• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නඩු 20කට වඩා උසාවිවල මුදල් වංචා නඩු තිබිලා මහාධිකරණයෙන් වරදකරු කරපු අයකුට ගිය වෙසක් පෝ දා ජනාධිපති සමාව දීලා! VIDEO I Sri Lanka Latest News

June 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන් 754 දෙනකුට නිදහස! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වන සීඩීබී මූල්‍ය ආයතනයේ අනුරාධපුර ශාඛාවේ හිටපු කළමනාකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළාය.Sri Lanka Latest News

මහාධිකරණ විනිසුරුවරිය මෙසේ නියෝග කළේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින එච්සී/69/2018 අංක දරන නඩුව නඩුව පෙරේදා (4දා) යළි කැඳවූ අවස්ථාවේ අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිතව අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි. අදාළ ලිඛිත වාර්තාව මගින් අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් මහාධිකරණයට දැනුම් දුන්නේ අනුරාධපුර මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටින ඩබ්. එම්. අතුල තිලකරත්න නමැති විත්තිකරු ඉකුත් මැයි මස 12 දිනට යෙදී තිබූ වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.

බන්ධනාගාර නිලධාරීන්ගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය නියෝග කළේ විත්තිකරුට එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙසය.

මෙම නඩුව මීට පෙර ඉකුත් මැයි මස 2 වන දින අනුරාධපුර මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ විත්තිකරු ඔහුට එරෙහිව තිබූ මූල්‍ය වංචා චෝදනාවට වරදකරු බවට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය තීන්දු කළාය.

ඒ අනුව දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළාය. ඊට අමතරව විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම සිර දඬුවම වසර පහකට අත් හිටුවීමට නියෝග කළාය.

තවද විත්තිකරු විසින් වින්දිත පාර්ශ්වය හෙවත් පැමිණිල්ලේ පළමු සාක්ෂිකරුට මුදලින් රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරිය එකී දඩ මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට මාස හයක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරිණ. නියම කළ දඩ සහ වන්දි මුදල් ගෙවීමට මෙම නඩුව 2025/06/04 දින යළි කැඳවීමටද එදින නියෝග කළාය.

ඒ අනුව පෙරේදා (4දා) මෙම නඩුව අනුරාධපුර මහාධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්න යන අය නීතිඥ සුරංග මොහොට්ටි මහතා මගින් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2014 වසරේ පෙබරවාරි මස 17 දින සිට 2014 වසරේ ජුනි මස 9 වැනි දින අතර කාලයෙහි අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයෙහි පිහිටි අනුරාධපුරයේදී විත්තිකරු කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කර ලාභ ලබා ගැනීම සඳහා අරුණ ඉන්දික සෝමරත්න යන අය විසින් විත්තිකරු වෙත භාර දෙනු ලැබූ හෝ ආධිපත්‍යයක් පවරනු ලැබූ රුපියල් ලක්ෂ 40ක් සාපරාධ විශ්වාසය කඩ කරමින් වංචා කර සාවද්‍ය පරිහරණය සිදු කරන ලැදයි ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ විත්තිකාර හිටපු මූල්‍ය ආයතන කළමනාකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

එකී අධිචෝදනාවට විත්තිකරු වරදකරු කෙරිණ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මූල්‍ය වංචාව සම්බධන්යෙන් විමර්ශන මෙහෙයවා තිබේ. විත්තිකාර ඩබ්. එම්. අතුල තිලතරත්න යන අය සීඩීබී බැංකුවේ අනුරාධපුර ශාඛාවේ කළමනාකාරවරයාව සිටිමින් මෙම වරද සිදු කර ඇති බව අධිකරණ නඩු විභාගයේදී කියැවිණ.

වෙසක් පෝයදා ජනාධිපති සමාව යටතේ නිදහස් කර ඇති විත්තිකාර ඩබ්. එම්. අතුල තිලකරත්න යන අයට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු විස්සකට අධික සංඛ්‍යාවක් පවතින අතර අනුරාධපුර මහාධිකරණයේද තවත් නඩු කිහිපයක් පවතී. ඒ සියලු නඩු මූල්‍ය වංචා සිද්ධීන්වලට අදාළ ඒවා වීම විශේෂත්වයකි.

අනුරාධපුර උපාලි ආනන්ද

SendShareShare
Previous Post

ඇතුළට යනවා එළියට එනවා! දයාසිරිට පුදුම කරදරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හොරු අල්ලන හැටි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් තේරෙන සිංහලෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.