එළඹෙන මහමැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු 19 වන සංශෝධනය වෙනස් කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.
අද (29) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකදී ජී.එල්. පීරිස් මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා මෙසේද සදහන් කළේය.
දැන් සමගි ජන බලවේගය ආණ්ඩුවක් හදන්න දැන් ජනතාවගෙන් ජනවරමක් ඉල්ලනවා. මොහොතක් හිතුවොත් ආණ්ඩුවක් ගැන එහි ස්වාභාවය කුමක්ද? එවක යහපාලන සුසංයෝගයට වඩා දහස්වරක් නරක ආණුවක් හැටියටයි අපි දකින්නේ.
දැන් පුවත්පතක පළවෙනවා සජිත් මහතා සමගි ජනබලවේගයේ නායකයා කාදිනල්තුමාගෙන් සමාව ඉල්ලනවා. නමුත් හරීන් මහතා කියන්නේ එතුමාගේ විලාසය නුසුදුසු වුණත් එය වගකීමෙන් කළ එකක් කියලා. නමුත් කිසිම සමාවක් ඉල්ලන්නේ නැහැ. ඒ නායකයෙක් හා අනුගාමිකයෙක් අතර වෙනසයි. දැන් සජිත් ප්‍රේමදස මහතා හා හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල්තුමාව බැහැ දකින්න ගිහිල්ලා.
2015 -2019 දක්වා මේ රටේ පාලනය ගැන ජනතාව තුළ තිබුණේ අකමැත්තක් බව කියන්න කැමතියි. එදා පාස්කු ප්‍රහාරය සිද්ධියේදී කාදිනල්තුමා සෘජුවම මැදහත් වෙලා උත්සන්න වෙන්න තිබු හැඟීම් සන්සුන් කරන්න කටයුතු කළා . එසේ නොකළා නම් අද මුළු රටම ලේ විලක් බවට පත් වන්න ඉඩ තිබුණා.
අද වන විට සියලුම දේශපාලන පක්ෂවල ඡන්ද ව්‍යාපාර ආරම්භ කරලා තිබෙනවා. පැහැදිලි වැඩපිළිවෙළක් ජනතාවට ඉදිරිපත් කරන එකම පක්ෂය ප්‍රමුඛ සන්ධානය බව කියන්න කැමතියි. මුඵ රටම මේ ගෙන යන වැඩපිළිවෙළ ඉතා උනන්දුවෙන් සිදු කරනවා. අපි ජනතාවට ඉතා පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රයක් පදනම් කරගෙන අපි 3/2ක බලයක් ඉල්ලන්නේ.
අපි විදේශීය ප්‍රතිපත්ති ගැන කතා කළොත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එදා ඓතිහාසික රුවන්වැලිසෑය අබියස දී ප්‍රකාශක් කළා මේ රජයේ අභිප්‍රාය අභිමානවත් දේශයක් බවට ප්‍රතිඥා දුන්නා. නමුත් යහපාලන රජය විසින් සිදු කළේ මුඵමනින්ම විනාශ කිරීම පමණයි.
දැන් අසල්වැසි රටවල් වන ඉන්දියාව හා චිනය අතර දේශසීමා සම්බන්ධයෙන් අර්බුද මතුවෙලා තියෙනවා. මීට දශක කිහිපයකට පෙරත් සිදුවුණා. එවක ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවුයේ දිවන්ගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඒ කාලයේ ශ්‍රී ලංකාව පිළිබඳව ලෝකයේම ආසියාවෙන් තිබුණේ ඉතා ගෞරවයක් හා පැහැදිමක් බව කියන්න ඕනේ. සාකච්ඡා මාර්ගයෙන් මේ කටයුතු විසඳාගත හැකියි කියලා එතුමියට හැකිවුනා මේ රටවල් දෙකේම අග්‍රාමාත්‍යවරුන්ට සන්දේශයක් යවන්න. එතුමියගේ යෝජනා අන්තර්ගතවයි.
මේ නොබැඳින්ගේ සමුඵව නිර්මාණය කළේ සිරිමාවෝ මැතිනියයි. එහි ඉන්දියාවේ නේරු, යුගොස්ලෝවියාවේ ටිටෝ, ඊජිප්තුවේ නැසර් හා ගානාවේ ඉන්පූරුමා වැනි නායකයින්ගෙන් සමන්විත වුණා.
යහපාලන ආණ්ඩුව කළේ සියල්ල විනාශ කළ එක පමණයි. නොබැඳි සමුඵව පසේක දමා එක්තරා කඳවුරක කණිෂ්ඨ සාමාජිකයෙක් හැටියට ලංකාව ඇතුඵ කළා.
එක්සත් ජාතීන්ගේ කවුන්සලයේ ජිනිවා නගරයේ අපේ රටට විරුද්ධව රණවිරුවන් ජත්‍යාන්තර අධිකරණය හමුවට ගෙන යන්න ඉදිරිපත් වු යෝජනා වලට සම අනුග්‍රහය දැක්වුවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් යහපාලන ආණ්ඩුව ප්‍රතිඥාවක් දුන්නා ජත්‍යාන්තරයට මේරටේ ත්‍රස්තවාදී පනත හකුළා ගන්නවා කියලා. එය කලානම් පාස්කු ප්‍රහාරයෙන් 269 ක් පමණක් නොවෙයි ඊට වඩා වැඩි ගූණයක් මරණයට පත් වෙනවා. එහිදි ඒ පනත හකුලා ගත්තා නම් විමර්ශන කටයුතු කිසිවක් කරන්න වෙන්නේ නැහැ.
දැන් එවක රජය ලබා දුන්න ප්‍රතිඥා ඉටු කරන්නේ නැති නිසා දැන් යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට බලපෑම් කරනවා gsp + සහනය ඉවත් කරන්න කියලා. අපගේ අපනයනය සඳහා ප්‍රයෝජනවත් වන gsp + සහනය මේ හේතුව නිසා අහෝසි කරන්න යුරෝපිය සංගමය අද කටයුතු කරනවා. ලෝකයා හමුවේ මේ රට යහපාලනය විසින් සැහැල්ලු කරලා තියෙනවා.
මේ තරම් සාර්ථකව කොරෝනා වසංගතය පාලනය කරන්න වත්මන් ජනාධිපතිතුමා යටතේ හැකිවුනා. එක්සත් ජාතින්ගේ විශේෂ කාර්යභාරය ගැන කතා කළොත් මේ රටේ රණවිරුවන්ට හා බුද්ධි අංශ වලට අභූත පදනම් විරහිත චෝදනා එල්ල කරමින් සිටිනවා. යුධ අපරාධ සිදු කරලා කියලා.
දැන් මේජර් ජනරාල් සුරේෂ් සාලී මහතා විසින් යෙස්මින් සුකාගෙන් එන්ජියෝ ප්‍රබල චරිතයට විරුද්ධව කෝටි ගාණක වන්දියක් ඉල්ලා අපහාස නඩුවක් ගොනු කරලා තියෙනවා. මොකද ඒ නිලධාරියාගේ කීර්තිනාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණීන් බව කියන්න ඕනේ.
අගොස්තු 05 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ කරන්න දේවල් තියෙනවා. රටේ පාලනතන්ත්‍රයේ සංශෝධන වියයුතුයි. 19 වන සංශෝධනය ප්‍රධාන වෙනවා. හිටපු සිරිසේන ජනාධිපතිතුමා ප්‍රසිද්ධ පොරොන්දුවක් ලබා දුන්නා මේ සියලු අඩුපාඩු සියල්ල දුරු කරන්න කියලා සතියක් ඇතුළත 20 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා. මැතිවරණ ක්‍රමය තුළ ඇති ගැටලු මඟහරවා ගන්න කියලා මේ 20වන සංශෝධනය ගෙන එන බව ප්‍රත්‍යක්ෂ ප්‍රතිඥාවක් ලබා දුන්නා. අවුරුදු 05කින්වත් තවම ඉදිරිපත් වුණේ නැහැ.
රටේ අහිංසක ජනතාව සුරාගෙන කන මුල්‍ය ආයතන හා ලිසිං සමාගම් නිතියේ ග්‍රහණයට නතු කරලා ඒ අයගේ හිතුවක්කාර වැඩපිළිවෙළ වහාම නතර කරන්න කටයුතු කරනවා.
අපේක්ෂක මධුර විතානගේ මහතා.

අගෝස්තු මස 05 වෙනිදායින් පස්සේ පත්වන පාර්ලිමේන්තුවේදී ජනතා අපේක්ෂාවන් ඉෂ්ට කරන්න හැකි මේ අය පරීක්ෂණ වලට භාජනය වනවා ඒ සියල්ල මාධ්‍ය ඔස්සේ දැක්කා. අමාරුවෙන් කෙදිරි ගාන, අභ්‍යන්තර වශයෙන් භේද භින්න වන කණ්ඩායමකට නායකත්වය දෙන්නේ කවුද? ඒ එක කණ්ඩායමක නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතා හා අනිත් කණ්ඩායමට නායකත්වය දෙනවා පරණ ටෙලිෆොනයකට නායකත්වය දෙන රටේ බලය හෝ ජනතා අපේක්ෂාවන් වෙනුවට සිරිකොතේ බලය අල්ලන්න පෙරුම් පුරන එසේත් නැතිනම් තමන්ගේ පක්ෂයේ ලාංඡනය අමතක වන නායකයෙක්.
පසුගිය කාලය පුරාවටම මේ රටේ සංස්කෘතිය නැතිකරලා, ජාතික ආරක්ෂාව නැති කරලා, ආර්ථිකය විනාශ කරලා, ජාතිකත්වය නැතිකරලා රටට අහිතකර විදේශ බලවේග එක්ක නැවත වතාවක් පෙරුම් පුරණවා මේ රටේ බලය අල්ලා ගන්න.
අපිට ඉන්නවා ශක්තිමත් ජනාධිපතිවරයෙක් හා අගමැතිවරයෙක් බව කියන්න අවශ්‍යයි. අපේ ජනාධිපතිතුමා කිව්වේ පළමුව හා දෙවනුව හා තෙවනුව රටයි යනුවෙනුයි රටේ බලය භාර ගත්තේ.
අපේ රට නොයෙකුත් දර්ශක වලදී ශි්‍රී ලංකාව ඉතා ඉහළ නැනක් ගෙන තිබෙනවා. අපි නොවෙයි කියන්නේ ජත්‍යාන්තරය පිළිගත් ආයතන හා රාජ්‍ය නායකයින් බව මතක් කර සිටියා.
අපි දැක්කා පසුගිය දිනවලදී පුවතක් පළවෙනවා විජයකලා මහේෂ්වීර මහත්මියට උතුර හා නැගෙනහිරට යුද්ධය ගෙන ආවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා.
හැකිනම් 2009 මැයි මාසේ 19 පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන සමයේ උතුරු නැගෙනහිර කළ සංවර්ධන වැඩපිළිවෙල් සහ එතුමියන්ලා උතුරු නැගෙනහිර සංවර්ධන වැඩසටහන් සංසන්දනය කරන්න කියලා. පසුගිය අවුරුදු වල කළ සංවර්ධන වැඩපිළිවෙල වලින් දශමයක්වත් පසුගිය ආණ්ඩුව විසින් කරලා නැහැ.
එතුමියට අමතකයි උතුරට යුද්ධ ගෙනාවේ එක්සත් ජාතික පක්ෂයේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා හා ප්‍රේමදසා ජනාධිපතිතුමා ආයුධ දුන්නා කියලා අද ප්‍රසිද්ධීයේ හෙළිදරව් වුනා. එවාගේම යාපනයේ පුස්තකාලයේ තිබු මුල් පිටපත් තිබුණා ඒ පුස්තකාලය ගිනි තියපු අය අද විජයකලා ඒ කණ්ඩායම් නියෝජනය කරනවා.
අපේක්ෂක ජගත් කුමාර මහතා.

මේ රටේ ජනතාව ඉදිරි මැතිවරණයේදී කාටද ඡන්දය දෙන්නේ කියලා තිරණය කරලා අවසන් වෙලා තිබෙන්නේ. අපි දැක්කා සජිත් ප්‍රේමදාස මහතා කියනවා අගමැති වෙන්න සුදානම් කියලා. එතුමා මාස 7කට කලින් නම් කිව්වේ ජනාධිපතිවරණයට සුදානම් කියලා. නමුත් වත්මන් ජනාධිපතිතුමාගේ ගැන විශ්වාසය තියලා ලක්ෂ 15ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්න මේ රටේ ජනතාව කටයුතු කළා.
මේ ජයග්‍රහණයෙන් පස්සේ කොරෝනා උවදුරට ලෝක බලවතුන් හතරහත දාලා වැටෙද්දී නමුත් මේ රටේ නායකයා විසින් මේ උවදුර පාලනය කරන්න විශාල පරිශ්‍රමයක් දරනවා. කෙසේ වුනත් මේ උවදුරේදී මිනිසුන්ට කන්න බොන්න නැතිව මැරෙන්න නොදී රෝගීන් ප්‍රමාණය අඩු කරගෙන මරණ ප්‍රමාණය අඩු කරගන්න පු`ඵවන් වුනේ වෙන කිසිවෙක් නිසා නොවෙයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසා කියලා මිනිස්සු අද කියනවා.
එදා මේ කණ්ඩායම රොත්ත පිටින් ඇවිත් පරාජය ලැබුවා වගේ මේ වේලාවේ සජිත් මහත්තයා එක පැත්තක රනිල් මහත්තයා එක පැත්තක අනිත් පැත්තෙන් සුමන්දිරන් හා හකීම් ලා වෙනමයි. සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිකම තියා විපක්ෂ නායකකමවත් රැකගන්න හැකිවෙයිද කියලා අපිට මදකට සිතන්න වෙනවා. සිරිකොතේ බලය හා විපක්ෂ නායක බලය අල්ලා ගැනිම පමණයි අද ඉතිරිව තියෙන්නේ.
2015 ජනවාරී 09 වෙනකොට යහපාලනයට මේ රට භාර දුන්නා. මේ රටේ ආර්ථීකයේ 7%ක වර්ධනයක් තිබුණා. යුද්ධයක් නැති ඒවාගේම වී අතිරික්තයක් තිබුණා. පොහොර සහනාධාර දීලා, ළමයින්ගේ නිළ ඇඳුම් ලබාදීලා හොඳින් හැදී වැඩුණු සංවර්ධනයක් තමයි තිබුණේ. හැබැයි අපෙන් අරන් අවුරුදු 05කට පස්සේ අපිට නැවත දුන්නේ නැවත යුද්ධයක් ආපු, ජාතීන් අතර අසමගිය වර්ධනය වුන, මහ දවල් මහ බැංකුව කඩපු, මේ රටේ ආර්ථිකය වට්ටපු 2%ක, පොහොර සහනාධාරය හා විශ්‍රාම වැටුප් කප්පාදු කරලා. නමුත් අයවැයක් නැතිව, මුදල් නැතිව සියලුම ජනතාව බේරගෙන ලෝක නායකයින්ට ආදර්ශයක් සපයමින් කටයුතු කළා.
එහිදි මාධ්‍යවෙිදියෙකු විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුර ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නිතීඥ සාගර කාරියවසම් මහතා මෙසේ ප්‍රකාශ කළා.
මාධ්‍යවේදීයා – අගමැතිතුමා හා ජනාධිපතිතුමා විසින් ගෙන යන
ඉදිරි මැතිවරණ වැඩපිළිවෙල කොයි වගේද?
පිළිතුරු දුන් සාගර කාරියවසම් මහතා
මේ වන විටත් මැතිවරණ කටයුතු ආරම්භ කරලා අවසන්. ඉදිරියේදී අගමැතිතුමා හා ජනාධිපතිතුමා ජුලි මස 03 සිට දිවයින පුරා ආවරණය වන පරිදි ප්‍රචාරණ කටයුතු සිදු කරන්න සියල්ල සුදානම් කරලා තියෙන්නේ.
මාධ්‍යවේදීයා – MCC ගිවිසුම මේ ආණ්ඩුව යටතේ අත්සන් කරනවාද?
පිළිතුරු දුන් සාගර කාරියවසම් මහතා
රටට අහිතකර විදිහේ කිසිදු ගිවිසුමක් මෙන නමකින් ආවත් අත්සන් නොකරන බව කියා සිටියා.











