බන්ධනාගාර රෝහලට ඇතුළත් වෙනවා. ඒ වෙන්නේ මේකෙ ඇතුළේ තියෙන වෙනම අධිරාජ්‍යයෙන්. ඉතිං රටේ සියලුම බන්ධනාගාර අධිකාරිවරුන් ගැන විමර්ශනය කරනවා. 

අද මේ විත්තිකූඩුවේ සිටින්නේ බූවල්ලෙක්. ඒ බුවල්ලා එළියට දැම්මොත් අඩුවලින් මේ විමර්ශනයේ සාක්ෂි සියල්ල විනාශ කරන්න පුළුවන්. ඒ නිසා විමර්ශනය අවසන් වනතුරු මේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

අනතුරුව ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා සැකකාර බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙනුවෙන් ඇප අයැදුමක් ඉදිරිපත් කළා.

” ස්වාමිනි මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ තාක්ෂණය භාවිත වෙන්නේ ඉතාම අඩුවෙන්. එහෙම තත්ත්වයක කොළඹ ඉඳලා තනි පුද්ගලයෙකුට සියලුම බන්ධනාගාරවල තත්ත්වය සොයා බලන්න බැහැ. 

ඒ නිසයි මෙහෙයුම් කොමසාරිස්වරයෙක් පත්කරලා ඉන්නේ. මගේ සේවාදායකයා වෙනුවෙන් කටයුතු කළ නිලධාරියෙක් පැහැදිලිව අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දීලා තියෙනවා ‘යෝජිත 
ජනාධිපති සමාව ලැබූ පුද්ගලයන් හැරුණුවිට වෙනත් රැඳවියෙකු නිදහස් කළහොත් එහි පෞද්ගලික වගකීම ඔබ විසින් දැරිය යුතුයි කියලා’. 

පැමිණිල්ලේ කිසිදු සාක්ෂිකරුවෙකු මගේ සේවාදායකයා මේ වරදට සම්බන්ධයි කියලා සාක්ෂි දීලා නැහැ. එබැවින් මේ අත්අඩංගුවට ගැනීම දෝෂසහගතයි, සාවද්‍යයි. නිසි විමර්ශනයක් සිදු නොකරයි ඔහු අත්අඩංගුවටගෙන තිබෙන්නේ. එබැවින් මගේ සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස මා ඉල්ලා සිටිනවා”.

ජනාධිපති නීතිඥවරයාගේ එම ඇප අයැදුමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.

“ස්වාමිනි, බන්ධනාගාරය ඇතුළේ තාක්ෂණය නැහැ කියන්නේ මේ විත්තිකරු අවුරුදු 05ක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විදිහට පොල් ගාන එකද කරලා තියෙන්නේ. 

Computer එකක් අරගෙන ක්‍රමවේදයක් හදලා නැද්ද? අවුරුදු ගාණක් කරපු වංචාවක් පිළිබඳ විමර්ශනයක් දින 02න් ඉවරකරන්න මේ විමර්ශන නිලධාරින් යන්ත්‍රද? මේ සැකකරුවෝ ඇපමත මුදා හැරලා ඊට පස්සේ ගෙන්නගන්න බැරිවෙනවා. 

අපිට සති දෙකක් දෙන්න ස්වාමිනි. මම ඉතාමත් වගකීමෙන් කියන්නේ මීළඟ නඩු දිනයේ අධිකරණය විශ්මයට පත්වන අන්දමේ විමර්ශන ප්‍රගතියක් ඉදිරිපත් කරනවා”.

SendShareShare
Previous Post

බයවෙන්න එපා කියලා සෞඛ්‍ය අමාත්‍යංශය කිව්වත් කොරෝනාවලින් දැනට දෙන්නෙක් මැරිලා! 13%කට කොරෝනා හැදිලා! ඒකත් අපි නෙමෙයි කියන්නේ වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්යතුමා!  I Sri Lanka Latest News

Next Post

බන්ධනාගාරයේ ප්‍රබලයෙක් තනතුරෙන් ඉල්ලා අස්වෙයි! ලොකු සුද්දයක් අතළඟයි! I Sri Lanka Latest News

MORE NEWS

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

Load More
ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කියලා කියන්නේ සමක ආසන්න රටක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ උෂ්ණත්වය මේ දවස්වල සෙල්සියස් අංශක 34 හෝ...

Read more
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.