• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 27ක් පරණ පින්තූරයක කතාවක්! ෆොටෝ එක ගත්තේ අපේ හෙට්ටිගේ! Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 27ක් පරණ පින්තූරයක කතාවක්! ෆොටෝ එක ගත්තේ අපේ හෙට්ටිගේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1997 වසරේ ඔක්තෝබර් මස මුල් සතියේ දිනයකි. මම එකල ලේක්හවුස් ආයතනයේ ‘සිළුමිණ’ පුවත්පතට සේවය කරමින් සිටියෙමි. එහෙත් මෙකල්හි ඔබට දිගු විශේෂාංග ලිපි ලියන මාධ්‍යවේදියකුව සිටියදී මෙසේ කියන්නට යන්නේ කුමක්දැයි විටෙක පුදුමයට පත්වනු ඇතිය. මෙතෙක් මගේ වසර 46ක් ගතව තිබෙන පත්තර ජීවිතයේ ආරම්භය ලේඛනයෙන් පටන් ගත්තද, පසු කාලයකදී මම වසර 20කට අධික කාලයක් මාධ්‍ය ඡායාරූප ශිල්පියකු ලෙසද කටයුතු කළෙමි. එයට හේතු වූයේ මගේ එක් ආදරයක් වූයේ ඡායාරූප ශිල්පය හෙයිනි. මෙවැනි වටපිටාවක් යටතේ මම ලේක්හවුස් ආයතනයෙහිදීද බොහෝ කලාත්මක ඡායාරූපකරණයට යොමු වුණෙමි. එනම් ‘සිළුමිණ’ පුවත්පත සමග ප්‍රකාශයට පත්වන ‘රසඳුන’ අතිරේකයේ ප්‍රධාන කවරයට සේයාරූ ගැනීමට මම කටයුතු කළෙමි. ඒ අනුව මම වසර 12ක පමණ දීර්ඝ කාලයක් පුර එම කවරය මාගේ නිර්මාණවලින් සැරසුවෙමි. මේ කෙටි අතුරු කතාව ඔබට ලියා තැබුවේ පැවසීමට යන මෙම ප්‍රධාන කතාව තවත් පසක් කරගන්නටය. ඉහත ආරම්භයේ ලියා තැබූ 1997 වසරේ ඔක්තෝබර් මස මුල් සතියේ දිනයට අපි නැවත පිය නගමු. Sri Lanka Latest News

මෙකල්හි ‘රසඳුන’ විශේෂාංග අතිරේකයේ ප්‍රධාන කතෘවරයා වූයේ දැනට අප අතර නැති ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මසිරි ගමගේ මහතාය. නියෝජ්‍ය කතුවරයා වූයේ දක්ෂ මාධ්‍යවේදියකු වන රෝහණ වෙත්තසිංහය. රෝහණ මාගේ බොහෝ සමීප හිතවතකු වූ අතර, අප දෙදෙනා දීර්ඝ කාලයක් ‘දිවයින’ පුවත්පතේද එකට සේවය කළෙමු. ධර්මසිරි ගමගේ මහතා ‘රසඳුන’ ප්‍රධාන කවරය සඳහා මුල් අදහස ඉදිරිපත් කරමින් එහි ඉතිරි කටයුතු කිරීමට රෝහණ වෙත පවරන්නේය. ඒ අනුව එකල නිර්මාණය කෙරුණු ‘රසඳුන’ කවර බහුතරයක්ම සඳහා මට සහභාගි වන්නට සිදුවිය. එහි අනෙක් හේතුව වූයේ මම ‘සිළුමිණ’ කතු මඬුල්ල වෙනුවෙන්ම විශේෂයෙන් සේවය කිරීමය. ඉහත දිනයේදී ධර්මසිරි ගමගේ මහතා මට ප්‍රකාශ කර සිටියේ සිංහල සිනමාවේ අග්‍රහණ්‍ය රංගන ශිල්පිනිය වූ මාලනී ෆොන්සේකාගේ සේයාරුවක් ප්‍රධාන කවරය සඳහා ගතයුතු බවයි. රෝහණ වෙතද ඒ උපදෙස් ලබාදී තිබුණේ එවිට මාලනී ෆොන්සේකා රංගන ශිල්පිනිය වසර 50ක තම ජීවිත ගමනට ආසන්න වී තිබීමත්, ඇය චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස සිටීමත්ය. මෙම නිමිත්ත ඇයගේ ජීවිත ගමනේ අතිසුවිශේෂ සන්ධිස්ථානයක් විය. එමෙන්ම මහා හැරවුම් ලක්ෂ්‍යයක්ද විය. ඒ අනුව ඉහත වසර 27කට පෙර දිනයේදී මාලනී ෆොන්සේකාගේ මෙම සුවිශේෂ සේයාරුව ගැනීමට මම කටයුතු කළෙමි. මෙම නිමිත්ත සඳහා විශේෂ දිගු ලිපියක් සකස් කිරීමට එකල ‘සිළුමිණ’ ප්‍රවීණ මාධ්‍යවේදී උපාලි සමරසිංහ වෙතද පවරා තිබුණේය. එදින සූදානම් කරගත් පරිදි මමත් උපාලිත් ලේක්හවුස් වෑන් රථයෙන් නාවල පිහිටි මාලනී ෆොන්සේකා ශිල්පිනියගේ නිවසට ගියෙමු.

මෙයට පෙර වසර ගණනාවක් පුරා අවස්ථා රැසකදී මම මාලනී ෆොන්සේකා රංගන ශිල්පිනියගේ සේයාරූ ගැනීම් සිදුකර තිබිණී. ඇය බොහෝ විට අප සහෝදර තරුණ මාධ්‍යවේදීන් රැසක්ම අමතන්නේ ‘මල්ලි’ යනුවෙනි. ඒ නිසා එම පිරිස බොහොමයක්ම ඇයට ‘මාලනී අක්කා’ යනුවෙන් හෘදයාංගමව අමතති. කෙසේ හෝ එදින අප එම නිවසට යනවිට සවස 3ත් 4ත් අතර වේලාවක් වන්න ඇති බව මට මතකය. එකල මම වසර 12ක් පුරාම ‘රසඳුන’ කවර සේයාරූගත කිරීම සඳහා උදෑසන 10ට පෙර වේලාවක් හෝ සවස 4ට පසු වේලාවක් යොදාගත්තේය. හිරු මුදුන් වේලාවන්හිදී මම සේයාරූ ගැනීමෙන් බොහෝ විට වැළකී සිටියෙමි. එසේ සිදුවුවහොත් ගොඩනැගිලි අභ්‍යන්තරයකට ගොස් පමණක් ඡායාරූප ගැනීම සිදුකළේය. එදින මාලනී ෆොන්සේකාගේ සේයාරූ ගැනීම සිදුකළේ ඇගේ නිවස අභ්‍යන්තරයේය. දැන් මෙහිදී ඔබට සුවිශේෂ කතාවක් ලියා තබන්නෙමි. මේ කාලය වනවිට මාලනී ෆොන්සේකා විසින් චිත්‍රපට 04ක් අධ්‍යක්ෂණය කර ඇය චිත්‍රපට අධ්‍යක්ෂවරියක් ලෙසද ප්‍රකටත්වයට පත්ව සිටියාය. 1984 වසරේදී ඇය අධ්‍යක්ෂණය කළ ‘සසර චේතනා’ සිට 1994 වසරේදී ඇයගේ අධ්‍යක්ෂණයක් වූ ‘සඳමඬල’ දක්වා ඇය සිනමා නිර්මාණ හතරක් නිමවා තිබිණි. මෙම වටපිටාව යටතේ මෙම නිමිත්තද අදාළ කරගෙන කවරයේ සේයාරුව නිර්මාණය කළ යුතු යැයි මගේ මනසේ විය. වයස අවුරුදු 50කට ආසන්න වූ ඇයගේ ‘විලාසිතා සේයාරුවක්’ ගැනීමට මට අවශ්‍ය නොවීය. මගේ මනසේ ඇති සිතුවිල්ල මම වහා ඇයට පැවැසුවෙමි. මේ, එදින මා සහ ඇය අතර ඇතිවූ දෙබසයි.

මම – ‘මාලනී අක්කේ, අක්කා දැන් අවුරුදු 10ක් පුරා චිත්‍රපට අධ්‍යක්ෂිකාවක්. මේ පසුබිමට ගැළපෙන විදියේ කවර් එකක් කරමු.
මාලනී – ඔව්, මල්ලි කැමැති අදහසක් කියන්න.
මම – අක්කේ, ඔයා මුලින්ම ෆිල්ම් ඩිරෙක්ට් කරපු වෙලාවේ ඒවා ඔක්කොම සෙලෝලොයිඩ්වල කරපු ඒවනේ. ඒ නිසා ඒවාගේ සෙලෝලොයිඩ්ස් ටිකක් එහෙම හොයාගන්න නැද්ද? (සෙලෝලොයිඩ් යනු පැරැණි දළ සේයාපටලයන්ය)
මාලනී – (බොහෝ සතුටු සිනහවකින්) ඇයි මල්ලි, මගේ ‘සසර චේතනා’ සහ ‘අහිංසා’ දෙකේම ෆිල්ම් කෑන් මගේ ළඟනේ තියෙන්නේ. ඒවායේ ප්‍රඩියුසර් මමනේ. ඔයාගේ අදහස මොකක්ද?
මම – (මම මහත් උද්දාමයට පත්ව කියන්න වුණෙමි) අක්කේ, එහෙනම් නියමයි. මට එක පොඩි කෑන් එකක් දෙන්න. ඒකෙන් සෙලෝලොයිඩ් ටිකක් ගමු.
මාලනී – මල්ලි මම ඔයාට ගෙදර මේවා තියලා තියෙන තැන පෙන්වන්නම්. ගන්න පුළුවන් නේද?
මම – හරි මම අරගෙන එන්නම්. පෙන්නන්න.

ඇය තම නිවසේ පිටුපස ඇති කාමරයක සකසා තිබුණු ඇයගේ කළු-සුදු චිත්‍රපට දෙකක දළ සේයාපට ඇසුරුම් පෙන්වා සිටියාය. මගේ හිසේ මලක් පිපුණා වැනි විය. මම වහා එයින් එකක් රැගෙනවිත් මාලනී අක්කාගේ නිවසේ සාලයේ මට අවශ්‍ය අයුරින් සේයාරූ ගන්නා පසුබිම සකසා ගතිමි. ඇයට හිමිව තිබුණු ජනාධිපති සහ සරසවි සම්මාන කිහිපයක් ගෙනැවිත් පසුබිමේ තබා ඇයගේම චිත්‍රපට දළ සේයාපටය ඇය අතට දුන්නෙමි. උස් සහ ඉදිරිපස ආලෝක ප්‍රභවයන් යොදාගනිමින් සේයාපටයේ ඇති දසුන්ද ඉස්මතු කළේය. මාලනී අක්කාද ඉතා අඩු සරල වේශනිරූපණයක් (හැඩගැන්වීම්) යටතේ ඇයගේ රටක් වටිනා සුකුමාල සිනහව ඇතිව මාගේ සේයාරුවට පෙනීසිටියාය. මේ සියලු දසුන් දකින්නට මගේ දෙනෙත් එකල පින් කර තිබුණේය. එසේම එවැනි සේයාරුවක්ද ගන්නට මා තවත් පින් කර තිබුණේය. මෙම කවර සේයාරුව මාලනී අක්කා කෙතරම් අගය කළාද කිවහොත් ඇය ඉන් පසු කාලයක මට හමුවුණු අවස්ථා කිපයකදීම ඒ ගැන මහත් සේ ප්‍රශංසා කළාය. ප්‍රවීණ රංගන ශිල්පී ජීවන් කුමාරණතුංග විසින් අධ්‍යක්ෂණය කළ ‘ජීවා’ චිත්‍රපටයේ මුහුරත් උළෙලේදීද ඇය මේ බව තවත් ප්‍රවීණ ශිල්පීන් කිහිප දෙනකු ඉදිරියේ ප්‍රශංසාවට ලක් කළාය.

මම ඔබට මේ සටහන ලියා තබන මොහොතේ ‘මාලනී අක්කා’ කොළඹ නිදහස් චතුරස්‍රයේ සදාකාලික නිදි සුවයෙන් පසුවෙයි. දැන් මේ සේයාරුව ගැන කියන්නට ඇය කෙදිනකවත් එන්නේ නැත. අප කාටත් ඇය අහිමි වී හමාරය. ‘මාලනී අක්කා’ සිංහල සිනමාවේ පුරාවෘත්තයකි. ‘යළි නොපායන අපේ කාලයේ සඳ’

1997 වසරේ, එනම් මෙයට වසර 27කට පෙර ‘සිළුමිණ’ පුවත්පතේ ‘රසඳුන’ අතිරේකයට මහා රංගන ශිල්පිනී ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මියගේ මෙම සේයාරුව නිර්මාණය කරන විට එකල කිසිදු ඩිජිටල් නූතන සේයාරූකරණයක් නොවීය. ඇයගේ මෙම සේයාරූ ලබාගත්තේද පැරැණි දළ සේයාපට තාක්ෂණයන්ට අනුවය. අද මෙන් ලබාගන්නා ඡායාරූප එවෙලේම බැලීමේ හැකියාවක් එකල තිබුණේ නැත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මිලියන 473ක හොර සිගරට් තොගයක් රේගු භාරයට ගනී! PHOTOS I Sri Lanka Latest News

Next Post

ඉන්දියාව, ජපානය පරදවා ලෝකයේ සිවුවැනි ප්‍රබලතම ආර්ථිකය බවට පත්වෙයි! ඉන්දියාවේ නයිජීරියාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.