• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැමිණිල්ල භාරගන්නේ නැද්ද? ලියන්නේ කෑලි අඩු කරලද? පැමිණිල්ල නොගත්තොත් මොකද කරන්නේ? පොලිසිය ගැන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කියන මේ කතාව අහන්න! Sri Lanka Latest News

June 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතිඥයන් විදියට අපිව මුණගැහෙන්න එන ඇතැම් සේවාදායකයෝ කියනවා ඔවුන් පොලිස් පැමිණිල්ලක් ගොනුකරන්න ගියාම ඒ පැමිණිල්ල පොලිසිය විසින් භාරගත්තේ නෑ කියලා. ඇත්තටම පොලිසියකට පැමිණිල්ලක් භාර නොගෙන ඉන්න පුළුවන්ද? ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් හේතු මොනවද කියලා අද අපි කතාකරමු. මේ ගැන කතාකරන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහත්මයා. Sri Lanka Latest News

අපි ආරම්භයක් ගමු, පොලිස් ස්ථානයකට අපිට සාමාන්‍යයෙන් පැමිණිල්ලක් ගොනුකරන්න පුළුවන් කොයි ආකාරයටද? අපි ඒ සඳහා පොලිස් ස්ථානයකට යා යුතුමද?
සාමාන්‍යයෙන් පොලිස් ස්ථානයට ගිහින් ඒක වාචිකව කරන්න පුළුවන්. අපරාධ නඩු විධාන සංග්‍රහයේ තියෙන්නේ වාචිකව කරන ප්‍රකාශය ඒ පොලිස් නිලධාරියා විසින් ඒක ලේඛනගත කරන්න ඕනේ. තව ක්‍රමයක් තියෙනවා ඒක ගොඩක් භාවිත වෙන්නේ නැති එකක්. ඒ තමයි තමන් පැමිණිල්ල ටයිප් කරගෙන ගිහින් ඉල්ලන්න පුළුවන් ඒක පොලිස් පොතේ අලවන්න කියලා. ඒ ක්‍රම දෙකටම පැමිණිල්ලක් කරන්න පුළුවන්. තමන් කැමැති භාෂාවකින් පැමිණිල්ල කරන්නත් පුළුවන්. බොහෝ වෙලාවට පොලිසිවලදී සිංහල භාෂාවෙන් තමයි සටහන් කරන්නේ. නමුත් දෙමළ කතාකරන පුද්ගලයෙක් ඉන්නවා නම්, විදේශිකයෙක් ඉන්නවා නම් ඔහුට කියන්න පුළුවන් තමන්ගේ භාෂාවෙන් අදාළ පැමිණිල්ල කරන්න ඕනේ කියලා. එතකොට ප්‍රායෝගිකව වෙන්නේ ඒක පරිවර්තනය කරලා සිංහල භාෂාවෙන් ලියාගන්න එක.

දෙවැනි දේ තමයි පැමිණිල්ල කරනකොට ඒ පැමිණිල්ලක් හෝ වෙනත් ඕනෑම ප්‍රකාශයක් නිවැරැදිව සටහන් කරනවාද කියන එක ගැන වගබලා ගන්න ඕනේ. මොකද අපි දැකලා තියෙනවා සමහර විට පැමිණිලි කරන පුද්ගලයා යම් දෙයක් කිව්වට පොලිස් නිලධාරියා සමහර විට ලියන්නේ තමන් කැමැති දේ. ඒ නිසා ඉතා වැදගත් වෙනවා ප්‍රකාශයක් කරලා ඉවර වුණාම ඒක නැවත කියවලා දෙන්න ඕනේ පැමිණිලි කරන පුද්ගලයට. කියවලා දීලා, නිවැරැදි කරන්න අවශ්‍ය දේවල් තියෙනවා නම්, ඒවා නිවැරැදි කරන්නත් අයිතියක් තියෙනවා. මොකද ඉතා වැදගත් වෙන්නේ, විශේෂයෙන් සාක්ෂිකාරයෙක් නම්, මුලින්ම අපරාධයක් ගැන කරන පැමිණිල්ලක තමන් කියන දේ නෙවෙයි නම් ලියැවිලා තියෙන්නේ උසාවිය යනකොට, තමන් උසාවියේ කියන සාක්ෂියයි, ලියලා තියෙන එකයි අතර පරස්පරයක් වුණොත් ඒක බරපතළ පරස්පරයක් නම් ඒ නඩුවට පාඩු වෙන්න පුළුවන්.

සමහර අවස්ථාවලදී අපි පොලිසියට පැමිණිල්ලක් දාන්න ගියාම, ඒ පැමිණිල්ල භාරගන්න එක පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරන අවස්ථා තියෙනවා. එහෙම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්ද?
මම හිතන හැටියට පැමිණිල්ල ලියන්න ඕනේ. ලියලා ඒ පැමිණිල්ලෙන් අනාවරණ වන කරුණු අපරාධ පරීක්ෂණයකට, අපරාධ විමර්ශනයකට තුඩුදෙන කරුණු නෙවෙයි නම් ඒ ගැන පොලිස් නිලධාරීන්ට, ස්ථානාධිපතිවරයාට තීරණයක් ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා සමහර විට පොලිසිය ප්‍රතික්ෂේප කරනවා මේක සිවිල් ගනුදෙනුවක් කියලා. ඒක ගන්නේ නෑ. පැමිණිල්ල සටහන් කරන එක ප්‍රතික්ෂේප කරනවා. මම හිතන්නේ ඇත්තටම කරන්න ඕනේ දේ තමයි ඉස්සෙල්ලාම සටහන් කරගෙන, ඊට පස්සේ පොලිසියට කියන්න පුළුවන් මේක තවදුරටත් විමර්ශනය කරන්නේ නෑ කියලා. ඒ වගේම තමයි අපි දන්නවා සිවිල් ගනුදෙනු සම්බන්ධයෙන් පැමිණිලි කරන්න අවශ්‍ය වෙන අවස්ථා ඕනේ තරම් තියෙනවා. සිවිල් නඩු විධාන සංග්‍රහයෙන් ප්‍රතිපාදන තියෙනවා පොලිස් පැමිණිලිවල පිටපත් ලබාගන්න පුළුවන්. වෛවාහික ප්‍රශ්න ගැන වුණත් පැමිණිලි සටහන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ප්‍රායෝගිකව සමහර විට සම්පූර්ණයෙන්ම පොලිස් විෂය පථයට අයිති වෙන්නෙම නැති කාරණාවක් තියෙනවා නම්, එවැනි අවස්ථාවක මම හිතන්නේ ප්‍රායෝගිකව පොලිස් නිලධාරියෙක් ඒ කාරණා අහලා කියන්න ඉඩ තියෙනවා මේක අදාළ දෙයක් නෙවෙයි කියලා.

මේ අවුරුද්දේ පෙබරවාරි 01 වැනිදා නිවේදනයක් මගින් දැනුම් දීලා තියෙනවා පොලිසියට එන පැමිණිලි අත්‍යාවශ්‍ය වශයෙන්ම භාරගන්න ඕනේ කියලා. ඒක සිවිල් ආරවුලක්ද, වෙනත් ප්‍රශ්නයක්ද කියන එක අදාළ වෙන්නේ නෑ, පැමිණිල්ල ලියවෙන්න ඕනේ කියන එක. මේ විදියේ නිවේදනයක් තියෙද්දිත් පොලිසිය පැමිණිල්ල ලියන එක ප්‍රතික්ෂේප කළොත් මොකක්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය?
අපි දන්නවා පොලිස් පැමිණිල්ල බොහෝ විට ලියන්නේ පොලිස් ස්ථානයේ ඒ වෙලාවේ රාජකාරි භාරව ඉන්න කෙනා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට මේ ගැන වාර්තා කරලා ඔහුගෙන් ඉල්ලන්න පුළුවන් මේ පැමිණිල්ල සටහන් කරගන්න කියලා. ස්ථානාධිපතිවරයත් ඒක ප්‍රතික්ෂේප කරනවා නම් එතකොට ඉන් එහාට ගිහින් ඒ ප්‍රදේශය භාරව ඉන්න සහකාර පොලිස් අධිකාරිවරයා, නැත්නම් පොලිස් අධිකාරිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යන්න පුළුවන්. එහෙමත් බැරිවුණොත් පොලිස්පතිතුමාගේ සහන මැදිරියට ගිහින් පැමිණිල්ලක් කරන්නත් පුළුවන්.

සමහර විට වෙන දේවල් තමයි සමහර වැරැදි කරන නිලධාරීන් පැමිණිල්ලම අවහිර කරන්න පුළුවන්. ඇත්තටම අපරාධ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වුණත් පැමිණිල්ලම අවහිර කරන අවස්ථා තියෙනවා. එතකොට ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමේ හැකියාව තියෙනවා.

Gangulali යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ආසියා‌වේ ලොකුම හරක් හොරකම කරපු ඇමැතිලා ඉන්නේ ලංකාවේලු! එහෙට පැන පැන මෙහෙට පැන පැන ලොකු කොම්පැනිවල සල්ලි දදා මුන් ඉන්නවා කියන්නේ! මෙන්න දැනගන්න හරක් හොරකමෙන් ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදල්වලට කරලා තියෙන විනාශය! Sri Lanka Latest News

Next Post

ප්‍රබල ඇමැතිලා දෙන්නට ලොකු අකරතැබ්බයක්! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.