වෛද්‍ය උපදෙස් මත සිය නිවෙස් දින කිහිපයක විවේකයකින් පසුවූ විපක්ෂනායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින නැවතත් සිය දේශපාලන කටයුතු ආරම්භ කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව අද දින පක්ෂ කාර්යාලයට පැමිණි විපක්ෂනායකවරයා සිය පළමු රාජකාරිය ලෙස කොළඹ නගර සභාවට තේරී පත්වූ සජබ මන්ත්‍රීවරුන් හමුවීමට පියවර ගෙන ඇත.
එහිදී කොළඹ නගර සභාව පිහිටුවීම සම්බන්ධයෙන් දීර්ඝව කරුණු සාකච්ඡා කිරීමට විපක්ෂනායකවරයා පියවර ගෙන ඇති බව දැනගන්නට තිබේ.
එමෙන්ම හෙට සිට ඉදිරි දින කිහිපය පුරාම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම මුල්කරගත් දේශපාලන සාකච්ඡා සදහා කාලය වෙන්කිරීමට විපක්ෂනායකවරයා කටයුතු කොට ඇති බවද වාර්තා වේ.










